සමට සහ කොණ්ඩයට සෑම ගෙදරකම ඇති රූපලාවන්‍ය පිළියම

අද වෙනකොට අපේ ගැහැණු ළමයි කෘත්‍රිම රූපලාවණ්‍ය නිෂ්පාදනවලට වඩා ස්වභාවික රූපලාවණ්‍ය රහස් අත්හදා බලන්න පුරුදු වෙලා ඉන්නවා. ගෙදරදි ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දේවල් වලින් ලස්සන වෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද නේද? වැඩිපුර සල්ලි වියදම් වෙන්නෙත් නෑ. විවේකයක් ලැබුණු වෙලාවට ගෙදරදම මේ වගේ ඉක්මනින් හොයාගන්න පුලුවන් ස්වභාවික දේවල් පාවිච්චි කරලා ලස්සන වෙන්න ඔයත් උත්සාහ කරන්න.

ලෝකය පුරාම ඉන්න මිනිස්සු කෝපිවල තියන රසයටයි ප්‍රබෝධමත් ගුණාංගවලටයි ගොඩක් කැමතියි. පානයක් විදියට බොනවා වෙනුවට කෝපිවලින් ලබා ගන්න පුලුවන් පුදුම හිතෙන ප්‍රයෝජන ගොඩක් තියනවා. ආ අපි ඔයාට කියලා දෙන්න යන්නේ ඔයාගෙ කොණ්ඩෙයි හමයි ලස්සන කරගන්න කෝපි පාවිච්චි කරන්නෙ කොහොමද කියලා. මේකට කෝපි විතරක් නෙවෙයි, ඉතිරි වුණු කෝපි කුඩු වුණත් යොදා ගන්න පුලුවන්.

01. සෙලියුලයිට් (සම රැලි වැටීම)

අඹරාගත් කෝපි හෝ වියලන ලද කෝපි කුඩු සමාන ලුණු ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරන්න. එයටම ඔලිව් තෙල් බින්දු කිහිපයක් එකතු කරන්න.
හුමාලය ඇල්ලු සම මත ස්ක්‍රබ් එක ආලේප කරන්න. දැන් රවුමට උඩු අතට හෙමින් හෙමින් මසාජ් කරන්න.

සතියකට 1-2 වතාවක් මේ සත්කාරය දිගටම කරන්න.

02. හිසකෙස් යාම

රත් වූ ඔලිව් තෙල් අවුන්ස 3 කට සිහින් හෝ මධ්‍යම ප්‍රමාණයේ කෝපි මේස හැඳි 2 ක් මිශ්‍ර කරන්න. තෙත් හිසකෙස් සඳහා මේ මිශ්‍රණය ආලේප කරන්න.
මේ ආලේපනය කොණ්ඩයේ මුළු දිග දිගේම ගාන්න. දැන් කොණ්ඩය ෆොයිල් වලින් ඔතන්න. විනාඩි 30 කට පසු, ෂැම්පු කර හිසකෙස් සෝදන්න.

සතියකට 1-2 වතාවක් මේ මාස්ක් එක කොණ්ඩෙට ආලේප කරන්න. හොඳම ප්‍රතිඵල ලබාගැනීමට එක දිගට මාස දෙකක් තුනක් කරන්න ඕන. සැහැල්ලු හිසකෙස් සඳහා භාවිතා කරන විට, ආස්ක් එකේ පාට වෙනස් වෙන්න පුලුවන්.

03. ඇස් යට ඉදිමීම

අඹරාගත් කෝපි ඇට හෝ නැවුම් කෝපි කුඩු තේ හැඳි 1/2, පොල්තෙල් තේ හැඳි 1/2, කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා වතුර බින්දු කිහිපයක් එකට මිශ්‍ර කරන්න.
හදාගත් මිශ්‍රණය ඇස් යට ආලේප කරලා වියළුණාට පසුව උණුවතුරෙන් සෝදා ඉව්ත් කරන්න.

04. වියළි හෝ ඉරිතැළුණු තොල්

කෝපි කුඩු තේ හැඳි 1/2 ක් හා මී පැණි තේ හැඳි 1/2 ක් මිශ්‍ර කරන්න.
හදාගත් ස්ක්‍රබ් එක තොල්වල ආලේප කරලා තත්පර 30 ක් තොල් මසාජ් කරන්න.

05. බ්ලැක් හෙඩ්ස්

වියළි කෝපි කුඩු මේස හැඳි 2 ක් (හෝ සිහින් ව අඹරාගත් කෝපි) සමග මී කිරි මේස හැඳි දෙකක් මිශ්‍ර කරන්න.
හුමාලය අල්ලාගත් සමට මිශ්‍රණය ආලේප කරන්න. විනාඩි 2 ක් මසාජ් කරලා තවත් විනාඩි 10 ක් තබන්න. අන්තිමට උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

මේ සත්කාරය සතියකට වරක් නැවත නැවත කරන්න.

06. තෙල් සහිත සම

යෝගට් මේස හැන්දකට නැවුම් කෝපි කුඩු මිශ්‍ර කරන්න.
මිශ්‍රණය මුහුණට ආලේප කරලා විනාඩි 1-2 ක් හොඅට මසාජ් කරන්න. ඉන්පසු සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න.

07. සමේ සුදුමැලි ගතිය

කෝපි කුඩු මේස හැන්දක්, ඇඹුල් ක්‍රීම් තේ හැම්දක් හා මී පැණි තේ හැන්දකට බිත්තරයක් මිශ්‍ර කරන්න.
සිනිඳු මිශ්‍රණයක් ලැබෙන තුරු අමුද්‍රව්‍ය ඔක්කොම හොඳින් කලවම් කරන්න. මුහුණට ආලේප කරලා විනාඩි 15 කට පසු සිසිල් ජලයෙන් සෝදන්න.

මේ මාස්ක් එක සතියකට 1-2 වතාවක්වත් අනිවාරෙන් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *