මුතුවන් දත් දෙපෙළක් නිවසේදීම ලබා ගන්න ක්‍රමය

පැරණි සිංහල සාහිත්‍යයේ කාන්තාවගෙ ලස්සන දත් දෙපෙළ උපමා කරලා තියෙන්නෙ මුතු ඇට වලටයි. මුතු ඇට වගේ දත් ටික පරිස්සම් කරන එකත් ලේසි නෑ. දත් ලස්සන කරගන්න කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් තමයි දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න එක. ඒත් දත් ටික එකෙම ලස්සනට තියාගන්න ගෙදරදිම කරන්න පුලුවන් දේවලුත් තියනවා. අද අපි ඔයාට කියන්න යන්නෙ දන්ත වෛද්‍යවරයෙක් ලඟට නොගිහින් දත් ලස්සන කරගන්න ගෙදරදිම කරන්න පුලුවන් සත්කාර ක්‍රම කිහිපයක් ගැනයි.

සුදු පැහැ දත් දෙපෙළක් ලබා ගන්න නම් ඔයාට කාබනීකෘත බීම, කෝපි හා තේ බොන එක අඩු කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, කිවුල් ජලය තියන ප්‍රදේශවල ඉන්න අයගේ දත් කහ වෙනවා. ෆිල්ටර් කරන ලද වතුර බීමෙන් මේ තත්වය අඩු කරගන්න පුලුවන්. ඒ පැතිවල අය ෆ්ලෝරයිඩ් නැති දත් බෙහෙත් පාවිච්චි කරන්න ඕන.

01. බේකින් සෝඩා

බේකින් සෝඩා වලින් ලබා ගන්න පුලුවන් ප්‍රයෝජන ගොඩක් තියනවා. දත් සුදු කිරීමත් ඉන් එකක්. බේකින් සෝඩා තේ හැඳි එකක් දෙහි යුෂ බිංදු හතරක් පහක් එක්ක මිශ්‍ර කරලා හදාගත් මිශ්‍රණයෙන් දත් මදින්න. ඔයාට දෙහි වෙනුවට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදා ගන්නත් පුලුවන්.

02. කහ කුඩු

අපි හිතන්නෙ කහ කුඩුවලින් දත් මැද්දොත් දත් කහ පාට වෙයි කියලනෙ. ඒත් එහෙම වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් පේ ආහාර වේලකත් කහ කුඩු තියනවා. ඔයාට කරන්න තියෙන්නෙ තෙත දත් බුරුසුවට කහ කුඩු ටිකක් තවරලා ඒකෙන් හොඳින් දත් මදින එකයි. විනාඩි දෙකක් විතර එහෙමම ඉඳලා ඊට පස්සේ සාමාන්‍ය දන්තාලේපයකින් දත් මැදගන්න.

03. කෙසෙල් ලෙලි

කෙසෙල් අපේ ශරීරයට ගොඩක් හොඳ ආහාරයක් කියලා ඔයා දැනටමත් දන්නවා. කෙසෙල් ලෙලි මගිනුත් ගොඩක් ප්‍රයෝජන ලබා ගන්න පුලුවන්. කෙසෙල් ලෙලි සාමාන්‍ය කුඩා කැබලි වලට කපා ගෙන එහි ඇතුල් පැත්තෙන් හොඳට දත් මැදලා ඊට පස්සෙ සාමාන්‍ය විදියට දත් මදින්න. මේක සති කිහිපයක් එක දිගට කරන්න ඕන.

04. ඇපල් සයිඩර් විනාකිරි

සිරුරේ බර අඩු කරගන්න වගේම දත් ලස්සන කරන්නත් ඇපල් සයිඩර් විනාකිරි පාවිච්චි කරනවා. දත් ලස්සන කරන්න ඇපල් සයිඩර් භාවිත කරන්නෙ මෙහෙමයි. ඇපල් සයිඩර් විනාකිරි කොටස් 2/3 ක් කට ජලය කොටස් 1/3 ක් මිශ්‍ර කර, දිනපතා කට සෝදන්න.

05. ස්ට්‍රෝබෙරි

දත් සුදු කරන්න උදව් වෙන මැලික් අම්ලය ස්ට්‍රෝබෙරි වල ස්වාභාවිකවම අඩංගුයි. ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක් කුඩා කැබලි කපලා හොඳින් පොඩි කරගන්න. මේ මිශ්‍රණයෙන් විනාඩියක් පමණ දත් මදින්න. අම්ල නිසා එනැමලය විනාශ වීමට පුලුවන් නිස මෙය නිතර කිරීමෙන් වලකින්න.

06. බේකින් සෝඩා සහ පොල්තෙල්

බේකින් සෝඩා ටිකකට දෙහි යුෂ හා පොල්තෙල් මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගන්න. 1.5cm විතර පළල 4cm දිග ඇලුමිනියම් ෆොයිල් කැබැල්ලක් කපාගෙන එය පළල බාගයක් වන ආකාරයට දෙකට නවන්න. දැන් එහි එක් පැත්තකට කලින් හදා ගත් පේස්ට් එක ගාලා ඒ පැත්ත දත් මත රැඳෙන ආකාරයට ඇලුමිනියම් ෆොයිල් එක දත් මත රඳවන්න. විනාඩි පහක් විතර තියලා අයින් කරන්න. අන්තිමට ඇල් වතුරෙන් කට සෝදන්න.

‌07. අමු එලවළු හා පලතුරු ආහාරයට ගන්න

අමු එලවළු හා පලතුරු ආහාරයට ගැනීම මගින් දත් වලට දීප්තිමත් වර්ණයක් එනවා. ඒ වගේම දත් කුහර ඇති වීම හා මැලියම් නැවත සෑදීමත් අවම කරනවා.

08. ලුණු වතුර

සෙම, උගුර කැසීම හා දත් වල සෞඛ්‍යයටත් ලුණු වතුරෙන් කට සේදීම හොඳයි. ඒත් මේක නිතරම කරන්න හොඳ දෙයක් නෙවෙයි..

09. සිප ගැනීම

සිප ගැනීමේදී වැඩියෙන් ඛේටය ස්‍රාවය වන බැවින් ඛේටයෙන් දත් පිරිසිදු වෙනවා. ඒ කියන්නෙ සිප ගැනීම් මගිනුත් දත් පිරිසිදු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *