මේ දේවල් 10 කරනවනම් හැමදාම ඔබට නාන්න අවශ්‍ය නෑ

විද්‍යාඥයන් වගේම රූපලාවණ්‍ය ශිල්පීනුත් කියන විදිහට අපි අපේ හිසකෙස් නිතර සෝදන එකෙන් කෙස්වලට හොඳකට වඩා හානියක් සිදුවෙනවා. හැමදාම නෑමෙන් හිස්කබලේ තෙල් නිපදවන සෙබස් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩි වෙලා හිස්කබල තෙල් සහිත වෙනවා.

ඒත් ඉතින් නාන්නෙ නැතුව හිටියම ලස්සනට කොණ්ඩ මෝස්තර දාන්න බෑනේ කියලා ඔයාට හිතෙනවා ඇති. ඔන්න අද අපි ඔයාට කියලා දෙන්නෙ දවස ගානෙ නාන්නෙ නැතුවත්, ඔයාගෙ කොණ්ඩෙ පිරිසිදු පෙනුමකින් තියාගන්න පුලුවන් සාර්ථක ක්‍රම 10 ක් ගැනයි.

01. ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න

ඔයාගෙ හිසකෙස් වැඩි කාලයක් පිරිසිදුව තබා ගැනීමට නම්, ඔයාගෙ ආහාර වේලෙන් තෙල් සහිත හෝ බැදපු කෑම ඉවත් කරන්න. සීනි, සුදු පාන් හා ටින් කළ ආහාර ගන්න එක නවත්තන්න. ඒ වෙනුවට පලතුරු, එළවළු, කිරි, මස් සහ නට්ස් වර්ග ආහාරයට ගන්න. ‍එමගින් සමේ තියන තෙල් නිපදවන සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය අඩු කරගන්න පුලුවන්.

02. වියළි ශැම්පූ භාවිතා කරන්න

හිස්කබලේ තෙල් ගතිය ඇතිවීම පාලනය කර ගැනීමට වියලි ශැම්පු භාවිතා කරන්න පුලුවන්. මුලින්ම ඔයාගෙ කොණ්ඩය කොටස් වලට බෙදන්න. දැන් කොණ්ඩෙට අඟල් 8-10 වගේ දුරින් තියාගෙන කෙස් මුලට වියළි ශැම්පූ යොදන්න. ශැම්පු එක ටැල්කම් කුඩු වගේ තියනවා නම් එක කෙස් මුල්වලට යොදන්න. විනාඩි 10 කට පස්සෙ කොණ්ඩෙ පීරන්න. වියළි ශැම්පූ මඟින් තෙල් ගතිය තියන තැන් වටා ආවරණයක් හදනවා. එමඟින් ඔයාගෙ හිසකෙස් පිරිසිදුව පේන්න පටන් ගන්නවා.

03. හෙයා බෑන්ඩ්, රිබන් පාවිච්චි කරන්න

ඔයාගෙ කොණ්ඩෙ ඉස්සරහින් කපලා තියනවා නම් ඔයාට ස්කාෆ් එකක්අගින් ලස්සන පෙනුමක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම විවිධ කොණ්ඩකටු, හෙයා බෑන්ඩ්, රිබන් වගේ දේවල් මගිනුත් කොණ්ඩෙ තෙල් ගතිය පිටට පේන එක වළක්වගන්න පුලුවන්.

04. වතුරේ උෂ්ණත්වය ගැන අවධානය යොමු කරන්න

හිසකෙස් සේදීමේදී මද උණුසුම් හෝ සාමාන්‍ය ජලය භාවිතා කරන්න. ගොඩක් රස්නෙ වතුරෙන් නෑවොත් සමේ තෙල් ග්‍රන්ථි මගින් පිටකටන තෙල් ප්‍රමාණය වැඩි වෙලා හිස්කබලේ ඇලෙන ගතියක් ඇති වෙනවා. හිසකෙස් සෝදාගත් පසු, ස්වභාවිකව වියළීමට ඉඩ දෙන එක තමයි හොඳම දේ.

05. කොණ්ඩෙ ගොතාගන්න

කොණ්ඩෙ තෙල් ගතොය පිටට නොපෙනෙන්න කරන්න පුලුවන් තවත් දෙයක් තමයි මේ. කොණ්ඩෙ ගොතන එක වඩාත් හොඳයි. මොකද හිසකෙස් කඩා හැලෙන්න දාගෙන ඉන්නකොට කොණ්ඩෙ තෙල් ගතොය හොඳින් පේනවා. ඕනෑවට වඩා කොණ්ඩෙ තදට ගොතන්නත් එපා. ගෙතුවට පස්සෙ සැහැල්ලු කොණ්ඩ කැරැල්ලක් ඉස්සරහින් දාගන්නත් අමතක කරන්න එපා.

06. නිදාගන්න කලින් කොණ්ඩෙ පීරන්න.

නින්දට යන්න කලින් ඔයාගෙ හිසකෙස් පීරන්න. කොට්ටෙට ඔලුව තියාගත්තම, කොට්ටයේ ඉහළ දාරය දිගේ කොණ්ඩය පිළිවෙලට සකස් කර ගන්න. එක්කෝ පෝනිටේල් එකක් දාගන්න. නැත්නම් රෑ නින්දෙදි කෙස්ගස්වලට හානි වෙන්න පුලුවන්.

07. කොණ්ඩෙ බෙදන පැත්ත වෙනස් කරන්න.

හැමදාම එකම පැත්තට කොණ්ඩෙ බෙදන්න එපා. ඔයා මැදින් බෙදන කෙනෙක් නම් පැත්තට බෙදන්න. මේකට හේතුව හරිම සරලයි. මොකද අපේ කොණ්ඩෙ බෙදන තැනින් පිළිවෙලට තියෙන්න හුරු වෙනවා. එතකොට කෙස් මුල්වල පරිමාවත් අඩු වෙනවා. ඒ වගේම බෙදපු රේඛාව දිගේ අපිරිසිදු වෙනවා. ඒ නිසා කොණ්ඩෙ බෙදන පැත්ත වෙනස් කිරීමෙන් ඔයාගෙ හිසකෙස් පරිමාව වැඩි කරගන්නත්, අලුත් පෙනුමක් ලබාගන්න වගේම පිරිසිදු බවක් ලබා ගන්නත් පුලුවන්.

08. පැතලි කොණ්ඩා මෝස්තර වලින් වළකින්න.

ඕනෑවට වඩා තදට කොණ්ඩෙ පීරන්න එපා. ඒ වගේම පැතලි කොණ්ඩ මෝස්තර දාන්නත් එපා. ඒවා මගින් ඔයාගෙ කොණ්ඩෙට තෙල් සහිත පෙනුමක් ලබා දෙනවා.
කොණ්ඩෙට අමතර පරිමාවක් ලබා ගන්න නම් බැක් කෝම්බ් කරලා බන් එකක් දාගන්න.

09. පනාව නිතර සෝදන්න

ඔයා කොණ්ඩෙ පීරනකොට හිස්කබලේ මතුපිට සමේ තියන මේදය, කන්ඩිෂනර් හා මෝස්තර ද්‍රව්‍යවල අපද්‍රව්‍ය වගේ දේවල් පනාවට එකතු වෙනවා. ඒ වගේම මේ දේවල් මගින් කොණ්ඩය එකට ඇලෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිතරම ඔයා කොණ්ඩෙ පීරන පනාව හෝ බ්‍රෂ් එක පිරිසිදු කරන්න ඕන. සතියකට වරක් උණු වතුරට ෂැම්පූ හෝ සබන් යොදා සෝදගන්න.

10. හිසකෙස් සෝදන හරිම ක්‍රමය
  • ඔයාගෙ තෙත කොණ්ඩෙ පිහදැමීමට තුවායක් වෙනුවට ටී ෂර්ට් එකක් පාවිච්චි කරන්න.
  • හිස්කබලේ සම ස්ක්‍රබ් කරන්න එපා. හිස්කබලට ශැම්පු දාලා ඇඟිලි තුඩු මගින් හිමින් මසාජ් කරමින් ශැම්පු ආලේප කරගන්න.
  • කවදාවත් කෙස් මුල් හා හිස්කබලට කන්ඩිෂනර් යොදන්න එපා.
  • කන්ඩිෂනර් ගාන්න කලින් කොණ්ඩෙ ඉස්සරහට දාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *