කෙසෙල් ලෙලි භාවිතා කළ හැකි අසාමාන්‍ය ක්‍රම 10 ක්

අපි සාමාන්‍යයෙන් කරන්නෙ කෙසෙල් ගෙඩියක් කාලා ඉවර වෙලා කෙසෙල් ලෙල්ල කුණු කූඩයට විසි කරන එකනේ. ඒත් මේ ලෙසෙල් ලෙලි වලින් ඔයාගෙ කුස්සිය පිරිසිදු කරන්න වගේම රූපලාවණ්‍ය වැඩවලටත් පාවිච්චි කරන්න පුලුවන් කියලා ඔයා දැනන් හිටියෙ නෑ නේද?

ඔන්න අද අපි කියන්න යන්නේ ඉවත දමන කෙසෙල් ලෙලි වලින් ගන්න පුලුවන් අපිට හිතාගන්නවත් බැරි ප්‍රයෝජන 10 ක් ගැනයි.

01. කුරුලෑ අඩු කිරීමට උදව් වීම

කෙසෙල් ලෙලිවල විටමින් සී හා විටමින් ඊ වගේම පොටෑසියම්, සින්ක්, යකඩ හා මැංගනීස් අඩංගු වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ මගින් ඔයාගෙ සමේ දැවිල්ල නැති කරලා, සම සන්සුන් කරලා සමේ කුරුලෑ ඇති වීමත් අඩු කරන්න පුලුවන්. ඒ වගේම කෙසෙල් ලෙලි වල අඩංගු ලුටීන් හා කැරොටිනොයිඩ් මේදයේ දියවන සංයෝග නිසා ඒවත් දැවිල්ල හා කුරුලෑ ඇති වීමට එරෙහිව සටන් කරනවා.

  • කෙසෙල් ලෙලි ඔයාගෙ සම මත ආලේප කරලා විනාඩි 5-10 ක් තියන්න.
  • තුරෙන් සෝදන්න.
  • දවසට දෙවරක් කරන්න.
02. සමේ රැළි අඩු කිරීමට උදව් වීම

සමේ තියන ඇදෙන සුළු ගතිය නැති වෙලා සමේ ස්ථායි බව නැති වුණාම තමයි මුහුණේ රැළි ඇති වෙන්නේ. කෙසෙල්වල තියන ප්‍රතිඔක්සිකාරක හා විටමින් සී මගින් සමේ රැළි ඇති වෙන එක අඩු කරනවා.

  • කෙසෙල් ලෙලි ඔයාගෙ සම මත අතුල්ලා විනාඩි 30 ක් හෝ එක රැයක් තියන්න.
  • මුහුණ සෝදා මොයිස්චරයිස් කරන්න.
  • සතියකට තුන්වරක් කරන්න.
03. රිදී ඔපදැමීම

රිදී බඩුවල පාට නැති වෙන්න පටන් ගත්තොත් කෙසෙල් ලෙලිවලින් මේකට විසඳුමක් ලබාගන්න පුලුවන්. කෙසෙල් ලෙල්ලක ඇතුලේ ලෝහ වස්තු පිරිසිදු කරන්න උදව් වෙන පොටෑසියම් තියනවා.

  • කෙසෙල් ලෙලි අරගෙන බ්ලෙන්ඩ් කරන්න.
  • මිශ්‍රණයට වතුර ටිකක් එකතු කරලා පාප්පයක් වගේ හදාගන්න.
  • රිදී භාණ්ඩ මත මේ පාප්පය ආලේප කරලා විනාඩි කීපයක් අතුල්ලන්න.
04. සමේ බෙදීම් ඉවත් කිරීම

කෙසෙල් ලෙලිවල එන්සයිම ගොඩක් අඩංගු වෙන නිසා ඒ එන්සයිම මගින් ඇදීමේ ක්‍රියාවක් සිදු වෙනවා. එතකොට සමට පිටින් ඇණුනු වීදුරු කැබැල්ල හෝ කටුව ටුවිසරයක් මගින් ඉවත් කරගන්න ලේසි වෙනවා.

  • ඉදුණු කෙසෙල් ලෙලි සමේ හානි වුණු තැන විනාඩි 15 ක් විතර තියන්න.
  • සම මත අතුල්ලන්නේ නැතුව හිමින් ඉවත් කරන්න.
  • දැන් ඇනී තිබෙන දෙය ඉවත් කරන්න.
05. පහසුවෙන් කොම්පෝස්ට් හදාගැනීම

ඔයාගෙ කොම්පෝස්ට් ගොඩට කෙසෙල් ලෙලි එකතු කිරීම මගින් කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, පොස්පේට්, පොටෑසියම් හා සෝඩියම් වැඩිපුර ලබා ගන්න පුලුවන්. මේ හැම එකක්ම ශාකවල නීරෝගී වර්ධනයට ගොඩක් උදව් වෙනවා.

  • කෙසෙල් ලෙලි පොඩි කෑලි වලට කපන්න.
  • පැළය යට මුල් තියන හරියට කපාගත්
  • කෙසෙල් ලෙලි කැබලි වළලන්න.
  • දැන් පැළයට වතුර යොදන්න.
06. දත් සුදු කිරීමට

කෝපි හා තේ වගේ සමහර බීම වර්ග නිසාත් බ්ලූබෙරි හා රාස්බෙරි වගේ පලතුරු ආහාරයට ගැනීම නිසාත් ඔයාගෙ දත්වල ඇති වෙන කහ පැල්ලම් අඩු කරන්න කෙසෙල් ලෙලිවල තියන පොටෑසියම් වලට පුලුවන්.

  • හොඳින් දත් මැදලා කට සෝදගන්න.
  • කෙසෙල් ලෙල්ලක් අරගෙන එහි ඇතුළු පැත්ත විනාඩි දෙකක් විතර දත්වල අතුල්ලන්න.
  • දැන් ආයෙත් දත් සෝදන්න.
  • හොඳ ප්‍රතිඵල ගන්න නම් මේක දිනපතා කරන්න.
07. කැලැල්වල පෙනුම අඩු කිරීම

ඉදිමීම, රතු පැහැ විම හා කැළැල් වගේ සමේ ඇති වෙන ආසාදන අඩු කරන්න කෙසෙල් ලෙලි වලට පුලුවන්. කෙසෙල් ලෙලිවල තියන එස්ටරීකරණය වූ මේද අම්ල නිසා කැලැල් වල පේන ගති‍ය අඩු කරනවා.

  • කෙසෙල් ලෙලි ගෙන හානියට පත් වූ තැන්වල ගාන්න.
  • පැයක් හෝ එක රැයක් තියලා සෝදන්න.
  • දිනපතා නැවත නැවත කරන්න.
08. ඉරුවාරදය හා හිසරදයට බෙහෙත් කිරීමට

කෙසෙල් ලෙල්ලක් නළල මත හා බෙල්ල පිටුපසින් තියන් හිටියොත් හිසරදය අඩු වෙනවා. මෙහෙම වෙන්නේ කෙසෙල් ලෙලිවල තියන පොටෑසියම් නිසයි.

  • කෙසෙල් ලෙලි පැයක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • නළලට හා බෙල්ලට කෙසෙල් ලෙලි තියන්න.
  • සීතල නැති වෙනකන් තියාගෙන ඉන්න.
  • හිසරදය තවමත් අඩු නැත්නම් මේක දිගටම කරන්න.
09. මස් ටෙන්ඩරයිස් කිරීම

මස්වල තෙතමනය ආරක්ෂා කර ගැනීමට හා ටෙන්ඩර් කිරීමට රෝස්ට් කරන පෑන් එකට ඉදුණු කෙසෙල් ලෙලි එකතු කරන්න. කෙසෙල් ලෙලි මස්වලට බ්ලැන්කට් එකක් විදියට ක්‍රියා කරනවා. ඒ කියන්නෙ මස් පිසිනකොට මස්වල තියන නෙතමනය වාෂ්ප වෙන එක වළක්වනවා.

10. සමේ කැසීම නැති කිරීම

සමේ ඇති වෙන කැසීම්වලට ගෙදරදීම කරන්න පුලුවන් බෙහෙතක් තමයි මේ කෙසෙල් ලෙලි කියන්නේ. කෙසෙල් ලෙලිවල හිස්ටමින්, මැග්නීසියම්, විටමින් සී හා විටමින් ඊ වගේ පෝෂක අඩංගු වෙනවා. මේවා සමේ කැසීම නැති කරන්න උදව් වෙනවා.

  • ආසාදනයට පත් වුණු ප්‍රදේශය මත කෙසෙල් ලෙලි ආලේප කරන්න.
  • විනාඩි 10-15 තියන්න.
  • නැවත නැවත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *