මේ තේ වර්ගවලින් එකක් හරි බිව්වොත් ජිම් යන්න ඕන වෙන්නෙ නෑ

අපි ජලයට පස්සෙ වැඩිපුරම පරිභෝජනය කරන පානය තමයි තේ කියන්නෙ. ඒ වගේම ලොව පුරා බහුලව භාවිතා කරන පානයක්. සාමාන්‍යයෙන් මේ පානය හැදිලා තියෙන්නෙ ආසියාවේ හැදෙන සදාහරිත ශාක වර්ගයක් වන කැමෙලියා සීනෙන්සිස් කොළ වලින්. තේ පානය කිරීම මගින් රතු රුධිර සෛල වලට හානි වීම වැළැක්වීම හා විවිධ හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කිරීම වගේ සෞඛ්‍යමය වාසි ගොඩක් ලබාගන්න පුලුවන්.

තේ පානය කිරීම මගින් බර අඩු කර ගන්න වගේම බඩේ මේදය අඩු කරගන්නත් පුලුවන් කියලා අධ්‍යයන වලින් හෙළි වෙලා තියනවා. මේ දෙස බලනකොට ඇතැම් තේ වර්ග වෙනත් වර්ගවලට වඩා ඵලදායි බවක් ඇතිබව හොයාගෙන තියනවා.

අද අපි ඔයාට කියන්න යන්නෙ බර අඩු කර ගැනීම හා බඩේ මේදය අඩු කිරීම සඳහා පානය කරන්න පුලුවන් හොඳම තේ 11 ක් ගැනයි.

01. ග්‍රීන් ටී

ග්‍රීන් ටී කියන්නෙ වඩාත් ප්‍රසිද්ධ තේ වර්ගයක්. එය විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. හරිත තේ සාරය තුල කැටෙචින් අධික ලෙස අඩංගු නිසා බර අඩු කරගන්නත් උදව් වෙනවා. ඒවා ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක වන අතර එමගින් පරිවෘත්තීය ක්‍රියා වැඩි දියුණු කරලා මේදය දහනය කිරීම වැඩි කරනවා.

පරිවෘත්තීය ක්‍රියාවලියට ප්‍රබල බලපෑමක් ඇති කරන්න පුලුවන් කැෆේන් හා ඊජීසීජී වගේ ජෛව සක්‍රීය ද්‍රව්‍යත් ග්‍රීන් ටී වල තියනවා. ඒ වගේම, ග්‍රීන් ටී වල තියන දේවල් අපේ මේදය දහනය කරන හෝමෝන මට්ටම ඉහළ නංවනවා. ඒවා වැඩි මේදයක් රුධිරයට මුදාහරින අතර එය ශක්තිය ලෙස නැවත අපේ ශරීරයට ලබා දෙනවා.

02. පියෝ ටී

පියෝ ටී කියන්නෙත් හොදම ආකාරයේ තේ වර්ගයක්. ඒකෙ නම හැදිලා තියෙන්නෙ යුනාන් පළාතේ පියෝ නගරය නමින්. පියෝ ටී, චීන බ්ලැක් ටී පවුලට අයත් වෙනවා. ඒවගේම එහි ප්‍රයෝජනවත් බැක්ටීරියා අඩංගු වෙනවා. හිරු එළියෙන් වියළන ලද ප්‍රාථමික තේ අතර සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් එය පැසවීම සිදු කරනවා. එය පස් සුවඳකින් යුක්තයි. සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසු එය පානය කිරීමෙන් මිනිසුන් සතුටක් ලබනවා. ඒ වගේම එයට හිත ඇදීගෙන යන සුවදකුත් තියනවා.

පියෝ ටි යොදාගෙන බර අඩු කර ගැනීමට සතුන් හා මිනිසුන් යොදාගනිමින් අධ්‍යයන කරලා තියනවා. පියෝ ටී මගින් මේද අම්ල සංශ්ලේෂණය, මර්දනය කරනවා. ආහාර වේලෙන් පසුව පියෝ ටී පානය කිරීමෙන් කෙලින්ම මේදය ශක්තිය බවට පරිවර්තනය කරන ලිපොජෙනිස් ක්‍රියාවලියට එය උපකාර වෙනවා. මෙය මේදය සෑදීම වළක්වලා බර වැඩිවීමත් වළක්වනවා. තවද, රුධිරයේ සීනි හා රුධිර ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කරන බවත් හොයාගෙන තියනවා.

03. බ්ලැක් ටී

බ්ලැක් ටී තරමක් වෙනස් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිලා තියෙනවා. ඒත් ග්‍රීන් ටී හා වයිට් ටී වලට සමානව එය බර අඩු කර ගැනීමටත් උදව් වෙනවා. බ්ලැක් ටී වල තියන ෆ්ලේවනොයිඩ්ස් හෝ පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරක මගින් බර අඩු කර ගැනීම වගේ සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙනවා. ඒ වගේම බ්ලැක් ටී වල තියන පොලිපෙනෝල්, බඩවැල්වල කෙටි දාම වල ඇති මේද අම්ල නිපදවීමට උපකාරී වන අතර ඒවා පරිවෘත්තීය ක්‍රියාවත් වැඩිකරනවා.

සිරුරේ බර අඩු කිරීමට අමතරව කළු තේ මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවනවා. කෝපි සහ තේ යන දෙකම පානය කිරීමෙන් දියවැඩියාව ඇතිවීමේ අවදානම ඉවත් කරන බව පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම, දිනකට අවම වශයෙන් තේ හෝ කෝපි කෝප්ප 3 ක් පානය කිරීමෙන් දියවැඩියාව ඇතිවීමේ අවදානම 42% කින් අඩු කර ගන්න පුලුවන්.

04. ඕලොන්ග් ටී

ඕලොන්ග් ටී කියන්නෙ සාම්ප්‍රදායික චීන තේ වර්ගයක්. එය අර්ධ වශයෙන් ඔක්සිකරණය වෙලා තියනවා. එහි පලතුරු, සුවඳ හා ඉතා සුවිශේෂී රසයක් තියෙනවා. ඔලොන්ග් ටී මගින් මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමෙන් හා පරිවෘත්තීය ක්‍රියාව වේගවත් කිරීමෙන් බර අඩු කර ගන්න උදවු වෙනවා. මෙහි ඇති පොලිපෙනෝල්, බර අඩු කරගන්න ගොඩක් ප්‍රයෝජනවත්.

මේ පොලිෆෙනෝල් සමහරක් මගින් බර අඩු කර ගන්නා විට පරිවෘත්තීය ක්‍රියාවේ වේගය අඩු කර ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ඕලොන්ග් ටී, කැටෙචින් සහ කැෆේන් වලින් පොහොසත් නිසා සිහින් සිරුරේ ස්කන්ධය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි, පරිවෘත්තීය හා ඔයා දහනය කරන මේද ප්‍රමාණය වැඩි කරන්නත් මෙම ද්‍රව්‍ය 2ට හැකියාව තියනවා

05. වයිට් ටී

වයිට් ටී ඉතා පහසුවෙන් හදා ගන්න පුලුවන්. එය වෙනත් තේ වර්ග වලට වඩා වෙනස් රසයකින් යුක්තයි. ඒ තුල සියුම්, සැහැල්ලු හා මිහිරි රසයක් තියනවා. වයිට් ටී වල ප්‍රතිලාභ වසර ගණනාවක් තිස්සේ හොඳින් පර්යේෂණය කරලා තියනවා. වයිට් ටී බිව්වොත් සෞඛ්‍යය වැඩි දියුණු කිරීම හා පිළිකා සෛල විනාශ කිරීම වගේ ප්‍රතිඵල ගොඩක් ලවා ගන්න පුලුවන්.

වයිට් ටී හා ග්‍රීන් ටී වල එකම කැටචින් ප්‍රමාණයක් අඩංගුයි. එය වේගවත් හා ඵලදායි බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා.

තවද, වයිට් ටි මගින් ඇඩිපොසයිට් ලෙස හඳුන්වන නව මේද සෛල සෑදීම වළක්වනවා. මෙය නව මේද සෛල සෑදීම අඩු කරලා බර වැඩිවීමත් අඩු කරනවා. මීට අමතරව, ශරීරයේ මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය උත්තේජනය කරනවා. ශරීරයේ අතිරික්ත මේදය කාර්යක්ෂමව දහනය වීමෙන් බර අඩු කර ගන්න පුලුවන්.

06. රූයිබොස් ටී

රූයිබොස් ටී කියන්නෙ දකුණු අප්‍රිකානු පඳුරු ශාකයේ (ඇස්පලතස් ලීනියරිස්) කොළ හා තුනී කඳන් වලින් හදපු ශාකසාර තේ වර්ගයක්. මෑත කාලීන පර්යේෂණවලින් එයට බර අඩු කර ගැනීමේ ගුණාංග තියන බව හොයාගෙන තියනවා. ඩී.එන්.ඒ වලට හානිකරන, හානිකර ඔක්සිජන් රැඩිකල් ඉවත් කිරීමට උපකාරී වන ඇස්පලතින් හා නොතොෆැජින් වගේ ප්‍රතිඔක්සිකාරක, රූබොයිස් ටී වල බහුලව තියනවා.

මීට අමතරව, මේ ප්‍රතිඔක්සිකාරක මගින් රුධිරයේ සීනි සමතුලිත කිරීමට හා ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. එහි පැණි රස හා අඩු කැලරි ප්‍රමාණයකඩංගු නිසා, සීනි සහිත පානයක් සඳහා හොඳ ආදේශකයක්. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කර ගන්නත්, කැලරි පරිභෝජනය අඩු කරන්නත් උපකාරී වෙනවා.

07. මැට්චා ටී

කුඩු තේ ලෙස හැඳින්වෙන මැට්චා ටී, ග්‍රීන් ටී ලෙසම ලබා ගන්නවා. ඒත් බර අඩු කර ගැනීම සඳහා මැට්චා ටී, ග්‍රින් ටී වලට වඩා ඵලදායී වෙනවා. මැට්චා ටී වල කැලරි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුය. සාමාන්‍යයෙන් ග්‍රෑම් 1 ක කැලරි 3 ක් පමණ අඩංගු වෙනවා.

ග්‍රීන් ටී වගේම මැට්චා වී වලත් එපිගල්ලො කැටෙචින් ගැලට් වගේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. එමඟින් විෂ ද්‍රව්‍ය පිටවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම හා අපගේ පද්ධතිවල දැවිල්ල අඩු කිරීමටත් උපකාරී වෙනවා. එය බර වැඩිවීම වළක්වන අතර බර අඩු කර ගැනීම වේගවත් කරනවා. හානියට පත් පරිවෘත්තීය වැඩි දියුණු කිරීමට හෝ වේගවත් කිරීමටත් මැට්චා තේ උදව් වෙනවා. මැට්චා තේ වල අඩංගු කැටචින් ව්‍යායාමයේදී හා පසුව පරිවෘත්තීය වේගය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා.

08. ලෙමන් බාම් ටී

ලෙමන් බාම් කියන්නෙ එහි සන්සුන් හා සන්සුන් බලපෑම් සඳහා ප්‍රසිද්ධ ඖෂධ පැළෑටියක්. එය අපේ සමස්ත සෞඛ්‍යය සඳහා ගොඩක් හොඳ පානයක්. ලෙමන් බාම් ගම්මිරිස් වගේ එකම පවුලට අයත් වෙනවා. මානසික ආතතිය අඩු කිරීම, හොඳ නින්දක් ලබාදිම හා සම, හිසකෙස් වල තත්ත්වය වැඩිදියුණු කරම්මත් ලෙමන් බාම් ටී උදව් වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට කැමති අයට ඉතා හොඳ පානයක් කියලත් සැලකෙනවා.

එමගින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය වේගවත් කරලා කාලානුරූපව බඩවැල් චලනයක් ඇති කරනවා. ඒ වගේම ලෙමන් බාම් වල ප්‍රතිඔක්සිකාරක බහුලව තියනවා. එය රුධිර ප්‍රවාහය පිරිසිදු කිරීමට, ශරීරය ඩෙටොක්ස් කිරීමට හා අසාමාන්‍ය හෝමෝන මට්ටම පාලනය කිරීමටත් උපකාරී වෙනවා.

09. කුරුඳු තේ


කුරුඳු කියන්නෙ අපේ කෑම මේසවල විවිධ කෑම වර්ග වලට මෘදු තාපය හා පොහොසත්කම එක් කරන මිහිරි සුවඳක් තියන කුළුබඩු වර්ගයක්. කුරුඳු තේ වල ස්වාභාවිකවම අඩු කැලරි ප්‍රමාණයක් තියන නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වෙනවා. එමඟින් කැලරි වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීම නිසා බර වැඩිවීම වළක්වා ගන්න පුලුවන්. කුරුඳු නිතිපතා පරිභෝජනය කිරීම මගින් ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටත් එමගින් උදරයේ මේදය අඩු කරලා බර අඩු කර ගැනීමත් උදව් වෙනවා.

කුරුඳු කුඩු හා මී පැණි මිශ්‍රණයකින් ශරීරය මේදය අඩු කරගන්න පුලුවන්. එමගින් ශරීරයේ පරිවෘත්තීය වේගවත් කරනවා.

10. යෙලෝ ටී

කහ කියන්නෙ කුළුබඩු වර්ගයක්. එය ව්‍යංජන වලට වර්ණය එක් කරන අතරම තවත් සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙනවා. මේ කුළුබඩු වල තියන මූලික ප්‍රතිඔක්සිකාරකය තමයි කර්කුමින් කියන්නෙ. එය චීන වෛද්‍ය විද්‍යාවේ සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරන ද්‍රව්‍යයක්. කහ පැහැය බර වැඩිවීම පාලනය කිරීමට, තරබාරුකම නැති කිරීමට හා පරිවෘත්තීය ආබාධවලට ප්‍රතිකාර කිරීමටත් යොදා ගන්නවා.

කහ වල තියන කර්කුමින් කියන ප්‍රතිඔක්සිකාරකය මගිම් අග්න්‍යාශයේ හා මාංශ පේශි ඇතුළු ගොඩක් සෛලවල මේදය අඩු කරනවා. මේ ක්‍රියාව මඟින් ඉන්සියුලින් ප්‍රතිරෝධය, අධික රුධිර පීඩනය, සීනි හා තරබාරුකම සමඟ එන අනෙකුත් පරිවෘත්තීය තත්වයන් වළක්වනවා. ඒ වගේම, බර අඩු කර ගැනීමට පානය කරන්නත් ගොඩක් සුදුසුයි.

11. ලෙමන් හා ඉඟුරු

ලෙමන් හා ඉඟුරු, ඔයාගෙ සමස්ත සෞඛ්‍යයට ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. එමගින් පරිවෘත්තීය වැඩි දියුණු කිරීමත් සිදුකරනවා. කෝපි හා සීනි වලට වඩා 3 ගුණයකින් ශක්තිය වැඩි කිරීමේ හැකියාවත් තියනවා. ප්‍රතිඔක්සිකාරක හා විටමින් සී බහුලව අඩංගු වෙන නිසා ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමේ හැකියාවත් ලෙමන් හා ඉඟුරු වලට තියනවා. ආහාර වලට ඇති ආශාව අඩු කිරීමට හා රුධිරයේ සීනි මට්ටම සමතුලිත කිරීමටද ඉඟුරු වලට පුලුවන්.

ඒ විතරක් නෙවෙයි, එය ශරීරයේ මේදය අවශෝෂණය වැඩි දියුණු කරලා මේදය ගොඩනැගීමත් වළක්වනවා. ලෙමන් අක්මාවේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට වගේම මේදය අඩු කිරීමටත් උපකාරී වෙනවා.

පරිවෘත්තීය ගැටළු හා සෞඛ්‍ය සම්පන්න බර අඩු කර ගැනීම සඳහා ප්‍රතිකාර කළ හැකි තේ වර්ග පිළිබඳ ඔයාටත් අදහසක් තියනවද? ඔයා කැමතිම තේ වර්ගය මොකක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *