නාන විට මුලින්ම සෝදන ශරීර කොටස අනුව හෙළි කරන දේවල්

ගොඩක් වෙලාවට අප අතරින් ගොඩ දෙනෙක් දවස පටන් ගන්නෙ ස්නානය කිරීමෙන්. කොහොම වුණත්, අපි ස්නානය කරන ආකාරය කිසිම වෙලාවක එකිනෙකාට සමාන වෙන්නෙ නෑ. අපි දැනගෙන හිටියෙ නැතිවුණත් අපේ ශරීරයේ මොකක් හරි එක අවයවයකින් ස්නානය කිරීම පටන්ගන්න පුරුද්දක් අපි හැමෝටම තියනවා. ඒ තීරණය ගන්නෙ අපගේ ශරීරය විසින්. එමගින් අපේ පෞරුෂය ගැනත් ගොඩක් දේවල් කියන්න පුලුවන්.

අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා නානකොට මුලින්ම සෝදන්න පුරුදු වෙලා ඉන්න අවයවය මගින් කියවෙන ඔයාගෙ පෞරුෂත්වයේ ලක්ෂණ මොනවද කියලයි. ඒ වගේම ඒවා අපේ මනසේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලත් අපි දැන් දැනගනිමු.

01. මුහුණ

නානකොට ඔයා මුලින්ම සෝදන්නෙ ඔයාගෙ මුහුණ නම්, ඔයා මූලිකවම සුවඳ, පෙනීම, රසය, ස්පර්ශය සහ ඇසීම කියන ඉන්ද්‍රියයන් 5 ට නැඹුරු කෙනෙක්. ඒකෙ තේරුම තමයි අනික් අය ඔයාව හඳුනගන්නෙ කොහොමද කියන එක ගැන ඔයා ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ නිසා තමයි අනිත් අය ඔයාව දකිනකොට මුලින්ම අවධානය වෙන මුහුණ ඔයා මුලින්ම සෝදන්නෙ.

ඔයා හැමවිටම අන් අය ඔයා ගැන හිතන දේ ගැන දුක් වෙනවා. සමහර වෙලාවට ඒවා හිතලා කලකිරීමට හෝ ආතතියට පත්වෙනවා. ඒනිසා ලැජ්ජාවට පත්වෙන්නත් පුලුවන්. නානකොට මුලින්ම මුහුණ සෝදන අය තමන් ගැන නරක දේවල් අහන්න කැමති නෑ.

02. අත් හෝ කකුල්

ඔයා මුලින්ම කකුල් සෝදනවානම් ඔයා නිහතමානී පුද්ගලයෙක් කියලා හඳුන්වන්න පුලුවන්. කොහොම වුණත්, මේකට තවත් පැහැදිලි කිරීමක් තියනවා. අත් හෝ කකුල් කියන්නෙ ශක්තියේ හා අධිෂ්ඨාන ශක්තියේ සංකේතයි. මේ අනුව, ඒවා මුලින්ම සේදීමෙන් පෙන්නුම් කරන්නේ ඔයා ඔයාගෙ අදහස් හෝ තේරීම් ප්‍රකාශ කිරීමට බය නැති බවයි. එක්කෝ ඔයා යම් දෙයකට වෛර කරනවා හෝ ආදරය කරන බවයි.

නෑමේදී මුලින්ම අත් සේදීමට නැඹුරු නම්, ගොඩක් වෙලාවට ඔයා විශ්වාසවන්ත හා සත්‍යවාදී පුද්ගලයෙක් විදියට සමාජයේ ප්‍රසිද්ධයි. ඒ වගේම ඔයා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න බය නෑ.

03. පෞද්ගලික අවයව

නෑමේදී මුලින්ම පෞද්ගලික අවයව සෝදන අය ගොඩක් වෙලාවට ලැජ්ජාශීලී පුද්ගලයෙන්. සමහරවිට ඔයා අඩු ආත්ම අභිමානයක් තියන කෙනෙක් වෙන්න පුලුවන්. සමාජ කණ්ඩායම් තුළ ඔයාට වැඩි අවධානයක් යොමු වෙන්නෙ නෑ. කොහොම වුණත්, ඔයාව ළඟින්ම ඇසුරු කරන අය නම් ඔයා ගැන මෙහෙම හිතන්නෙ නෑ. ඔයා තමයි එයාලට මේ ලෝකෙ ඉන්න විශ්වාසවන්තම කෙනා වෙන්නෙ. ඔයාට කෙළින් තීරණ ගන්න අමාරුයි. ඒත් අනිත් අය ඔයාව ආශ්‍රය කරන්න හරිම කැමතියි.

04. පපුව

ස්නානය කරන විට ඔයා මුලින්ම පපුව සෝදනවා නම්, ඔයා ගැන ඔයා ඉන්නෙ හරිම විශ්වාසයෙන්. ඒ වගේම ඔයා හරිම සුවපහසුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඒවගේම ඔයා ප්‍රායෝගික වන අතර ඉතා සරලයි. ඒ විතරක් නෙවෙයි, ඔයා ස්වාධීන වීමටත් හරිම කැමතියි.

05. හිසකෙස්

නෑමේදී ඔයා මුලින්ම සෝදන්නේ හිස හෝ හිසකෙස් නම්, ඔයා විනයගරුක හා පිළිවෙලට ඉන්න කැමති කෙනෙක්. ශරීරයේ ඉහළම කොටස මගින් සාමාන්‍යයෙන් ශක්තිය හඟවනවා. එය සේදීමෙන් අදහස් වෙන්නෙ ඔයාට හැම දෙයක් ගැනම ස්ථිර මතයක් තියන බව හා ඔයා ප්‍රායෝගික දේවල් විශ්වාස කරන බවයි. කාලය හොඳින් කළමනාකරණය කරන්නත්, වෙලාවට වැඩ කරන්නත් ඔයා හරිම ප්‍රසිද්ධයි. යාලුවන් තෝරගැනීමේදී සල්ලි තියන අයට වඩා ඔයා හොයන්නෙ මොළේ තියන අයවයි.

06. උරහිස් සහ බෙල්ල

වඩාත්ම වෙහෙස මහන්සි වී වැඩ කරන අය ගොඩක් වෙලාවට මුලින්ම බෙල්ල හා උරහිස් සෝදනවා. උරහිස් මගින් බරක් නිරූපණය කරන අතර හැම දෙයක්ම පරිපූර්ණව ඉටු කර ගැනීමේ බරින් මිදීමට ඔයාට හැමවිටම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා ගොඩක් ධනාත්මක කෙනෙක්. අනිත් අයත් එහෙම වෙනවට ඔයා කැමතියි. ඒ විතරක් නෙවෙයි, ඔයා හරිම තරඟකාරී කෙනෙක් වන අතර අනික් අයට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්න ඔයා කැමතියි.

07. පිට

ඔයාගෙ පිට ප්‍රදේශයෙන් නිරූපණය වෙන්නෙ ඔයාගෙ විඥාණයයි. අපේ කොඳු ඇට පෙළ හා ස්නායු පද්ධතිය සම්බන්ධ වෙන්නෙ අපේ පිටුපසටයි. ස්නායු පද්ධතිය ඔයාගෙ මොළයේ ක්‍රියාකාරිත්වයට ලොකු උදව්වක් ලබා දෙනවා. ඔයා නානකොට මුලින්ම පිට සෝදනවා කියන්නෙ ඔයා හැමවිටම ගොඩක් සුපරීක්ෂාකාරීව ඉන්න කෙනෙක්. ඒ වගේම මිනිසුන්ව ලේසියෙන් විශ්වාස කරන්නෙත් නෑ.

ඒ වගේම ඔයාට ගැඹුරින් කරුණු සොයා බලා තීරණ ගැනීමේ පුරුද්දක් තියනවා. ඔයා තනියම ඉන්නත් ගොඩක් කැමතියි. මේ පරීක්ෂණය අප අරගෙන ආවේ විනෝද අරමුණු සඳහා පමණක් වන අතර මේ තොරතුරුවල කිසිම වෘත්තීමය පදනමක් නැති බවත් කරුණාවෙන් සලකන්න.

ඔයා නානකොට මුලින්ම සෝදන්නෙ මොන අවයවයද? අපි විස්තර කරපු ප්‍රතිඵල ඔයාට ගැළපෙනවාද? ඔයාගෙ අදහස් අපට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *