කෙනෙක්ව ආකර්ෂනය කරගැනීමට මානසික උපක්‍රම 8 ක්

ලස්සන කියන්නෙ බලන කෙනාගෙ ඇහේ තියන දෙයක් කියලා අපි හිතුවත්, අධ්‍යයනයකට අනුව, එය එසේ නොවන බව පැහැදිලි වෙලා තියෙනවා. ඇත්තටම එය කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. ආකර්ශනීයත්වය ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස්. කොහොම වුණත්, අපේ පුද්ගලික කැමැත්තත් ආකර්ෂණයට ලොකු බලපෑමක් සිදු කරනවා.

මේ ගැන වැඩිදුරට සොයාබලා අපි වඩාත් ආකර්ෂණීයයි කියා සලකන පුද්ගලයින්ගේ ලක්ෂණ මොනවාදැයි සොයා ගැනීමට අපි හිතුවා.

1. කළු ඉංගිරියාව

හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී කළු ඉංගිරියාව එහි ප්‍රමාණය වෙනස් කරගන්නවා. අපි සතුටු වෙනකොට එය විශාල වෙනවා. සමහර අධ්‍යයනවලින් කියන්නේ අපි කළු ඉංගිරියාව විශාල අයව වඩාත් ආකර්ශනීය ලෙස සලකන්නේ එයාලා අපිට දක්වන උනන්දුව එමගින් පෙන්නුම් කරන නිසයි.

2.ඉණෙහි ප්‍රමාණය

ඉණෙහි ප්‍රමාණය හැම විටම කාන්තාවකගේ පෙනුමේ වැදගත්ම අංගයක් ලෙස සැලකෙනවා. සමහර පර්යේෂණයන්වල දැක්වෙන්නේ, ඉණ-උකුල් අනුපාතය අඩු වන තරමට කාන්තාවක් පිරිමියෙකු වෙත ආකර්ෂණය වන බවයි.

3.මුහුණේ සමමිතිය

අපගේ දැකීමෙන් ලේසියෙන් හඳුනගන්න පුළුවන් නිසා සමමිතික මුහුණක් තියන අය අඩු සමමිතික මුහුණක් තියන අයට වඩා ආකර්ෂණීයයි කියලා අපි හිතනවා. මේකට තවත් හේතුවක් වන්නේ ජීව විද්‍යාත්මකව හොඳ ජාන තියෙන අයට සමමිතික මුහුණු තියනවා කියලා අපි හිතන එකයි.

4.සාමාන්‍යය

සාමාන්‍යයෙන් අපි කැමති වෙන්නේ අපිට සාමාන්‍ය පෙනුමක් තියෙනවට කියලා අධ්‍යයනයකින් හෙළිවෙලා තිබෙනවා. මේ සඳහා වෙනස් පැහැදිලි කිරීම් තියෙන්න පුලුවන්. එක්කෝ අපි ඒක හොඳ ජාන වගේ ජීව විද්‍යාත්මක වාසි එක්ක සම්බන්ධ කරනවා. නැත්නම් අපේ මොළය වඩාත් සාමාන්‍ය මුහුණු වලට වැඩි කැමැත්තක් දැක්වීමත් මේකට හේතුවක් වෙන්න පුලුවන්.

5.ආහාර වේල

කැමති ආහාර මගින් පිරිමියෙක්ව කාන්තාවකට වැඩියෙන් ආකර්ෂණය කරන්න පුලුවන් බවත් අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. පාන් සහ පැස්ටා වැනි ආහාර ගන්නා පිරිමින්ට වඩා පලතුරු හා එළවළු කන පිරිමින්ට කාන්තාවන් වැඩිපුර ආකර්ෂණය වන බව කියනවා.

6.කටහඬ

පර්යේෂණ වලට අනුව, කාන්තාවන් පිරිමින්ගේ පහත් කටහඬට කැමතියි කියලා හෙළිවෙලා තිබෙනවා. ඒ නිසා එය වැඩිපුර ආකර්ශනීයයි කියා සලකනවා.

7.සුවඳ

කාන්තාවකගේ සුවඳට ඇත්තටම පිරිමින් ගොඩක් ආකර්ෂණය වෙනවා. ඒත් මේක කාන්තාවට පමණක් තියෙන සුවඳක්. ඒක කාන්තාවන්ගේ ප්‍රජනක හෝමෝන මත පදනම් වූ සුවඳක්. පර්යේෂකයන් කියන්නේ, ඩිම්බකෝෂවලින් ඩිම්බ පිට කරන වෙලාවෙදි කාන්තාවන් පිරිමින්ට වැඩියෙන් ආකර්ෂණීය වෙනවා කියායි. එහෙම කියන්නේ මේ වෙලාවේ දී හෝමෝන මට්ටම චක්‍රයේ මැද දී ඉහළ මට්ටමක පවතින නිසා කාන්තාවන්ගේ සාරවත් බව පෙන්නුම් කරන නිසයි.

8.රසය

සිප ගන්නා විට, අපි බැක්ටීරියා විශාල ප්‍රමාණයක් හුවමාරු කර ගන්නවා, අධ්‍යයනවලින් කියන්නේ මේ විශේෂ පුද්ගලයා අපිට හොඳට ගැලපෙනවාද කියලා හොයාගන්න එය අපිට උදව් වෙන බවයි. ඒ නිසා පුද්ගලයෙකුගේ කැමැත්තට අනුව එයාලා අපිට අඩුවෙන් හරි වැඩියෙන් හරි ආකර්ෂණය වෙන්න පුලුවන්.

කාවහරි හම්බුණාම ඔයා වැඩිපුරම අවධානය යොමු කරන්නෙ එයාගේ මොන වගේ ලක්ෂණවලටද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *