පවිච්චි කලාට කිසිම වැඩක් නැති ප්‍රසිද්ද රූපලාවණ්‍ය නිෂ්පාදන වර්ග 9 ක්

ඔයා දිනපතා ඩේ ක්‍රීම්, ෆේස් ස්ක්‍රබ් හෝ ටෝනර් පාවිච්චි කරනවද? ඔයාගෙ සමට ඇත්තටම මේවා ඕන කියලා ඔයා හිතනවද? මේ වගේ ලස්සන වෙන දේවල් වලට අපි අවුරුද්දකට කොච්චර ලොකු මුදලක් වියදම් කලත් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑ. ඒත් අපි සල්ලි නාස්තියක් කියලා හිතන්නෙත් නැතුව ටීවී එකේ යන ලස්සන ලස්සන දැන්වීම් වලට රැවටිලා මේවා මිලදී ගන්න සල්ලි නාස්ති කරනවා.

මේ විදියට ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැති දේවල්වලට සල්ලි වියදම් කරන එක අපරාදයක් නිසා ඇත්තටම අපිට අවශ්‍ය නැති ලස්සන වෙන්න පාවිච්චි කරන දේවල් මොනවද කියලා අපි හොයලා බැලුවා. ඒ වෙනුවට ලේසියෙන්, අඩු මුදලකින් හෝ මුදල් වියදම් නොකර කරන්න පුලුවන් දේවල් ගැනත් අපි අද ඔයාට කියලා දෙනවා.

09. ෆේස් මාස්ක්

සතිපතා මේ වගේ ෆේස් මාස්ක් භාවිතා කළා කියලා ඔයාට කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑ.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

යෝගට් හෝ එන්සයිම මාස්ක් එකක් පාවිච්චි කලාම ඔයාට සනීපයක් දැනෙන්නේ ඒවාගේ තියන අම්ලවලින් ඔයාගෙ සමේ මැරුණු සෛල ඉවත් කරලා සමට තෙතමනය ලබාගන්න උදව් වෙන නිසයි. මේකට විසඳුමක් විදියට ඔයාගෙ ෆේස් ක්‍රීම් එක මාරු කරලා බලන්න.

ක්ලේ මාස්ක් එකක් පාවිච්චි කලාට පස්සේ ඔයාගෙ තෙල් සහිත සමට සනීපයක් දැනෙනවා නම් ඔයාගෙ සම ආරක්ෂා කරන දේවල්වලට සැලිසිලික් අම්ලය අඩංගු නිෂ්පාදනයක් ඇතුළත් කරගෙන බලන්න.

08. මේක් අප් රිමූවර්

අද වෙනකොට ඔයාගෙ මූණේ තියන මේක් අප් ඉවත් කරන ගමන්ම ඔයාගෙ සම පිරිසිදු කරන නිෂ්පාදන ගොඩාක් තියනවා. මේක් අප් රිමූ කරන එක විතරක් කරන නිෂ්පාදන වැදගත් නැති වෙන්නෙ මේ නිසයි.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

මයිසෙලර් වෝටර්, ක්ලෙන්සර්, මේක් අප් ඉවත් කරන ටිෂූ හෝ පොල්තෙල්

07. අයි ක්‍රීම්

සාමාන්‍යයෙන් අයි ක්‍රීම් හදලා තියෙන්නේ ඔයාගෙ ඇස් වටා සංවේදී ප්‍රදේශයේ ආලේප කරන්නයි. ගොඩක් අයි ක්‍රීම් වර්ගවලින් කරන්නෙත් ඇස් වටා සමට තෙතමනයක් ලබා දෙන එකයි. ඒවට ඊට වඩා දෙයක් කරන්න බෑ. මේ නිසා අයි ක්‍රීම් එකක් පාවිච්චි කරලා ලැබෙන ප්‍රතිඵලත් වැඩි කාලයක් තියෙන්නේ නෑ.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

ඇස් වටා සම ඉක්මනින් පාරජම්බුල කිරණවලට අහු වෙන නිසා දිනපතා ඒ ප්‍රදේශයේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් හා සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න.

06. සම පැහැපත් කරන ස්ක්‍රබ්

සම පැහැපත් වෙනකොට ඔයා හිතන්නේ ඔයා සම හොඳින් රැකබලා ගන්නවා කියලයි. ඒත් එයින් ඇත්තටම වෙන්නේ ඔයාගෙ සමට හානි වීමක්. පැහැපත් කිරීම මගින් ඔයාගෙ සමේ පිටත තට්ටුව ඉවත් කරනවා. ඒ කියන්නෙ ඔයාගෙ සම පරිසරයයෙන් ආරක්ෂා කරන බාධාකර ඉවත් කරනවා. එතකොට ඔයාට සමේ තෙල් ගතිය නැති වුණා වගේ දැනුනත් ඒක තාවකාලිකයි. ස්ක්‍රබ් කරාට පස්සෙ ඔයාගෙ සමේ තෙල් ග්‍රන්ථි කලින්ටත් වඩා තෙල් නිපදවන්න පටන් ගන්නවා.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

තේරුමක් නැතුව ස්ක්‍රබ් කරනවාට වඩා ඔයාගෙ සමේ වර්ගයට ගැලපෙන ප්‍රතිඵල තියන හොඳ සම ආරක්ෂණ ක්‍රියාවලියක් පවත්වාගන්න.

05. ස්ට්‍රෙච් මාක් ක්‍රීම්

ස්ට්‍රෙච් මාක්ස් කියන්නේ ඔයාගෙ සමේ ඇතුළෙන්ම පටන් ගන්න කැලැල් වර්ගයක්. ඒ නිසා ඔයාට රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරලා ස්ට්‍රෙච් මාක් නැති කරන්න බෑ. ස්ට්‍රෙච් මාක් ක්‍රීම්වලින් කරන්නේ ස්ට්‍රෙච් මාක් නැති කරන එක නෙමෙයි. ඔයාගෙ සම මොයිස්චරයිස් කරලා ස්ට්‍රෙච් මාක් වල පෙනුම ටිකක් අඩු කරලා දෙන එක විතරයි.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

කොකෝවා බටර්, පෙට්‍රෝලියම් ජෙල් හෝ අඩු මුදලකට ලබා ගන්න පුලුවන් මොයිස්චරයිසින් ක්‍රීම් එකක් පාවිච්චි කලොත් ඔයාගෙ මුදල් ඉතුරු වෙනවා වගේම මිල අධික ස්ට්‍රෙච් මාක් ක්‍රීම් වලින් කරන දේත් වෙනවා.

04. ටෝනර්

ටෝනර් කියන්නෙ ඇත්තටම ප්‍රයෝජනයක් නැති දෙයක් නෙමෙයි. ටෝනර් වල ප්‍රධානම කාර්යය‍ වෙන්නෙ සමේ pH මට්ටම පාලනය කිරීම. ඔයා නිසි පරිදි ඔයාගෙ මුහුණ සෝදලා මොයිස්චරයිස් කරනවා නම් ටෝනර් කරන එක අනිවාර්ය නෑ.

ටෝනර් එකක් දිගු කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා ඔයාගෙ සම විජලනය වෙලා සමේ ආසාදන ඇති වෙන්න පුලුවන්. ටෝනර් වල ඇල්කොහොල් අඩංගු වෙන නිසා එමගින් ඔයාගෙ මුහුණේ තියන ස්වාභාවික තෙල් ඉවත් වෙනවා.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

ඔයාට තියෙන්නේ ගොඩක් තෙල් සහිත හෝ කුරුලෑ සහිත සමක් නෙමෙයි නම් ටෝනර් කරන්නේ නැතිව සමට ගැලපෙන ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න පුලුවන්. මුහුණ සේදුවාට පස්සේ තෙත රෙදි කැබැල්ලක් මගින් ඔයාගෙ මුහුණේ අපිරිසිදු දේවල් හා ඉතිරි වුණු මේක් අප් ඉවත් කරන්න.

03. ජලයට දිය නොවෙන මස්කාරා

මේවා දිගටම පවතිනවා කියලා ඔයා හිතන් ඉන්නවා නම් ඔයා වැරදියි. මේ වර්ගයේ මස්කාරා හදන්න පාවිච්චි කරන වැක්ස් හා සිලිකන් මගින් කඳුළු, දහඩිය හා වතුරට තරමක් ඔරොත්තු දුන්නත් ඒවා මගින් ඔයාගෙ ඇස්පිල්ලම් වලට හානි කරනවා. ඒ නිසා කාලයක් යද්දි ඇස් පිල්ලම් වල කෙස් හැලෙන්නත් පටන් ගන්නවා.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

ජලයට ඔරොත්තු දෙන මස්කාරා වෙනුවට සාමාන්‍ය මස්කාරා එකක්ම පාවිච්චි කරන්න. සාමාන්‍ය මස්කාරා සේදීමේදී ඔයාගෙ ඇස් වටා සමට අහිතකර වෙන්නෙත් නෑ.

02. ඉන්-ශවර් සෙල්ෆ් ටෑනිං ලෝෂන්

බැලූ බැල්මට මේවා ප්‍රතිඵලදායක ලෙස පෙනුනත් ඇත්තටම ඒවා ක්‍රියා කරන්නේ නෑ. ආලේප කරන්න අපහසුයි. ඒ වගේම දවස් ගානක් යනකන් ඉවත් නොවෙන අප්‍රසන්න සුවඳකිනුත් යුක්තයි.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

ඔයාට ලස්සන ටෑන් එකක් ලබාගන්න ඕන නම් සාම්ප්‍රදායික සෙල්ෆ්-ටෑනිං ලෝශන් එකක් හෝ බොඩි මිස්ට් එකක් පාවිච්චි කරන්න.

01. ඩේ ක්‍රීම්

සමේ වියලි බව නැති කිරීමට හෝ පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කිරීමට ඩේ ක්‍රීම්වලින් ප්‍රයෝජනයක් වෙන්නේ නැති නිසා දැන් ඩේ ක්‍රීම් ආලේප කරන එකේ ප්‍රතිඵලයක් නෑ.

ඒ වෙනුවට භාවිතා කරන්න පුලුවන් දේවල්:

දවල් කාලයේදී ඔයාගේ සම ආරක්ෂා කර ගන්න නම් මොයිස්චරයිසර් හා ප්‍රතිඔක්සිකාරක සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන එක ගොඩක් වැදගත් වෙනවා.

ඔයත් මේ වගේ ප්‍රයෝජනයක් නැති රූපලාවණ්‍ය නිෂ්පාදන වලට සල්ලි නාස්ති කරලා තියනවද? ඔයා මිලදීගෙන තියන වැඩකටම නැති නිෂ්පාදනය මොකක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *