මුත්‍රාවල වර්ණයෙන් අපේ සෞඛ්‍යය ගැන දැනගත හැකි රහස් 7 ක්

අපි අපේ සෞඛ්‍යය ගැන දන්නෙ නැති දේවල් තවමත් ඉතිරි වෙලා තියනවා. අපේ මුත්‍රාවල පාටින් අපිට තියන ලෙඩරෝග ගැන කියවෙනවා කියලා අපි දැනගෙන හිටියෙත් නෑනේ. මේක තරමක් අමුතු දෙයක් ලෙස පේන්න තිබුණත්, ඔයා වැසිකිළියට යන හැම වෙලාවකදිම ඔයාගෙ සෞඛ්‍යය ගැන හොයලා බලන්න අවස්ථාවක් තියනවා. ඔයාගෙ මුත්‍රාවල වර්ණය පරීක්ෂා කිරීමෙන් ඔයාගෙ ශරීරය හොඳින් ක්‍රියාත්මක වෙනවාද යන්න හෝ ඔයාට වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය දැයි දැනගන්න පුලුවන්. මේක හරිම ලේසි දෙයක් නේද? ඉතින් මේ සඳහා ඔයා දැනගෙන ඉන්න ඕන, මුත්‍රා පිටවෙන්න පුලුවන් විවිධ වර්ණ අනුව ඔයාගෙ තත්වය බරපතලයිද නැද්ද කියලා. ඒ වගේම ඒ වර්ණවලින් මුත්‍රා පිටවෙන්න හේතු මොනවද කියලත් ඔයා දැනගෙන ඉන්න ඕන.

ඔයාගෙ මුත්‍රා වල වර්ණය මගින් ඔයාගෙ සෞඛ්‍යය ගැන හෙළි කරන්නේ මොකක්ද කියලා තෙරුම්ගන්න මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි. ඔයත් ඔයාට මේ පාටවලින් මුත්‍රා පිටවෙනවා දැකලා තියනවද?

01. තැඹිලි පැහැය

අසල්ෆිඩින් වගේ සමහර ප්‍රති-ගිනි අවුලුවන ඖෂධ, රසායනික චිකිත්සක ඖෂධ නිසා මුත්‍රාවල තැඹිලි පැහැයක් ඇති කරනවා. විටමින් බී-2 හෝ බීටා-කැරොටින් (කැරට් වගේ දේවල්) වැඩිපුර පරිභෝජනය කිරීම නිසාත් තැඹිලි පාට මුත්‍රා පිටවෙන්න පුලුවන්. ඔයාට තැඹිලි පාටින් මුත්‍රා පිටවෙන බව ඔයා නිරීක්ෂණය කළොත්,

මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි වීමට තවත් හේතුවක් තමයි විජලනය කියන්නෙ. එවිට මුත්‍රාවල තද කහ හෝ තැඹිලි පැහැයක් දකින්න ලැබෙනවා. ඒ නිසා වැඩිපුර ජලය පානය කරන්න. හොඳින් වතුර බීමෙන් පැය කිහිපයකින් පසුව මුත්‍රා, ආයෙත් එහි සාමාන්‍ය පැහැදිලි කහ පාටට හැරෙන්න ඕන. ඔබගේ දෑස් පරීක්ෂා කරන්න. ඒ වගේම ඔයාගෙ ඇස්වල සුදු ඉංගිරියාවේ කහ පැහැයක් ඇති බව ඔයාට දකින්න ලැබුණොත්, මුත්‍රා තැඹිලි පාටින් පිටවීම ඔයාගෙ අක්මාව නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට ලකුණක් වෙන්න පුලුවන්. එතකොට නම් වහාම වෛද්‍යවරයකු හමුවෙන්න ඕන.

02. රෝස සහ රතු පැහැය

රතු පැහැයට හුරු රෝස පාටින් මුත්‍රා පිටවීම භයානක වුණත් සමහර විට ආහාර හෝ ඖෂධ නිසා එය සිදුවිය හැකි බැවින් එතරම් බරපතල දෙයක් නෙවෙයි. මුලින්ම මේ වර්ණය ඇති වෙනා හේතු දැනගන්න ඕන.

ආහාර: ඔයා බීට්රූට්, බ්ලැක්බෙරි හෝ රුබාබ් කෑවා නම් ඔයාට බය වෙන්න ඕන නෑ. මේ ආහාරවල රතු පාට ඇති වීමට හේතුවම සමහර සංයෝග, වකුගඩු වලින් පෙරීමෙන් පසු මුත්‍රා හරහා පිට වෙනවා. එවිට රතු පැහැයට හුරු රෝස පැහැයෙන් මුත්‍රා පිටවෙනවා. සාමාන්‍යයෙන් ඊළඟ දවස වෙනකොට මුත්‍රා පිරිසිදු වෙනවා. එහෙම වුණේ නැත්නම් ඔයාට වෛද්‍යවරයකු හමුවෙන්න වෙනවා.

ඖෂධ: රිෆැඩින් සහ රිමාක්ටේන් වගේ ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඇතැම් ප්‍රතිජීවක ඖෂධ නිසා මුත්‍රා රතු පැහැයට හැරෙනවා. මුත්‍රා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ෆීනසොපිරයිඩින් සහ සෙනා අඩංගු විරේචක නිසාත් මුත්‍රා රෝස පාටින් පිටවෙන්න පුලුවන්.

රුධිරය: ඔයාගෙ මුත්‍රා සමග රුධිරය පිට වෙනවා නම්, ආසාදන, වකුගඩු රෝග, පිළිකා හෝ පිළිකා නොවන වෙනත් රෝග හෝ මුත්‍රාශයේ හෝ වකුගඩු ගල් වගේ රෝග තත්වයක සංඥාවක් වෙන්න පුලුවන්. ඔයාගෙ මුත්‍රා තුළ රුධිර කැටි ගැසීම් හෝ වෙනත් පටක තිබෙනවා දුටුවොත් වහාම වෛද්‍යවරයා හමුවන්න. මේ තත්වය දුර්ලභ එකක් වුණත් සැලකිය යුතු තත්වයක්. විශේෂයෙන් කාන්තාවන් සාමාන්‍යයෙන් එය අමුතු කාල පරිච්ඡේදයක් කියලා ගණන් ගන්නෙ නැතුව ඉන්නවා.

03. කොළ හෝ නිල්

ඔයාගෙ මුත්‍රාවල මේ වර්ණය දැකීම කම්පනයට පත් වෙන්න පුලුවන් දෙයක්. ඒත් ඒකට හේතු වෙන්නේ,

ආහාර: කෘතිමව සායම් කරන ලද ආහාර හෝ ඇස්පරගස් ආහාරයට ගැනීම නිසා කොළ හෝ නිල් පාටින් මුත්‍රා පිටවෙන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ. මේ තත්වය දවසක් දෙකක් යනකොට හරියනවා.

ඖෂධ: Amitriptyline, Indomethacin, හා Propofol වැනි සමහර ඖෂධ නිසාත් මුත්‍රවල වර්ණය වෙනස් වෙන්න පුලුවන්.

අවධානයෙන් ඉන්න: ඔයාගේ මුත්‍රවල කොළ හෝ නිල් වර්ණයට හේතුව ඉහත විස්තර කළ හේතුවලින් එකක් නෙවෙයි නම් ඔයා වහාම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න ඕන. කොළ පැහැති වර්ණය ඇති වීම, සූඩෝමොනාස් නම් බැක්ටීරියාව නිසා ඇති වන දුර්ලභ මුත්‍රා ආසාදනයේ සංඥාවක් වෙන්න පුලුවන්. සමහර විට වකුගඩුවල ගල් නිසාත් මේ වර්ණවලින් මුත්‍රා පිටවෙන්න පුලුවන්.

04. දුඹුරු

ඔයාගෙ මුත්‍රා දුඹුරු පැහැයකට හැරී තිබෙනවානම්, එය විජලනය වීමේ ලකුණක් වෙන්න පුලුවන්. රුබාබ් හා ෆාවා බෝංචි මගින් ඔයාගෙ මුත්‍රා දුඹුරු පැහැයට හරවන්න ඉඩ තියනවා. ඒත් ඒක පරීක්ෂා කරලා බලන එක වඩාත් හොඳයි. විශේෂයෙන් ඔයා වතුර ගොඩක් පානය කළත් මේ වර්ණයේ වෙනසක් සිදුවෙන්නෙ නැත්නම්, ඔයාගෙ අක්මාව හා වකුගඩු වල ගැටලුවන් නිසාත් මුත්‍රා දුඹුරු පාට වෙන්න පුලුවන්.

අවධානයෙන් ඉන්න: මුත්‍රා දුඹුරු පැහැයෙන් පිටවන අතරම ඔයාට බඩේ වේදනාව, කුෂ්ඨ වගේ තවත් රෝග ලක්ෂණ ඇති වෙනවා නම් ඒක ජානමය තත්වයක් නිසා වෙන්න ඉඩ තියනවා. ඒ වගේම, මුත්‍රා මගින් රුධිරය පිටවෙනකොටත් මුත්‍රා දුඹුරු පැහැයක් ගන්නවා. මේක ගෙඩියක් වගේ වඩාත් බරපතල තත්වයක සලකුණක් වෙන්න පුලුවන්.

05. මුත්‍රා සමග පෙණ පිටවීම

වරින් වර පෙණ මුත්‍රා කිරීම සාමාන්‍ය දෙයක්
සාමාන්‍යයෙන් එය සිදුවන්නේ මුත්‍රා කිරීමේ වේගය නිසයි. ඒත් මේක නැවත නැවත දකින්න ලැබෙනවා නම් හෝ කාලයක් යනකොට වැඩිපුර පෙණ පිටවෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයා හමුවෙන්න.

මුත්‍රා සමග පෙණ පිටවීම, මුත්‍රා වල ප්‍රෝටීන තියන බවට සංඥාවක් වෙන්න පුලුවන්. ඒත් මේ තත්වය වැඩි වෙනවා නම් එය බරපතල වකුගඩු ගැටලුවක් සංඥා කරන නිසා වහාම වෛද්‍ය උපදෙස් ගන්න යොමුවෙන එක හොඳයි.

06. විනිවිද පෙනෙන මුත්‍රා

ඔයාගෙ මුත්‍රා සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙනවා නම්, ඒක ඔයා අධික ලෙස ජලය පානය කරන බවට සලකුණක්. මෙමගිනුත් යම් යම් අවදානම් ඇති කරන්න පුලුවන්. වඩාත්ම වැදගත් වන්නේ ශරීරයේ ලවණ තනුක කිරීමයි. මේක ඔයාගෙ ශරීරයේ ගැටළු සහගත රසායනික අසමතුලිතතාවයක් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා ටිකක් අඩුවෙන් වතුර බොන්න පටන්ගන්න.

07. සුදු පැහැ, විනිවිද පෙනෙන කහ, තද කහ

මේ වර්ණවලින් අදහස් වන්නේ ඔයාට කරදර වෙන්න දෙයක් නැති බවයි. සාමාන්‍යයෙන් ඔයාගෙ මුත්‍රා සුදුමැලි රන්වන් පැහැයක් ගන්න ඕන. සුදුමැලි කහ පැහැයක් පෙන්නුම් කරන්නේ මුත්‍රාවල හයිඩ්‍රේට අධික බව හා හොඳ සමබරතාවයක් ඇති බවයි. මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි නම් ඔයා වැඩියෙන් වතුර බොන්න වග බලාගන්න ඕන. ඔයාගෙ මුත්‍රා ලෙමනේඩ් වගේ පේනවා නම් ඔයාට බයවෙන්න කිසිම හේතුවක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *