මේ අනතුරු ඇඟවීම් 10 තියෙනවා නම් ඔබේ ශරීරයේ යම් රෝගයක් තියෙනවා

විශේෂඥයන් කියන විදියට හැම වෙලාවෙම අයිස් කෑමට හෝ ලුණු රස ආහාරයක් ගැනීමට තියන ආසාව සමහර විට වෙනත් දරුණු රෝගයක ලක්ෂණයක් හෝ ඛනිජ හා විටමින් නොමැතිකමක සලකුනක් වෙන්න පුලුවන්. අළුත් පුරුදු වලට අවධානය යොමු කිරීම හැම වෙලාවෙම හොඳ අදහසක් වෙන්නේ ඒ නිසයි. අපේ සිරුරේ මොකක් ජරි වෙනසක් වෙනකොට ඒ බව කල්තියා අපිට දන්වන්න සමහර රෝග ලක්ෂණ මතු වෙනවා. ඒත් අපි ඒවා ගණන් නොගෙන හිටියොත් තත්වය ටිකක් දරුණු වෙන්නත් ඉඩ තියනවා.

ඒ නිසා දරුණු රෝගයක පෙර ශරීරයෙන් අපිට කරන අනතුරු ඇඟවීම් මොනවද කියලා අපි හොයලා බැලුවා. ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්න ඔයාට උදව් කරන්න තමයි අපි මේ ලිපිය අරන් එන්නේ.

01. කකුල් රිදීම හෝ හිරිවැටීම

කකුල්වල නිතර හිරිවැටීමක් හෝ වේදනාවක් ඇති වෙන එක නොසන්සුන් කකුලේ සින්ඩ්‍රෝමයේ රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්. මේක දිගු කාලීන ආබාධයක් වගේම ඔයා විවේකයෙන් ඉන්න වෙලාවට හා රාත්‍රී කාලයේදී ඔයාට මේ තත්වය වැඩිපුර ඇති වෙනවා.

02. සම රළු වීම

කිසිම වෙලාවක සමේ ඇති වෙන ගැටළු ගණන් නොගෙන ඉන්න නම් එපා. සම රළු වීම හා කැසීම හෝමෝන ආබාධ, දද හෝ අසාත්මිකතා වගේ අභ්‍යන්තර ගැටලු රාශියක සංඥාවක් වෙන්න පුලුවන්. මේ තත්වය දිගටම තිබුණොත් හෝ එය නරක අතට හැරෙන බවක් පේනවා නම් රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරන්න වෙනවා

03. අත් අකුරු වෙනස් වීම, ගඳ සුවඳ නොදැනීම හා නපුරු සිහින දැකීම.

පාකින්සන් රෝගය ගැන හැමෝම අහලා තිබුණත් එහි රෝග ලක්ෂණ ගැන ගොඩක් අය දන්නෙ නෑ. කම්පනය, චලනවල වේගය අඩු වීම, නපුරු සිහින දැකීම හා නින්ද නොයාම වගේම කතා කිරීමේ හා ලිවීමේ වෙනස්කම් මේ රෝගයේ ලක්ෂණ වෙන්න පුලුවන් බව වෛද්‍යවරු කියනවා.

04. කෝපය හා රණ්ඩුවට බර හැසිරීම

අධික කෝපය සාමාන්‍ය දෙයක් නොවෙන්න පුලුවන්. ඇත්තටම ඒක මානසික අවපීඩනයට සම්බන්ධ ලක්ෂණයක් වෙන්න පුලුවන් බව පර්යේෂකයන් කියනවා. එයාලා කියන විදියට මානසික අවපීඩනය කියන්නෙ හැම වෙලවෙම ශක්තිය නැතිකම හෝ දුක්විඳීම නිසා ඇති වෙන දෙයක් විතරක් නෙවෙයි.

05. වැඩිපුර නිදාගැනීම

මෙම තත්වය හයිපර්සොම්නියා ලෙස හැඳින්වෙනවා. එය ඇති වෙන්නේ වෙහෙසකර බව නිසා විතරක් නොවෙන බව වෛද්‍යවරු කියනවා. සමහර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඕනෑම වෙලාවක ඕනෑම තැනකදි නිදිමතක් ඇති කරනවා. ඒ වගේම, නිදා ගන්න කලින් මත්පැන් පානය කිරීමත් මේකට හේතු වෙන්න පුලුවන්.

06. ඇසේ වර්ණය වෙනස් වීම

ඇස්වල කළු ඉංගිරියාව වටා සුදු හෝ අළු පැහැති වළල්ලක් ඇති වීම අවුරුදු 45 ට අඩු අයට කොලෙස්ටරෝල්වල සංඥාවක් වෙනන් පුලුවන් බව වෛද්‍යවරු කියනවා. මේ සුදු පැහැ වළල්ල හානිකර නැති වුණත් ඔයාගෙ පෙනීමට බලපෑමක් ඇතිකරනවා.

07. ලුණු රසයට ඇති කැමැත්ත

ලුණු රස ආහාර වලට කැමති වීම වැරැද්දක් නෙවෙයි. ඒත් ඔයාට පාලනය කරගන්න බැරි තරමට ලුණු රස ආහාර වලට ඇබ්බැහි වීම නම් ප්‍රශ්නයක්. වෛද්‍ය මූලාශ්‍ර වලට අනුව රක්තහීනතාවය, විජලනය හෝ පූර්ව ඔසප් වීමේ සින්ඩ්‍රෝමය නිසා ලුණු රසට මේ තරම් කැමැත්තක් ඇති වෙන්න පුලුවන්.

08. අමතකවීම හා තෙහෙට්ටුව

වෙහෙසක් දැනීම හා මතක තබා ගැනීමේ ශක්තිය අඩු වීම නිසා ගොඩක් අය මේ තත්වය මානසික අවපීඩනයත් එක්ක පටලවා ගන්නවා. වෙද්‍යවරුන් කියන්නෙ ඒ වගේ තත්ව නොසලකා හරින්න එපා කියලයි. ඒ වගේම ඒවා ශරීටයේ තයිරොයිඩ් හෝමෝන ප්‍රශ්නයක රෝග ලක්ෂණ වෙන්න පුලුවන් බවයි. සිරුරේ බර එක පාරටම වැඩිවීම හා සීතල දැනීමත් මේ තත්වයේ රෝග ලක්ෂණ විදියට දකින්න ලැබෙනවා.

09. හැම තිස්සෙම තිබහක් දැනීම

හැම විටම තිබහ දැනීම සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලයි විශේෂඥයන් කියන්නේ. ඔයා ගන්න ආහාර නිසාත් මේ තත්වය ඇති වෙනවා. ඒ නිසා කුළුබඩු හෝ ලුණු වැඩියෙන් කන එක නවත්තන්න ඕන. දිගින් දිගටම තිබහ ඇති වීම දියවැඩියාව හෝ ගැබ් ගැනීම නිසා ඇති වෙන්නත් පුලුවන්.

10. අයිස් කෑමේ ආශාව

අයිස් කන්න ආස හිතෙන එක පුරුද්දකට වඩා වැඩි දෙයක් නිසා සිදු වෙන්න පුලුවන්. යකඩ ඌනතාවයක් හෝ රක්තහීනතාවය මේකට හේතු වෙන්න පුලුවන් කියලා පර්යේෂණවලින් කියනවා. ඔයාට ආහාර අතිරේක ගන්න පටන් ගන්න වෙනවද කියලා බලන්න රුධිර පරීක්ෂණ කිහිපයක් කරන්නත් සිදු වෙන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *