මේ ලක්ෂණ 12 ඇති නම් ඔබ බොන ජලය ප්‍රමාණය මදි

උසම උස අයිස් වතුර වීදුරුවකට වඩා ප්‍රබෝධයක් දෙන දෙයක් තවත් මේ ලෝකයේ නෑ. සමහර විට කෝපි කෝප්පයකට හෝ සෝඩා කෑන් එකකට වඩා සරල වතුර වීදුරුවක් මගින් ලබා දෙන තෘප්තිමත් බවට කැමති නැති කෙනෙක් ඉන්න විදියක් නෑ. එහෙම තියෙද්දිත්, අපෙන් ගොඩක් දෙනෙක් දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නෙ නෑ. ලෝකයේ වඩාත්ම ස්වාභාවික සම්පත අපි අපේ ශරීරයට ලබා දෙන එක අතපසු කරන එක හොඳයිද? වතුර බොන එක අඩු වුණාම අපේ ශරීරයේ ගොඩක් ක්‍රියාවලි බිඳවැටෙනවා. ඔයාටත් අපි මේ කියන ලක්ෂණ තියනවා නම් ඉක්මනටම ගිහින් වතුර වීදුරුවක් බොන්න.

01. මුඛය වියළීම

මේක නම් ගොඩක් පැහැදීව පෙනෙන හා දැනෙන ලක්ෂණයක්. ඔයාගෙ මුඛයේ ඇලෙන සුළු, අප්‍රසන්න හැඟීමක් ඔයාට දැනෙන ඕනෑම වේලාවක, ඔයා ඉක්මනටම කරන්නෙ මොනවහරි දෙයක් බොන එක නේද? ඒත් සීනි බීම කියන්නෙ ලොකු ගැටලුවකට තාවකාලික විසඳුමක් විතරයි. පානීය ජලය මගින් ඔයාගෙ කටේ හා උගුරේ උගුරේ ඇති ශ්ලේෂ්මල පටල ලිහිසි කරනවා. ඒ වගේම වතුර බීලා ගොඩ වෙලාවක් යනකන් ඔයාගෙ කටේ ලවණ සමග තෙතමනය රඳවා තබා ගන්නවා.

02. සම වියළීම

සම කියන්නෙ ශරීරයේ විශාලතම අවයවය. ඒ නිසා සමට තෙතමනයක් ලබා දෙන එක ගොඩක් වැදගත්. ඇත්තටම, වියළි සම කියන්නෙ පූර්ණ විජලනයේ මුල්ම සංඥා වලින් එකක්. එමගින් විශාල ගැටළු ඇතිවෙන්න පුලුවන්. ජලය නොමැතිකම නිසා දහඩිය නැතිවෙනවා. එමඟින් දවස පුරා එකතු වන අතිරික්ත අපිරිසිදු හා තෙල් සෝදා ගන්න ශරීරයට නොහැකි වෙනවා. ඒ නිසා සම වියළීම වළක්වගන්න හැම විටම වතුර බොන එක ගොඩක් වටිනවා.

03. අධික පිපාසයක් දැනීම

කටේ වියළීමක් ඇති වෙන එක ගැන අපි කලින් කතා කලා. ඒත් පිපාසය කාන්තාරයක් වගේ. නිදාගෙන ඉන්නකොට ශරීරයට ඇති තරම් ජලය ලබා ගන්න බෑ. ඒකයි නැගිටපු ගමන් ලොකු තිබහක් දැනෙන්නෙ. ඒ වගේම ඇල්කොහොල් මගින් මුළු ශරීරයම විජලනය කරනවා. පානීය ජලය මගින් ශරීරයේ තරල මට්ටම නැවත මූලික මට්ටමට ගෙනඒමට මොළයට උදව් වෙනවා.

04. ඇස් වියළීම

ඔයාගෙ කටට හා උගුරට පානීය ජලය ගොඩක් වැදගත් කියලා දැන් පැහැදිලියිනේ. ජලය පරිභෝජනය නොකිරීම නිසා ඇස් වියළි, ​​ලේ වැගිරීම් ඇති වෙන්න ඉඩ තියනවා. ශරීරයේ ජලය නැති වුණාම ඔයාගෙ කඳුළු නල වියළී යනවා. ඔයාට කඳුළු එන්නෙ නැත්නම් හෝ ඇස්වල වියළි ගතියක් දැනෙනවා නම් ඒකෙන් කියන්නෙ ඔයා වතුර බොනවා මදි කියලයි. ඒක ඔයාගෙ ඇස්වලට හොඩක් හානිකරයි. විශේෂයෙන්ම ඔයා කාච පළඳින කෙනෙක් නම් ඇස තුවාල වෙන්න ඉඩ තියනවා.

05. සන්ධි වේදනාව ඇතිවීම

අපේ කාටිලේජ හා කොඳු ඇට පෙළෙන් 80% ක් හැදිලා තියෙන්නෙ ජලයෙන්. අපි ගන්න හැම පියවරක් සමඟම අපේ ඇටකටු එකකට එකක් ඇඹරීමෙන් වළක්වා ගැනීම සඳහා ජලය ගොඩක් වැදගත් වෙනවා. ශරීරය සජලීව තබා ගැනීමෙන්, ඔයාගෙ සන්ධිවලට දිවීම, පැනීම හෝ අමුතු ලෙස වැටීම වගේ හදිසි චලනවල කම්පනය අවශෝෂණය කරගන්න පුලුවන් වෙනවා.

06. මාංශ පේශිවල බර අඩුවීම

ඔයාගෙ මාංශ පේශිත් ගොඩක් දුරට ජලයෙන් සමන්විත වෙනවා. ඇත්තටම, ශරීරයේ ජලය අඩුයි කියන්නෙ මාංශ පේශි අඩුයි කියන එකමයි. ව්‍යායාමයකට කලින්, අතරතුර හා පසුව ජලය පානය කිරීමෙන් ඔයාව සජලීව හා සුවපහසු ලෙස තියාගන්නවා විතරක් නෙවෙයි, එමගින් ඔයාගෙ ශරීරයේ නිවැරදි ස්ථානවලට ජලය ගෙන එනවා. ඒ වගේම ව්‍යායාම හා බර ඉසිලීම සම්බන්ධ දැවිල්ල හා උගුරේ අමාරුව ඇතිවීමේ අවදානම අඩු කරනවා.

07. දිගින් දිගටම අසනීප වීම

පානීය ජලය මගින් දිගින් දිගටම ශරීරයෙන් විෂ ද්‍රව්‍ය පිට කිරීමට උදව් කරනවා. ඔයාගෙ ශරීර අවයව මැෂින් එකක් වගේ ශරීරයේ තියන ඇතැම් අපද්‍රව්‍ය පෙරනවා. ඒත් මේ මැෂින් එකට තෙල් ඕන. ඒ කියන්නෙ වතුර. විජලනය වූ සිරුරක සිදුවන්නේ මොකක්ද? අවයවවලට ඇති තරම් ජලය නොලැබෙනකොට, රුධිරය ගබඩා කරපු ප්‍රදේශවලින් ජලය ඇද ගන්න පටන් ගන්නවා. එමගින් අලුත් ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න පුලුවන්.

08. තෙහෙට්ටුව සහ උදාසීන බවක් දැනීම

අපි දැන් කිව්වා වගේ, ශරීරයක් විජලනය වුණාම එය ඔයාගෙ රුධිරයෙන් ජලය ණයට ගන්නවා. නිසි ලෙස සජලීකරණය කළ රුධිරය නොමැතිකම නිසා ශරීරය පුරා ඔක්සිජන් ගෙන ඒමට බාධා ඇතිවෙනවා. ඔක්සිජන් නොමැතිකම නිසා නිදිමත හා සම්පූර්ණ තෙහෙට්ටුව ඇතිවෙනවා. ශක්තියක් නොමැතිකම කියන එකෙන් අදහස් කරන්නෙ දවල් වෙනකොටම ඔයාට තෙහෙට්ටුවක් දැනෙන්න පටන් අරන් දවසේ වැඩ ඔක්කොටම බාධා ඇති වෙන එකයි. ඒ වගේම මේ තෙහෙට්ටුව නැති කරන්න කෝපි දිගු කාලීනව උදව් නොකරන බවත් මතක තියාගන්න.

09. කුසගින්නෙන් පෙළීම

විජලනය වුණාම, ඔයාගෙ ශරීරය එයට ආහාර අවශ්‍ය යැයි හිතන්න පටන් ගන්නවා. මේක දවස පුරාම සිදුවන අතර රෑටත් බඩගිනි වෙලා ඇහැරෙනවා. කොහොම වුණත්, ආහාර අනුභව කිරීම මගින් ශරීරයට වැඩ වැඩි කරනවා. පානීය ජලය මගින් ඔයාගෙ අවයව පිරිසිදු කරලා ශරීරය හරහා ගමන් කරන්න අවශ්‍ය ඉන්ධන සපයනවා.

10. ආහාර ජීර්ණ ගැටළු ඇතිවීම

අපේ මුඛයේ හා උගුරේ තියන ශ්ලේෂ්මල ගැනත්, ඒවා සජලීයව තබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි කලින් සඳහන් කලා. මේක සමස්ත ආහාර ජීර්ණ පද්ධතියටම අදාළයි. නිසි සජලනයකින් නොලැබෙනකොට, ආමාශයේ තියන ශ්ලේෂ්මල ප්‍රමාණය හා ශක්තිය අඩුවෙනවා. අගින් ඇතිවෙන ආමාශ ආම්ලිකතාවය මගින් ආමාශය ඇතුළට හානි කරනවා. අජීර්ණ තත්ව ඇතිවෙන්නත් හේතු වෙනවා.

11. අකලට වයසට යාම

වයසට යනකොට අපේ ශරීරය රඳවා ගන්නා ජල ප්‍රමාණය ස්වභාවිකවම අඩු වෙනවා. මේකෙන් අදහස් කරන්නේ, අප වයසට යනකොට, දැනුවත්වම අපේ ජල පරිභෝජනය වැඩි කරන්න ඕන කියලයි. අකලට වයසට යාම පිටතින් වඩාත් පැහැදිලිව පෙනෙනවා. ඒත් එය අපගේ අභ්‍යන්තරයට සිදුකරන හානිය පේන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා තරුණ කාලෙදිම සම වයස්ගත වෙන එක නැති කරගන්න නම් හොඳින් වතුර බොන්න වෙනවා.

12. මෙය කියවන අතරතුරත් වතුර බොන්න.

මම හැම වෙලේම වතුර බොනවා. මම වැඩ කරනකොට, හෝ රූපවාහිනිය ඉදිරිපිට වාඩි වෙලා හිටියත්, හැම වෙලාවකම වතුර වීදුරුවක් හෝ බෝතලයක් ලඟ තියාගෙන පානය කරනවා. ඔයා මේ ලිපිය කියවන්න කලින් හිතාගෙන හිටියෙ ඔයා ප්‍රමාණවත් තරම් වතුර බොනවා කියලා නේද? ඒත් මේ ලක්ෂණ වලින් එකක් හරි ඔයාට තියනවා නම් ඔයා බොන වතුර ප්‍රමාණය මදි කියලා අමතක කරන්න එපා. අද ඉඳන්වත් නිතරම හොඳින් වතුර බොන්න. එතකොට ඔයාගෙ ශරීරයේ දැනට තියන ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ඉබේම ලැබෙයි.

2 Comments on “මේ ලක්ෂණ 12 ඇති නම් ඔබ බොන ජලය ප්‍රමාණය මදි”

  1. ජලය යනු අපගේ ජීවයයි..මේ ලංකාවේ ජලය වත්මන් වන විට විනාශ කර ඇත..ආම්ලික වී ඇත..ජලය ආම්ලික නම් රෝගයන් බෝවෙන අතර ශරිරයේ ජලය භාෂ්මික නම් කිසිම රෝගයක් වැලදීමට හැකියාව අඩුය…වසර සිය ගනනක් සිට ජලය අපිරිසිදු කරන්නේ අනාගත සැලසුම් සහගත කටයුත්තක්…
    තවත් කෙටි කලකින් මේ ජලයේ බලය අල්ලා ගන්න ඉන්දියාව..චීනය..ඇමරිකාව..ඇස ගසා ගෙන සිටිනවා..
    පිලිකා ඇතුළු ඕනෑම රෝගයන් සුවවීම පිළිබඳ කියලා දෙන්න මම දන්නවා…
    මම විශ්වජීවබල වෙදයය එස් ජූඩ් සිල්වා..දුරකතන 0718669451

Leave a Reply

Your email address will not be published. Required fields are marked *