කොණ්ඩය ගැන ඔබ විශ්වාස කරන මේ මිථ්‍යා 10 අදම නවත්වන්න

අපි පොඩි කාලෙ අහලා තියන විදියට, හැමදාම නාන එක හිසකෙස්වලට හොඳ නෑ. ඒ වගේම හොඳින් සාත්තු කලොත් හිතාගන්න බැරි විදියට කොණ්ඩෙ ගණකම වැඩි වෙනවා. මේ වගේ වෙනස් කරන්න බැරි දේවල් හා හිසකෙස් පිළිබඳ මිථ්‍යා විශ්වාස නිසා සමහරවිට අපේ හිසකෙස්වල පිරිසිදු බවට වගේම අපේ සෞඛ්‍යයටත් අහිතකර තත්ව ඇති වෙන්න පුලුවන්.

ඒ නිසා තමයි මේ වගේ හිසකෙස් ගැන තියන මිථ්‍යා මත මොනවද කියලා අපි තවදුරටත් හොයලා බැලුවේ. අද අපි ඔයාට කියන්න යන්නෙ ඒ ගැනයි.

01. කපන තරමට කොණ්ඩය වැඩියෙන් වැවෙන බව

හිසකෙස් වැවෙන්නෙ කෙස් ගහේ මුලෙන් මිසක් අගිස්සෙන් නෙවෙයි. ඒ නිසා කිසිම වෙලාවක කොණ්ඩෙ කපන එකයි කොණ්ඩෙ වැවෙන එකයි අතරෙ සම්බන්ධයක් නෑ. ඒ වගේම තට්ටය ගෑමෙන් පසු ආයෙත් කොණ්ඩෙ වැවෙනකොට කලින් තිබුණට වඩා ගණකමකින් වැවෙන්නෙත් නෑ. තට්ටය ගෑවට හිසේ තියන කේශමූල ගණන වැඩි වෙන්නෙ නෑනේ.

02. බ්ලෝ ඩ්‍රයර් එකට වඩා ස්වභාවිකව කොණ්ඩය වේලීම හොඳ බව

ඔයාට තියෙන්නෙ කොට කොණ්ඩයක් නම් තෙත හිසකෙස් වේලන්න ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. බ්ලෝ ඩ්‍රයර් එක ගැලපෙන්නෙ දිග කොණ්ඩෙකටයි.

03. හිසකෙස් ශැම්පු එකට පුරුදු වෙන බව

නියපොතු වගේම හිසකෙස් කියන්නෙත් අපේ ශරීරයේ මැරුණු පටක වලටනේ. ඒ නිසා හිසකෙස් එකම ශැම්පු වර්ගයකට ඇබ්බැහි වෙන්නෙ නෑ. ඒ වගේම ඔයා දිගු කාලයක් තිස්සෙ එකම ශැම්පු වර්ගය පාවිච්චි කලා කියලා හිසකෙස් අපිරිසිදු වෙන්නෙත් නෑ.

04. ඉස්සොරි වලට ප්‍රධානම හේතුව හිස්කබල වියළි වීම බව

සමහර වෙලාවට තෙල් සහිත හිස්කබලක් තියන කෙනෙක්ට වුණත් ඉස්සොරි ඇති වෙන්න පුලුවන්. කොහොම වුණත් ඉස්සොරි ඇති වුණාට පස්සේ කොණ්ඩෙට තෙල් ගාන එක නවත්තන්න.

05. හිසකෙස් අග පැලීම් යථා තත්වයට පත් වෙන්න පුලුවන් බව

හිසකෙස් අග පැලීම ටික වෙලාවකට විතරක් නවත්තගන්න තමයි විශේෂ හෙයා මාස්ක් හෝ තෙල් වර්ගවලින් කරන්නෙ. ඒත් කෙස් අහ පැලීම නැති කරන්න නම් අගිස් කපන්නම වෙනවා.

06. නිතර හිස පීරීම කෙස්වලට හොඳ බව

නිතර හිස කෙස් පීරනකොට හිසේ සමෙහි තියන තෙල් කොණ්ඩය පුරාම පැතිරෙනවා. ඒ නිසා හිසකෙස් ඉක්මනින් අපිරිසිදු වෙනවා. ඒ වගේම හැම වෙලේම පීරීම මගින් කෙස්වල සෞඛ්‍යයට බලපෑමක් වෙන්නෙ නෑ. හානියක් වුණොත් විතරයි. ඒ නිසා කොඳම දේ තමයි අවශ්‍ය වෙලාවට විතරක් හිසකෙස් පීරන එක.

07. හොඳ රැකවරණයකින් හිසකෙස්වල ගණකම වැඩි කල හැකි බව

කෙස්වල ගණකම කියන්නෙ හිසේ තියන කේශමුල ගණනටම තමයි. ඉතින් ඔයා කොච්චර හොඳ නිෂ්පාදන පාවිච්චි කලත් කොච්චර හොඳට කොණ්ඩෙ බලාගත්තත් හිසේ තියන කේශමූල ගණන වැඩි කරන්න ඔයාට බෑ.

08. හිසකෙස් සෝදන තරමට කෙස්වල තියන තෙල් ගතිය වැඩි වන බව

හිසකෙස්වල පාට, ගණකම හා කැරලි වගේම මේද සෛල වලින් පිටකරන තෙල් ප්‍රමාණයට බලපාන්නෙත් ජානමය සාධක විතරයි. ඒ නිසා හිසකෙස් සෝදන වාර ගණන වැඩි හෝ අඩු වීම, කෙස් අපිරිසිදු වීමට බලපාන්නෙ නෑ. කොහොම වුණත් නිසි ලෙස තෝරගත් සත්කාර කිරීමෙන් සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය වෙනස් කරලා හිසකෙස් අපිරිසිදු වෙන එක අඩු කරන්න පුලුවන්.

09. සුදු කෙස්ගස් ගැලවීමෙන් එතන තවත් සුදු කෙස්ගස් 2-3ක් ඇති වන බව

හිසකෙස් ආරක්ෂා කරන ආකාරය හෝ හොඳ පෝෂණයක් ලබා දීම මගින් හිසේ තියන කෙස්ගස් ගණන වෙනස් කරන්න බෑ. ඒවගේම එක කෙස්ගහක් වෙනුවට එතන කෙස්ගස් කිහිපයක් වැවෙන්නෙත් නෑ. ඒත් කෙස් ගැලවීමෙන් කේශ මූලයට හානි වෙන්න පුලුවන් නිසා සුදු කෙස්ගස් ගලවන්නෙ නැතුව ඉන්න එක හොඳයි.

10. සිසිල් ජලයෙන් නෑමෙන් හිසකෙස් සිනිඳු වන බව

කෙස්ගස් හැදෙන්නෙ මැරුණු සෛලවලින් නිසා උණු හෝ සීතල වතුරවලට කෙස් ගහේ වෙනසක් ඇති කරන්න බෑ.

වැදගත්: ශැම්පු ප්‍රමාණය හරියට භාවිතා කරන්න

කොණ්ඩයේ දිග හා ගණකම මත කොණ්ඩෙට යොදන්න ඕන ශැම්පු ප්‍රමාණය වෙනස් වෙනවා. ඕනෑවට වඩා ශැම්පු යෙදීමෙන් හිස්කබල වියලෙනවා. පළමු වරටම ශැම්පු යොදා හොඳින් හිස සෝදාගත්තොත් ආයෙත් ශැම්පු යොදන්න ඕන වෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published.