පුංචි දේවල් 7 කින් අපව දකින විදිය වෙනස් කරන ආකාරය

කෙනෙක්ගෙ මුහුණ හෝ හැසිරීම වගේ දේවල්වලින් එයා මොන වගේ ගතිගුණ තියන කෙනෙක්ද කියලා හොයාගන්න ක්‍රම තියනවා. ඒ විතරක් නෙවෙයි, සාප්පු ගිහින් බඩු තෝරන විදියෙන් පවා කෙනෙක්ගෙ ගතිලක්ෂණ ගැන කියන්න පුලුවන්.

අපේ චරිතය ගැන ගොඩක් දේවල් හෙළි කරන්න පුලුවන් පුරුදු කිහිපයක් අපි හොයාගත්තා. අද අපි ඔයාට කියන්නෙ ඔයාගෙ හැසිරීමෙන් හා කන බොන දේවල්වලින් පවා අනිත් අයට ඔයා ගැන හිතෙන්නෙ මොනවද කියලයි.

07. සාප්පු යාම

පාරිභෝගිකයන් වර්ග 2 ක් ඉන්නවා. එක කට්ටියක් තමයි මුලින්ම භාණ්ඩයක් මිලදී ගන්න කලින් ඒවාගේ ලේබල් එක හොඳින් කියවන අය. මොකද එයාලා දෙයක් මිලදී ගන්නෙ ඒ ගැන හොඅටම විස්තර දැන ගැනීමෙන් පසුවයි. හැම දෙයක් ගැනම ගැඹුරට හොයලා බලන්න කැමති ගවේෂණාත්මක පුද්ගලයන් මේ කොටසට අයත් වෙනවා.

අනිත් පාරිභෝගිකයන් වර්ගය තමයි තමන්ගෙ කාලය නාස්ති කරන්න කැමති නැති අය. එයාලා මතුපිට තොරතුරු විතරක් බලලා භාණ්ඩ තෝරගන්නවා.

මේ වර්ග දෙකම ජීවිතයේ වෙනත් අවස්ථාවලදිත් මීට සමානවම ක්‍රියා කරනවා. ගැඹුරින් හිතලා තීරණ ගන්න අය, ඔයා එයාලට සමීප වෙන්න කලින් ඔයාගෙ මුළු කතාවම දැනගන්න තරම් දක්ෂයි. ඒ වගේම දෙවන වර්ගයේ පුද්ගලයින්ට ගොඩක් වෙලාවට වැදගත් සූක්ෂ්ම දේ පවා මග හැරෙන්න ඉඩ තියනවා.

06. ඔරලෝසුවක් පැළඳීමට තියන කැමැත්ත

අඩුම තරමේ අවුරුද්දක්වත් අත් ඔරලෝසුවක් පළඳින අය සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා වෙලාවට වැඩ කරන අතර හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන අයයි.

ඔරලෝසුවක් පැළඳ සිටින පුද්ගලයින් හැඟීම්වලින් ස්ථාවර අය වන අතර ඔරලෝසුවක් පළඳින්නෙ නැති අය හැඟීම් වශයෙන් එතරම් ස්ථාවර බවක් නැති අයයි.

05. ආහාර ගැනීමේ පුරුදු

ආහාර ගැනීමේ කැමැත්ත මගින් පුද්ගලයෙක් ගැන ගොඩාක් දේවල් කියන්න පුලුවන්. ආවේගශීලී, විවෘත අදහස් නැති හා හෘද සාක්ෂියට එකඟ නොවන අය මිහිරි වයින් වලට වැඩි කැමැත්තක් දක්වනවා. එයාලා පලතුරු කන්නෙ හරිම කලාතුරකින්.

ඒ අතරම, වියළි වයින් වලට කැමති අය වඩා විවෘත, සන්සුන් හා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන අයයි. එයාලා නිතරම පලතුරු කනවා.

04. වචන

එදිනෙදා ජීවිතයේදී අපි පාවිච්චි කරන වචන මගින් පෞරුෂත්වය පෙන්නුම් කරනවා. අපි ඒවා කතා කරනවද, ලියනවද, එහෙමත් නැත්තන් ටයිප් කරනවද කියන එක වැදගත් නෑ.

දුකින් ඉන්න අය හා චිත්තවේගීය වශයෙන් අස්ථායී අය සාමාන්‍යයෙන් සෘණාත්මක හැඟීම් හා සම්බන්ධ වචන භාවිතා කරනවා. ඒ වගේම හෘද සාක්ෂියට එකඟ මිනිසුන් ධනාත්මක හැඟීම් ඇති කරන වචන පාවිච්චි කරනවා.

03. සංගීතයට තියන කැමැත්ත

ඔයා සවන් දෙන්න කැමති සංගීතය මගිනුත් ඔයාගෙ හිතේ ස්වභාවය ගැන අනිත් අයට තේරුම් ගන්න පුලුවන්. මොකද, සංගීතයෙන් මිනිසාගේ මොළයට දිගු කාලීන බලපෑමක් ඇති කරනවා.

හැඟීම් ප්‍රකාශ කරන, දුක්බර හෝ නොසන්සුන් සංගීතයට කැමති අය සාමාන්‍යයෙන් නොසන්සුන් හා දුකින් ඉන්න අයයි.

විනෝදජනක හෝ නිහඬ සංගීතයට කැමති අය සතුටින් ඉන්න අයයි. මේකට හේතුව ඒ වගේ සංගීතයට සවන් දීම මගින් මිනිසුන්ගෙ මනෝභාවය ඉහළ නංවනවා. ඒ වගේම ඔයාගෙ යහපැවැත්මට දිගු කාලීන බලපෑමක් ඇති කරනවා.

02. ගෙදර දොරේ වැඩ

ගෙදර දොරේ වැඩ කරන්න අකමැති අයට වඩා ඇඳුම් අයන් කරන්න, පිඟන් සෝදන්න හා දරුවන් එක්ක සෙල්ලම් කරන්න කැමති අය එක්ක සන්නිවේදනය කරන එක ලේසියි. එයාලට අනිත් අයගේ සතුට වැදගත්. ඒ නිසා එයාලා ගෙදර අඩුපාඩු කිය කිය ඉන්නවට වඩා ගෙදර වැඩ කරන්න කැමතියි.

සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරන්න කැමති නැති අය, විවේක ගැනීමට හෝ මිතුරන් හමුවීමට කැමැත්තක් දක්වනවා.

01. කලාව

කලාව කෙරෙහි දක්වන හැම ආකල්පයකින්ම පුද්ගලයෙකුගේ ස්වභාවය ගැන ගොඩාක් දේවල් කියවෙනවා.

කවි හෝ ඔපෙරා වලට කැමති අය කලාව නොසලකා හරින අය වගේ නෙවෙයි. එයාලා අනිත් අයට වඩා සමාජශීලීයි. එ වගේම විවෘත අදහස් තියන අයයි.

වැදගත්

හැඟීම් ප්‍රකාශ කරන්නෙ නැති විට කෙනෙකුගේ මුහුණ දෙස බැලීමෙන් එයා කොයිතරම් පොහොසත්ද කියලා තීරණය කරන්න පුලුවන් බව දැන් හොයාගෙන තියනවා. අලුත් අයව හම්බෙනකොට එයාලා ගැන දැනගන්න මේ හැකියාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. “පොහොසත්” මුහුණක් තියන පුද්ගලයින් ප්‍රතික්ෂේප වෙන්නෙ අඩුවෙන්.

ඒත් මේ පොහොසත් පෙනුම කියලා හරියටම කියන්නෙ මොකක්ද කියන එක නම් විද්‍යාඥයන් විසින් තාමත් හරියටම හොයාගෙන නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *