තරුවක් වගේ බැබළෙන්න කැමති නම් ඔයත් මේ රූපලාවණ්‍ය උපදෙස් පිළිපදින්න

මේකප් එකක් නැතුව අද කාලෙ ගොඩක් ගෑණු ළමයි කොහෙවත් යන්නෙ නෑනෙ. වෙඩින් එකකට ගියත්, සාමාන්‍ය පාටියකට ගියත්, වැඩට ගියත් දැන් ගොඩ දෙනෙක් මේකප් පාවිච්චි කරනවා. හරියටම ඒ දේවල් කරගන්නෙ කොහොමද කියලා එයාලට තියන දැනිම නම් ටිකක් මදි. ඒ වගේම, ලස්සන වෙන්න කරන දේවල් අපි හරියට දැනගන්නෙ නැතුව කරන්න ගියොත් ඒකෙන් අපේ තියන ලස්සන පෙනුමත් නැති වෙන්න ඉඩ තියනවා.

ඒ නිසා තමයි අපි හරියටම රූපලාවණ්‍ය ආලේපන පාවිච්චි කරන විදිය ගැන ඔයාව දැනුවත් කරන්න මේ වගේ ලිපි අරන් එන්නෙ. අදත් අපි ඔයාට කියන්න යන්නෙ ඔයාගෙ පෙනුම තවත් ලස්සන කරගන්න හරියටම මේකප් එකක් කරනකොට ඔයා අතින් වෙන්න පුලුවන් වැරදි හරිගස්සගන්මෙ කොහොමද කියලයි.

01. අලංකාර ඊතල වගේ අයි ලයිනර්

ඇස් මත විශාල දිගු ඊතල වගේ අයිලයිනර් අඳින එක හැමවිටම හොඳ නෑ. එත් ඔයාගෙ ඉහළ ඇසිපිය දිගේ පිළිවෙළට ඇඳලා තියන අලංකාර රේඛා වලින්, ඔයාගෙ පෙනුමේ ලොකු වෙනසක් ඇති කරන්න පුලුවන්. ඇත්තටම, කළු පාට හැමවිටම විලාසිතාවෙන් යුක්ත වුණත්, වෙනත් පාටවලුත් අත්හදා බලන්න බයවෙන්න එපා.

02. මෘදු දිලිසෙන සම

නිරෝගී දිලිසෙන සම සාමාන්‍යයෙන් හැම කාන්තාවකගේම අවශ්‍යතා ලැයිස්තුවේ මුලිම්ම තියන අංගයක්. ඕනම මේකප් එකක වැදගත්ම කොටස තමයි මෘදු හා දිලිසෙන සම. මේකප් එක දැනටමත් අඩු වෙලා නම්, ඔයාගෙ සම මත දීප්තිමත් බවක් ඇති කරන හයිලයිටර් හෝ වෙනත් රූපලාවණ්‍ය නිෂ්පාදනයක් භාවිතා කරන්න.

03. සියුම් බ්ලෂ් එකක්

හරියාකාරව ආලේප කරපු බ්ලෂ් එකක් මගින් ඔයාගෙ මුහුණට සෞඛ්‍ය සම්පන්න දිලිසීමක් ලබා දෙනවා විතරක් නෙවෙයි, මුහුණේ විශේෂාංග උද්දීපනය කරලා පෙන්වන්නත් උදව් වෙනවා. ඒත් ඕනෑවට වඩා බ්ලෂ් ආලේප කරන්න එපා. කම්මුල් වල බ්ලෂ් ආලේප කරන්න ඕන ප්‍රදේශය හොයාගන්න නම් කණ්ණාඩිය ඉස්සරහට හිහින් ලාවට හිනාවෙන්න. දැන් ඒ ප්‍රදේශවලට බ්ලෂ් ටිකක් යොදන්න.

04. රතු ලිප්ස්ටික්

මනෝවිද්‍යායින් කියන්නෙ, ගොඩක් අය රතු පැහැය යෞවනය හා ගැහැණු ලිංගික ආකර්ෂණය නිරූපණය කරනවා කියලයි. ඒ නිසා රතු ලිප්ස්ටික් පැළඳ සිටින කාන්තාවන්ට සාමාන්‍යයෙන් පිරිමින්ගෙන් වැවි ආකර්ෂණයක් ලැබෙන එක පුදුමයයක් නෙවෙයි. ඒත් ඔයා තෝරා ගන්න ලිප්ස්ටික් පාට ඔයාගෙ සමස්ත පෙනුමට ගැලපෙන එකක් වෙන්න ඕන කියලා මතක තියාගන්න.

05. සැහැල්ලු දිලිසෙන අයි ෂැඩෝ

දීප්තිමත් අයි ෂැඩෝ කියන්නෙ මොඩ්ලින් ෂෝ වල වගේම රෙඩ් කාපට් එකටත් මේ අයි ෂැඩෝ හොඳට ගැලපෙනවා. ඒත් ඒක එදිනෙදා ඇඳුම්වලට නම් ගැලපෙන්නෙ නෑ. එදිනෙදා මේකප් එකකට දුඹුරු, පීච් හා අළු පැහැති ෂේඩ්ස් ගොඩක් ගැලපෙනවා.

06. ගණකම් ඇහි බැම

ගණ ඇහිබැම, අද කාලෙ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්. කෙසේ වෙතත්, ඕනවට වඩා විශාල, බර හෝ අධික අඳුරු ඇහි බැම මගින් අස්වාභාවික පෙනුමක් ලබා දෙනවා කියලා තමයි රූපලාවණ්‍ය බ්ලොග්කරුවන් කියන්නෙ. සාමාන්‍යයෙන්, ගොඩක් දෙනා ආකර්ෂණීයයි කියලා හිතන්නෙ ස්වාභාවික පෙනුමටයි. ඒ නිසා ඔයාගෙ ඇහි බැම ගණකමින් පෙනෙන පරිදි හැඩගස්වා ගන්න පුලුවන්. ඕනෑවට වඩා ඉහළට අඳින්න එපා. නැත්නම් උඩු රැවුලක් වගේ කියන්න ගනියි.

07. ස්වාභාවික සමේ වර්ණය

අපි ගොඩක් වෙලාවට හිතන්නෙ, ෆවුන්ඩේශන් එක ගණට ආලේප කරොත් අපේ මුහුණේ තියන අඩුපාඩු ටික හංගන්න පුලුවන් කියලයි. ඒත් අවාසනාවකට වගේ මෙමගින් ඔයාගෙ සමට ලැබෙන්නෙ අයිසින් කරපු කේක් එකක් වගේ පෙනුමක්. බීබී හෝ සීසී ක්‍රීම් වගේ තුනී ද්‍රවාංක සහිත ෆවුන්ඩේශන් තෝරගන්න. එමගින් ඔයාගෙ සමට නැවුම් පෙනුමක් ලබා දෙනවා. මුහුණේ කුඩා අඩුපාඩු සැඟවීමට අවශ්‍ය නම්, කන්සීලර් එකක් පාවිච්චි කරන්න.

08. ස්මෝකි අයිස්

ස්මෝකි අයිස් හෙවත් දුම් ඇස් මගින් ඔයාගෙ ලස්සන පෙනුමට හානි වෙන්න පුලුවන්. හරියටම ස්මෝකි අයිස් ඇඳගන්න බැරි වුණොත් ඔයාව පැන්ඩෙක් වගේ පෙනෙයි. ඒත් ඔයා මේ රූපලාවණ්‍ය ක්‍රමය හොඳට පුරුදු වුණොත්, ඔයාගෙ ඇස්වලට පිස්සු හැදෙන ලස්සන පෙනුමක් ලබා ගන්න පුලුවන්.

09. කැන්ඩි රෝස ලිප්ස්ටික්

කැන්ඩි රෝස ලිප්ස්ටික් වර්ණයක් දැන් ට්‍ර්න්ඩ් එක වෙලා තියනවා. එමගින් ඔයාගෙ පෙනුම නැවත පණ ගැන්වීමට උදව් වෙනවා. ඔයා හමුවීමකට යනවා නම්, ලිප් ග්ලොස් හෝ ගොඩක් දිලිසෙන ලිප්ස්ටික් ආලේප කරන්න එපා. ඒවගෙ තියන ඇලෙනසුළු බවට ගොඩක් පිරිමි අය කැමති නෑ. ඒ වෙනුවට කැන්ඩි රෝස පාට යුත් සියුම් ක්‍රීම් ලිප්ස්ටික් හෝ ලිප් බාම් එකක් තෝරගන්න.

10. ස්වාභාවික පෙනුමක් ඇති මේකප් එකක්

ස්වාභාවික පෙනුමක් තියන මේකප් එක ගොඩක් වෙලාවට ෆැශන් එකක්. එමගින් ඔයාට ගෞරවනීය බවක් එකතු කරනවා. ඒ වගේම මුහුණේ තියන අඩුපාඩු සඟවන්නත් උදව් වෙනවා. ඒ නිසා මේකප් ලරනකොට ඕනෑවට වඩා මේකප් ආලේප කරන්න එපා. අවංක හිනාවක් ඇති කරන්න නවීන මේකප් ආලේපන වලට බෑ.

11. හොලිවුඩ් සිනහව

බේකින් සෝඩා ස්වල්පයක් දන්තාලේප සමඟ මිශ්‍ර කරන්න. ඇලුමිනියම් තීරු මත ඒක ආලේප කරලා ඔයාගෙ දත් වටා ඔතන්න. පැයකට පසු, ඇලුමිනියම් තීරු ඉවත් කරලා හොඳින් කට සෝදන්න. මෙමගින් ලස්සන හිනාවක් ලබාගන්න ඔයාට පුලුවන්.

12. ශුගර් වැක්ස්

අනවශ්‍ය රෝම ඉවත් කරන්න පාවිච්චි කරන ශේවිං ක්‍රීම් හා රේසර් හෝ වැක්ස් වෙනුවට සීනි මගින්හදාගත්ත ශුගර් වැක්ස් එක උත්සාහ කරලා බලන්න. ශුගර් වැක්ස් කියන්නෙ ශරීරයෙන් හිසකෙස් ඉවත් කිරීම සඳහා විශේෂයෙන් හදපු කැරමල් වර්ගයක්. එය අඩු වේදනාකාරී වන අතර සංවේදී සම සමඟ හොඳින් ක්‍රියා කරනවා. සම මත පවුඩර් ටිකක් ආලේප කිරීමෙන් හෝ වැක්ස් ස්‍ට්‍රිප්ස් භාවිතයෙන් ශුගර් වැක්ස් එක කරගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *