නියපොතු කන එක ඉක්මනින්ම නවත්වා ගැනීමට වටිනා ක්‍රම 10 ක්

නියපොතු කන පුරුද්ද අපි අතරෙන් ගොඩදෙනෙක්ට නවත්තගන්න බැරි පුරුද්දක් වෙලා තියනවා. සමහරු ඒක අමාරුවෙන් නවත්තන්න හැදුවත් ඒක කරගන්න බෑ. හැබැයි, මේ පුරුද්ද නතර කරන්න කළ හැකි දේවල් නැතුවම නෙවෙයි. කාංසාව, කෝපය, හෝ කම්මැලිකම නිසා නියපොතු හැපුවට ඒක ඇත්තටම කරන්න අදහස දෙන්නෙ අපේ යටි සිතින්.

ඉතින් අපි මේ ගැටළුවට තියන විසඳුම් මොනවද කියලා හොයලා බැලුවා. නියපොතු කෑම පුරුද්දක් බවට පත් වෙලා තිබුණු අයට ඒ පුරුද්දෙන් මිදෙන්න මෙන්න මේ ක්‍රම 10 උත්සාහ කරලා බලන්න පුලුවන්.

01. පුලුවන් තරම් කොටටම නියපොතු කපන්න

හැමවිටම නියපොතු කපනය ඔයා ලඟින් තියාගන්න. නියපොතු ටිකක් දික් වෙලා කියලා පෙනුණු ගමන්, ඒවා කපා දමන්න. කුඩා කැඩුණු නිය පවා කපන්න. ඒවා හපන්න එපා. නිය්පොතු කන්න හිතුණු හැටියෙම නියපොතු කපනය වෙත ළඟා වෙන්න.

02. අත්වැසුම් පළඳින්න, නැත්නම් ඇඟිලිවලට වෙළුම් පටියක් දමන්න.

නියපොතු කන එක නවත්තගන්නම බැරි නම්, නියපොතු ආවරණය කිරීම ගැන සලකා බලන්න ඕන්. මේක කරන්න පුලුවන් ක්‍රම 2ක් තියනවා. එක්කෝ ඔයාගෙ නියපොතු බැන්ඩේජ් කරන්න. නැත්නම් අත්වැසුම් පළඳින්න.

ඔයා ඔයාගෙ නියපොතු බැන්ඩේජ් කළාම, නියපොතු කන්න එපා කියන හැඟීම නිතරම ඔයාට දැනෙනවා. තවත් විකල්පයක් විදිහට, පැහැදිලි ටේප් භාවිතා කරන්නත් පුලුවන්. ඒත් මේ ටේප් හෝ වෙළුම් පටිය නිතරම වෙනස් කරන්න සිදුවෙනවා. ඉතින් ගෙදර ඉන්න වෙලාවට හොඳම විසඳුම තමයි, අත්වැසුම් පළඳින එක.

03. ඇඟිලි කාර්යබහුලව තබා ගැනීමට නිතරම වැඩක යෙදෙන්න.

මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්. අපි හැමෝටම විවිධ විනෝදාංශ තියනවා. නිතරම ඒ වගේ වැඩක යෙදුණම, නියපොතු කන එක අමතක වෙනවා. පින්තාරු කරන්න. මැහුම් ගෙතුම් කරන්න. නැත්නම් අත් දෙක මත ඉඳගන්න. ඒවා එකට නමන්න. ඒවා සාක්කුවේ දමාගන්න. මේ වගේ නිතරම අත් දෙක කාර්යබහුල වෙන වැඩක් කරන්න.

04. නිතරම ඔයාගෙ කටත් කාර්යබහුලව තබා ගන්න.

ඔයාගෙ කට නිතරම කාර්යබහුලව තබා ගැනීමෙන් නියපොතු සපා කෑමෙන් වැළකීමට ඔයාට උදව් වෙනවා. ටික වේලාවකට පසු, නියපොතු සපා කන්න ඔයාට ඇති වෙන ආසාව නැති වෙලා යන බව ඔයාට පෙනේවි. චුවිංගම් සහ තද ටොෆි හෝ මින්ට් අනුභව කිරීමට පටන් ගන්න. නැත්නම් වතුර බෝතලයක් ළඟ තබාගෙන නියපොතු කන්න හිතෙන හැම වෙලාවෙම වතුර උගුරක් බොන්න පුරුදු වෙන්න.

05. කටුක රසැති නිය ආලේපන ආලේප කරන්න.

කටුක රසයක් තියන නිය ආලේපන භාවිතා කරන්න. මෙය ඉතා ශක්තිමත්, දිගු කල් පවතින රසයක් සහිත ආරක්ෂිත රසායනිකයක් වන අතර, එය යොදන විට, අවට සම සමග සම්පූර්ණ නියපොත්තම ආවරණය කිරීමට වග බලා ගන්න. එහි භයානක රසය නිසා ඔයාව නියපොතු කෑමෙන් ඈත් කරනවා. හැම උදෑසනකම මේ නිය ආලේපනය යෙදීමෙන් එය පුරුද්දක් කර ගන්න.

06. නියපොතු කන්න හිතෙනකොට අත් දෙක තෙත් කරගන්න.

හෑන්ඩ් මොයිස්චරයිසර් එකක් ළඟ තබාගෙන නියපොතු කන්න හිතෙන වෙලාවට එය අතේ ආලේප කරන්න. මෙමගින් ඔයාගෙ අවධානය වෙනතකට යොමු කරනවා වගේම, ඔයාගෙ අත්වල සම මෘදු සහ මොයිස්චරයිසර් කර තබා ගන්නත් උදව් වෙනවා.

07. නේල් ෆයිල් එකක් ළඟ තබා ගන්න.

නේල් ෆයිල් කිහිපයක් අරගෙන ඒවා නිවස වටා, ඔයාගෙ සාක්කුවේ සහ ඔයාගෙ පර්ස් එකේ තබන්න. නියපොතු හපන්න හිතෙනකොට නේල් ෆයිල් එක නියපොතුවල අතුල්ලන්න.

08. ඔයාගෙ මැණික් කටුව මත රබර් පටියක් තබා නියපොතු කෑමට හිතෙන විට එය දිහා බලන්න.

ඔයාගෙ මැණික් කටුව මත රබර් පටියක් තැබීමෙන් පෙළඹවීම් වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ නිසා ඔයා නියපොතු හපන්න අත ඔසවනකොට, ඒ වෙනුවට රබර් පටිය සමඟ සෙල්ලම් කරන්න.

09. ඔයාගෙ ඇඟිලි කාර්යබහුලව තබා ගැනීමට ෆෝන් එක භාවිතා කරන්න.

ෆෝන් එක කියන්නෙ ඔයාගෙ හොඳම යාලුවා කියලා අපි දන්නවා. හැබැයි අපි ෆෝන් එකෙන් සමාජ ජාලාවල සැරිසරනකොට, ගොඩක් වෙලාවට අපේ එක අතක් නිදහස්ව පවතිනවා. ඉතින් එතකොට ඒ නිදහස් අත නිකම්ම කටට යනවා. ඒ නිසා අත් දෙකම පාවිච්චි කරලා ෆෝන් එක ඔබන්න පුරුදු වෙන්න. නැත්නම් ක්‍රීඩා කිරීමට අත් 2ම අවශ්‍ය ගේම් කිහිපයක් ඩවුන්ලෝඩ් කරගන්න.

10. දැක්කම මතක් කරවන දේවල් භාවිතා කරන්න.

ඔයාගෙ නිවස සටහන් වලින් පුරවන්න. එතකොට ඔයා කොයි පැත්ත බැලුවත් මේ වගේ පොඩි නෝට් එකක් දකින්න ලැනෙන නිසා ඉබේම නියපොතු කන්න එපා කියන පණිවිඩය ඔයාට මතක් වෙනවා.

බෝනස්: “මම අවුරුදු 20ක් මගේ නියපොතු කෑවා. පළවෙනි ඡායාරූපය ගත්තෙ 2019 ජූලි මාසයේදී වන අතර දෙවැන්න 2019 දෙසැම්බර් මාසයේදී ගත්ත එකක්. දැන් මගේ ආත්ම විශ්වාසය ආයෙත් ඇවිල්ලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *