නින්දේදී ගෙරවීම නැවැත්වීමට අවශ්‍ය අයට සාර්ථක ක්‍රම 10 ක්

ආදරයට කිසිම බාධාවක් නෑ කියලා තමයි අපි හිතන් ඉන්නෙ. ඒත් ඔයාලා දන්නවද? එක්සත් ජනපදයේ හා මහා බ්‍රිතාන්‍යයේ දික්කසාද වීමට තුන්වන ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නෙ සහකරු නින්දෙන් ගොරවන එකලු. මේ බව සමීක්ෂණවලින් තහවුරු වෙලා තියනවා.

නින්දෙන් ගොරවන අයත් එක නිදාගන්න අයට නම් ඒක හරිම කරදරයක්. ඒත් ඉතින් මොනවා කරන්නද නේද? ඇත්තටම නින්දෙන් ගෙරවීම නවත්වන්න පුලුවන් ක්‍රම තියනවා. ඔන්න අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා හෝ ඔයාගෙ සහකරුට නින්දෙන් ගෙරවීමේ තත්වයක් තියනවා නම් ඒකෙන් මිදෙන්නෙ කොහොමද කියලයි.

01. පැත්තට නිදාගන්න.

ඔයා උඩුබැලි අතට නිදාගෙන ඉන්නකොට ඔයාගෙ දිවේ කෙලවර හා ස්වරාලය අවහිර වෙලා හුස්ම ගැනීමට බාධා ඇති වෙනවා. ඒ නිසා තමයි කරදරකාරී ගොරවන ශබ්දය ඇති වෙන්නෙ. ඔයා පැත්තට නිදාගන්න පුරුදු වුණොත්, එමගින් ඔයාගෙ උගුර අවහිර නොවෙන නිසා ගෙරවීමත් අඩු වෙනවා.

02. බර අඩු කරගන්න උත්සාහ කරන්න.

ඔයා අධික බරින් යුක්ත නම්, ඔයාගෙ පෙණහලු හා බෙල්ල අතරේ වාතය අවහිර වෙනවා. ඒ කියන්නෙ අධික බර මගින් නින්දේ දී හුස්ම ගැනීමේ ප්‍රශ්න ඇති වෙනවා. ගෙරවීම පවා ඇති කරනවා.

03. නින්දට යන්න කලින් නාසයෙන් හොඳට හුස්ම ගන්න.

කටින් හුස්ම ගැනිමෙනුත් හුස්ම ගැනීමේ මාර්ගය අවහිර වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් නහයෙන් හුස්ම ගන්න උත්සාහ කරන්න. නින්දට කලින් නහයේ තදබදය නැති කර ගැනීමට නාසික ඉසින භාවිතා කරන්න පුලුවන්. මෙමගින් ඔයාට හොඳ නින්දකුත් ලබා දෙනවා.

04. නහයට තීරු භාවිතා කරන්න

නහය හිරවීම නිසා ඔයා හෝ ඔයාගෙ සහකරු ගොරවනවා නම්, නයයේ තදබදය අඩු කිරීම, හුස්ම ගැනීම වැඩි දියුණු කිරීම හා ගෙරවීම අඩු කිරීමට උදව් වෙන විශේෂ නාසික තීරු හෙවත් නෝස් ස්ට්‍රිප්ස් භාවිතා කරලා බලන්න.

05. ගෙරවීමට හේතු වෙන ලෙඩ රෝග සුව කරගන්න.

ඔයාට මේ පිළියම් කිසිවකින් ප්‍රතිඵලයක් නැත්නම් වෛද්‍යවරයා හමුවෙන්න. නිදන්ගත සයිනසයිටිස්, උගුරේ ගෙඩි වගේ රෝග නිසාත් නින්දේදී ගෙරවීම ඇති වෙන්න පුලුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා ඔයාට ඒ වගේ රෝග තත්ව තියනවද කියලා පරීක්ෂා කරවගෙන ප්‍රතිකාර ලබාගන්න.

06. කන් වසා ගන්න

කිඩිම ක්‍රමයකින් ප්‍රතිඵල නැත්නම් හො ඔයාගෙ සහකරු වෛද්‍යවරයෙක් හමුවෙන්නත් කැමති නැත්නම්, මේකට විකල්පයක් විදිහට ඔයාට නිදාගන්න උදව් වෙන කන් ආවරණ භාවිතා කරන්න. ඔයාගෙ කනටත් විවේකයක් ඕන නිසා හැමදාම ඒවා භාවිතා කරන්න එපා.

07. ස්වාභාවික පිළියම්

නෙට්ල්ස් වැනි ස්වාභාවික ප්‍රති-හිස්ටමින් වර්ග මගින් නින්දේදී ගෙරවීම සුව කරන්න පුලුවන්. වියලි නෙට්ල් කොළ කෝප්පයක් උතුරන් වතුර කෝප්ප දෙකකට දමා විනාඩි 10-15 ක් තියන්න. නිවාගන්න කලින් මේක පානය කරන්න.

08. නිවස හොඳින් පිරිසිදු කරන්න.

අසාත්මිකතාවන් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි දූවිලි කියන්නෙ. ඒ නිසා ඔයාගෙ නිවස නිතරම පිරිසිදු කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් ඔයාගෙ නිදන කාමරය පිරිසිදුව තියාගන්නම ඕන. ජනෙල් තිර රෙදි, බෙඩ් ශීට් හා කාමරයේ මුළු නිතරම වැකුම් කරලා පිරිසිදු කරගන්න.

09. ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න.

ඔයා විශ්වාස කලේ නැති වුණත්, ඔයාගෙ ආහාර වේලේ අඩුපාඩු නිසාත් නින්දේදී ගෙරවීම ඇති වෙන්න ඉඩ තියනවා. නිදාගන්න කලින් වැඩිපුර කෑම ගැනීමෙන් හා මත්පැන් පානය කිරීමෙන් වළකින්න. මොකද, මත්පැන් මගින් උගුරේ මාංශ පේශි ලිහිල් කරනවා.

10. වෙනම කාමරයක නිදාගන්න

වෙනම නිදන කාමරයක නිදා ගැනීම ටිකක් අමුතු දෙයක් වගේ පෙනෙන්න පුලුවන්. ඒත් ඒකෙන් ඔයාලා දෙන්නටම හොඳ නින්දක් ලබා ගන්නත්, ඊලඟ දවසේ ක්‍රියාශීලීව ඇහැරෙන්නත් වැදගත් වෙනවා. මේකට තවත් විකල්පයක් තමයි ඇඳේ පැති දෙකට නිදා ගැනීම. ඒ කියන්නෙ, එක්කෙනෙක්ගෙ කකුල් තියන පැත්තට අනික් කෙනාගෙ හිස තියන විදිහට නිදාගන්න.

මේ කිසිම ක්‍රමයක් හරි ගියේ නැත්නම් බලාපොරොත්තු නැති කරගන්න එපා. කාලයක් යනකොට ඔයාගෙ සහකරුගෙන් එන ගෙරවීමේ ශබ්දයට ඔයාව ඉබේම පුරුදු වෙනවා. එතකොට නින්දට බාධාවක් වෙන්නෙත් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *