නොදැනුවත්වම ඕනම කෙනෙකුට ඇලජික් විය හැකි දේවල් 15 ක්

මේ වෙනකොට ගණනය කරලා තියන වාර්තාවලට අනුව, ඇමරිකාවේ වැඩිහිටියන්ගෙන් 30% ක් හා ළමුන්ගෙන් 40% ක් පමණ යම් දෙයකට ආසාත්මිකතාවක් දක්වනවා. කෑම, සුරතල් සතුන් හා දූවිලි වගේ දේවල්වලට ආසාත්මිකතා දක්වන එක සාමාන්‍ය දෙයක්. ඒත් සමහර අසාත්මිකතාවන් හරිම දුර්ලභයි. ගොඩක් වෙලාවට ඔයා හිතන්නෙවත් නැති දේවල් ඔයාට ඇලජික් වෙන්න පුලුවන්.

අද අපි ඔයාට කියන්නෙ ඔයා කවදාවත් හිතුවෙ නැති, ඒත් ඔයාට ඇලජික් වෙන්න පුලුවන් උපකරණ 15ක් ගැනයි.

01. ජංගම දුරකථන සහ ටැබ්ලට්

ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් වගේ තාක්‍ෂණික උපාංග නැතුව දැන් අපිට ජීවත් වෙන්නත් බෑනේ. ඒත් නවීන දුරකථන වර්ග ගොඩක භාවිතා වන නිකල් හෝ කොබෝල්ට් වගේ ලෝහ, සමහර අයට ඇලජික් වෙන්න පුලුවන්.

ආසාත්මිකතා තියන අයට කැසීම, අත්, කන් හා කම්මුල්වල කුෂ්ඨ ඇති වීම වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ෆෝන් එක පාවිච්චි කරනකොට ඔයාට මේ රෝග ලක්ෂණ ඇති වෙඅවා නම්, වහාම දුරකථනය පාවිච්චි කරන එක අඩු කරන්න. නැත්නම් ස්පීකර් ෆෝන් දාගෙන කතා කරන්න.

02. කලිසම් බොත්තම්

ජංගම දුරකථන වගේම, කලිසමේ බොත්තම් වලත් නිකල් අඩංගු වෙනවා. ඉතින් නිකල් ඇලජික් අයට කලිසමේ බොත්තම සමේ ගෑවුණාම සම කැසීම හා රතු වීම සිදු වෙනවා. ඔයා නිකල්වලට ආසාත්මිකතාවක් දක්වන කෙනෙක් නම් කලිසමේ බොත්තම හා සම අතර අමතර ඇඳුමක් අඳින්න.

03. මස්

මස් හෝ මස් වලින් හදපු කෑම කෑවම ඔයාගෙත් නහය බර වෙනවද? කාපු වෙලාවෙ ඉඳන් කිවිසුම් යනවද? ඇඟ පුරාම කසනවද? නැත්නම් ඔක්කාරයක් දැනෙනවද? ඒ කියන්නෙ ඔයත් මස් හා මස් වලින් හදපු කෑමවලට ආසාත්මිකතා දක්වන කෙනෙක්. මේ ආසාත්මිකතාව ඕනෑම වයසක දී ඇති වෙන්න පුලුවන්.

04. සමහර පලතුරු

ඇපල්, කිවි, පීච් වගේ පලතුරු කනකොට ඔයාගෙ තොල්වල හා උගුරේ දැවිල්ලක් දැනෙනවා නම් ඔයා ගොඩක් වෙලාවට වාචික ආසාත්මිකතා සින්ඩ්‍රෝම් කියන රෝගයෙන් පීඩා විඳින කෙනෙක්. මේ ආසාත්මිකතාව සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට බලපාන්නේ නෑ. ඒක වර්ධනය වෙන්නෙ නව යොවුන් වියේ හා යොවුන් වියේදීයි.

05. හිරු එළිය

සූර්යයාට ආසාත්මිකතා දක්වන අයට හිරු එළියට නිරාවරණය වුණාම සමේ කැසීම, දැවිල්ල හා සමේ තුවාල ඇති වෙනවා. සමහර විට සමහර බෙහෙත් වර්ග නිසාත් මේ තත්වය ඇති වෙන්න පුලුවන්. සමහර විට රෝගයට පැහැදිලි හේතුවක් නෑ. මේ අසාත්මිකතාව දිගු කාලයක් තිස්සේ අඩු නොවී තියනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

06. ජලය

“Aquagenic Urticaria” කියන්නෙ දුර්ලභ රෝගයක්. ඒ කියන්නෙ මිනිස් සමට වතුර පොඩ්ඩක්වත් ගෑවෙන්න බැරි තත්වයක්. මෙහිදී වතුර බිංදුවක් සමේ ගෑවුණත් සම පුරා කුෂ්ඨ හා වද ඇති වෙන්න පුලුවන්. මේ ආසාත්මිකතාව පිරිමින්ට වඩා කාන්තාවන්ට බලපානවා.

07. ව්‍යායාම

සමහර අයට ව්‍යායාම මගින් ඇනෆිලැක්සිස් කියන රෝගය ඇති කරනවා. ඔයා මේ දුර්ලභ රෝගයෙන් පීඩා විඳින කෙනෙක් නම්, ඔයාගෙ ශරීරයට ආහාර වලින් ප්‍රෝටීන් වෙන් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ව්‍යායාමයේදී ඔයාගෙ ශරීර උෂ්ණත්වය ඉහළ යන විට, ඔයාට හුස්ම හිරවීම, කැසීම, උගුර ඉදිමීම හා සමහර අවස්ථාවල ඇන්ජියෝඩීමා වගේ රෝග ඇති වෙන්නත් ඉඩ තියනවා.

මේ වගේම තත්වයක් තුළ නිරෝගීව ඉන්නෙ කොහොමද? වඩාත් සන්සුන් ව්‍යායාම කිහිපයක් තෝරගන්න. යෝගා වගේ ව්‍යායාමවලට යොමුවෙන්න. විශේෂයෙන්ම ව්‍යායාම කරන්න කලින් ප්‍රෝටීන් බහුල ආහාර ගැනීමෙන් වළකින්න.

08. දහඩිය

උණුසුම්, අව්ව සහිත දවසක ඔයාට දහඩිය දාපු තැනක කැක්කුමක් දැනෙනවා නම්, ඒකෙන් කියන්නෙ ඔයාට ඔයාගෙම දහඩිය ඇලජික් කියලයි. මේ ආසාත්මිකතා වර්ගය “cholinergic urticaria” ලෙස හැඳින්වෙනවා. ඔයාගෙ දහඩිය නැති වෙලා ඇඟ සිසිල් වුණාම මේ තත්වය නැති වෙලා යනවා.

09. ලෝෂන් සහ සම ආරක්ෂණ නිෂ්පාදන

ලෝෂන් සහ ක්‍රීම් වල අඩංගු රසායනික ද්‍රව්‍ය මගිනුත් ආසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති වෙන්න පුලුවන්. ඔයාගෙ රූපලාවණ්‍ය නිෂ්පාදන වල අඩංගු අමුද්‍රව්‍ය ගැන ඔයාට සැකයක් ඇති වුණොත්, ඒ ගැන අසාත්මිකතාකරුවෙකු හෝ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

10. රෙදි සෝදන ඩිටර්ජන්ට්

රෙදි සෝදන ඩිටර්ජන්ට් වල අඩංගු සමහර සංයෝග මගිනුත් අසාත්මිකතා ඇති කරනවා. මේ ආසාත්මිකතාවයෙන් පෙළෙන අයට රෙදි සේදීමේදී හෝ ඩිටර්ජන්ට් යොදා සේදූ රෙදි මත නිදාගැනීමේදී සම කසන්න පටන් ගන්නවා.

11. ගෙදර පිරිසිදු කරන දේවල්

මේ ආසාත්මිකතාව ඇති වෙන්නෙ ගෙදර පිරිසිදු කරන්න පාවිච්චි කරන නිෂ්පාදන වල අඩංගු සමහර අමුද්‍රව්‍ය නිසයි. ඒ නිෂ්පාදන සමේ ගෑවුණාම සමහර අයට සමේ කුෂ්ඨ හා සම රතු වීම වගේ රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා.

12. ලොම්

සමහර අය ලොම්වල තියන ලැනොලින් වලට ආසාත්මිකතාවයක් දක්වනවා. ලැනොලින් කියන්නෙ බැටළුවන් විසින් නිපදවන ස්වාභාවික ඉටි සංයෝගයක්. සමහර මේකප් නිෂ්පාදනවලටත් මේ සංයෝගය එකතු කරනවා. ඒ නිසා ලොම් වලට ආසාත්මිකතාවයක් දක්වන අය රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරගන්නකොට අමුද්‍රව්‍ය හොඳින් කියවන්න. ලැනොලින් අඩංගු නැති නිෂ්පාදන තෝරගන්න.

13. සම්

සම් රෙදිවලට ආසාත්මිකතා තියන අයත් ඉන්නවා. ලෙදර් ජැකට් එකක් ඇඳගෙන ඉන්නකොට ඔයාටත් ඇඟ කසනවා නම් හෝ සමේ දැවිල්ලක් ඇති වෙනවා නම්, සම් වලින් හදපු ඇඳුම් භාවිතයෙන් ඈත් වෙන්න.

14. ස්වර්ණාභරණ

ජංගම දුරකථන වල තියන නිකල්, ආභරණවලත් තියනවා. මුදු සහ වළලු පැළඳීමේදී සම රතු වෙනවා නම් හෝ කසනවා නම් ඔයා ආභරණවලට ආසාත්මිකතා දක්වන කෙනෙක් වෙන්න පුලුවන්.

15. පොත්

පොත් ගුල්ලෙක්ට නම්, අලුතින් මුද්‍රණය කරපු පොතක සුවඳ තමයි ලෝකයේ හොඳම දේ. ඒත් මේකට ආසාත්මිකතා දක්වන අයත් ඉන්නවා. අලුත් පොත්වල සුවඳ මගින් සමහරුන්ට හිසරදය ඇතිවෙනවා. ඔයාට පොත් වල තියන දූවිලි ඇලජික් නම්, කියවීම නවත්වන්න එපා. ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික උපාංග වෙත මාරු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *