මාසයක් ඇතුලත සෙලියුලයිට් ඉවත් කිරීමට සරල තාක්ෂණයක්

සම කියන්නෙ අපේ ශරීරයේ තියන විශාලම අවයවය කියලා ඔයා දැනටමත් දන්නවා. සමේ තත්වය හොඳින් තියාගන්න අපේ කාන්තාවන් එක එක වර්ගයේ රූපලාවණ්‍ය නිෂ්පාදන පාවිච්චි කරනවා. සම සිනිඳු කරගන්න මොනවා කරන්න පුලුවන්? සමේ ගණකම ඇති වෙන්න හේතුව තමයි සෙලියුලයිට් කියන්නෙ. කාන්තාවන්ගෙන් 90% කගෙම සමේ සෙලියුලයිට් තියනවා. ඒත් ශරීර ව්‍යුහයේ තියන වෙනස්කම් නිසා සමහර අයගේ සෙලියුලයිට් ව්‍යුහය දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම තමයි ඔයාට සෙලියුලයිට් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බෑ. ඒත් එය නොපෙනෙන ලෙස තියාගන්න පුලුවන්.

ඉතින් අද අපි ඔයාට කියන්නෙ මාසයක් ඇතුළත සමේ සෙලියුලයිට් ඉවත් කරලා සම සිනිඳුවට ලස්සනට තියාගන්නේ කොහොමද කියලයි.

07. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම

පොදු මිථ්‍යාවක් තමයි, බර අඩු වුණොත් සෙලියුලයිට් අතුරුදහන් වෙනවා කියන එක. මේක ඇත්තක් නෙවෙයි. සෙලියුලයිට් වලට එරෙහි සටන ආරම්භ වෙන්නේ නිසි පෝෂණයෙන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්න එක ගොඩක් වැදගත්.

මේ දේවල් ඔයාගෙ ආහාර වේලට ඇතුළත් කරගන්න.

  • ප්‍රෝටීන් (මස්, රනිල කුලයට අයත් ඇට වර්ග)
  • ලෙසිතින් (බිත්තර, තක්කාලි, නිවිති, සෝයා බෝංචි)
  • මේද අම්ල (මාළු, ඔලිව්, අලිගැට පේර, ඇට වර්ග)
  • මේදය දහනය කරන පලතුරු සහ එළවළු (මිදි)
06. හොඳින් ජලය පානය කිරීම

ශක්තිමත් ශරීරයක් සඳහා හොඳම පානය තමයි පිරිසිදු ජලය. පෝෂණවේදීන් කියන්නෙ තේ, කෝපි හා වෙනත් බීම වර්ග ගණන් ගන්නෙ නැතුව වතුර ලීටර් 1.5 – 2 ක් පානය කරන්න කියලයි.

05. ශාරීරික ව්‍යායාම කිරීම

ඔයා දහනය කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා නම්, ඔයාට සෙලියුලයිට් ඇතිවීමට බලපාන වැඩිපුර මේදය හැදෙනවා. ශාරීරික ව්‍යායාම මඟින් අතිරික්ත කැලරි දහනය කිරීමට හා ශක්තිමත් ශරීරයක් ලබා ගැනීමට උපකාරී වෙනවා. මේ සඳහා වාඩි වීම-හිට ගැනීම, කඹ පැනීම හා දිවීම වගේ ව්‍යායාම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

04. මසාජ් කිරීම
  • ඔයාට විශේෂ බ්‍රෂ් මගින් තනිවම මසාජ් කර ගන්න වගේම, වෘත්තීය සේවාවක් ලබා ගැනීම කියන ක්‍රම දෙකෙන්ම හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.
  • සම්බාහන සැලෝන්වලදි විශේෂ උපකරණවලින් මසාජ් කිරීමෙන් සමේ ඇතුළත තියන මේදය එකතු වුණු ස්ථර විනාශ කරලා පරිවෘත්තීය වැඩි දියුණු කරනවා.
  • අත්‍යවශ්‍ය තෙල් යොදා මසාජ් කිරීමෙන් සමේ මේදය දහනය කිරීම හා වසා ගැටිති ඉවත් කිරීමට උපකාරී වෙනවා.
03. ස්ක්‍රබ් කිරීම

ප්‍රති-සෙලියුලයිට් ක්‍රීම් මගින් හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට ස්ක්‍රබ් භාවිත කිරීම මගින් සමේ කෙරටිනීකරණය වුණු ස්ථරය ඉවත් කරලා රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලීන් වේගවත් කරනවා.

  • කෝපි ස්ක්‍රබ් එකක් මගින් සම සුමුදු හා සිනිඳු කරනවා. සෙලියුලයිට් කැපී පෙනීම අඩු කරන්නත් උදව් වෙනවා.
  • මුහුදු ලුණුවලින් හදාගත් ස්ක්‍රබ් එකක් මඟින් සෙලියුලයිට්වල තියන වැඩිපුර තෙතමනය පිටතට ඇද ගන්නවා.
02. සාමාන්‍ය වතුරෙන් ස්නානය කිරීම
  • මෙමඟින් රුධිර සංසරණය වැඩි දියුණු කරලා පරිවෘත්තීය ක්‍රියා වැඩිදියුණු කරනවා.
  • ජල ගැලීම්වල පීඩනය එකතැන රැඳී තිබීම වළක්වනවා. වසා ගැටිති මගින් සම සහ සමේ ඇතුළත ස්ථර හොඳින් පිරිසිදු කරනවා.
  • සෙන්ටිමීටර 10 (3.9″) සිට වෝටර් ජෙට් එක සෙලියුලයිට් තියන තැන්වලට අල්ලලා ඒ ප්‍රදේශ හොඳින් මසාජ් කරන්න. පපුව ප්‍රදේශය රවුමටත්, කකුල්වලට ඉහළ-පහළ චලනයකිනුත් මසාජ් කරන්න.
01. සෝනා ප්‍රතිකාර
  • සෝනා, එහි අධික උෂ්ණත්වය මගින් රුධිරය හා වසා ප්‍රවාහය වැඩි දියුණු කරනවා. ඒ නිසා සම සිනිඳු වෙනවා. ඒ වගේම සමේ ඇදෙනසුළු බව ආරක්ෂා කරනවා.
  • සෝනා මගින් දහඩිය ග්‍රන්ථි විවෘත කර විෂ ද්‍රව්‍ය සමෙන් ඉවත් වී මේද එකතැන පල්වීම වළක්වමින් සම පිරිසිදු කරනවා.
  • සතියක සෝනා ප්‍රතිකාරයකින් සමේ ඇතුළත මේද තට්ටුව අඩු කරගන්න උදව් වෙනවා.
  • විශේෂ තෙල් සහිත ඇන්ටි-සෙලියුලයිට් වෙළුම් මගිනුත් සමේ සෙලියුලයිට් පාලනය කරන්න පුලුවන්.

මේ ක්‍රම මගින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් මේ ක්‍රම ඔක්කොම එකට භාවිතා කරන්න ඕන. තෝරාගත් එක ක්‍රමයක් විතරක් අත්හදා බලන එකෙන් පැහැදිලි ප්‍රතිඵලයක් ලබාගන්න අමාරුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *