දෙහි ලෝකයේ වැඩිපුරම ප්‍රයෝජනවත් දේ වීමට හේතු 16ක්

අපි දන්නෙ නැති වුණාට ලෙමන් කියන්නෙ හැම අතින්ම ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. පිරිසිදු කරන වැඩ වලට වගේම තවත් ගොඩක් දේවල්වලට ලෙමන් පාවිච්චි කරනවා. ඒ නිසා සාමාන්‍ය ලෙමන් ගෙඩියක තියන අසාමාන්‍ය භාවිත ගැන ඔයාව දැනුවත් කරන්න අපි හිතුවා.

16. පිරිසිදුකාරකයක් ලෙස


ලෙමන් ගෙඩියක් ගෙන එහි පොතු විනාකිරි මිලිලීටර් 150 ක් එක්ක මිශ්‍ර කරලා රැයක් තියන්න. උදේට මේ මිශ්‍රණයට වතුර මිලිලීටර් 150 ක් එකතු කරන්න. හිස් ස්ප්‍රේ බෝතලයකට දියරය දාලා ඔයාගේ නිවසේ ස්වාභාවික පිරිසිදුකාරකයක් ලෙස පාවිච්චි කරන්න.

15. ඔබේ කපන ලෑල්ල පිරිසිදු කිරීමට


ලෙමන් ගෙඩියකින් බාගයක් ගෙන ඒක උඩට ලුණු ටිකක් ඉහලා ඔයාගෙ එළවළු කපන ලෑල්ල පිරිසිදු කරන්න. විනාඩි 10-15 තියලා ආයෙත් මේ විදියටම කරන්න.

14. සුදු රෙදි දීප්තිමත් කිරීමට


ඔයාගෙ සුදු ඇඳුම්වලට දීප්තිමත් බවක් ලබා ගන්න දෙහි පාවිච්චි කරන්න පුලුවන්. සුදු ඇඳුම් සෝදන්න කලින් පැය බාගයක් විතර ලෙමන් යුෂ හා බේකිං සෝඩා මිශ්‍රණයක පොඟවලා තියන්න.

13. මෙනිකියෝ වලට


ඔයාගෙ නියපොතු ශක්තිමත්ව හා සෞඛ්‍ය සම්පන්නව තියාගන්න නම් උණුසුම් වතුරට ලෙමන් බිංදු ටිකක් එකතු කරලා අත් හා කකුල්වල නියපොතු සෝදන්න.

12. මුහුණේ වයස්ගත පෙනුම නැති කිරීමට


ලෙමන් පෙත්තක් කපලා ඔයාගෙ මුහුණේ සිනිඳුවට මසාජ් කරන්න. මේකෙන් ඔයාගෙ සම වයසට යන එක අඩු කරගන්න පුලුවන්.

11. ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට


උදේට හිස්බඩ මී පැණි හා ලෙමන් යුෂ වීදුරුවක් බීම ආහාර දිරවීම වැඩි කරන්න වගේම ඔයාගෙ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නත් උදව් වෙනවා.

10. කෑම මේසය ලෑස්ති කරන විට


අතින් කන කෑම තියන වෙලාවට කෑම මේසය ලෑස්ති කරද්දි අත සේදීමට ලෙමන් වතුර පුරවපු භාජන පාවිච්චි කරන්න.

9. උපකරණ නැවුම් කිරීමට


ලෙමන් යුෂ පොඟවගත් ස්පොන්ජ් කෑල්ලකින් ඔයාගෙ ෆ්‍රිජ් එක පිසදමන්න. ඒ මගින් අප්‍රසන්න ගඳ නැති වෙලා හොඳ සුවඳක් ලබා දෙනවා.

8. වැඩෙන පැළ


වැඩෙන පැළ සඳහත් ලෙමන් පාවිච්චි කරන්න පුලුවන්. යුෂ අයින් කරපු ලෙමන් ලෙල්ලක් අරගෙන ඒකට බීජ ටික දාන්න. බීජ ටික පැළවෙද්දි ඔයාට එහෙමම බිම හිටවන්න පුලුවන්.

7. සපත්තුවල ගඳ නැති කිරීමට


සපත්තුවල තියන ගඳ උරාගන්න ලෙමන් පොතු ටිකක් සපත්තුව ඇතුළට දාලා එක රැයක් තියන්න.

6. ඉටිපන්දම් රඳවන සෑදීමට


ලෙමන්, දෙහි හෝ දොඩම්වලින් ඉටිපන්දම් රැඳවුමක් හදාගන්න පුලුවන්. ලෙමන් ගෙඩියේ මැද අයින් කරලා ඒ ඇතුළට උණුකරගත් ඉටි පුරවන්න. ඉටිපන්දම් නූලක් ඉටිපන්දමේ පතුලට අලවන්න අමතක කරන්න එපා.

5. සෞඛ්‍ය තත්වය දියුණු කිරීමට


ලෙමන් යුෂ හා බේකිං සෝඩා වලට කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කරන්න, ඔයාගෙ ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්න වගේම අක්මාව පිරිසිදු කරන්නත් පුලුවන්. ලෙමන් වල විටමින් සී බහුලයි. බේකිං සෝඩා තේ හැන්දක් හා ලෙමන් යුෂ අතුර වීදුරුවකට එකතු කරලා උදේට බොන්න. සති දෙකක් එක දිගට බොන්න. ඊලඟ සති දෙකේ බීම නවත්තන්න.

4. මල නොබැඳෙන වානේ පිරිසිදු කිරීමට


ලෙමන් ලෙලි හා බේකිං සෝඩා මගින් ඔයාගේ වානේ උපකරණවලට දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.

3. බෙරි පැල්ලම් ඉවත් කිරීමට


ඔයා නැවුම් බෙරි සකස් කරනකොට ඔයාගේ අත්වල පැල්ලම් ඇතිවෙනවා. ලෙමන් යුෂ මගින් මේ පැල්ලම් ඉවත් කරන්න උදව් වෙනවා. ඔයාගෙ ඇඳුම්වලින් බෙරී පැල්ලම් අයින් කරන්නත් ලේසියි. මුලින්ම ඇඳුම සීතල වතුරෙන් සෝදන්න. ඊට පස්සෙ ලෙමන් යුෂවල විනාඩි කීපයක් පොඟවා ගන්න.

2. කෘමීන් පලවා හැරීමට


ඔයාගෙ ගෙදරට කූඹි එක එක නවත්තන්න ජනෙල් කවුළු හා දොරවල් මත ලෙමන් යුෂ ටිකක් වත් කරන්න. මදුරුවන් එන්නෙ නැති වෙන්න නම් ලෙමන් බාගෙකට කරාබුනැටි තලලා එකතු කරන්න.

1. කිහිලිවල අඳුරු පාට නැති කිරීමට


කිහිලිවල තියන කලු ගතිය අයින් කරන්න දෙහි වලට වඩා හොඳ දෙයක් තවත් නෑ. ඔයාගෙ අම සැහැල්ලු කරන්න වගේම සමේ තියන මැරුණු සෛල ඉවත් කරන්නත් දෙහි වලට පුලුවන්. ඔයා නාන වෙලාවට හරි නාන්න කලින් හරි ලෙමන් පෙත්තකින් ඔයාගෙ කිහිලි ප්‍රදේශය හොඳට මසාජ් කරන්න. නාලා ඉවර වෙලා මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ගාන්න. සතියකින් ඔයාට ප්‍රතිඵල බලාගන්න ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *