තරුණියන්ගේ ජීවිත වඩාත් පහසු කරන සුපිරි රූපලාවණ්‍ය ක්‍රම 17 ක්

ලස්සන වෙන්න ලක්ෂ ගානක් සල්ලි, වගේම ලොකු කාලයක් ගත වෙනවා කියලා ‌හැම යුවතියක්ම වගේ හිතනවා. ලංකාවේ වගේ රටවල්වල ගොඩක් තරුණ ගැහැණු ළමයි මේ දේවල් අමතක කරලා ඉන්නෙත් මේ නිසයි. ඒ තරම් මහන්සි වෙන්නත් කාලය වැය කරන්නත් විදියක් නෑ කියලා හිතන එක නම් ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම අපිට තියන ප්‍රශ්නෙ වෙලාවක් නැති එක නෙවෙයි, කම්මැලිකම.

ඒත් මේ හැම දේම කරගන්න වඩාත් පහසු, අඩු කාලයක් වැය වෙන, අඩු මුදලකිම් කරගන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා. අද අපි ඔයාට කියන්න යන්නෙ ලස්සන වෙන්න ගෙදරදිම කරගන්න පුලුවන් සරල රූපලාවණ්‍ය ක්‍රම කිහිපයක් ගැනයි.

01. ඇහිබැම සඳහා ජෙල් වෙනුවට

ගොඩක් දෙනා තමන්ගෙ ඇහිබැම වල හැඩය ලස්සනට තියාගන්න සුවිශේෂි වූ ජෙල් එකක් පාවිච්චි කරනවා. ඒත් එක්තරා බ්ලොග් එකක මේ සඳහා සාමාන්‍ය හෙයා ස්ප්‍රේ භාවිතා කරන ආකාරය කියා දී තිබුණා. ඔයාගෙ‍ අයිබ්‍රෝ බ්‍රෂ් එකට හෙයා ස්ප්‍රේ එකෙන් ස්වල්පයක් ස්ප්‍රේ කරගන්න. එයින් අවශ්‍ය විදියට ඇහිබැම සකස් කරගන්න පුලුවන් වෙනවා.

02. නියපොතු සුදු පැහැ කරගන්න

එක එක වර්ණ වල නිය ආලේපන භාවිතා කරනකොට ඔයාගෙ නියපොතු දුර්වර්ණ කහ පැහැයකට හැරෙනවා. මෙය නැති කරගන්න නම්, කපු පුළුන් කැබැල්ලක් දෙහි යුෂ වල පොඟවා ඔයාගෙ නියපොත්ත මත තබා ඇලුමිනියම් ෆොයිල් එකකින් ඔතාගෙන ඉන්න. විනාඩි 10-15කට පසු සෝදා හරින්න.

03. ආලේපනයක් භාවිතා කළ හැකි කාලය මතක තබාගන්න

ගොඩක් ආයතන තමන්ගේ නිෂ්පාදනය විවෘත කළ පසු භාවිතා කළ හැකි කාලය දක්වන්න ඉහත පෙන්වලා තියන සංකේතය පාවිච්චි කරනවා. ඔයා නිෂ්පාදනයක් විවෘත කළ ගමන්, විවෘත කළ දිනය පැහැදිලිව ඒ මත මාකර් පෑනකින් සඳහන් කරන්න.

04. කැඩුණු නියපොත්තට ඉක්මන් විසඳුම

හදිසියේ පාටියකට යන්න ලැස්ති වෙලා ඉන්නකොට නියපොත්තක් කැඩුනොත් ඔයා මොකද කරන්නේ? ටී බෑග් එකක තේ කොළ ටික අයින් කරලා එයින් කුඩා කොටසක් කපන්න. දැන් එය නියපොත්තට ගැලපෙන පරිදි තබාගන්න. කැඩීගිය කොටසේ හැඩය ඉතිරි වෙන විදියට වැඩි කොටස් ඉවත් කරගන්න. නේල් පයිල් එකක් මගින් හැඩය නිවැරදි කරගන්න. ඉන්පසු අවර්ණ නිය ආලේපනයක් නියපොත්තට ආලේප කරන්න.

05. වියළුණු මස්කාරා සඳහා අයි ඩ්‍රොප්ස් මගින් විසඳුමක්

මස්කාරා බෝතලය ඇතුලෙ තියන මස්කාරා ගල් වෙලා නම් බෝතලය ඇතුළට කණ්ණාඩි පිස දැමීමට යොදාගන්න දියර බින්දු කිහිපයක් එකතු කරන්න. දියර බිංදු කිහිපය බෝතලය තුලට දමා බෝතලය වසා, වාර කිහිපයක් හොඳින් සොලවන්න.

06. ස්ට්‍රේට්නිං හා කර්ලිං අයන් පිරිසිදු කිරීමට

බේකින් සෝඩා හා හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් ස්වල්පය බැගින් මිශ්‍ර කරලා හදාගත් ද්‍රාවණයක් තමයි මේකට පාවිච්චි කරන්නෙ. මෘදු ටිෂූ කඩදාසියක පොඟවාගෙන එමගින් උපකරණ පිසදමන්න. ඉන්පසු වියළි ටිෂූ එකක් මගින් ආයෙත් හොඳින් පිසදමා ගන්න.

07. ලිප්ස්ටික් එක මැට් නිමාවකින් පෙනෙන්න නම්

මේ කාලෙ ට්‍රෙන්ඩ් එක තමයි දිලිසෙන ලිප්ස්ටික් වලට වඩා මැට් ලිප්ස්ටික්. ඒත් ඔයාට තියෙන ලිප්ස්ටික් මිලෙන් වැඩි, මැට් ඒවා නොවෙන්න පුලුවන්. ලිප්ස්ටික් එක ආලේප කරලා උඩින් බ්ලෂර් එකක් ආලේප කරගැනීමෙන් ලිප්ස්ටික් එකට මැට් නිමාවක් ලබාගන්න පුලුවන්. ඒත් මෙතනදී ලිප්ස්ටික් වර්ණ ගැන අවධානයක් යොමු කරන්න.

08. මෙනිකියෝ එකක් නිවැරදිව කිරීම

නිය ආලේපන ගැල්වීමට කලින් ඔයාගෙ නියපොත්ත අවට සමේ වැස්ලින් හෝ ලිප් බාම් එකක් ආලේප කරන්න. එතකොට නිය ආලේපන නියපොත්තෙන් පිටත ගෑවුණත් ඒවා ලේසියෙන් ඉවත් කරගන්න පුලුවන්.

09. සංචාරය කරන අතරතුර රූපලාවණ්‍ය උපකරණ ආරක්ෂා කරගන්න

ඔයා ‌නිතරම සංචාරය කරන කෙනෙක් නම් ඔයාගෙ රූපලාවණ්‍ය උපකරණ ඉක්මනින් විනාශ වෙනවා ඔයා දකලා ඇති. විශේෂයෙන්ම බ්ලෂර් හා පවුඩර් තමයි ඉක්මනින්ම විනාශ වෙන්නෙ. මේක වළක්වා ගන්න පවුඩර් එක වහන්න කලින් ඒ මත කොට්න් පෑඩ් එකක් කෝ කපු පුළුන් ටිකක් තියන්න.

10. මේකප් බ්‍රෂ් පිරිසිදු කරගන්න ප්ලේට් එකක් හදා ගන්න

ඔයාගෙ මේකප් බ්‍රෂ් පිරිසිදු කරගන්න විශේෂ ප්ලේට් එකක් පාවිච්චි කරන්න. භාවිතා කළ ප්ලාස්ටික් හෝ කඩදාසි ප්ලේට් එකක් මත ග්ලූ ගන් එකකින් එක එක හැඩ ඇඳලා වියළෙන්නට තබන්න. ඉන්පසු ෂැම්පු ස්වල්පයක් ජලයේ දියකර, ප්ලේට් එක මතට දමා බ්‍රෂ් එකෙන් ගලා යන ජලය අවර්ණ වන තෙක් බ්‍රෂ් එක ප්ලේට් එක මත එහා මෙහා ගෙනියන්න.

11. වියැලුණු අයි ලයිනර් සඳහා විසඳුමක්

අයි ලයිනර් එකේ තුඩ වේලිලා නම් ඒක ගලවා එළියට අරගෙන පැත්ත මාරු කරලා ආයෙත් සවි කරන්න. දැන් අලුතෙන්ම ගත්තා වගේ පාවිච්චි කරන්න පුලුවන්.

12. ශේවිං ක්‍රීම් වෙනුවට බේබි ඔයිල්

ශේවිං ක්‍රීම් වලට වඩා බේබි ඔයිල් ශේව් කිරීම සඳහා භාවිතා කිරීමෙන් සම ආසාදනය වීම වැළකී තෙතමනය ආරක්ෂා වෙනවා කියලා එක්තරා බ්ලොගර් කෙනෙක් දක්වා තිබුණා.

13. දෙපා සඳහා සත්කාරයක්

ඔයාගෙ දෙපා ළදරුවෙකුගේ වගේ සිනිඳු කරගන්න නම් මේ මිශ්‍රණය හදලා එහි දෙපා දමාගෙන ටික වේලාවක් ඉන්න.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ,

  • උණු වතුර කෝප්ප 2ක්
  • ‌විනාකිරි කෝප්ප 1 ක්
  • මවුත්වොෂ් කෝප්ප 1 ක්
14. කොණ්ඩයේ තෙල් ගතිය නැති කරගැනීමට

වියළි මෘදු ටිෂූ කඩදාසියක් භාවිතයෙන් ඔයාගෙ හිසකෙස් මුල සිට අගට හොඳින් පිස දමන්න.

15. ලිප්ස්ටික් දත්වල නොගෑවීමට

ලිප්ස්ටික් ආලේප කළ පසු, ඇඟිල්ලක් කටේ දමා ටික වෙලාවක් උරන්න. එමගින් අමතර ලිප්ස්ටික් දත් වල ගෑවෙන්නෙ නැතුව ඔයාගෙ ඇඟිල්ල මත රැඳෙනවා.

16. සංචාරය කරන විට හා සමට වැදගත් දෙයක්

කුඩා කර්ල් කටුවක් මගින් වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න පුලුවන්. රේසර් එක බුල්ඩෝග් ක්ලිප් එකකින් වසා තැබීමෙන් සංචාරය කරන අතරතුර ඔයාගෙ බෑග් එකට අත දානකොට අත් කැපීම වලක්වා ගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *