ඔබේ මුහුණේ රෝම ඉවත් කරගැනීමට මේ දේවල් 9 භාවිත කරන්න

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ මුහුණේ අනවශ්‍ය විදියට රෝම වැවෙන්නෙ එයාලගෙ සිරුරේ ඉහළ ඇන්ඩ්‍රොජන් (ටෙස්ටොස්ටෙරෝන් වැනි) නිසයි. මේ රෝම ඔයාගෙ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය නෑ. ඒ නිසා ඒවා ඉවත් කරන්න දැන් ක්‍රම ගොඩක් තියනවා. විද්‍යුත් විච්ඡේදනය, ලේසර් කිරීම හෝ වැක්ස් කිරීම වගේ ගොඩක් විකල්ප ක්‍රම දැන් රෝම ඉවත් කිරීමට භාවිතා වෙනවා. ඒත් මේ ශිල්පීය ක්‍රම ගොඩක් මිල අධික හා වේදනාකාරී වෙන්න පුලුවන්.

හැමවිටම ඔයාට අවශ්‍ය සුසිනිඳු මුහුණ ලබා ගන්න උදව් කරන ස්වභාවික හා ගෙදරදිම කරගන්න පුලුවන් සත්කාර කිහිපයක් ගැන තමයි අද අපි ඔයාට කියලා දෙන්නේ. මේවා හරිම ලේසියෙන් හොයාගන්න පුලුවන්. ඒ නිසා වැඩි වෙලාවක් හා මහන්සියක් නැතුවම ඔයාට මේ සත්කාර කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

01. ඕට් මීල් පේස්ට් + මී පැණි + ලෙමන් යුෂ

අමුද්‍රව්‍ය:

  • ඕට් මීල් පේස්ට් මේස හැඳි 1
  • මී පැණි මේස හැඳි 2
  • ලෙමන් යුෂ

සමේ කැසීමට හා ආසාදන වලට ඕට් මස් ඉතා හොඳයි. මී පැණි හා ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කළ විට එය අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් උදව් වෙනවා. මේ අමුද්‍රව්‍ය ඔක්කොම පේස්ට් එකක් විදියට මිශ්‍ර කරලා අනවශ්‍ය රෝම තියන තැන්වල අතුල්ලමින් විනාඩි 15 ක් තියන්න. මාසයක් යනකොට ප්‍රතිඵල බලාගන්න පුලුවන්.

02. සීනි + ජලය + ලෙමන් යුෂ

අමුද්‍රව්‍ය:

  • සීනි කෝප්ප 1/4
  • ලෙමන් යුෂ කෝප්ප 1/4
  • වතුර කෝප්පයක්

මේ මිශ්‍රණය දිගින් දිගටම ආලේප කරනකොට ටික කාලයක් යද්දි ඔයාගෙ මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක ගොඩක් අඩු වෙනවා. පෑන් එකකට අමුද්‍රව්‍ය එකතු කරලා සෙමින් රත් කරන්න. කර වෙන්න හෝ භාජනයේ පතුලට අල්ලන්න දෙන්න එපා. හොඳින් මිශ්‍ර කරමින් හැඳිගාන්න. රන්වන් පාට මිශ්‍රණයක් ලැබුණාට පසුව ලිප නිවා ටිකක් සිසිල් වූ පසු භාවිත කරන්න.

හදාගත් වැක්ස් එක මුහුණේ ආලේප කරලා ටික වෙලාවක් තියන්න. දැන් ඝන වූ මිශ්‍රණය උඩු අතට ඇදලා රෝම ගස් මුලෙන්ම ගලවා ගන්න. මේක ශරීරයේ ගොඩක් තැන්වල රෝම ඉවත් කරන්න පාවිච්චි කරන්න පුලුවන්. සති 4-6 කට වරක් වැක්ස් කරන්න.

03. ගස්ලබු + කිරි

අමුද්‍රව්‍ය :

  • පොඩිකරගත් ගස්ලබු කෝප්ප 1/2
  • කිරි මේස හැන්දක්

පැපොල් වල පැපේන් කියන එන්සයිමය අඩංගු නිසා රෝම කූපවල මුල දුර්වල කරනවා. ඒ වගේම, කිරිවල තියන ලැක්ටික් අම්ලය ඔයාගෙ සමේ පිටත තට්ටුව ඉවත් කරලා ඔයාට වඩාත් සුමට හා දීප්තිමත් පැහැයක් ලබා දෙනවා. පැපොල් හා කිරි එකට මිශ්‍ර කරලා ඔයාගෙ මුහුණට ආලේප කරන්න. දැන් හොඳින් සම මසාජ් කරන්න. මිනිත්තු 15 ක් තියලා සෝදන්න. සතියකට වරක් නැවත නැවත කරන්න.

04. බිත්තර + සීනි + ඉරිඟු පිටි

අමුද්‍රව්‍ය :

  • සීනි මේස හැඳි 1
  • බිත්තර 1
  • ඉරිඟු පිටි මේස හැඳි 1/2

අනවශ්‍ය රෝම ඉවත් කරන්න හොඳම සත්කාරයක් තමයි මේ. බඳුනක ඔක්කොම අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. බිත්තර සුදු මදය මගින් ඔයාගෙ සමේ පාට වැඩි දියුණු කරනවා.

05. ස්පියර්මින්ට් තේ

අමුද්‍රව්‍ය :

  • වතුර කෝප්පයක්
  • වියළි ස්පියර්මින්ට් තේ හැඳි 1
  • නැවුම් ස්පියර්මින්ට් කොළ 4-5 ක් (අත්‍යවශ්‍ය නෑ)

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන වඩාත් ප්‍රතිඵලදායක ක්‍රමයක් විදියට ස්පියර්මින්ට් හඳුනගෙන තියනවා. දවසට දෙවරක් ස්පියර්මින්ට් තේ පානය කිරීමෙන් හෝමෝන සමතුලිත කර අනවශ්‍ය රෝම වැඩීම අඩු කරගන්න පුලුවන්.

06. බාර්ලි + දෙහි යුෂ + කිරි

අමුද්‍රව්‍ය :

  • බාර්ලි කුඩු හැඳි 3 ක්
  • දෙහි යුෂ හැඳි 3
  • කිරි හැන්දක්

දෙහි යුෂ මගින් සමේ තියන සිදුරු තද කරනවා. බාර්ලි සම පැහැපත් කර අනවශ්‍ය රෝම ඉවත් කරන්න උදව් වෙනවා. රෝමවල වර්ධනය අඩු කරලා සම මෘදු කරනවා.

07. දොඩම් සහ ලෙමන්

අමුද්‍රව්‍ය :

  • කුඩුකරගත් වියළි දොඩම් ලෙලි
  • කුඩුකරගත් වියළි ලෙමන් ලෙලි

අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ගණ පේස්ට් එකක් හදාගන්න. දොඩම් ලෙලි වල සමට තෙතමනය ලබ දීමේ ගුණ තියනවා. ඒ වගේම සමේ දීප්තිය වැඩි කරලා කුරුලෑ හා කැළැල් පවා පාලනය කරනවා. ලෙමන් මගින් අනවශ්‍ය රෝම ඉවත් කරන්න උදව් වෙනවා.

08. කහ + කඩල පිටි + ලුණු + කිරි

අමුද්‍රව්‍ය :

  • කහ කුඩු මේස හැඳි 2 ක්
  • කඩල පිටි කෝප්පයක්
  • සීතල කිරි කෝප්පයක්
  • ලුණු මේස හැඳි 1 ක්

අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ඉන්දියාවේ ජනතාව කහ භාවිතා කරනවා. කහ වලට විෂබීජ නාශක හා ප්‍රතිබැක්ටීරීය ගුණ තියනවා. ඒ කියන්නෙ සමේ මැරුණු සෛල ඉවත් කරනකොට ඔයාගෙ සම ආරක්ෂා කරන්න පුලුවන් හැකියාවක් කහ වල තියනවා. මේකට ලුණු, කිරි හා කඩල පිටි පිටි එකතු කරලා අනවශ්‍ය රෝම තියන ප්‍රදේශයේ ආලේප කරන්න. විනාඩි 5 ක් මෘදු ලෙස අතුල්ලන්න. මිශ්‍රණය වියළුණාට පස්සෙ විනාඩි 10 කින් සෝදන්න. සතිපතා නැවත නැවත කරන්න.

09. ගස්ලබු + කහ + කඩල පිටි + කෝමාරිකා

අමුද්‍රව්‍ය :

  • පැපොල් පේස්ට් මේස හැදි 2 ක්
  • කෝමාරිකා ජෙල් මේස හැඳි 2 ක්
  • කහ කුඩු තේ හැඳි 1 ක්
  • කඩල පිටි මේස හැඳි 2 ක්

හිරු එළියේ තියන පාරජම්බුල හා ගැමා විකිරණ වලින් ඔයාගෙ සම ආරක්ෂා කරන්න කෝමාරිකාවලට පුලුවන්. කෝමාරිකා ජෙල් වල සමට තෙතමනය ලබා දීමේ හා වයස්ගත වීම අඩු කරන්න පුළුවන් හැකියාවක් තියනවා. ඒ වගේම අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් උදව් වෙනවා. සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදන්න. සතියකට 3 – 4 වතාවක් එය භාවිතා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *