නලු නිලියකගේ වගේ සුදුවන් දත් ලබාගන්න ක්‍රම 9 ක්

නිරෝගී හා ලස්සන දත් ​​දෙපෙළක් ලබාගන්න ඕනම කෙනෙක් කැමතියි. ඔයා සිහින දකින සුදුවන් දත් දෙපෙළ ලබාගන්න එක එක ක්‍රම තියනවා. ඒත් අද වෙනකොට ගොඩක් දෙනෙක් රසායනික ක්‍රමවලට යොමුවෙලා දත් සුදු කරගන්න පෙලඹෙනවා. ඒත් මේ රසායනික ප්‍රතිකර්ම මගින් දත්වලට හා දන්ත එනමලයට හානි සිදුවෙන්න පුලුවන්.

එනමලයට හෝ දත්වලට කිසිම හානියක් සිදු නොවන පිළියම් රැසක් තියනවා. ගෙදරදීම කරන්න පුලුවන් ස්වභාවික ප්‍රතිකර්ම ගොඩක් තියෙද්දි ඇයි රසායනිකව දත් සුදු කරගන්න උත්සාහ කරන්නේ? ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ ලේසියෙන්ම ගෙදරදි හොයාගන්න පුලුවන් දේවල්වලින් සුදුවන් ලස්සන දත් දෙපෙළක් ලබාගන්න මොනව්ද කරන්න ඕන කියලයි. මේ ප්‍රතිකාර විතරක් කරලා නම් මදි. නිතිපතා දන්ත වෛද්‍යවරයා හමුවෙන එක ඔයාගෙ දත්වල සෞඛ්‍යය හොඳින් පවත්වගන්න ගොඩාක් වැදගත් වෙනවා. ඔයා මේ උපදෙස් නිතිපතා පිළිපැද්දොත්, ඔයාගෙ දත් සුදු වෙන්නත් විදුරුමස් සෞඛ්‍ය සම්පන්න වෙන්නත් උදව් වෙනවා.

01. දත් සුදු කිරීමේ දන්තාලේප

කහ තේ හැන්දකට පොල්තෙල් හා මින්ට් තෙල් 2-3 බිංදු එකතු කරන්න. මේ මිශ්‍රණය ඔයාගෙ දිනපතා දන්තාලේපය වෙනුවට පාවිච්චි කරන්න. එමගින් ඔයාගෙ එනමලය ශක්තිමත් කරලා දත් සුදු කරනවා. ඒ වගේම කටේ ගඳ නැති කරනවා.

02. තේ ගසේ තෙල්

තේ ගසෙන් ලබා ගන්න තෙල් බින්දු 5 ක් වතුර වීදුරු බාගයක තනුක කරන්න. දිනපතා දත් මැදීමෙන් පසු මේ දියරයෙන් කට සෝදන්න. සති කිහිපයකින්ම හොඳ ප්‍රතිඵලයක් දැකගන්න පුලුවන්. වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට සතියකට වරක් හෝ දෙවරක් තෙල් බින්දුවකින් දත් පිරිසිදු කරන්න.

03. ස්ට්‍රෝබෙරි පේස්ට්

නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් හැන්දකින් පොඩි කරන්න. එයටම මුහුදු ලුණු ටිකක් මිශ්‍ර කරන්න. හදාගත් පේස්ට් එක දත් බුරුසුවට දමා විනාඩි කිහිපයක් දත් මදින්න. ඉන්පසු කට හොඳින් සෝදන්න. මේ සත්කාරය සති දෙකකට වරක් විතරක් කරන්න වගබලාගන්න.

04. පොල් තෙල්

දත් මදින්න කලින් පොල් තෙල් ටිකක් දත්වල ගාලා හොඳින් මසාජ් කරන්න. විනාඩි 15-20 ක් එහි තබන්න. ඉන්පසු ඔයාගෙ දන්තාලේපයෙන් හොඳින් දත් මදින්න. මේ ආකාරයට සතියකට 2 හෝ 3 වරක් නැවත නැවත කරන්න.

05. අඟුරු වලින් දත් මැදීම

දත්වලට ලස්සන පුදු පාටක් ලබා ගැනීමට බිම් අඟුරු වතුර සමග මිශ්‍ර කරලා දත් වලට ආලේප කරන්න. විනාඩි 2 ක් තියෙන්න හැර කට සෝදන්න. ඉන්පසු හොඳින් දත් මදින්න. සතියකට වරක් හෝ දෙවරක් නැවත නැවත කරන්න.

06. කෙසෙල් ලෙලි

දත් මැලියම් ඉවත් කරලා දත් සුදු කරන්න කෙසෙල් ලෙලිවලට පුලුවන්. ලෙසෙල් ලෙල්ලේ දෙපැත්තෙන්ම දත් හොඳින් පිරිමදින්න. විනාඩි 5-7 කට පසු දත් මැදලා කට සෝදන්න. මේ ප්‍රතිකාරය ඔයාට කැමති වාර ගණනක් කරන්න පුලුවන්.

07. ලෙමන් මවුත්වොෂ්

මෙමගින් ඔයාගෙ දත් සුදු කර ගැනීමට හා කටේ ගඳ නැති කිරීමට පුලුවන්. ලෙමන් යුෂ තේ හැඳි 3 කට සිහින් ලුණු තේ හැන්දක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. සතියකට 2-3 වරක් දත් මැදීමෙන් පසු මේ දියරයෙන් කට සෝදන්න.

අවවාදයයි: ඔයාගෙ කටේ දැවිල්ල තිබේනම් මේ මවුත්වොෂ් එක පාවිච්චි කරන්න එපා.

08. බේසිල් කොළ

නැවුම් බැසිල් කොළ අඹරා යුෂ පෙරාගන්න. ඔයාගෙ සාමාන්‍ය දන්තාලේපය වෙනුවට නිතිපතා මේ යුෂවලින් දත්මදින්න. දින කිහිපයකින් ඔයාට සුදුවන් දත් දෙපෙළක් ලබා ගන්න පුලුවන්. සුපුරුදු පරිදි සාමාන්‍ය දන්තාලේපයෙන් දත් මදින්නට කලින් විනාඩි 5-10 අතර කාලයක් බේසිල් යුෂයෙන් දත් මදින්න.

09. කෝමාරිකා

කෝමාරිකා යුෂ හෝ කෝමාරිකා ජෙල් මගින් ඔයාගෙ දත් ඇත්තටම සුදු කරලා ඔයාට ලස්සන හිනාවක් ලබාදෙනවා. කෝමාරිකා යුෂ දත්වල ගාලා මසාජ් කරන්න. එහෙමත් නැත්නම් දත් බුරුසුවට කෝමාරිකා යුෂ ටිකක් දාගෙන හොඳින් දත් මදින්න. දිනපතා දත් මැදීමෙන් පසු මේ සත්කාරය කරන්න. සති දෙකකින් ඔයාට දීප්තිමත් හා ලස්සන හිනාවක් ලබාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *