පාවිච්චි කලාට ප්‍රයෝජනයක් නැති රූපාලාවන්‍ය නිශ්පාදන 9 ක්

රූපවාහිනියේ පෙන්නන ලස්සන ලස්සන වෙළඳ දැන්වීම්වලට රැවටිලා අපි නොයෙකුත් වර්ගවල රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගන්නවා. කිසිම තොරතුරක් ගැන හොයන්නෙ බලන්නෙ නැතුව ටීවී එකේ යන ඇඩ් එකකට හරි සඟරාවක තියන දැන්වීමකට හරි අහුවෙන අවස්ථා ඕන තරම් තියනවා. ලස්සන පස්සෙ ගිහින් කිසිම වැඩකට නැති, ප්‍රතිඵල නැති ක්‍රීම්, සබන්, මේකප් ආලේපන වගේ ඕන තරම් දේවල්වලට අපි සල්ලි නාස්ති කරනවා. පදනමක් නැතුව මේ වගේ වැඩකට නැති නිෂ්පාදන පාවිච්චි කරලා අන්තිමට මුහුණු විනාස කරගන්න කාන්තාවොත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රයෝජනවත් නැති රූපලාවණ්‍ය උපකරණ මිලදී ගන්න එකත් තේරුමක් නැති දෙයක්. සමහර උපකරණ තියනවා, ඒකෙන් තව වැඩ ගොඩකුත් කරගන්න පුලුවන් විදියේ ඒවා. එහෙම එකක් මිලදී ගත්තම ඒකෙන් වැඩ කිහිපයක් කරන්න පුලුවන් නිසා හරි වටිනවා.

අද අපි ඔයාට තොරතුරු අරගෙන ආවෙ මේ විදියට කිසිම ප්‍රයෝජනයක් නැති රූපලාවණ්‍ය නිෂ්පාදන කිහිපයක් ගැනයි. ඔයත් මේවා මිලදී ගන්න මුදල් නාස්ති කරන්න හිතන් ඉන්නවද කියලා ලිපිය කියවලාම බලන්න.

01. හිසකෙස් පැලීම නැති කරන උපකරණ

අපිට කොච්චර ඕන වුණත් හිසකෙස් පැලෙන එක නැති කරන්න රූපලාවණ්‍ය ප්‍රතිකර්ම නෑ. මේ සඳහා හදලා තියන සීරම් හා බාම් මගින් කරන්නෙ හිසකෙස් පැලිලා තියන එක පිටතට නොපෙන්වන්න උදව් කරන එක විතරයි. හිසකෙස් පැලීමට තියන එකම විසඳුම තමයි නිතිපතා කොණ්ඩයේ අගිස් කැපීම.

02. අත් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, බොඩි ක්‍රීම්

අලෙවිකරුවන් විසින් හදපු තවත් බොරුවක් තමයි ඇඟේ එක එක කොටස් වලට එක එක ක්‍රීම් අවශ්‍ය වෙනවා කියන එක. සාමාන්‍යයෙන් ඔයාගෙ මුහුණට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වෙනවා. ඒත් ගොඩක් වෙලාවට මුළු ශරීරය සඳහාම තනි නිෂ්පාදනයක් භාවිතා කරන්න පුලුවන්. ඔක්කොම මොයිස්චරයිසින් ක්‍රීම් හා ලෝෂන් ක්‍රියා කරන්නෙ එකම විදියට. ඉතින් අත්වලට වෙනමයි කකුල් වලට වෙනමයි කියලා එක එක වර්ගයෙන් ක්‍රීම් පාවිච්චි කරන්නෙ මොකටද?

03. හිස්හොරි ෂැම්පූ

හිසේ තියන සෙබස් ග්‍රන්ථි දුර්වල ලෙස ක්‍රියා කරනකොට, හිස්හොරි කියන දිලීරය පැතිරීම පටන් ගන්නවා. සාමාන්‍ය ෂැම්පූ එකකට මේ ගැටළුවෙන් මිදෙන්න ඔයාට උදව් කරන්න බෑ. මේකට ඔයාට වෛද්‍යවරයෙක් නිර්දේශ කරපු විශේෂ ෂැම්පූ එකක් අවශ්‍ය වෙනවා.

04. ටෝනර්

ෆේස් ටෝනර් කියන්නෙ අපි වැරදි සම ආරක්ෂණ නිෂ්පාදන පාවිච්චි කරන නිසා අපේ මුහුණට ඕන කරන නිෂ්පාදනයක් කියලයි අපි හිතන්නෙ. ඒත් සබන් මගින් පිරිසිදු කිරීම ටෝනර් වලට වඩා හොඳයි. සබන්වල ඇල්කොහොල් අඩංගු නැති නිසා ඔයාගෙ සම වියළී නොයන අතර උදාසීන pH මට්ටමක් තියන නිසා සමට හානියකුත් නෑ.

05. ලිප් බාම්

ගොඩක් නිෂ්පාදකයින් කියන්නෙ ඔයාගෙ තොල් මොයිස්චරයිස් කරන්න තියන එකම ක්‍රමය, ලිප් බාම් එකක් ආලේප කරන එක කියලයි. කොහොම වුණත්, සමහර බාම් ඇත්තටම ඔයාට මේකට උදව් වෙනවා. ඒත් ඒවායින් බොහොමයක ඔයාගෙ සම වියළන ඇල්කොහොල් අඩංගුයි මේකට හොඳම විසඳුම තමයි ඔලිව් තෙල් හෝ පොල්තෙල් බින්දුවක් සමග එකතු කරපු රූපලාවණ්‍ය වැස්ලින් හෝ බී වැක්ස් ය.

06. ශේවිං ක්‍රීම්

ෂවර් ජෙල් එන්න කලින් ශේවිං ක්‍රීම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. එමගින් කෙස්වල මුල් මෘදු කරලා රේසර් තලය සම මත පහසුවෙන් ලිස්සා යාමට උපකාරී වුණා. ෂවර් ජෙල් වල ශේවිං ක්‍රීම් වලට වඩා ග්ලිසරෝල් හා මොයිස්චරයිසින් ද්‍රව්‍ය අඩංගුයි.

07. සෙලියුලයිට් ක්රීම්

සෙලියුලයිට් ක්‍රීම් කියන්නෙ, මොහොතකින් අපව පරිපූර්ණ කරන්න පුලුවන් මැජික් එකක් කියලා තාමත් ගොඩක් අය හිතනවා. මේ වෙලාවෙ තට්ටම් මත සෙලියුලයිට් සමඟ සැබවින්ම සටන් කළ හැකි කරුණු දෙකක් තියනවා. ඒ තමයි ක්‍රියාශීලී ජීවන රටාවක් හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. රුධිර සංසරණය වැඩි දියුණු කරන නිසා ඔයාට විවිධ වර්ගයේ සම්බාහනය හා ස්ක්‍රබ් භාවිතා කරන්න පුලුවන්. ක්‍රීම් වලට පුලුවන් වෙන්නෙ සම ටිකක් මෘදු කරලා කෙටි රූපලාවණ්‍ය බලපෑමක් ලබා දෙන එක විතරයි.

08. කියුටිකල් ඔයිල්

හොඳ මෙනිකියෝ එකකදි විශේෂ තෙල් බින්දු කිහිපයක් භාවිතා කරන එක ගොඩක් හොඳ ක්‍රමයක්. කොහොම වුණත්, ඒක අවශෝෂණය වුණාට පස්සේ, එයින් ලැබුණු බලපෑම අතුරුදහන් වෙනවා. එමගින් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. ඔයාගෙ නියපොතු වලට උදව් කරන්න ඕන නම්, රූපලාවණ්‍ය වැස්ලින් හෝ මූලික ස්වාභාවික තෙල් වර්ග උත්සාහ කරන්න.

09. ටිෂූ මාස්ක්

මේවා සම්පූර්ණයෙන්ම ප්‍රතිඵලයක් නැති දෙයක් කියලා අපිට කියන්න බෑ. විශේෂ අවස්ථාවක් සඳහා ඔයාගෙ සමට වඩාත් හොඳ පෙනුමක් ලබා දෙන්න ඒවට පුලුවන්. ඒත් ඇත්තටම ඔයාට ඒවා ඕන වෙන්නෙ නෑ. ඒවායින් ගොඩක් මොයිස්චරයිසින් හෝ තෙල් අවශෝෂණය කරන අතර සරල ක්‍රීම් එකක් ආලේප කිරීම මගින් ඔයාට ටිෂූ මාස්ක් එකකින් බලාපොරොත්තු වෙන දේම ලබාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *