මේ ලක්ෂණ 9 ඇති නම් ඔබට ඇත්තේ වැරදි සම්බන්ධයක්

දෙන්නෙක් අතර ස්ථාවර සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න නම් එකිනෙකාට ගරු කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඒවගේම අපගේ සහකරුගේ හැඟීම් තේරුම් අරගෙන ඔහු හෝ ඇයත් එක්ක ඉන්න කියලත් අපේ සමාජය අපිට උගන්වනවා. ඒත් ආදරය අන්ධයි. හොඳ සම්බන්ධතාවයකදී තමන්ගේ සහකරුගේ නිදහස, හැඟීම් වගේම සහකරුට ගරු කරන එකත් හරිම වැදගත්.

අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයා දැනටමත් ඉන්නෙ හොඳ සම්බන්ධතාවයකද නැත්ද කියලා දැනගන්න ආකාරය ගැනයි. ඒත් අපි මේ කියන ලක්ෂණ වලින් කිහිපයක් හරි ඔයාගෙ සහකරු තුළ තියනවා නම් ඔයාට ඔයාගෙ සම්බන්ධතාවය ගැන ආයෙත් වරක් හිතන්න වෙනවා කියලා අපි මතක් කරනවා.

01.මිතුරන් සමඟ එළියට යන්න ඉඩ නොදීම.

එයා ඔයාට යාලුවො හම්බවෙන්න යන්න දෙන්නෙ නැද්ද? ගියත් ටික වෙලාවකින් එන්න කිය කිය කරදර කරනවද? එහෙනම් ඔයා දැනටමත් ඉන්නෙ හොඳ සම්බන්ධතාවයක නෙවෙයි. යාලුවො ආශ්‍රය කරන්න දෙන්නෙ නැති සහකරුවෙක් එක්ක ඉන්න එක සම්බන්ධතාවය දිගු කලක් තියෙන්නෙ නැති වෙන එකට හොඳ අනතුරු ඇඟවීමක්.

වැඩිපුර වෙලාවක් දෙන්නත් එක්ක එකට ගත කරන්න ඇබ්බැහි වෙන ව්ක ආදරේ පටන් ගත්තු කාලෙදි හරිම සාමාන්‍ය දෙයක්. ඒත් අපි මුල ඉඳලම අපේ සහකරුවාව හිර කරගෙන, යාලුවො ආශ්‍රය කරන්න දෙන්නෙ නැතුව ඉන්න එක නම් හොඳ දෙයක් නෙවෙයි.

02. ඔයාගෙ පර්ස් එක පාලනය කිරීම

සම්බන්ධතාවයකදි විශ්වාසය කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක් වුණත් හැම විටම ඔයා ඔයාට මුල් තැනක් දෙන්න ඕන. ආදරේ කරන කාලෙ ඔයාගෙ පර්ස් එකේ තියන සල්ලි වියදම් කලේ සහකරුට ඕන විදියට නම්, හදිසියේවත් ඔයාගෙ සම්බන්ධය නැවතුණොත් ඔයා සල්ලි වියදම් කරන්නෙ කොහොමද?

කපල් එකක් වුණාම අත්දැකීම් හා එක එක භාණ්ඩ බෙදාගන්න එක සාමාන්‍ය දෙයක්. ඒත් දෙන්නගෙම ආදායමෙන් කොටසක් එකට තියන එක වගේම තමන් ලඟ වෙන වෙනම මුදල් ටිකක් තියාගන්න එකත් වැදගත් වෙනවා.

03. දුරකථනය පරීක්ෂා කිරීම.

එකිනෙකාගේ දුරකථන හා ඊ මේල් චෙක් කරන එක ආදරේදි විශ්වාසය ඇති කරවන්න කරන්න ඕන දෙයක් නෙවෙයි. අනිත් කෙනාගෙ පෞද්ගලිකත්වය නැති වෙන විදියට එයාගෙ මැසේජ්, ඊ මේල් චෙක් කරන එක සමහර වෙලාවට සැකය නිසා ඇති වෙන්නත් පුලුවන්. ඒත් මේ වගේ හැසිරීම් නිසා ඔයාගෙ සහකරුගේ පෞද්ගලිකත්වය හා නිදහස නැති වෙනවා වගේම එයාට ඔයාව එපා වෙන්නත් ඉඩ තියනවා. සම්බන්ධතාවයකදි මුලින්ම එකිනෙකා විශ්වාස කරන්න ඉගෙන ගන්න ඕන. මොකද විශ්වාසය කියන්නෙ හොඳ සබඳතාවයක තියෙන්නම ඕන ගුණාංගයක්.

04. ඇඳුම් ඇඳිය ​​යුතු ආකාරය ගැන නීති දැමීම

ඔයාටම ආදරය හා ගෞරව කිරීමෙන් තමයි සම්බන්ධතාවයක ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට ඔයා පටන් ගන්න ඕන. ඔයා අඳින පළඳින විදියට ඔයාගෙ සහකරු කැමති නැද්ද? ඒක තීරණය කරන්න ඕන ඔයා මිසක් ඔයාගෙ සහකරු නෙවෙයි. ඔයා අඳින්නේ අනිත් අය වෙනුවෙන් නෙවෙයි. එහෙමයි කියලා නොගැලපෙන විදියට අඳින පළඳින එක නම් අපි අනුමත කරන්නෙ නෑ.

05. ෆෝන් එක ආන්සර් කරන්න වෙලා ගියාම සහකරුට තරහ යෑම

මේකෙ කිසිම වැරැද්දක් නෑ කියලා ඔයාට හිතෙනවද? ඒත් සම්බන්ධතාවයක් තියෙන්න ඕන මනසට නිදහසක් ලබාදෙන විදියට මිසක් අනිත් කෙනාව පාලනය කරන අදහසකින් නෙවෙයි. ඔයාගෙ සහකරුගෙන් මිස්ඩ් කෝල් එකක් දකින හැම අවස්ථාවකම ඔයා බය වෙනවා නම් ඒක ටිකක් හිතන්න ඕන දෙයක්.

06. හොඳම මිතුරාට ඊර්ෂ්‍යා කිරීම.

ඉරිසියාව කියන්නෙ ලෙඩක්. සමහර විට අපි ඒ ගැන විහිළු කරන කරනවා. ඒත් සහකරු ඔයාගෙ හොඳම යාළුවට ඉරිසියා කරනවා කියන්නෙ එයා ඔයාට ඒ තරමටම ආදරෙයි කියන එක නෙවෙයි. ඔයාගෙ සහකරු ඔයාව විශ්වාස කරන්නෙ නැත්නම්, හොඳ සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න අමාරුයි.

07. ඔයාගෙ හිතේ තියන දේ කියන්න ඔයා බය වීම.

ආදරය කිරීම කියන්නෙ සතුටින් ඉන්න එක මිසක් බයෙන් ඉන්න එක නෙවෙයි. ඔයාගෙ සහකරු වෙන්න ඕන විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්. එහෙම නැතුව ඔයාට එයා එක්ක කතා කරන්න බය නම් එතන හොඳ සබඳතාවයක් ගොඩනගාගන්න බැ.

ඔයාට හිතෙන දේ කියන්න බය වෙන්න එපා. ඒත් අනිත් කෙනාගෙ අදහස් වලටත් ගරු කරන්න. හැමවිටම ඔයා හරි කියලම හිතන්නත් එපා. සහකරු එක්ක කතා කරලා එයාගෙ අදහසුත් දැනගන්න.

08. අපහාස කිරීම.

ඔයාගෙ සහකරු ඔයාට අපහස වෙන විදියට කතා කරනවා නම් ඔයාගෙ තේරීමේ මොකක් හරි වරැද්දක් තියන බව ඔයාට දැනටමත් තේරිලා ඇති. අනිත් කෙනාට අපහස කරන එක හා විවේචනය කරන එක හොඳ සම්බන්ධතාවයක ලක්ෂණයක් නෙවෙයි. එකිනෙකාට ගරු කරන්න පුරුදු වෙන්න.

09. ඔයාගෙ මිතුරන් ඔයාට අනතුරු අඟවනවා නම්

ගොඩක් වෙලාවට සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක්ට ඒකෙ වැරදි පේන්නෙ නෑ. ඒත් ඒ දිහා වෙනස් කෝණයකින් බලන එයාලගෙ යාලුවන්ට වගේම පවුලේ අයටත් ඒ දෙන්නා ගැලපෙනවද නැද්ද කියලා කියන්න පුලුවන්. ඒ නිසා පවුලේ අය හා යාලුවන්ගෙ අදහස් වලටත් ඇහුම්කන් දෙන්න.

ඔයා ගොඩක් දුකින් ඉන්නවා යාලුවෝ දැක්කොත් එයාලා ඒකට හේතුව හොයාගෙන ඔයාට උපදෙස් දෙනවා. සමහර විට ඒක ඔයා පිළිගන්න කැමති නැති ඇත්තක් වෙන්න පුලුවන්. ඒ නිසා ළඟම අයගෙ උපදෙස් ඉවත දමන්න එපා.

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් කියන්නෙ මොකක්ද?

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක ආරක්ෂාව, සහයෝගය හා අන්‍යෝන්‍ය ගෞරවය ඇතුළු ගොඩක් හොඳ ලක්ෂණ තියනවා. ඒත් ඉරිසියාව කියන්නෙ ආදරේ ලක්ෂණයක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගන්න ඕන. මුලින්ම ඔයා කවුද? ඔයාට මොනවගේ දේවල්ද ලැබෙන්න සුදුසු? කියලා හිතලා බලන්න. ඒ වගේම ඔයාට ගරු කරන්න පටන් ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *