මේ පුරුදු 7 නවතනකන් කවදාවත් ඔබට බර අඩු කරගන්න බැහැ

උදේ ආහාර වේල අපේ සෞඛ්‍යයට කොයි තරම් වැදගත්ද කියලා ඔයා දැනටමත් දන්නවා. කතාවට කියන්නෙත් උදේට රජෙක් වගේ කන්න කියලනේ. උදේ ආහාරය මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? අපි උදේට කෑම කන්නෙ රෑ කෑමෙන් පස්සෙ ලොකු වෙලාවක් බඩගින්නෙ ඉඳලා. ඉතින් මේ උදේ කෑම වේලෙන් තමයි ඔයාට දවස පටන් ගන්න ශක්තිය ලැබෙන්නෙ. දවසේ මූඩ් එක හදන්නත් උදේ ආහාරය ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා උදෑසන ආහාරය අතපසු කරන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

හැබැයි උදේ ආහාර වේල සම්බන්ධ අපේ සමහර පුරුදු නිසා ශරීරයේ අසමතුලිතතාවයක් ඇති කිරීමේ අවදානම හා අමතර බර වැඩිවීමට හේතු වෙන බව දැන් පරීක්ෂණවලින් හොයාගෙන තියනවා. ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ උදෑසන ආහාර වේල ගන්නකොට අපි කරන වැරදි කිහිපයක් ගැනයි.

01. අපි උදේට ගොඩක් කන්නෙ නෑ.

විද්‍යාඥයින් ඔප්පු කරලා තියනවා ඔයාගෙ ඇඟේ බර පාලනය කරන එකට සැහැල්ලු රාත්‍රී ආහාරයක් හා විශාල උදේ ආහාරයක් ගැනීම වැදගත් කියලා. නිතරම සැහැල්ලු ආහාර ගන්නවාට වඩා උදේට හොඳ ආහාර වේලක් අරගෙන රෑට සැහැල්ලු ආහාරයක් ගන්න එකෙන් බර අඩු කරගන්න ලොකු උදව්වක් ලැබෙනවා.

මේකට හේතුව තමයි, දවසේ විවිධ වේලාවන්හි පරිවෘත්තීය වේගය වෙනස් වීම. ඒ නිසා උදේ ආහාරය විදියට වැඩිපුර කැලරි අඩංගු ආහාර වේලක් ගන්න ඕන. ඒ වගේම ඔයාගෙ දිවා ආහාරය මධ්‍යම ප්‍රමාණයේ විය යුතු අතර රාත්‍රී ආහාරය සැහැල්ලු විය යුතුයි.

02. අපි හිරු එළියේ ඇවිදින්නේ නෑ.

හිරු එළිය මගින් මේදය දහනය කරනවා. ඒ වගේම හිරු එළියට නිරාවරණය වන විට ලිපිඩ ප්‍රමාණය අඩු වෙන බවත් පර්යේෂණයකින් හොයාගෙන තියනවා.

ශීත සෘතුවේදී මිනිසුන්ගේ බර වැඩි වෙන එකට හිරු එළිය අඩුවෙන් ලැබීමත් හේතු වෙනවා. ඒත් වැඩි වෙලාවක් අව්වේ ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි කියලත් මතක තියාගන්න. අව්වට නිරාවරණය වෙන හැම වෙලාවකම සන්ස්ක්‍රීන් භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

03. උදේට අවදි වුණාම වතුර වීදුරුවක් බොන්න අපිට අමතක වෙනවා.

වැඩිහිටියෙකුගේ සිරුර 55% සිට 60% දක්වා හැදිලා තියෙන්නෙ ජලයෙන්. ඒ නිසා උදේට අවදි වුණු ගමන් වතුර වීදුරුවක් බොන එක ගොඩක් වැදගත්. ජලය මගින් පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩි කරනවා. එමගින් මේදය එකතු වීමේ අවදානම අඩු කරනවා. ඒ නිසා ශරීරයට විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත් උදව් වෙනවා.

04. අපි ව්‍යායාම කරන්නේ නෑ.

උදේට ව්‍යායාම කරන එකෙන් අපිට වාසි ගොඩක් ලැබෙනවා. කැලරි දහනය වෙනවා වගේම පරිවෘත්තීය ක්‍රියාවල වේගයත් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි, උදේ ව්‍යායාම මඟින් ඔයාගෙ ආහාර රුචිය අඩු කර ගන්න පුලුවන්. උදෑසන ආහාරයට පෙර ව්‍යායාම කිරීමට පුරුදු වී සිටින අය දවස පුරා ආහාර ගන්නෙ අඩුවෙන් කියලා අත්හදා බැලීමකින් ඔප්පු වුණා.

ආහාර ගැනීමෙන්, උදෑසන ව්‍යායාම කරන්නෙ නැති අය අවදි වීමේ ආතතිය නැති කරගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, දවල් කාලයේදී ව්‍යායාම කරනවාට වඩා උදේට බඩගින්නේ ඉන්නකොට ව්‍යායාම කිරීම මගින් ඉක්මනින් බර අඩු කරගන්නත් පුලුවන් බව හොයාගෙන තියනවා.

05. අපි රසවත් කෑම දවල්ට හෝ රෑට කන්න ඉතුරු කරගන්නවා.

ඔයාට පැණිරස හෝ බේක් කළ ආහාර කන එක නවත්තන්නම බැරි නම් ඒවා උදේට කන්න. පැණිරස හෝ බේක් කල ආහාර හවසට ගන්නවාට වඩා උදේට ගන්න එකෙන් ඔයාගෙ බර වැඩි වීමට ලොකු බලපෑමක් ඇති වෙන්නෙ නෑ. ඒ කියන්නෙ හවසට මෆින් ආහාරයට ගන්නෙ නැතුව උදේට මෆින් ආහාරයට ගැනීමෙන් ඔයාගෙ මහත වැඩි වෙන්නෙ නෑ.

06. අපි උදේට ප්‍රවෘත්ති බලනවා.

උදේට ප්‍රවෘත්ති බැලීමෙන් ඇති වන බිය හා කෝපය ඔයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. ඔයා කාලයක් තිස්සේ නිදා ගැනීමේ අපහසුතාවකින් පෙළෙනවාද? මේකට හේතු වෙන්නෙ දිගු කාලීන ආතතිය නිසා ප්‍රාථමික සෛල මේද සෛල බවට පත්වීමයි.

මානසික ආතතිය නිසා ශරීරය මගින් අලුත් පරිසරයකට හැඩගැසීමට උපකාර වන හෝමෝන නිපදවනවා. ආතතිය කෙටිකාලීන නම්, අලුත් මේද සෛල හැදෙන්නෙ නෑ. ආතතිය දිගු කාලීන නම් කැලරි ඉතිරි කිරීමේ යාන්ත්‍රණය ආරම්භ වෙනවා. ඊට පස්සෙ අපි අඩුවෙන් කෑවත් ආතති තත්වය නැති වෙනකන් අපේ බර අඩු කරගන්න වෙන්නෙ නෑ.

07. අපේ සුරතල් සතුන්ගේ උපකාරය අපි අමතක කරනවා.

දුවනකොට අපිට අපේ සුරතල් බල්ලා හොඳ සහකරුවෙක් කරගන්න පුලුවන්. ඒ වගේම ඇදීමේදී හා යෝග කිරීමේදී සුරතල් පූසා හොඳ සහකරුවෙක් වෙනවා. අධ්‍යයනයකදී ලැබුණු ප්‍රතිඵලවලින් පෙනී යන්නේ සුරතල් සතුන් ඉන්න අයට ශරීරයේ බර පාලනය කිරීම පහසු බවයි. ඊට අමතරව, සුරතල් සතෙක් එක්ක කතා කිරීමෙන් හා එයාලව රැකබලා ගැනීමෙන් ඔයාට මානසික ආතතිය අඩු කරගන්නත් පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *