බොහෝ දෙනෙක් අසා නැති බියර්වල පුදුම හිතෙන භාවිත 10 ක්

සාමාන්‍යයෙන් බියර් කියන නම ඇහුණම අපිට මතක් වෙන්නේ සුදු පාට පෙණ තියන දීප්තිමත් රන්වන් බීමක් නේ. ඉතින් අපි හොයලා බැලුවා මේ බීම වර්ගය වෙන මොන වගේ දේවල්වලටද පාවිච්චි කරන්න පුලුවන් කියලා.

1. හිසකෙස් පෝෂණය කර හිස කෙස් වර්ධනය කිරීම


කොණ්ඩෙ වැවෙන එකට උදව් කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන විටමින් බී හා සිලිකන් බියර් වල බහුලව තියනවා.

ඔයාගෙ කොණ්ඩෙට බියර් වීදුරුවක් වත් කරලා හිස්කබල හොඳට මසාජ් කරන්න. විනාඩි 5 ක් තියෙන්න ඇරලා සීතල වතුරෙන් සෝදන්න. මෙහෙම කළොත් ඔයාගෙ කොණ්ඩෙ ගොඩක් දීප්තිමත් වෙනවා.

2. සම ශක්තිමත් හා සිනිඳු කිරීම


ඔයාගෙ සම වයසට යන එක වළක්වන ප්‍රතිඔක්සිකාරක බියර්වල අඩංගු වෙනවා. ඒ වගේම ඔයාගෙ සමේ ස්වයං අලුත්වැඩියා කිරීමේ හැකියාව වැඩි කරන්නත් බියර් වලට පුලුවන්. මේ නිසා ඔයාගෙ සම ශක්තිමත් වෙලා සමේ තියන පොඩි පොඩි රැළි නැති වෙලා යනවා.

බියර් තේ හැඳි 1, බිත්තර සුදු මදයක් හා ආමන්ඩ් ඔයිල් බිංදු තුනක් මිශ්‍ර කරලා ආලේපයක් හදාගන්න. පිරිසිදු කරගත් මුහුණට මේ මිශ්‍රණය මාස්ක් එකක් විදියට ආලේප කරලා විනාඩි 10කට පස්සෙ සෝදන්න.

3. හොඳ නින්දකට උපකාරී වීම


බියර් වල තියන ප්‍රධාන අමුද්‍රව්‍යයක් වෙන හොප් ෆ්ලවර් මගින් නින්ද යන්නේ නැති එකට ඖෂධීය පිළියමක් සපයනවා.

බියර් හා වතුර සමාන ප්‍රමාණයක් එකට කලවම් කරලා ඒකෙන් ඔයාගෙ කොට්ට උර සෝදන්න. රෙදි මගින් හොප්ස්වල සුවඳ උරාගන්නා නිසා ඔයාට ඉක්මනින් හොඳ නින්දක් ලබා ගන්න උදව් වෙනවා.

4. වෙහෙසට පත් පාද වලට ප්‍රතිකාර කිරීම


සීතල බියර් භාජනයකට පුරවලා විනාඩි කීපයක් ඔයාගෙ කකුල් ඒ භාජනය ඇතුළට දාගෙන ඉන්න. බියර්වලට තියන ප්‍රබෝධමත් ගුණ නිසා ඔයාගේ කකුල්වල වේදනාව නැති කරනවා.

5. සමේ මැරුණු සෛල ඉවත් කිරීම


සම ටෝනර් කරනවට අමතරව ඔයාගෙ සමේ තියන මැරුණු සෛල ඉවත් කරන්නත් බියර්වලට පුලුවන්. මේ නිසා ඔයාගෙ සම පැහැපත් වගේම දීප්තිමත් වෙනවා.

ස්ට්‍රෝබෙරි ගෙඩි ටිකක් අරගෙන බියර් තේ හැඳි 2 ක් එක්ක හොඳින් මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගන්න. මැරුණු සෛල ඉවත් කරන හා අලුත් සෛල හැදෙන එකට උදව් වෙන මේ පේස්ට් එක ඔයාගෙ මුහුණට ආලේප කරන්න.

6. මස්වල තද ගතිය ඉවත් කිරීම


මස්වල රසය වෙනස් කරන්නේ නැතුව තද ගතිය ඉවත කරගන්නත් බියර් පාවිච්චි කරනවා. ප්ලාස්ටික් භාජනයකට මස් දමා බියර් ටිකක් එකතු කර ශීතකරණයේ තියන්න. ඊලඟ දවස වෙද්දි මස්වල තද ගතිය නැති වෙලා මෘදු වෙනවා.

7. ලීබඩු වලට දීප්තිමත් බවක් ලබා දීම


සිනිඳු රෙදි කාල්ලකට උණුසුම් බියර් ටිකක් එකතු කරලා ඔයාගේ අලුත්වැඩියා කරන්න ඕන ලීබඩු වල පිරිමදින්න. එහෙම කලාම ඒ ගෘහ භාණ්ඩ වලට අලුත් පෙනුමක් වගේම දීප්තිමත් බවකුත් ලැබෙනවා.

8. පළිබෝධකයන් පලවා හැරීම


කරදරකාර මැස්සන්ව ඔයාගෙ කෑම එකෙන් අයින් කරන්න බියර් වලට පුලුවන්. වීදුරුවකට බියර් ටිකක් දමා එය ඇලුමිනියම් කොලයකින් වහලා ඇලුමිනියම් කොලය මත පොඩි සිදුරු කීපයක් විදින්න. බියර් සුවඳ නිසා මැස්සන් ඒ සිදුරුවලින් වීදුරුව ඇතුලට ගියාම එයාලට ආයෙ එලියට එන්න බෑ.

9. ලෝහවලට දිලිසෙන පෙනුමක් ලබාදීම


බියර්වලට අඩු ආම්ලිකතා මට්ටමක් තියන නිසා වානේ මුට්ටි හා ස්වර්ණාභරණ වගේ ඕනෑම ලෝහයක් ඔප දැමීමට පාවිච්චි කරන්න පුලුවන්.

රෙදි කෑල්ලකට බියර් ටිකක් වත් කරලා ලෝහ වස්තුව පිහදමන්න. ඊට පස්සෙ පිරිසිදි වියලි රෙදි කෑල්ලකින් පිස දැමූ විට ලෝහ භාණ්ඩ වලට දිලිසෙන පෙනුමක් ලැබිලා තියෙන විදිය ඔයාට දකින්න ලැබෙනවා.

10. මලකඩ ඉස්කුරුප්පු ඉවත් කිරීම


බියර්වල ඇති අම්ලවලට මලකඩ ඉවත් කරන්න හැකියාවක් තියනවා. එමගින් ඉස්කුරුප්පුව ලේසියෙන් ඉවත් කරගන්න පුලුවන්. මලකඩ ඇල්ලූ ඉස්කුරුප්පුව ඉඩට බියර් ටිකක් දමා ටික වේලාවක් ඉඳලා ඉස්කුරුප්පුව ගලවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *