දින 30 කින් ශක්තිමත් කොණ්ඩයක් ලබා ගැනීමේ රහස


කොණ්ඩය කියන්නෙ ඔයාගෙ මුහුණට ලස්සන පෙනුමක් ලබා දෙන්න අත්‍යවශ්‍යම දෙයක්. කොණ්ඩෙ වවාගන්න වගේම ලස්සනට තියාගන්නත් අපි නොයෙකුත් දේවල් අත්හදා බලනවා. තෙල් ගානවා, හෙයා මාස්ක් දානවා, මේ වගෙ එක එක දේවල් කරනවා. විද්‍යාවේ කියන විදියට අපේ කොණ්ඩෙ දවසට මිලිමීටර් 0.3-0.5 විතර වැවෙනවා. ඒ කියන්නෙ අවුරුද්දට සෙන්ටිමීටර් 12-15ක් විතර. සිරුරේ දෙවනියට වැඩියෙන්ම වර්ධනය වෙන පටක වන්නේ අපේ හිසකෙස්. ඒත් අපි ගොඩක් දෙනෙක්ට කෙස් දුර්වල වීම, ගැලවීම වගේ හිසකෙස්වල ප්‍රශ්න තියනවා.

අද අපි ඔයාට කියලා දෙන්නේ කෙස් ශක්තිමත් කරගන්න වගේම දිගට වවාගන්න පුලුවන් විශ්මිත ප්‍රතිඵල තියන පිළියම් කිහිපයක් ගැනයි. මේ දේවල් අත්හදා බැලුවොත් ඔයාට ලස්සන කෙස් කලඹක් හිමි කරගන්න පුලුවන්.

01. කතුර සමග මිතුරු වීම

කොණ්ඩෙ වවාගන්න අමාරුවෙන් උත්සාහ කරන කෙනෙක් කොණ්ඩෙට කතුරක් ලං කරන්නවත් කැමති නෑනේ. ඒත් විශේෂඥයන් කියන්නේ කොණ්ඩෙ නිරෝගීව හා ඉක්මනින් වැවෙන්න නම් නිතිපතා අගිස් කප්පාදු කළ යුතු බවයි.

හිසකෙස් අගින් කැපීමෙන් ඔයාට වාසි රැසක් ලබාගන්න පුලුවන්. කෙස් අග පැලීම නිසා හානි වූ හිසකෙස් යථා තත්වයට පත් කරන්න නම් අගිස් කපන්නම වෙනවා. අමහර විට මේ පැලුණු කෙස්ගස් දිගටම තිබ්බොත් කෙස් ගසේ උඩට යනකම් පැලෙන්න පුලුවන්. එතකොට යටින් ටිකක් කප්පාදු කරලා මේ තත්වය වෙනස් කරන්න බෑ. ඒ නිසා මතක ඇතුව නිතිපතා හිසකෙස් කප්පාදු කරන්න.

02. කන්ඩිෂනර් කිරීම

කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ ෂැම්පු කිරීමෙන් පස්සෙ හිසකෙස් මොයිස්චරයිස් කරන්නයි. සාමාන්‍යයෙන් කන්ඩිෂනර් හිස්කබලේ ආපේක කරන්නෙ නෑ. හෙසකෙස්වල විතරක් ආලේප කළා නම් ඇති. අපේ හිසකෙස්වලට ක්ෂණික වාසිදායක බලපෑමක් ඇති කරන්න කන්ඩිෂනර් වලට පුලුවන්

ඒ නිසා හිසකෙස් ෂැම්පු කර සේදීමෙන් පස්සෙ ඔයාගෙ කොණ්ඩෙට ගැලපෙන විදියට තෝරගත්තු කන්ඩිෂනර් එකක් අනිවාරෙන්ම පාවිච්චි කරන්න.

03. මැජික් අමුද්‍රව්‍ය වලින් උදව් ලබා ගැනීම

ලූණු, සුදුලූණු යුෂ, ඇපල් සයිඩර්, හා පොල්කිරි වගේ දීවල් කෙස්වලට ආලේප කිරීමෙන් පෝෂණීය නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න පුලුවන්. පලතුරු හා එලවලු හොඳින් ආහාරයට එකතු කර ගැනීමත් හිසකෙස්වල වර්ධනයට ගොඩක් වැදගත් වෙනවා.

ඔයා දැනගන්නම ඕන දෙයක්:

සිසිල් බියර් නටන තෙක් හොඳින් රත් කරලා ඔයාගෙ සාමාන්‍ය ෂැම්පු එකට එකතුකරන්න. සතියකට දෙතුන් වරක් මේ මගින් හිසකෙස් සෝදන්න.
මේ බියර් ෂැම්පු එක මගින් හිසකෙස්වල කුණු ඉවත් කරනවා විතරක් නෙවෙයි ඔයාට සිනිඳු දිදුලන කෙස් කලඹක් ලබා දෙනවා.

04. තෙල් හා හෙයා මාස්ක් දැමීම

සතියකට වරක් හෝ දෙවරක් හෙයා මාස්ක් එකක් දැමීම හා ඔයිල් මසාජ් එකක් කරගැනීමෙනුත් ඔයාට ඉක්මනින් හිසකෙස් වර්ධනය කරගන්න පුලුවන්. මේවා මගින් කෙස්වල අත්‍යවශ්‍ය තෙල් ගතිය පවත්වාගන්න උදව් වෙනවා. එතකොට හිසකෙස් ශක්තිමත් වෙනවා. මී පැණි, අලිගැටපේර, ලෙමන්, ඔලිව් තෙල් වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඔයාට ගෙදරදීම හෙයා මාස්ක් එකක් හදාගන්න පුලුවන්.

05. සිල්ක් කොට්ට උර භාවිතා කිරීම

කෙස් ඉක්මනින් වැඩෙන්න උදව් කරන තවත් දෙයක් තමයි මේ. ඔයාගෙ කපු කොට්ට උර වෙනුවට සෙටින් හෝ සිල්ක් කොට්ට උර පාවිච්චි කරන්න ගන්න. කපුවලට වඩා සිල්ක්, සෙටින් රෙදිවල සිනිඳු බව ඔයාගෙ හිසකෙස් වලට වැඩියෙන් හිතකරයි. සිල්ක් හා සෙටින් රෙදි මගින් හිසකෙස්වලට ඝර්ෂණයක් ඇති කරන්නෙ නැති නිසා කෙස් කැඩීයාම අඩු කරනවා.

06. සේදීමෙන් පසු නිවැරදිව හිසකෙස් වේලීම

කොණ්ඩය පිහදැමීමට තුවායක් වෙනුවට මෘදු කපු ටී ෂර්ට් එකක් භාවිතා කරන්න. ඒ වගේම තුවායකින් කොණ්ඩය ඔතන්න එපා. එමගින් කෙස් ඇදිලා කැඩෙන්න පුලුවන්. හෙයා ඩ්‍රයර් හා වෙනත් අයන් වගේ තාපන උපකරණ වලින් පුලුවන් තරම් ඈත් වෙන්න. මේ හැම උපකරණයකින්ම කෙස්වලට හානි වෙනවා. ඩ්‍රයර් එක පාවිච්චි කරන්න ඕන කෙස්වල සියයට හැටක් විතර ස්වාභාවිකව වේලුණාට පසුවයි. තාපන උපකරණ භාවිතයේදී හිසකෙස් උෂ්ණත්වයෙන් ආරක්ෂා කරන නිෂ්පාදන භාවිත කරන්න.

07. හිසකෙස්වලට විවේකයක් ලබා දිම

කාර්යබහුල ‍දිනවලදි හිසකෙස් ගොඩක් තදින් ගැට ගැසීමෙන් වළකින්න. මෙමගින් කෙස් දුර්වල වෙලා මගින් කැඩිලා යනවා. අපේ හිසකෙස්, ඒවාගේ වර්ධනයට බාධා කරන මයික්‍රෝබියල් කියන විෂබේජවලට නිතර නිරාවරණය වෙනවා. කලින් කලට හිසකෙස්වලට ඇන්ටිමයික්‍රොබියල් සත්කාරය කිරීමෙන් මේ තත්වය වළක්වාගන්න පුලුවන්. ඔයාගෙ සමට වගේම හිසකෙස්වලටත් හිරු එලියෙන් හානි කරනවා. ඒ නිසා එලියට යන වෙලාවට තොප්පියක් හෝ හිස් ආවරණයක් පාවිච්චි කරන්න.

08. ආහාර රටාව ගැන සැලකිලිමත් වීම

බයෝටීන් හා විටමින් එච් බහුල ආහාර මගින් ඔයාගෙ හිසකෙස් වර්ධනය වැඩි කරනවා. ඒ මගින් කාබෝහයිඩ්‍රේට් හා මේද පරිවෘත්තිය ක්‍රියාවලට සහය වෙනවා. ඇමයිනෝ අම්ල මගින් සිරුරේ ප්‍රෝටීන් මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ නංවනවා.

බිත්තර, කිරි, චීස්, ධාන්‍ය වර්ග, ඌරු මස්, සැමන්, අලිපේර හා වට්ටක්කා වල බයෝටීන් බහුල වෙනවා.

09. ඕනෑවට වඩා හිසකෙස් සේදීමෙන් වැළකීම

නිතර හිසකෙස් සේදීම එතරම් හිඳ දෙයක් නෙවෙයි. දිනපතා සේදීමෙන් කෙස්වල තියන අත්‍යවශ්‍ය ස්වාභාවික තෙල්වර්ග ඉවත් වෙලා යනවා.

10. ලූණු යුෂ හා පොල්තෙල් සත්කාර කිරීම

ලූණු යුෂ වලට හිසකෙස් වර්ධනය කිරීමේ හැකියාව තියනවා. ලූණු යුෂ හා පොල්තෙල් එකට මිශ්‍ර කරලා හිසේ ආලේප කිරීමෙන් ප්‍රතිඵල දෙගුණ වෙනවා. පොල්තෙල් මගින් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරනවා. ඒ වගේම පොල්තෙල් වල විටමින් සී, ලෝරික් ඇසිඩ් වගේ පෝෂක තියනවා. පොල්තෙල් වෙනුවට අබ තෙල් හෝ ආමන්ඩ් තෙල් පාවිච්චි කරන්නත් පුලුවන්.

11. ඉවසිලිමත්ව සිටීම

එක රැයකින් කොණ්ඩෙ වැවෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මාසෙකට සෙන්ටිමීටර එකක් හෝ එකහමාරක් වගේ තමයි වැවෙන්නෙ. ඒ ගැන දුක් වෙලා වැඩක් නෑ. ධනාත්මකව හිතලා අපි මේ කියපු සත්කාර හිසකෙස්වලට කරන්න.

ඉක්මනින්ම නැතත් පිලිවෙලට ටික කාලයක් මේ සත්කාර එක දිගට කරගෙන ගියොත් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න ඔයාටත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *