පිරිමින් වසඟ කරවන කාන්තාවන්ගේ හැසිරීම් 16 ක්

කාන්තාවකගේ සුන්දරත්වය කියන්නෙ හරිම ආකර්ෂණීය දෙයක්. අනිත් අයගෙ අවධානය හා ආකර්ෂණය දිනාගන්න ලොකු ලොකු දේවල් කරන්න ඕන වෙන්නෙ නෑ. හැට හතර මායම් කියන්නෙ කාන්තාවන් පිරිමින්ව ආකර්ෂණය කරගන්න ආකාර කිහිපයක් කියලා ඔයා දන්නවා. ඒත් පෙරදිග රටවල්වල මේක අශීලාචාර බව හා පහත් බවක් විදියට සලකනවා. ඒත් විරුද්ධ ලිංගික ආකර්ෂණය ලබා ගැනීම කියන්නෙ හැම මිනිසා වගේම අනෙක් සත්ව කොටසකම ස්වභාවික අවශ්‍යතාවක්. සතුන්ට වුණත් මේකට එක එක ක්‍රම තියනවා. මොණරු නටන්නෙත් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නයි. ඒ නිසා ආකර්ෂණය දිනා ගන්න එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි.

අද අපි ඔයාට කියන්න යන්නෙ පිරිමින් වසඟ කරගන්න කාන්තාවකට කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැනයි.

01. යටි තොල මෘදුවට සැපීම

හැට හතර මායම් වලත් එන මේ ලක්ෂණය පිරිමින්ට කාන්තාවක් ගොඩක් ආකර්ෂණීය විදියට පෙනෙන්න හේතු වෙනවා. මේක කුඩා දරුවොත් නිතර කරන දෙයක්. එතකොට එයාලගෙ සුරතල් පෙනුම තවත් වැඩි වෙනවා.

02. සිනිඳු සම

පැරණි කාලයේ ඉඳන්ම කාන්තාවන් එයාලගෙ සම සිනිඳුවට තියාගන්න රෝම ඉවත් කිරීම සිදු කරලා තියනවා. කාන්තාවගේ සිනිඳු සමත් පිරිමි අයට ඉතා ආකර්ෂණීය දෙයක්.

03. උඩට බඳින ලද කොණ්ඩය

මෙහෙම කොණ්ඩෙ බැන්දම වැදගත් වගේම වෘත්තිය පෙනුමකුත් ලැබෙනවා. හැට හතර මායම්වලත් තියන අංගයක් තමයි මේ කොණ්ඩය උඩට කරලා බැඳීම. මෙමගින් ආකර්ෂණීය පෙනුමක් වගේම සාමාන්‍යයෙන් කොණ්ඩෙන් වැහිලා තියන කන් හා බෙල්ල මේ විලාසිතාව මගින් විවෘතව පෙනෙන නිසා සරාගී පෙනුමකුත් ලැබෙනවා.

04. වෙනස් පෙනුම

කාන්තාවකගේ සාමාන්‍ය පෙනුමට වඩා වෙනස් පෙනුමක් තියන අයවත් ඉක්මනින් ආකර්ෂණය වෙනවා. ටැටූ එකක් හෝ පාට කළ කොණ්ඩයක් හෝ තොප්පියක් වගේ දේකින් වුණත් ඔයාට වෙනස්ම පෙනුමක් ලබාගන්න පුලුවන්. නිර්මාණශීලි අයට අනෙක් අය ආකර්ෂණය වෙනවා වැඩියි.

05. පිරිමි අයගේ ශර්ට් ඇඳීම

සහකරුගේ අවධානය හා ආකර්ෂණය ලබා ගන්න ගොඩක් කාන්තාවන් මේ ක්‍රමය යොදාගන්නවා. ඔයා ෆිල්ම් වල මේක ඕන තරම් දැකලා ඇති.

06. උරහිසට උඩින් හැරී බැලීම

ගොඩක් දැන්වීම් වල, පෝස්ටර් වල හා ටීවී ඇඩ් වල ඉන්න කාන්තාවන් මේ ඉරියව්වෙන් ඉන්නවා ඔයා දැකලා තියනවා නේද? උරහිසට උඩින් හැරිලා බලනකොට සරාගී හා ආකර්ෂණීය බවක් පෙනෙනවා.

07. ආත්මාභිමානය

සුන්දරත්වය එක්කම ආත්මාභිමානයත් තියන කාන්තාවකට පිරිමින්ගේ ආකර්ෂණය ඉබේම යොමු වෙනවා. මෙතනදි ආත්මාභිමානය කියන්නෙ උඩඟුකම නම් නෙවෙයි.

08. උරහිස පෙනෙන ලෙස ඇඳීම

මේ ඕෆ් ශෝල්ඩර් විලාසිතාව මීට ටික කාලෙකට කලින් ලෝකය පුරාම ආයෙත් රැල්ලක් විදියට ප්‍රසිද්ධ වුණා. මේ ඇඳුම් නිසාත් පිරිමින්ගේ ආකර්ෂණය වැඩිපුර ලැබෙනවා.

09. අඩි උස සපත්තු පැළඳගෙන ලස්සනට ඇවිදීම

සමහර කාන්තාවන් උස සපත්තු වලට කැමති වුණත් ඒවට කැමති නැති කාන්තාවනුත් ඉන්නවා. කොහොම වුණත් අඩි උස සපත්තු පළඳින කෙනෙක් ඒක පැළඳගෙන ලස්සනට ඇවිදින්න දැනගන්නත් ඕන. අඩි උස සපත්තු දාගෙන ලස්සනට ඇවිදින එක හරිම ආකර්ෂණීයයි. ඒත් එහෙම බැරි වුණොත් නම් මහා විනාශයක් වෙන්න පුලුවන්.

10. සරාගී කටහඬ

මේක උත්සාහ කරලා ලබා ගන්න අමාරු දෙයක් වුණත් ඔයා කතා කරන විලාසය මගින් වෙනස් කරගන්න පුලුවන්. මර්ලින් මොන්‍රෝගේ වගේ උස් කටහඬවලට පිරිමින් වඩාත් කැමතියි.

11. පිරුණු තොල්

තොල් වෙක කියන්නෙ කාන්තාවකගෙ මුහුණේ වැඩියෙන්ම අවධානයට ලක්වෙන තැනක්. පිරුණු තොල් යුගලක් හැම වෙලාවෙම ආකර්ෂණීයයි. අද ලෝකයේ ගොඩක් කාන්තාවන් පිරුණු තොල් ලබා ගන්න සැත්කම් පවා කරන්න පෙළඹිලා ඉන්නවා. ඒත් ලිප්ස්ටික් එකක් මගිනුත් ඔයාට මේ වෙනස කරන්න පුලුවන්. ඒ වගේම ගොඩ දෙනෙක් කරන වැරැද්දක් තමයි හිතා මතාම තොල් උරන එක හා ලෙවකන එක. මේක දකින අයට ඔයා ගැන අප්‍රසාදයක් ඇති කරවන්න හේතු වෙනවා.

12. අලංකාරය

ඔයාගෙ ඇඳුම් පැලඳුම්වලින්, ආභරණවලිම් විතරක් නෙවෙයි ඔයාගෙ හැසිරීමත් අලංකාරයට බලපානවා. මෙමගින් කාන්තාවකගේ සරාගී බව හා ආකර්ෂණීය බව වැඩි කරනවා.

13. ස්පෝර්ට් ලෙගින්

සිරුරට තද වන ලෙස අඳින ස්පෝර්ට් ලෙගින්ස් මගින් ශරීරයේ වගේම උකුලේ හැඩයත් ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා. ඉස්සර ජිම් එකට විතරක් අඳින ඇඳුමක් වුණත් දැන් නම් මේවා විලාසිතාවක් විදියටත් අඳිනවා.

14. ස්වභාවික හා සාමාන්‍ය මේක් අප්

ගොඩක් වෙලාවට පිරිමි කැමති මේකප් කරන්නෙ නැති කාන්තාවන්ට. ඒත් ඒකෙන් කියන්නෙ ඔයාට මේකප් කරන්න එපා කියලා නෙවෙයි. ඕනෑවට වඩා මේක් අප් පෙනෙන විදියට යොදන්න එපා කියලයි.

15. කණ්ණාඩි දැමීම

ඔන්න කණ්ණාඩි දාන අයට නම් මේක සුබ ආරංචියක්. කණ්ණාඩි තෝරගනිද්දි ලස්සන හා ආකර්ෂණීය ෆ්‍රේම් එකක් තියන කණ්ණාඩි දෙකක් තෝරගන්න. කණ්ණාඩි දාන්නෙ නැති අයට වුණත් විලාසිතාවක් ලෙස කණ්ණාඩි දාන්න පුලුවන්.

16. අවංක හිනාව

ලස්සන හිනාවට පිරිමි ආකර්ෂණය වෙන්නෙ නෑ කිව්වොත් බොරුවක්. සමහර ගැහැණු ලමයි අනික් අය ඉන්න වෙලාවට හයියෙන් හිනා වෙන්නෙත් නෑ. ඒත් හිනාව කියන්නෙ හරිම ආකර්ෂණීය දෙයක්නෙ. අවංකව හා නිර්ව්‍යාජ ලෙස හිනා වෙන අයට පිරිමින් වැඩියෙන් කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *