නහර ඉදිමීම ගෙදරදීම වළක්වාගත හැකි විස්මිත ප්‍රතිකාර ක්‍රම 8 ක්

නහරවල ගැට ගැසීම හෝ ඉදිමීම අපේ ගොඩක් වැඩිහිටියන් මුහුණ දෙන ප්‍රශ්නයක්. එක දිගටම පුටුවක වාඩි වෙලා රැකියාව කිරීම වගේ හේතු නිසා කකුල්වල නහර විඩාවට පත්වෙනවා. ඒ වගේම නොගැලපෙන විලාසිතා කරන්න යාමෙනුත් මේ තත්වය ඇතිවෙනවා. එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් 20% කට වඩා වැඩි සංඛ්‍යාවකට නහර ඉදිමීමේ ගැටලුව තියන බව අධ්‍යයනයකින් හෙළි වෙලා තියනවා. මුල්ම කාලෙදි මේ තතය හඳුනගෙන හරියට ප්‍රතිකාර කිරීමෙන් නහර ඉදිමීම හා ගැට ගැසීම වළක්වාගන්න පුලුවන්. මේවායින් ගොඩක් ක්‍රම ඔයාට ගෙදරදි පහසුවෙන්ම කරන්න පුලුවන් දේවල්.

වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් ගේම, නහර ඉදිමීමටත් නිසි ලෙස ප්‍රතිකාර කරන්න ඕන. අද අපි ඔයාට කියලා දෙන්නෙ කකුල්වල නහර ඉදිමීම වැළැක්වීමට ගෙදරදීම කරන්න පුලුවන් ගොඩක් වටින ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැනයි.

01. කකුල ඔසවා තැබීම

නහර ගැටගැසීම හා ඉදිමීමේ රෝග ලක්ෂණ නැති කිරීමට හොඳ ප්‍රතිකාරයක් තමයි කකුල ඔසවා තැබීම කියන්නෙ. මේ ප්‍රතිකාරය හරියටම කරන්න නම්, කකුල් හෘදයේ මට්ටමට වඩා උඩට ඔසවලා තියන්න ඕන. දවසට විනාඩි 20 ක් 3-4 වතාවක් කකුල මේ විදියට උඩින් තියාගෙන ඉන්න උත්සාහ කරන්න. පොතක් කියවීමට හෝ රූපවාහිනිය නැරඹීමට උත්සාහ කරන්න. එතකොට ඔයාට වෙලාව ගතවෙනවා දැනෙන්නෙත් නෑ.

02. තද කරන ස්ටොකින්ස්

දවල් කාලයේදී ඉලාස්ටික් ස්ටොකින්ස් පැළඳගෙන ඉන්න එකත් නහර ඉදිමීමට හොඳම ප්‍රතිකාරයක්. ඔයාට කකුල් වල අපහසුතාවයක් දැනෙනවා නම්, මේ සම්පීඩන ස්ටොකින්ඩ් පැළඳීමට උත්සාහ කරන්න. ඒ මගින් හරහ සම්පීඩනය කරලා රුධිරය පසුපසට ගලා යාම වළක්වනවා.

මේ ස්ටොකින්ස් මගින් ඔයාගෙ කකුල් සාමාන්‍ය මේස්වලට වඩා තදින් තෙරපනවා. එමගින් නහර හා කකුල්වල මාංශ පේශිවලට වඩාත් කාර්යක්ෂමව රුධිරය ගෙනයාමට උපකාරී වෙනවා. සම්පීඩන ස්ටොකින්ස් මගින් කකුල් ඉදිමීම අඩු කිරීමට කරගන්න පුලුවන් කියලා පර්යේෂණවලින් හෙළි වෙලා තියනවා. ගොඩක් දුර ගමන් කරන, දවස පුරා හිටගෙන ඉන්න හෝ මේසයක වාඩි වී සිටින අය, කකුල්වල ඉදිමීම හෝ අසහනය අඩු කිරීම සඳහා මේ සම්පීඩන ස්ටොකින්ස් මිලදී ගන්නවා.

03. ආහාර පාලනය හා බර පාලනය කිරීම

නිතිපතා ව්‍යායාම කරනවා වගේම ගොඩක් සෞඛ්‍ය ගැටලුවලට හොඳම පිළිතුර තමයි අපි ගන්න ආහාර. ඇතුළතින් නිරෝගී ශරීරය පිටතිනුත් නිරෝගීව පේනවා. ඔයාගෙ ශරීරයට ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයක් වන විටමින් සී හා ඊ අඩංගු ආහාර බහුලව ඇතුළත් කරගන්න. නහර ශක්තිමත්ව තබා ගැනීමට කොලජන් හා ඉලාස්ටින් නිෂ්පාදනය සඳහා විටමින් සී අවශ්‍ය වෙනවා. විටමින් ඊ මගින් නහරවල ඇතිවෙන මකුළු හැඩය අඩු කරනවා.

කෙඳි බහුල ආහාර ගන්න අමතක කරන්න එපා. ඒවා මලබද්ධය වැළැක්වීමට හා නහර මත පීඩනය අඩු කිරීමට උපකාරී වෙනවා. ඕට්ස්, හණ ඇට, බෝංචි, ඇපල් හා ධාන්‍ය වගේ ආහාර වැඩිපුර පරිභෝජනය කරන්න.

අමතර බර නිසා නහර ගැට ගැසෙන්නෙ නෑ. කොහොම වුණත්, නරක පුරුදු, ව්‍යායාම නොමැතිකම, අසමතුලිත ආහාර වේලක් ගැනීම හා උදාසීන ජීවන රටාවක් වගේ හේතු නිසා නහර ගැටගැසීම ඇති වෙන්න පුලුවන්. ඔයාගෙ කකුල් වලට අධික පීඩනයක් එල්ලවෙන්නෙ නැති විදියට ඔයාගෙ බර පාලනය කරන්න.

04. ශාකසාරවලින් කරන ප්‍රතිකර්ම

සමහර ඖෂධ පැළෑටි මගිනුත් ඉදිමීම, කැක්කුම හෝ කකුල් හිරිවැටීම වගේ ශිරා හිඟ වීමේ රෝගවලට හොඳ ප්‍රතිකාරයක් ලබා ගන්න පුලුවන්. මකුළු හැඩැති නහර සඳහා ග්‍රේප්සීඩ් සාරය, රුටින් හෝ ගොටුකොළ වගේ ශාක මගින් ප්‍රතිකාර කරන්න පුලුවන්. ඒවා පෙති, කැප්සියුල හෝ ලෙස ලබා ගන්න පුලුවන්.

මේ නිෂ්පාදන ආරක්ෂිතද යන්න හා ඔයා ගන්න අනිත් ඖෂධවලට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා තහවුරු කරගන්න ඕන. ඒ නිසා ඕනෑම ඖෂධ අතිරේකයක් ලබා ගැනීමට පෙර ඔයාගෙ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

05. ශාරීරික ක්‍රියාකාරකම්

ගොඩක් සෞඛ්‍ය ගැටළවලට ප්‍රතිකාර කිරීම සඳහා නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් කරන එක ගොඩක් වැදගත් වෙනවා. නහර ගැට ගැසීමේදී, මුල් අවධියේදීම රෝගය හඳුනාගත්තොත් ශාරීරික ක්‍රියාකාරකම් මගින් ඒ තත්වය වළක්වගන්න පුලුවන්. කොහොම වුණත්, ඔයාගෙ කකුල් වලට ලොකු පීඩනයක් ගෙන දෙන ව්‍යායාම තෝරාගන්න එපා. එමගින් නහර ඉදිමීම වැඩි වෙන්න පුලුවන්.

ඔයා වැඩි වැඩියෙන් චලනය වන තරමට ඔයාගෙ රුධිරය, නහර තුළ සංසරණය වෙනවා. රුධිර සංසරණය වැඩි කරන ශාරීරික ව්‍යායාම වන්නේ දිනපතා ඇවිදීම, දිගු කිරීම, යෝගා කිරීම හා වළලුකර නැමීම හෝ කරකැවීමයි.

06. ජීවන රටාවේ වෙනස්කම්

ඔයාගෙ ජීවන රටාවේ වෙනස්වීම් මගින් ඉදිමුණු නහර මගින් ඇති කරන අපහසුතාවයන් අඩු කරගන්න පුලුවන්. ඒ නිසා දිගු වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න. විශේෂයෙන් ඔයා කරන්නෙ පුටුවක ඉඳගෙනම ඉන්න රැකියවක් නම් නිතර නිතර ඔයාගෙ ඉරියව්ව වෙනස් කරන්න. එතකොට රුධිර ප්‍රවාහය අඩු වෙන්නෙ නෑ. පුලුවන් නම් නැගිටලා පොඩි වෙලාවක් දිගු කිරීමේ ව්‍යායාම කරන්න.

වැඩි වේලාවක් උස සපත්තු පැළඳීමෙන් වළකින්න. ස්ටයිලෙටෝස් පැළඳගෙන මුළු දවසම ගත කරන්න එපා. පහත් විලුඹ මගින් කලවාවල මාංශ පේශි ශක්තිමත් කරලා රුධිරයට නහර හරහා ගමන් කිරීමට උපකාරී වෙනවා.

07. මෘදු සම්බාහනය

සම්බාහනය මගින් කකුල්වල ඉදිමුණු නහර තියන තැන්වල රුධිර සංසරණයට උපකාරී වෙනවා. ඉදිමුණු නහර සම්බාහනය කිරීම සඳහා තියන ප්‍රධාන තාක්‍ෂණය තමයි මෘදු වීම, විශාල නහර මත පීඩනය ඇති වීම වළක්වා ගැනීමයි. සම්බාහනය කිරීමේදී අත්ලෙන් හෝ පැතලි ඇඟිලි තුඩු මගින් මෘදුවට පීඩනයක් යොදන්න. හෙමින් විලුඹේ සිට වළලුකර දක්වා ගමන් කරන්න. ඔයාට වේදනාවක් හෝ යම් අපහසුතාවයක් දැනෙනවා නම්, සම්බාහනය කිරීම නවතා කකුල් ඔසවන්න.

මෙම මෘදු සම්බාහනය මගින් නහරවල් ඉදිමීම සම්පූර්ණයෙන් අඩු කරන්න බැරි වුණත්, ඔයාගෙ අවයවවල රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමෙන් ඒවායින් ඇතිවන අපහසුතාව අඩු කරගන්න පුලුවන්.

08. විශාල ආහාර නහර සඳහා: ලේසර් කිරීම

නහර ඉදිමීම සඳහා තියන ප්‍රතිකාර අතර පොදු වෛද්‍ය ප්‍රතිකාරවලින් එකක් තමයි ලේසර් කිරීම කියන්නෙ. අපි මුලින් සඳහන් කරපු ප්‍රතිකාරවලින් එකකින්වත් ප්‍රයෝජනයක් නැතිවිට හා නහරවල ඉදිමීම හා අසහනය ගොඩක් වැඩි වුණාම ලේසර් ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා.

මෙහිදී කෙළවරේ ලේසර් සහිත නලයක් රෝගී නහරය හරහා ගමන් කරනවා. ඊට පසුව ලේසර් රත්වෙලා නහරවල බිත්ති සීල් කරනවා. එමඟින් රුධිරය තවදුරටත් ගලා යාම නවතිනවා. එතකොට නහර, ඉවත් කිරීමේ උපකරණයකින් ඉවත් කරනවා. ඒ වගේ ක්‍රියාවලියකින් කකුල් වල තැලීම් අඩු වෙනවා. ඒ වගේම සාමාන්‍ය ශල්‍යර්මයකට වඩා පහසුවෙන් කරගන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *