මේ ලක්ෂණ ඔබටත් ඇති නම් ඔබට ප්‍රෝටීන ඌණතාවය

අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රෝටීන් මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මේක අපි හැමෝම දන්න දෙයක්නේ. ඒ වගේම ඔයාට ප්‍රෝටීන් ඌණතාවයක් තියනවා නම්, ඔයාගෙ ශරීරයට ඒක හානිකරයි. ලෝකය පුරා ජීවත්වන ජනතාවගෙන් බිලියන 1 ක ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළෙන බව අධ්‍යයනයකින් හෙළි වෙලා තියනවා. විශේෂයෙන් මධ්‍යම අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ දරුවන්ගෙන් 30% ක් පමණ ප්‍රෝටීන් අඩුකමෙන් පීඩා විදිනවා.

ඔයාට ප්‍රෝටීන් ඌණතාවයක් තියනවද කියලා ඔයා දැනගන්නෙ කොහොමද? ඔන්න අද අපි ඔයාට කියලා දෙන්නෙ ප්‍රෝටීන් ඌණතාවය ගැන අපේ ශරීරයෙන් අපට කරන අනතුරු ඇඟවීම් හා එහි රෝග ලක්ෂණ මොනවද කියලයි. ඔයාටත් මේ ලක්ෂණ තියනවා කියලා කියවලාම බලන්නකෝ.

08. ආහාර තෘෂ්ණාව

ඔයාට හැමවිටම බඩගිනි දැනෙනවාද? එහෙමත් නැත්නම් කෑම හා කෙටි කෑම ගැන තියන කැමැත්ත වැඩිද? එහෙනම් ඒක ප්‍රෝටීන් ඌණතාවයේ ලක්ෂණයක් වෙන්න පුලුවන්. කැලරි ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රෝටීන් ප්‍රමාණය අඩු, ආහාර වැඩියෙන් ලබාගැනීම තමයි මේ තත්වයට හේතු වෙන්නෙ.

07. මාංශ පේශි හා සන්ධි වේදනාව

මාංශ පේශි කියන්නෙ ශරීරයේ විශාලතම ප්‍රෝටීන් ගබඩාවයි. ඉතින් ඇඟට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වුණාම මාංශ පේශි දුර්වල වීම, වේදනාවක් ඇතිවීම හා ස්කන්ධය නැතිවීම වගේ ලක්ෂණ ඇතිවෙනවා. මේ තත්වය වැඩිපුර දකින්න ලැබෙන්නෙ වැඩිහිටියන් අතර කියලා අධ්‍යයනයකින් හෙළි වුණා. මොකද, මාංශ පේශි වර්ධනය හා නඩත්තුව සඳහා ප්‍රෝටීන් නැතුවම බැරි දෙයක්.

06. සම හා නියපොතු සම්බන්ධ ගැටලු

ප්‍රෝටීන් ඌණතාවය නිසා ඔයාගෙ නියපොතු දුර්වල හා අස්ථාවර වෙනවා. ඒ වගේම සමහර විට නියපොතු වල සුදු පැහැ පටි හා දුඹුරු පැහැ ලප දකින්න ලැබෙනවා.

ප්‍රෝටීන් ඌණතාවය අපේ නියපොතුවලට විතරක් නෙවෙයි, අපේ සමටත් බලපානවා. එතකොට ප්‍රෝටීන් සෛල නැවත ඇතිවීම වේගවත් කරනවා. අලුත් සෛල නිපදවනවා. මිය ගිය සෛල වෙනුවට අලුත් සෛල හැදෙනවා. මේක දිගටම සිදුවුණොත්, ඔයාගෙ සමට වියළි, ​​සිනිඳු හා ඉරිතලා ඇති පෙනුමක් ලබාදෙනවා.

05. හිසකෙස් හැලීම

අපේ හිසකෙස්වලින් 90%ක්ම හැදිලා තියෙන්නෙ කෙරටින් කියන ප්‍රෝටීන් වර්ගයෙන්. ඔයාට ඇති තරම් පෝෂ්‍ය පදාර්ථ නොලැබුණොත්, හිසකෙස් සිහින් වෙලා දුර්වර්ණ වෙනවා. මෙහෙම වෙන්නෙ, ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා හිසකෙස් වර්ධනය වගේ අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා ප්‍රෝටීන් භාවිතා කිරීම නවත්වන නිසයි.

04. අක්මාවේ මේදය

අක්මාවේ මේදය තැන්පත් වීමත් ප්‍රෝටීන් ඌණතාවයේ ප්‍රධාන රෝග ලක්ෂණයක්. මේ තත්වයට ඉක්මනින් ප්‍රතිකාර කලේ නැත්නම් මේද අක්මා රෝග ඇති වෙන්න පුලුවන්.

අධිකව මත්පැන් බොන අයට, තරබාරු අයට විතරක් නෙවෙයි, ළමයින්ට පවා මේ තත්වය පොදුයි.

03. අස්ථි බිඳීමේ අවදානම වැඩි වීම

ප්‍රෝටීන් ඌණතාවය, මාංශපේශිවලට විතරක් නෙවෙයි, අපේ අස්ථිවලටත් බලපානවා. ශරීරයට ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් නැති වුණාම අස්ථි දුර්වල වෙනවා. එමඟින් අස්ථි බිඳීමේ අවදානම වැඩිවෙනවා. ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ කැල්සියම් අවශෝෂණය හා අස්ථි පරිවෘත්තීය සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වෙන නිසයි.

02. නින්ද නොයාම

ඔයාට නිදාගැනීමේ අපහසුතාවයක් හෝ නින්ද යන්නේ නැතිකමක් තියනවා නම් ඒකට හේතු වෙන්නෙත් ඔයාගෙ ශරීරයට ප්‍රෝටීන් මදිකමයි. අපි ගන්නා ආහාර වලින් ලැබෙන ප්‍රෝටීන මගින් නිදිබර ගතිය ඇති කරන ඇමයිනෝ අම්ලයක් වන ට්‍රිප්ටෝෆාන් නිපදවනවා. ඒ නිසා හොඳ නින්දක් ලබා ගැනීම සඳහා අපි නින්දට යන්න කලින් ප්‍රෝටීන් බහුල ආහාර අනුභව කරන එක වඩාත් හොඳයි.

01. මොළයේ මීදුම

මොළයේ නිරෝගී ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා නිසි ලෙස ප්‍රෝටීන් ලබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඔයාට අවධානය යොමු කිරීමේ අපහසුව, මතකය දුර්වල වීම හෝ අළුත් දෙයක් ඉගෙන ගැනීමේ අපහසුතාවයක් තියනවා නම් ඒක ඔයා ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළෙන බවට සංඥාවක්. අධ්‍යයනයකින් කියැවෙන්නේ ඩොපමයින්, එපිනෙෆ්‍රින් හා සෙරොටොනින් කියන ස්නායු සම්ප්‍රේෂක මගින් ඔයාගෙ ශරීරයට අවධානය යොමු කිරීම සඳහා උදව් වෙන බවයි.

වැඩිහිටියන් සඳහා නිර්දේශිත අවම දෛනික ප්‍රෝටීන් ප්‍රමාණ මෙසේයි. පුරුෂයින් සඳහා දිනකට ග්‍රෑම් 56 ක්, කාන්තාවන් සඳහා දිනකට ග්‍රෑම් 46 ක් හා ළමයින් සඳහා එය ඔවුන්ගේ වයස අනුව ග්‍රෑම් 19-34 දක්වා වෙනස් වෙනවා. ඒ වගේම ගර්භණී හෝ අසනීප අය සඳහා මේ ප්‍රමාණ වෙනස් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *