මුඛයේ බැක්ටීරියා ඉවත් කර කටේ ගඳ නැවතීමට ක්‍රම 7ක්

කටේ ඇති වෙන දුගඳ කියන්නෙ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙන දෙයක්. ඒත් කෙනෙක් තවත් කෙනෙකුට පහසුවෙන් කියන්නේ නැති දෙයක්. කටේ දුඟද ඇති වෙන එක ඇත්තටම අප්‍රසන්න තත්වයක්. ඒ වගේම ලැජ්ජා සහගත දෙයක්. පෙම්වතුන් හෝ විවාහ වුණු යුවළ අතර වුණත් කෙළින් කිව්වෙ නැති වුණාට ප්‍රස්න ඇති වෙන්න කටේ දුගඳ සමහර වෙලාවට ලොකු හේතුවක් වෙනවා.

මේ තත්වය නැති කරගන්න කරන්න පුළුවන් පිළියම් ගැන අපි ටිකක් හොයලා බැලුවා. කටේ දුගඳ නැති කරගන්න ඔයාට ගෙදරදිම කරන්න පුලුවන් පිළියම් කිහිපයක් තමයි අපි අද ඔයාට අරගෙන ආවෙ.

01. ස්වභාවික මවුත්වොෂ් හෝ බ්‍රෙත් ෆ්‍රෙෂ්නර් භාවිත කිරීම
  • කටේ දුගඳ නැති කිරීමේ හැකියාවක් මින්ට් කොළවලට තියනවා.
  • සූදුරු, කරාබුනැටි, එනසාල් වගේ කුළුබඩු වලටත් මේ හැකියාව තියනවා.
  • බේකින් සෝඩා කියන්නෙත් කටේ ගඳ නැතිකරන්න හොඳම විසඳුමක්. වතුර කෝප්පයක බේකින් සෝඩා මේස හැඳි එකක් දිය කර එයින් කට සෝදන්න. ඒ වගේම බේකින් සෝඩා වතුර ටිකක දිය කරලා ඒ මිශ්‍රණය ඔයාගෙ දත් බුරුසුවේ ගාලා ඒකෙන් දත් මදින්න පුලුවන්.
  • උදේට මහදුරු කොළවලින් හැදූ තේ එකක් බීමෙනුත් කටේ තියන බැක්ටීරියා විනාශ වෙලා දුගඳ නැති වෙනවා.
02. දවසට වතුර ලීට‍ර දෙකක්වත් බීම

හොඳට වතුර බොන එකෙන් අපේ සිරුරට ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා. කටේ ගඳ නැති වෙන්නත් වතුර බොන එක බලපානවා. ඛේට ග්‍රන්ථි මගින් තමයි අපේ කට ඇතුලෙ බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙ. ඛේට ග්‍රන්ථි හොඳින් ක්‍රියාත්මක වෙන්න වතුර අවශ්‍ය වෙනවා. ප්‍රාශ්වාස වාතයේ තියන දුගඳ හා කටේ දුගඳ නැති කරන්නත් වතුර උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි. රෑට නිදාගන්න කලින් පැණිරස දේවල් කන බොන එකත් නවත්තන්න වෙනවා. නැත්නම් එමගින් බැක්ටීරියා වල වර්ධනය වැඩි වෙන්න පුලුවන්.

03. ආහාර ගැනීම ගැන සැලකිලිමත් වීම

ළූණු හා සුදු ළූණු වගේ කටේ දුගඳ ඇති වෙන්න හේතු වෙන ආහාර ගැනීම අඩු කරන්න. ඒත් ළූණු ආහාරයට ගන්න එක සම්පූර්ණයෙන් ම නවත්තන්න එපා. දත් දිරායාම සිදුකරන බැක්ටීරියා වර්ග 4ක් විනාශ කරන්න ළූණුවලට පුලුවන් බව පරීක්ෂණ මගින් තහවුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි. ප්‍රක්ටෝස් හා අම්ල අඩංගු ආහාර වර්ග මගිනුත් කටේ දුගඳ ඇති කරනවා.

බඩගින්නක් දැණුනු වෙලාවට ඇපල් හෝ යෝගට් වගේ ආහාරයක් ගන්න. ඇපල්වල තියන හෙටපොලිසැකරයිඩ් පෙක්ටන් මගින් ඛේට ග්‍රන්ථි උත්තේජනය කරනවා. යෝගට්වල තියන ක්‍රියාකාරී බැක්‍ටීරියා මගිනුත් කට ඇතුලේ ඉන්න අහිතකර බැක්ටීරියා එක්ක සටන් කරන්න උදව් වෙනවා.

04. දිව පිරිසිදු කිරීම

අපේ දිව කියන්නෙ බැක්ටීරියාවලට හොඳ වාසස්ථානයක්. කටේ දුගඳ ඇති කරන බැක්ටීරියා වහස් ගාණක් දිවේ රැඳිලා ඉන්නවා. ඒ නිසා දත් මදිනකොට ඒ බ්‍රශ් එකෙන්ම හරි නැත්නම් දිව මදින්න තියන වෙනත් උපකරණයක් මගින් හරි ඔයාගෙ දිවත් හොඳට පිරිසිදු කරගන්න. අලුත් බ්‍රශ් වල දත් මදින පැත්තට විරුද්ධ පැත්ත හදලා තියෙන්නෙත් දිව මදින්න පුලුවන් වෙන විදියටයි

05. දත් මුල් රැක ගැනීම

දත්වල කෙළවරේ තියන පොඩි ඉඩ ප්‍රමාණය අතරේ කෑම කැබලි හා බැක්ටිරියා එකතු වුණාම කටේ දුගඳ ඇති වෙනවා. දත්මුල් රැක ගැනීම සඳහා ෆ්ලෝරයිඩ් සහිත දත් බෙහෙත් එකක් පාවිච්චි කරන්න. දුම්පානයෙන් ඈත් වෙන්නත් ඕන.

06. දිනකට දෙවරක් දත් මැදීම

දිනකට දෙවරක් ප්‍රධාන ආහාර වේලකින් පසුව විනාඩි දෙකක් විතර හොඳින් දත් මදින්න. කාන්තාවන්ගෙන් 55%ක ප්‍රමාණයක් හා පිරිමි අයගෙන් 49% ක ප්‍රමාණයක් විතරයි දවසට දෙපාරක් දත් මදින්නේ කියල පර්යේෂණවලින් හෙළි වෙලා තියනවා.

07. පලතුරු පොත්තක් සැපීම

දොඩම් හෝ දෙහි වගේ පැඟිරි ඔඅලතුරල පොතු කැබැල්ලක් හැපීම මගිනුත් කටේ දුගඳ පාලනය කරගන්න පුලුවන්. ඒවාගේ තියන පැඟිරි සුවඳ නිසා කටේ ගඳ ඉවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සිට්‍රික් අම්ලය මගින් ඛේට ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. එමගින් දත් දිරායාම හා දත් මැලියම් ඇතිවීම වළකිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *