ගෙදරම තියන දේවල් වලින් මුහුණ පිරිසිදු කරගන්න දේවල් 6 ක්

සීතල කාලගුණය, ආතතිය, ගොඩක් සුවඳ තියන ක්‍රීම් වර්ග වගේ දේවල් අපේ සමේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. ගෙදරදීම හදාගන්න පුලුවන් ස්වාභාවික ෆේස් මාස්ක් මගින් ඔයාගෙ සම නැවුම්ව හා ශක්තිමත්ව තියාගන්න උදව් කරනවා. ඒ නිසා ඔයාට ගෙදරදී ලේසියෙන් හදාගන්න පුලුවන් ෆේස් මාස්ක්,ස්ක්‍රබ් හා ක්ලෙන්සර් ගැන විස්තර අපි හොයලා බැලුවා.

1. තක්කාලි සහ පිපිඤ්ඤා ටෝනර්


පොඩි පිපිඤ්ඤා ගෙඩියකුයි තක්කාලි ගෙඩියකුයි බ්ලෙන්ඩ් කරලා යුෂ අරගෙන කොට්න් පෑඩ් එකකින් ඔයාගෙ මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. විනාඩි 5 කට පස්සෙ උණු වතුරෙන් සෝදලා ඉවත් කරන්න. මේ මිශ්‍රණය දවස් තුනක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්.

තක්කාලිවලින් ලැබෙන ප්‍රතිඔක්සිකාරක මගින් සම සෞඛ්‍යය සම්පන්නව හා ශක්තිමත්ව තියාගන්නවා.

2. තක්කාලි ෆේස් ස්ක්‍රබ්


පොඩිකරගත් තක්කාලි උඩට සීනි තේ හැන්දක් ඉහින්න. මේ මිශ්‍රණය ගාලා ඔයාගේ මුහුණ හිමින් රවුමට මසාජ් කරන්න. හොඩක් තදින් මසාජ් කරන්න එපා. එතකොට ඔයාගෙ මුනුණ තුවාල වෙන්න පුලුවන්. ටික වෙලාවක් තියලා උණු වතුරෙන් සෝදන්න.

රෑට නිදාගන්න යන්න කලින් මේ සරල සත්කාරය කලොත් ඔයාගෙ සමට හොඳ ජීවයක් ලැබෙනවා.

3. මිදි සහ බිත්‍තර


බිත්තරයක් එක්ක මිදි ගෙඩි 7ක් බ්ලෙන්ඩ් කරලා ෆේස් බ්‍රශ් එකක් මගින් ඔයාගේ මුහුණේ හා බෙල්ලේ ආලේප කරන්න. උඩු අතට ආලේප කරන්න මතක තියාගන්න. විනාඩි 15ක් තියලා සෝදන්න.

මිදිවල තියෙන ෆිටෝනියුට්‍රියන්ට්ස් මගින් ඔයාගෙ සියුම් සම පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරන්න උදව් වෙනවා. ඒවාගේ හොඳින් විටමින් සී තියන නිසා ඔයාගෙ සම පැහැපත් කරන්නත් හේතු වෙනවා.

4. වියළි යීස්ට් වලින් ක්ලෙන්සර් එකක්


වියළි යීස්ට් තේ හැඳි 1 ක් උණු කිරි තේ හැඳි 2 ක දිය කරන්න. මිශ්‍රණය ඔයාගෙ මුහුණේ ආලේප කරලා විනාඩි 15ක් තියන්න. ඇස්වල ගාගන්නේ නැතුව ඉන්න මතක තියාගන්න. මිශ්‍රණය හයි වුණාට පස්සේ උණු වතුරෙන් සෝදලා ඉවත් කරන්න.

යීස්ට් සමට ආලේප කල විට සමට තෙතමනයක් ලබාදෙනවා වගේම සමේ කොලැජන් නිපදවීම වැඩි කරනවා. එතකොට ඔයාගෙ සම ශක්තිමත් වෙනවා.

5. ආමන්ඩ් හා මයෝනීස් ස්ක්‍රබ්


ආමන්ඩ් කෝප්ප කාලක් (ග්‍රෑම් 40 ක්) ග්‍රයින්ඩ් කරගන්න. ඒකටම මයෝනීස් තේ හැඳි 1/8 ක් කලවම් කරන්න. මේ මිශ්‍රණයෙන් ඔයාගෙ මුහුණ මසාජ් කරන්න. විනාඩි 10කට පස්සේ උණු වත්‍රෙන් සෝදලා ඉවත් කරන්න.

මයෝනීස් වලින් සමට තෙතමනයක් ලබා දෙන නිසාත් ආමන්ඩ් මගින් සමේ මැරුණු සෛල ඉවත් කරන නිසාත් ගොඩක්ම වියලි සමක් තියන කෙනෙක්ට මේක ගොඩක් හොඳ ප්‍රතිකාරයක්.

6. කිවි ස්ක්‍රබ්


පොතු ඇරලා පොඩිකරගත් කිවි ගෙඩියකට දුඹුරු සීනි තේ හැඳි 2ක් හා ඔලිව් තෙල් බිංදු කිහිපයක් එකතු කරගන්න. මිශ්‍රණය මුහුණේ ආලේප කරලා ඔයාගෙ ඇඟිලි වලින් සිනිඳුවට රවුමට ස්ක්‍රබ් කරන්න. උණුවතුරෙන් සෝදන්න.

කිවි කියන්නෙ සමේ තෙල් ගතිය ඉවත් කරන්න පුලුවන් ඇමයිනෝ අම්ල හා විටමින් සී වලින් පිරුණු පලතුරක්. දුඹුරු සීනි මගින් ඔයාගෙ සමේ තියන මැරුණු සෛල ඉවත් කරනවා. එතකොට ඔලිව් ඔයිල් කියන්නෙ විශබීජ නාශකයක්. ඒ මගින් ඔයාගෙ සම ශක්තිමත්ව තියාගන්න උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *