රාත්‍රියේදී බය නැතුව ආහාරයට ගත හැකි කෑම වර්ග 9 ක්

අපි අතරෙන් සමහර අයට රෑට නින්දට ගියාම ආයෙත් ටික වෙලාවකින් බඩගිනි වෙලා ඇහැරෙනවා. ඒවගේ වෙලාවට අපි මොනවා හරි සුළු ආහාරයක් බඩට දාගන්නවා. රෑට ඇතිවෙන පොඩි බඩගින්නට කන්න හොඳ දේවල් වගේම හොඳ නැති දේවලුත් තියනවා. කොහොම වුණත් මේ වෙලාවට ඔයා ඩෝනට්ස් හෝ සොසේජස් වගේ ආහාර නම් ගන්න එපා. ඒ වෙනුවට චීස්පෙති කිහිපයක් හෝ පොප්කෝන් වගේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ගන්න අමතක කරන්න එපා.

අද අපි ඔයාට කියන්න යන්නෙ රෑට ඇතිවෙන බඩගින්නට කන්න පුලුවන් ස්නැක්ස් වර්ග කිහිපයක් ගැනයි. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න එකේ වැදගත්කම ඔයා දැනටමත් හොඳින් දන්නවා. ඒ නිසා රෑට ඇහැරුණාමත් අහුවෙන දෙයක් කටේ දාගෙන නිදාගන්න හිතන්න එපා. ඔයාගෙ බර වැඩි කරගන්නෙත් නැතුව ඇඟේ මහත වැඩි කරගන්නෙත් නැතුව කන්න පුලුවන් රසවත් ආහාර කිහිපයක් ගැන ඔයාට දැන් දැනගන්න පුලුවන්.

01. චීස්

විද්‍යාඥයින් කියන්නෙ අධික ලෙස ආහාර ගැනීම මගින් බඩගින්න තරම්ම ඔයාගෙ නින්දට බාධා කරනවා කියලයි. ඒ නිසා රාත්‍රී කාලයේ දී සැහැල්ලු යමක් අනුභව කරන්න කියලා විශේෂඥයන් උපදෙස් දෙනවා. උදාහරණයක් විදියට රස අංකුර තෘප්තිමත් කිරීමට ඇති තරම් රසයක් තියන චීස් පෙති කිහිපයක් කන එක හොඳයි. එය ශරීරයට ජීර්ණය කිරීමට අපහසුවකුත් නෑ.

02. යෝගට්

පෝෂණ විශේෂඥයින්ට අනුව, ග්‍රීක යෝගට් කියන්නෙ රාත්‍රී ආහාරය සඳහා ඉතාම හොඳ ආහාරයක්. එහි මේදය විශාල ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නෑ. ඒත් එහි ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගුයි. අධ්‍යයනවලට අනුව, යෝගට් වල තියන ප්‍රෝටීන් මගින් දවල් කාලයේදී වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට ශරීරයට උපකාරී වෙනවා.

03. ක්‍රැකර්ස්

අපි මේ කියන්නෙ සාමාන්‍ය ක්‍රැකර් ගැන නෙවෙයි. සම්පූර්ණ තිරිඟු ක්‍රැකර් මගින් නිරෝගී නින්දට වැඩි හානියක් කරන්නෙ නෑ. ඒවායේ මන්දගාමී කාබෝහයිඩ්‍රේට් අඩංගු නිසා එමඟින් ඔයාගෙ බඩ හොඳින් පිරෙනවා.

04. පොප්කෝන්

පෝෂණ විශේෂඥයන් උපදෙස් දෙන්නේ රාත්‍රී කාලයේ සුලු ආහාරයක් ලබා ගන්න කැමති අයට ලුණු නැතුව පොප්කෝන් බඳුනක් අනුභව කරන්න කියලයි. පොප්කෝන් නිසා ශරීරයේ හැඩයට අහිතකර බලපෑමක් ඇති වෙන්නෙත් නෑ.

කළු ගම්මිරිස් හෝ සුදුළූණු එකතු කිරීමෙන් ඔයාට පොප්කෝන් එක තවත් රසවත් කරගන්න පුලුවන්.

05. බිත්තර

තම්බා ගත් බිත්තරයක කිලෝ කැලරි 75 ක් පමණක් අඩංගුයි. ඒ වගේම එය රාත්‍රී ආහාරයක් සඳහා ගොඩක් සුදුසුයි. ඒ වගේ කෑමක් මගින් ඔයාට උදේ වෙනකන් බඩගිනි ඇති වෙන එක වළක්වනවා. ඒ වගේම ඔයාගෙ ඇඟ මහත් වෙන්නෙත් නෑ.

06. එළවළු

ඔයාට රෑට බඩගිනි වෙලා ඇහැරෙනවා නම් ඒ වෙලාවට කන්න හොඳම කෑමත් කමයි එළවලු සලාදයක් කියන්නෙ. රෑට කෑවා මදි කියලා හිතෙනවා නම්, ඔයාට එළවළු සලාදයක් වගේ කෑමක් කල්තියාම හදලා තියාගන්න පුලුවන්.

කොළ පාට එළවළු කන්න කියලා අපි හැමවිටම කියන්නෙ ඒවා උදේ වන තුරුම ඔයාට අවශ්‍ය කාබන් ප්‍රමාණය ලබා දෙන නිසයි.

07. කුරුඳු සමග ඇපල්සෝස්

රාත්‍රියේදී මිහිරි ආහාර අනුභව කිරීමට කැමති අයට කුරුඳු සමග ඇපල්සෝස් ආහාරයට ගන්න කියලා පෝෂණවේදීන් උපදෙස් දෙනවා. ඔයාට මේකට මුද්දරප්පලම් ටිකකුත් එකතුකරගන්න පුලුවන්.

මේ ආහාරය මගින් ඔයාට ඩෝනට්ස් හා ස්කොන් වලට තියන ආසාව නැතිකරන්නෙ නෑ. ඒත් එමගින් ඔයාට බඩගිනි වෙලා ආයෙත් ඇහැරෙන්න හේතුවෙන ඔරෙක්සින් මට්ටම අඩු කරනවා.

08. චෙරි යුෂ වීදුරුවක්

මේකෙන් අපි අදහස් කරන්නේ ස්වාභාවික චෙරි යුෂ ගැනයි. අධ්‍යයනවලින් පෙනී යන්නේ චෙරි යුෂ මගින් ඔයාට හොඳ නින්දක් ලබාගන්න උදව් වෙන බවයි. ඒ වගේම ඔයාට වඩාත් ගැඹුරු හා දිගු නින්දක් ලබාදෙන්නත් චෙරි යුෂ උදව් වෙනවා.

09. කෙසෙල් ගෙඩියක්

කෙසෙල් කියන්නෙ හරිම වේගයෙන් ජීර්ණය වෙන පලතුරක්. ඒත් රෑට කෙසෙල් කෑවම ආයෙත් ඔයාට බඩගිනි වෙලා රෑට ඇහැරෙන්නෙ නෑ. මොකද කෙසෙල් වල පොටෑසියම් හා මැග්නීසියම් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. එමගින් අපේ ශරීරය ලිහිල් කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි, හොඳ නින්දක් ලබාගන්න බලපාන මෙලටොනින් ද එහි අඩංගු වෙනවා.

මේ දේවල් නම් රෑට කන්නම එපා.
  • බේකරි ආහාර හා රසකැවිලි වගේ සරල කාබන්ඩයොක්සයිඩ් අඩංගු ආහාර මගින් ඔයාගෙ බර වැඩි කරන්න හේතු වෙනවා.
  • ඇල්කොහොල් මගින් ශරීරය විජලනය කරන අතර උණ ඇති වෙන්නත් හේතු වෙනවා. ඒ වගේම ඔයාට රෑට බාත් රූම් යන්න නැගිටින්නත් සිදුවෙනවා.
  • ලුණු හා කුළුබඩු සහිත ආහාර මගින් රෑට වරින් වර වතුර තිබහ ඇතිකරනවා. වතුර බොන්න නැගිට්ටට පස්සේ ආයෙත් නිදාගන්න එකත් අමාරුයි.

ඔයාටත් රෑට බඩගිනි වෙලා ඇහැරෙනවද? ඒ වෙලාවට ඔයා ආහාරයට ගන්නෙ මොන වගේ දේවල්ද? ඔයාගෙ අදහස් අපට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *