පරිපූර්ණ ස්වභාවික පෙනුමක් සඳහා වටිනා මේකප් අදහස් 9 ක්

අයි ෂැඩෝ යොදන එක අනිවාර්ය ද? මට ගැලපෙන්නෙ මොන පාට ලිප්ස්ටික් එකක්ද? ඕනවට වඩා මේකප් කලාමත් කැතයි. ඒත් මස්කාරා විතරක් ගෑවම ඇතිද? මේකප් එකක් කරන්න ගියාම අපේ කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්න දාහක් ඇතිවෙනවනෙ. ඇත්තටම ඕනවට වැඩියෙන් මේකප් කරන්න ගොඩක් කාන්තාවන් කැමති නෑ. එයාලට ඕන එයාලගෙ ස්වකභාවික ලස්සන, මේකප් එක මගින් ඉස්මතු කරගන්න විතරයි. ඒ නිසා ස්වභාවික පෙනුමක් ලබා ගන්න කැමති අයට ලස්සනට මේකප් එකක් කරගන්නකොට වැදගත් කරුණු 9 ක් ගැන කියලා දෙන්න අපි හිතුවා.

01. ගැලපෙනම සමේ පාට

ඔයාගෙ සමට ඒකාකාරී පාටක් ලබා ගැනීමට ෆවුන්ඩේෂන්, පවුඩර් හා කන්සීලර් භාවිතා කරන්න ඕන. ඒ වගේම මේක හොඳින් මතක තියාගන්න. ඔයාගෙ මුහුණට තලෙළු පාටක් ලබා ගන්න ඕන නිසා තද පාට ෆවුන්ඩේෂන් ආලේප කරන්න එපා. ඒ විතරක් නෙවෙයි, ෆවුන්ඩේෂන් එකේ පාටට වඩා එක ශේඩ් එකක් අඩු පාටක කන්සීලර් එකක් තෝරගන්නත් වග බලා ගන්න.

02. ඝන ඇහිබැමි

අයි ෂැඩෝ, අයිලයිනර් පැන්සල් හෝ මස්කාරා භාවිතා කිරීමෙන් ඔයාගෙ ඇහි බැම හොඳින් ඉස්මතු කරගන්න පුලුවන්. ඇහිබැමේ පාට ඔයාගෙ කොණ්ඩෙ පාටට ගැලපෙන්න ඕන කියලත් මතක තියාගන්න. දුඹුරු පාට කොණ්ඩයක් තියන අය ලා දුඹුරු පාට සහ තද පාට කොණ්ඩයක් තියන අය ඒකට ගැලපෙන විදියට ඇහිබැම පාට කරහන්න.

03. ඇස් වලට අවධානය යොමු කරන්න

ලා දුඹුරු අයිලයිනර් එකක් මගින් ඇස්වලට ලස්සන පෙනුමක් ලබාගන්න. නැත්නම් ලා දුඹුරු පාට අයි ෂැඩෝ ටිකක් ආලේප කරන්න. ඉන්පසු බුරුසුවකින් ඒවා මිශ්‍ර කරන්න. ඇහි පිල්ලම්වලට ලා පාටක් යොදන්න. ඇහිපිහාටු ලස්සන කර ගන්න දුඹුරු හෝ කළු මස්කාරා භාවිතා කරන්න.

04. සියුම්ව බ්ලෂ් ආලේප කරන්න.

ලා දුඹුරු-රෝස වගේ පාටවල බ්ලෂ් වඩාත් ස්වාභාවික පෙනුමක් ලබා දෙනවා. බ්ලෂ් ආලේප කිරීමට ලොකු, සිනිඳු බුරුසුවක් පාවිච්චි කරන්න. ඔයාගෙ බෙල්ලේ පැත්තේ බ්ලෂ් යොදන්නත් ඒ බ්‍රෂ් එක භාවිතා කරන්න පුලුවන්. මතක තියාගන්න ඕන දේ තමයි, ඔයා හිනාවෙනකොට කැපිලා පේන තැන්වලට බ්ලෂ් ආලේප කරන්න.

05. දීප්තිමත් තොල්

ස්වාභාවික පෙනුමක් ලබාගන්න ඕන වුණත් ඔයාගෙ තොල් ගැන අමතක කරන්න එපා. ලිප්ස්ටික් හෝ ලිප් ග්ලොස් වල උණුසුම් වර්ණ තෝරගන්න. මේකප් එකට වඩාත් ස්වාභාවික පෙනුමක් ලබා ගැනීමට නම් ලිප්ස්ටික් ආලේප කරනකොට ඔයාගෙ ඇඟිල්ල භාවිතා කරන්න.

06. තද පාට කොණ්ඩෙට ගැලපෙනම මේකප්

තද පාට හිසකෙස් තියන ගැහැණු ළමයින්ට කළු පාට අයිලයිනර් භාවිතා කිරීමෙන් ස්වභාවික පෙනුමක් ලබා ගන්න පුලුවන්. බාගෙට විනිවිද පේන චෙරි පාට ලිප්ස්ටික් එකක් ඔයාගෙ තොල්වලට ගොඩක් හොඳින් ගැලපෙනවා.

07. දුඹුරු පාට කොණ්ඩෙට ගැලපෙන මේකප්

ලා පාට හිසකෙස් තියන ගැහැණු ළමයින්ට ලා රෝස හෝ පීච් වගේ මේකප් පාටවල් හොඳින් ගැලපෙනවා. තොල් සඳහා රෝස පැහැති දිලිසෙන ලිප්ස්ටික් එකක් තෝරගන්න.

08. රතු පාට කොණ්ඩෙට ගැලපෙන ස්වභාවික මේකප්

රතු පාට හිසකෙස් තියන ගැහැණු ළමයින් නිල් හා දම් පාටින් වැළකී රන් හා පැස්ටල් පාටවලට හුරුවෙන්න. ඔයාගෙ ස්වාභාවික මේකප් එක ඉවර කරනකොට, උණුසුම් පාටක ලිප්ස්ටික් එකක් හා ඒකටම ගැලපෙන බ්ලෂ් එකක් භාවිතා කරන්න.

09. ස්වභාවික මැට් මේකප් එකක්

මේකප් එකක ප්‍රධානම දේ තමයි ඔයාගෙ තොල් හෝ ඇස් ඉස්මතු කරලා පෙන්වීම. ස්වාභාවික මේකප් එකකින් ඔයාගෙ ඇස් හා තොල් දෙකම ඉස්මතු කරලා ගොඩාක් ලස්සන පෙනුමක් ලබාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *