ලස්සන ඇහි බැමක් ඉක්මනින් ලබා ගැනීමට පහසු ක්‍රම 10 ක්

ඇහි බැම කියන්නෙ අපේ මුහුණේ ගොඩක්ම වැදගත් අංගයක්. ලස්සන ඇහි බැම දෙකකට අපි ඕන නෙකෙන් කැමතියි. ඒ වගේම පුළුල්ව හා ගණව වැඩුනු ස්වාභාවික ඇහි බැම දැන් විලාසිතාවක් බවට පත් වෙලා තියනවා. කොහොම වුණත් මේකට ළඟම තියන සැලෝන් එකට දුවන්න ඕනි නෑ. ගෙදරදීම කරන සරල සත්කාර කිහිපයකින් ඔයා කැමතිම විදියට ලස්සන ඇහිබැමක් එක්ක ඔයා හීන දකින ආකර්ෂණීය පෙනුම ලබා ගන්න පුලුවන්.

අද අපි ඔයාට කියන්නේ ගෙදරදීම පහසුවෙන් හා වේගයෙන් ගණව ඇහිබැම වවා ගන්න කරන්න පුලුවන් දේවල් කිහිපයක් ගැනයි.

01. එක්සොටික් ඔයිල් මික්ස්චර්

මේක ඔයාගෙ ඇහිබැම ශක්තිමත් කරන්න වගේම දිගු කරන්නත් උදව් වෙනවා. කුඩා බෝතලයකට පොල් තෙල් හා එඬරු තෙල් සමාන ප්‍රමාණයක් එකතු කරන්න. ඒකටම අලිගැට පේර තෙල් තේ හැන්දකුත් එකතු කරලා ඔක්කොම හොඳින් කලවම් කරන්න. හදාගත් මිශ්‍රණය මස්කාරා බුරුසුවක් මගින් හෝ ඇඟිලි වලින් ඔයාගෙ ඇහිබැමවල තවරන්න.

02. විටමින් සහිත ජෙල්

මේ මිශ්‍රණය ඔයාගෙ ඇහිබැම ශක්තිමත් කිරීමට උදව් වෙනවා වගේම කෙස් සිනිඳු හා දිලිසෙන බවට පත් කරනවා. කෝමාරිකා ජෙල් තේ හැඳි 1 ක්, එඬරු තෙල් තේ හැඳි 2 ක් සහ විටමින් E කැප්සියුල් 2 ක් එකට මිශ්‍ර කරලා මිශ්‍රණයක් හදාගන්න. නින්දට යන්න කලින් මිශ්‍රණය බුරුසුවකින් හෝ ඇඟිලිවලින් ඔයාගෙ ඇහි බැම මත ආලේප කරන්න. උදේට වතුරෙන් සෝදා ඉවත් කරන්න.

03. ළූණු යුෂ

ළූණු යුෂ වලට ඇහි බැම පෝෂණය කර ශක්තිමත් කරන්න වගේම වර්ධනය වේගවත් කරන්නත් පුලුවන්. පොඩි ළූණු ගෙඩියක් පොඩිකරලා යුෂ පෙරාගන්න. පොඩිකරලත් ළූණු යුෂ ඔයාගෙ ඇහි බැමෙහි ආලේප කර විනාඩි 5 ක් මසාජ් කරන්න. දැන් ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ක්ලෙන්සර් එක හා සිසිල් ජලය මගින් සෝදා හරින්න.

04. කිරි ෆේෂල් මාස්ක්

කිරි වල තියන ප්‍රෝටීන්, විටමින් බී, ලැක්ටික් අම්ලය සහ කැල්සියම් වලින් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඒ වගේම ඔයාගෙ හිසකෙස් යථා තත්වයට පත් කරන්නත් උදව් වෙනවා. කපු පුළුන් කැබැල්ලක් කිරිවල ගිල්වා එමගින් ඔයාගෙ ඇහිබැම පිස දමන්න. කිරි වියළුණු පසු සාමාන්‍ය ක්ලෙන්සර් එක මගින් සෝදන්න.

05. ලෙමන් යුෂ

හිසකෙස් ශක්තිමත් කිරීම හා වර්ධනය වීමට උදව් කරන විටමින් හා ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරක් තමයි ලෙමන් කියන්නෙ. ලෙමන් පෙත්තක් අරගෙන ඒකෙන් ඔයාගෙ ඇහි බැම පිසදමා විනාඩි 15-20 අතර තබා සෝදන්න. අවශ්‍යනම් ඔයාට ලෙමන් පෙති හා පොල්තෙල් කෝප්ප කාලක් එකතු කරගත් මිශ්‍රණයක් භාවිත කරන්නත් පුලුවන්. මේ මිශ්‍රණය සිසිල් ස්ථානයක දින 15 ක් විතර කාලයක් තියාගන්න පුලුවන්. දිනපතා නින්දට ‍යන්න කලින් එය ඔයාගෙ ඇහිබැමවලට ආලේප කරන්න.

06. සුගන්ධ තෙල්

තේ ගස් වලින් ගන්න තෙල් හෝ ලැවෙන්ඩර් තෙල් වගේ සගන්ධ තෙල් වර්ග සිනිඳු කිරීම, ශක්තිමත් කිරීම හා මොයිස්චරයිසින් කිරීමේ ගුණාංග සඳහා ප්‍රසිද්ධයි. ඒවා වැඩියෙන්ම සුදුසු වන්නේ පොල් තෙල්, ඔලිව් තෙල් හෝ එඬරු තෙල් වගේ මූලික තෙල් සමගයි. මුලින්ම ඔයාගෙ වැලමිටට තෙල් ටිකක් ගාලා ආසාත්මිකතා තියනවද කියලා පරීක්ෂා කරන්න ඕන. දැන් සගන්ධ තෙල් හා මූලික තෙල් මිශ්‍රණයක් හදාගෙන ඇහි බැමේ ආලේප කරලා සැහැල්ලුවෙන් මසාජ් කරන්න. දිනපතා කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.

07. බිත්තර කහ මදය

බිත්තර කහ මදය කියන්නෙ විටමින් හා ප්‍රෝටීන බහුල ප්‍රභවයක්. බිත්තර කහ මදයක් හොඳින් කලවම් කරලා ඇහිබැමවල ආලේප කරන්න. විනාඩි 15-20 කට පසු සෝදා ඉවත් කරන්න.

08. වැස්ලින්

ඇහි බැම මොයිස්චරයිසින් කිරීමට හා කන්ඩිෂනර් කිරීම සඳහා වැස්ලින් පාවිච්චි කරනවා. ඇහිබැම වර්ධනය වෙන්න වගේන ආකර්ෂණීය හැඩයක් ලබා දෙන්නත් වැස්ලින් උදව් වෙනවා. මේකප් ඉවත් කරලා මුහුණ සෝදගෙන, ඇහි බැමට පිරිසිදු වැස්ලින් ආලේප කරන්න. කැමතිනම් වැස්ලින්, එඬරු තෙල්, ඔලිව් තෙල්, කෝමාරිකා, සගන්ධ තෙල් හෝ කිරි එක්ක මිශ්‍ර කරලා භාවිත කරන්න පුලුවන්.

09. සම්බාහනය

පිරිසිදු මස්කාරා බුරුසුවක් මගින් ඔයාගෙ ඇහි බැම දිගේ ඉහළට හා පහළට මසාජ් කරන්න. දැන් නාසයේ ඉහළ සිට ඇස් වටා නැවත ආපසු ඉහළට යන්න. ඊලඟට ඔයාගෙ ඇහි බැම ඇඟිලිවලින් සැහැල්ලුවෙන් සම්බාහනය කරන්න. ආයෙත් ටික වෙලාවක් තරමක් තදින් සම්බාහනය කරන්න. ඇඟිල්ල ඉවතට ගන්නෙ නැතුව ඇහි බැමෙහි මැද රවුම් ආකාරයට තෙරපමින් ටික ටික අරය පුළුල් කරන්න. අනෙක් ඇහිබැම මත මෙය නැවත කරන්න. මේ සම්බාහනය මගින් රුධිර සංසරණය වැඩි දියුණු කිරීම හා පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීම විතරක් නෙවෙයි හිසරදය හා ඇස්වල තෙහෙට්ටුවත් නැති කරනවා.

10. නිසි පෝෂණය

ඇහිබැම වර්ධනය කරගන්න නම් ඔයාගෙ ආහාර වේල ගැන අවධානයක් යොමු කරන එකත් ගොඩක් වැදගත්. හැම විටම ප්‍රෝටීන, විටමින් හා ඇමයිනෝ අම්ල අඩංගු ඇට වර්ග, මස්, කුකුළු මස්, සැමන්, පළතුරු, එළවළු, බිත්තර, පලා වර්ග හා ළූණු වගේ දේවල් ආහාර වේලට ඇතුළත් කරගන්න.

ඔයා තෝරාගන්න වට්ටෝරුව මේ අතරින් මොකක් වුණත්, දිනපතා හෝ අවම වශයෙන් සතියකට කිහිප වරක්වත් භාවිත කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාගෙ ඇහි බැම ඉක්මනින් වර්ධනය වන ආකාරය ඉක්මනින් බලා ගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *