දත් කැක්කුම නැති කර ගැනීමට ඔබට ගෙදරදිම කල හැකි දේවල් 8 ක්


දත් කැක්කුම කියන්නෙ අපේ ජීවිත කාලය තුළ අඩුම තරමේ එක් වරක්වත් අපි හැම කෙනෙක්ටම අත්විඳීමට සිදුවන දෙයක්. වැඩිහිටි පුද්ගලයන්ගෙන් 90% කට වඩා වැඩි කොටසකට යම් ආකාරයක දත් දිරායාමක් ඇති වෙලා තියනවා කියලා මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා.

අද අපි ඔයාලට කියන්න යන්නේ කිසිම මුදලක් වැය කරන්නෙ නැතුව, දත් කැක්කුමෙන් මිදෙන්න පුලුවන් සරල ක්‍රම කිහිපයක් ගැනයි. ඔයා ගර්භණී, මව්කිරි දෙන මවක් හෝ ඖෂධීය අමුද්‍රව්‍ය භාවිතා කරන රෝගී තත්වයක් තියන කෙනෙක් නම් මේ දේවල් කරනකොට මුලින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා.

01. ලුණු වතුර

ලුණු වතුර කියන්නෙ ස්වාභාවික විෂබීජ නාශකයක්. දත් කැක්කුම සුව කිරීමට පහසු හා ඵලදායී පිළියමක් විදියට ලුණු වතුර ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උණුසුම් වතුර වීදුරුවකට ලුණු මේස හැඳි බාගයක් මිශ්‍ර කරන්න. හදාගත් ද්‍රාවණයෙන් හොඳින් කට සෝදන්න. දත් කැක්කුම ඇතිවෙලා තියන ප්‍රදේශය පිරිසිදු කරන්න වගේම මුඛය ඉදිමෙන එක වළක්වා ගන්නත් මෙය භාවිතා කරන්න පුලුවන්.

02. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

වේදනා නාශකයක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිත කරනවා. මුඛයේ අපහසුතාවයන් පාලනය කිරීමට හොඳ පිළියමක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නෙ. විදුරුමස් වල ලේ ගැලීම වගේම වේදනාව අඩු කරන්නත් මෙය උදව් වෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වලින් කට සේදීමත් ඔයාට කරන්න පුලුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 3% ක් ජලය සමඟ මිශ්‍ර කරන්න. මෙයින් කට හොඳින් සෝදන්න.

03. කරාබු නැටි හෝ කරාබු නැටි තෙල්

වසර ගණනක් තිස්සේ කරාබු නැටි දත් කැක්කුමට ප්‍රතිකාර කිරීමට භාවිතා කරනවා. ඉයුජෙනෝල් කියන ස්වාභාවික විෂබීජ නාශකය කරාබු නැටි වල තියනවා. කරාබුනැටි කුඩු කුඩා ප්‍රමාණයක් දත මත තබා ගන්න. නැත්නම් කරාබු නැට්ටක් අරගෙන කැක්කුම එන ස්ථානයේ තියලා හපන්න. වේදනාව නැතිවෙන තුරුම කරාබු නැටි තෙල් ස්වල්පයක් බලපෑමට ලක්වූ ප්‍රදේශය මත තියාගෙන ඉන්න.

04. අයිස්වලින් තැවීම

ඕනෑම ආකාරයක මුඛයේ වේදනාවකට හොඳ ප්‍රතිකාරයක් තමයි අයිස් මඟින් තැවීම. ඔයාට කරන්න තියෙන්නෙ අයිස් පැකට්ටුවක් හෝ ප්ලාස්ටික් බෑගයකට අයිස් දමා තුනී රෙද්දකින් ඔතා, ස්නායුව හිරිවැටීම සඳහා විනාඩි 15 ක් වේදනාකාරී ස්ථානය මත මෙය තියාගෙන ඉන්න එක විතරයි. මෙමගින් දැවිල්ල හා ඉදිමීම අඩු කරනවා.

05. සුදුළූණු

ගොඩක් අත්බෙහෙත් සඳහා භාවිතා වන දෙයක් තමයි සුදුළූණු කියන්නේ. වේදනා නාශකයක් වගේම හානිකර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවකුත් සුදුළූණු වලට තියනවා. එය තලා මිශ්‍රණයක් හදාගෙන කැක්කුම තියන තැන තියාගෙන ඉන්න එක තමයි ඔයා කරන්න ඕන. එහෙමත් නැත්නම් ඔයාට මේක හෙමින් සපන්න පුළුවන්. මේ ස්වාභාවික ප්‍රතිකාරය වේදනාව නැති වනතුරු දින කිහිපයක් කරන්න

06. පේර කොළ

වේදනා නාශක හා ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ අඩංගු පත්‍රයක් තමා පේර කොළ කියන්නෙ. මුඛයේ ඇති වන තුවාල හා විදුරුමස් ඉදිමීම ඉවත් කරන්න වගේම දත් කැක්කුම සමනය කරන්නත් පේරකොළ ගොඩක් ප්‍රයෝජනවත්.

පේර කොළයක් හෝ දෙකක් දත මත යුෂ තැවරීමට පටන් ගන්නා තෙක්ම ගැටලුවට ලක් වූ ප්‍රදේශයෙන් හොඳින් හපන්න. පේර කොළ යුෂ දියරයක් මගින් කට සෝදන්නත් පුලුවන්. උතුරන වතුරට පේර කොළ කිහිපයක් දමන්න. දියරය සිසිල් වීමට ඉඩ දී ලුණු ස්වල්පයක් ඒකට එකතු කරලා පේර කොළ යුෂ හදාගන්න.

07. තිරිඟු

තිරිඟු කියන්නේ දත් දිරායාම හා වේදනාව වළක්වා ගත හැකි දෙයක්. ඒවායේ, දත් වලට කෙටි කාලීන හෝ දිගු කාලීන ප්‍රයෝජන ලබා දෙන්න පුලුවන් ප්‍රතිබැක්ටීරීය ගුණ අඩංගු වෙනවා. තිරිඟු කෙලින්ම හැපීම හෝ යුෂ මගින් මුඛ‍ය සේදීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. විදුරුමස් වලින් විෂ ඉවත් කර බැක්ටීරියා වර්ධනය අඩු කරන්න තිරිඟු වලට හැකියාව තියනවා.

08. ළූණු

ළූණු වල තියන ෆයිටො කෙමිකල්ස් මගින් ආසාදනයට බලපාන විෂබීජ ඉලක්ක කර වේදනාව ඉවත් කිරීමට උදව් වෙනවා.

ළූණු කැබැල්ලක් කපා වේදනාව තිබෙන ස්ථානයෙන් හපන්න. ඔයාගෙ දතෙහි විෂබීජ ඉවත් කර වේදනාව අඩු කරන්න ළූණු යුෂ උදව් වෙනවා. තදින්ම වේදනාව දැනෙනවා නම් බලපෑමට ලක් වූ දතට ළූණු කැබැල්ල තියාගෙන ඇඟිල්ලකින් තද කරගෙන ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *