මේ ලක්ෂණ 7 ඔබටත් ඇති නම් ඔබ අදිකව ලුණු කන කෙනෙක්

පෝෂණවේදීන් කියන විදියට අපේ ශරීරයට දවසකට සෝඩියම් මිලිග්‍රෑම් 2,300 ක් ලබා දෙන්න ඕන. ඒ කියන්නෙ සෝඩියම් මේස හැඳි 1ක් දිනකට අපේ ශරීරයට අවශ්‍යයි. කොහොම වුණත් දැනට ගණන් බලා තියන විදියට අපි සාමාන්‍යයෙන් දවසකට සෝඩියම් මිලිග්‍රෑම් 3,400 ට, ඒ කියන්නෙ මේස හැඳි 1 1/3 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නවා. ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරයට සොඩියම් ලැබෙන්නෙ අපි පරිභෝජනය කරන ලුණුවලින්. ඒත් ඕනෑවට වඩා ලුණු පරිභෝජනය නිසා හයිපර්නාට්‍රේමියාව ඇති වෙන්න පුලුවන්. ඒ වගේම කාලයක් යනකොට තවත් බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නත් සිදුවෙනවා.

අපේ ලුණු පාවිච්චිය වැඩි වෙනකොට ඒ බව අපිට දන්වන්න අපේ ශරීරයෙන් විවිධ අනතුරු ඇඟවීම් කරනවා. ඔයාගෙ ආහාර වේලෙහි අධික ලෙස ලුණු අඩංගු වන බවට පෙන්නුම් කරන සංඥා කිහිපයක් ගැනයි අද අපි ඔයාව දැනුවත් කරන්නේ.

07. ඉදිමීම

ඔයා දිනකට පාවිච්චි කරන්න කියලා තියන ලුණු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලුණු ආහාරයට ගන්නවා නම් ඔයාගෙ කකුල් ඉදිමෙන්න පටන්ගන්නවා. උදේට ඇස්වල සුදුමැලි බවක් දකින්න ලැබෙනවා. අධික ලුණු පරිභෝජනයේ ප්‍රතිඵලයක් විදියට ඔයාගෙ ශරීරය වැඩිපුර ජලය රඳවා ගැනීමට පටන් ගන්නවා. මේ තත්වය එඩීමා ලෙස හඳුන්වනවා.

06. වැඩිපුර තිබහ දැනීම

ලුණු වල තියන සෝඩියම් මගින් ඔයාගෙ ශරීරයේ තරල සමතුලිත කිරීමට උපකාරී වෙනවා. ඔයා ඕනෑවට වඩා ලුණු ආහාරයට ගන්නකොට, ඔයාගෙ මාංශ පේශි හා අනෙකුත් අවයව හරියට ක්‍රියා කිරීමට ඔයාගෙ ශරීරයට වැඩිපුර තරල අවශ්‍ය වෙනවා. ඒ නිසා නිතරම හොඳින් වතුර බොන එක ඔයාගෙ ශරීරයට ගොඩක් වැදගත් වෙනවා.

ඇති තරම් වතුර බොන්නෙ නැති වුණාම ඔයාගෙ ශරීරය මගින් සෛල තුළ තියන තරල පිටතට ගැනීම වැඩි වෙනවා. එමගින් ඔයාට විජලනය ඇති වෙන්න පුලුවන් කියලත් මතක තියාගන්න.

05. මුත්‍රා වල වෙනස්කම්

ලුණු ගොඩක් පරිභෝජනය කිරීම නිසා ඔයාගෙ වකුගඩුවලට වැඩ වැඩිවෙනවා. වකුගඩුවලින් සිදුවන පෙරීමේ ක්‍රියාවලිය වැඩි වෙලා වකුගඩු වැඩිපුර මහන්සි වෙනවා. මෙය වකුගඩු රෝගයට හේතු වෙන්න පුලුවන්. ඔයා සාමාන්‍ය ප්‍රමාණයට ලුණු ආහාරයට ගන්නවා නම් සහ හොඳින් වතුර බොනවා නම් ඔයාගෙ මුත්‍රා විනිවිද පෙනෙන හෝ සම්පූර්ණයෙන්ම පැහැදිලිව පෙනෙන පාටක් ගන්නවා. ඒත් ඔයාගෙ ශරීරයේ වැඩිපුර සෝඩියම් තිබීම නිසා ශරීරයේ තරල නැතිවෙලා විජලනය ඇතිවෙනවා. ශරීරයේ සැලකිය යුතු ලෙස ජල ප්‍රමාණය අඩු වුණාම ඔයාගෙ මුත්‍රා පිටවීම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මුත්‍රා ගණ සහ තද කහ පැහැයට හැරෙනවා.

04. අස්ථි

ලුණු පරිකභෝජනය ඕනෑවට වඩා වැඩි වුණාම ඔයාගෙ අස්ථි පද්ධතියේ ශක්තිමත් නව අඩු වෙනවා. ඔයා වැඩිපුර නිතිපතා මේස ලුණු අනුභව කරන විට, ඔයාගෙ වකුගඩු වලින් එම ලුණු සම්පූර්ණයෙන්ම පෙරා ඉවත් කරන්න බැරි වෙනවා. මෙමගින් ශරීරයේ කැල්සියම් අඩු වෙනවා. කැල්සියම් ඌණතාවය නිසා අස්ථි දුර්වල වීම, දත්වල ගැටලු ඇති වීම හා ඔස්ටියෝපොරෝසිස් ඇතිවීමටත් හේතු වෙනවා.

03. මාංශ පේශි කැක්කුම

ශරීරය තුළ නිවැරදි සෝඩියම් හා පොටෑසියම් සමතුලිතතාවය පවත්වාගන්න එක ගොඩක් වැදගත්. මාංශ පේශි හැකිලීමට මේ රසායනික මූලද්‍රව්‍යයන් වගකිව යුතු නිසා ඒවා ඔයාගෙ සෞඛ්‍යයටත් බලපානවා. රසකාරකයක් අධික ලෙස ලුණු භාවිතා කිරීමෙන් හෝ ලුණු සහිත ආහාර අධික ලෙස පානය කිරීමෙන් මේ සමතුලිතයට හානි වෙනවා. එවිට මාංශ පේශිවල කැක්කුම හෝ තද බව හා වේදනාව ඇතිවෙනවා.

02. හැමවිටම ඇතිවන හිසරදය

වැඩිපුර සෝඩියම් පරිභෝජනය මගින් ඔයාගෙ රුධිරයේ පරිමාව වැඩි කරනවා. එමගින් ඔයාගෙ රුධිර නාලවල වැඩි ඉඩක් ලබා ගන්නවා. රුධිර නාල වල මෙම ව්‍යාප්තිය නිසා අධි රුධිර පීඩනය ඇති වෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදියට දරුණු හිසරදයක් ඇතිවෙන්න පුලුවන්.

01. සිතීම සම්බන්ධ ගැටළු

අධික ලුණු පාවිච්චිය නිසා ඇතිවන අධි රුධිර පීඩනය මගින් ඔයාගෙ මොළයට යන ධමනි වලට හානි සිදු කරනවා. මෙය පැහැදිලිව සිතීමේ හැකියාවට බලපානවා. ඒ වගේම එදිනෙදා කාර්යයන්වලට අවධානය යොමු කිරීමත් අපහසු කරනවා.

ඊට අමතරව, නිරන්තරයෙන් විජලනය වීමෙන් මතකය දුර්වල වීම, වෙහෙස දැනීම සහ ක්‍රියාශීලී බව අඩු වීමත් සිදුවෙනවා.

එදිනෙදා පාවිච්චි කරන ලුණු ප්‍රමාණය අඩු කරන්නේ කොහොමද?

පාන්, රෝල්ස්, පීසා, සැන්ඩ්විච්, බර්ගර්, ටින් කළ සුප්, බුරිටෝස් හා ටකෝස් වගේ වැඩිපුර ලුණු අඩංගු ආහාරවලින් පුලුවන් තරම් ඈත් වෙන්න. සැකසූ හෝ ආපනශාලා ආහාරවලට යොදන කල්තබා ගැනීමේ ද්‍රව්‍යවලත් ඉහළ සෝඩියම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. හැම විටම ආහාරවල ලේබලයේ සඳහන් කරලා තියන සෝඩියම් ප්‍රතිශතය පරීක්ෂා කරන්න. එක් ආහාරයකට දෛනික සෝඩියම් ප්‍රමාණයෙන් 5% හෝ ඊට අඩු ආහාර තෝරාගන්න. ආහාරවලට ලුණු එකතු කරනවා වෙනුවට, නැවුම් හෝ වියලූ බෙහෙත් පැළෑටි හෝ ලෙමන් යුෂ හා විනාකිරි වගේ අම්ල මගින් ඔයාගෙ ආහාර වේලෙහි රසය වැඩි කරගන්න උත්සාහ කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *