ලස්සන විදිහට දවස පටන් ගන්න ප්‍රබල උදෑසන වැඩකෑලි 10 ක්

උදේට බොන කෝපි එකට බිත්තරයක් හෝ ලුණු ටිකක් එකතු කළොත් ලැබෙන ප්‍රතිඵලය ගැන ඔයා දන්නවද? ඔව්, දවසම ප්‍රබෝධමත් කරගන්න ඒකෙන් පුලුවන්. ඇත්තටම අපේ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි, උදේට හරියට ඇහැරෙන්න බැරි වීම. ඒ කියන්නෙ නැගිට්ටට පස්සෙ කිසිම ප්‍රබෝධමත් ගතියක් නැති වීම.

ඉතින් මේ තත්වය මගහරවගන්න කරන්න පුලුවන් දේවල් මොනවද කියලා අපි හොයලා බැලුවා. අද ඉඳලා ඔයත් මේ දේවල් උදේට කරලා බලන්නකෝ. උදේට කිසිම කම්මැලිකමක් නැතුව ඇහැරෙන්න වගේම, දවසම ප්‍රබෝධමත් ව ගත කරන්න ඔයාට මේ උපදෙස් ප්‍රයෝජනවත් වේවි කියලා අපි හිතනවා.

01. කෝපි එකට ලුණු එකතු කරන්න.

උදේ කෝපි එකට සීනි වෙනුවට ලුණු එකතු කරලා බිව්වොත්, කෝපි එකේ රස තවත් වැඩි වෙනවා. හැබැයි ඉතින් ලුණු දාන්න ඕනෙත් හරිම ටිකයි.

02. උදෑසන ආහාරයට හෝ කෝපි එකට බිත්තර ඇතුළත් කරගන්න.

වියට්නාම බිත්තර කෝපි ඇත්ත වශයෙන්ම ජනප්‍රිය වෙන්න හේතුවක් තියනවා. අමුතු දෙයක් වගේ පෙනුණත්, ඔයාගෙ උදෑසන කෝපි එකට බිත්තර කහ මදයක් එකතු කිරීමෙන් කෝපි එකට හොඳ රසයක් ලැබෙනවා වගේම ඇඟටත් ගොඩක් හොඳයි. අධ්‍යයනයකට අනුව, උදේට බිත්තර අනුභව කරන පුද්ගලයින්, අනුභව නොකරන අයට වඩා ජවසම්පන්න බවත් හොයාගෙන තියනවා.

03. බ්ලැක් ටී හෝ හොට් චොකලට් එකට කුරුඳු ටිකක් එකතු කරන්න.

ඔයා කෝපි වලට වැඩිය කැමති කෙනෙක් නෙවෙයි නම්, ඒ වෙනුවට බ්ලැක් ටී කෝප්පයක් බොන්න බලන්න. එහි කැෆේන් සහ L-theanine යන දෙකම අඩංගු වන අතර, ඔයාගෙ ප්‍රබෝධමත් බව සහ අවධානය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා. ඒ වගේම ඔයා හොට් චොකලට් එකකට කුරුඳු ටිකක් එකතු කරලා බිව්වොත් ඔයාගෙ උදෑසන ප්‍රබෝධය තවත් වැඩි කරගන්න පුලුවන්. එය රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උදවු කරන අතරම ශරීරයට තෙහෙට්ටුවක් දැනීමක් නොමතිව ශක්ති මට්ටම් සමතුලිතව තබා ගන්නත් හේතු වෙනවා.

04. වතුර වීදුරුවක් හෝ ඊටත් වඩා හොඳ ලෙමන් වතුර බොන්න.

දවසේ ඕනම වෙලාවක වතුර බොන එක නම් ගොඩාක් වැදගත් දෙයක්. විශේෂයෙන් උදෑසන. ඔයාගෙ මානසික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා උදේට් අවදි වුණාම වතුර පානය කරන්න. ඒ වගේම උදේ නැගිටපු ගමන් ලෙමන් වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන් එකත් හොඳයි. එය ආහාර දිරවීමට, සහ සිරුරේ බර අඩු කිරීමට උපකාරී වෙනවා. ලෙමන්වල, සම සහ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතිදේහ සඳහා හොඳ වන විටමින් C අඩංගු වන නිසා එය ඔයාගෙ දවස ආරම්භ කිරීමට ගොඩක් හොඳ ක්‍රමයක්.

05. ඔබේ උදෑසන ආහාරය සඳහා ඕට් මස් ඇතුළත් කරන්න.

අධ්‍යයනයන් වලින් උපදෙස් දෙන්නේ ඔයාගෙ උදෑසන ආහාර වේලට ඕට්ස් ඇතුළත් කිරීමෙන් ශක්තිය ඉහළ නංවන නිසාත්, ඇඟට වඩාත් පරිපූර්ණ බවක් දැනෙන නිසාත්, ඔයාට හොඳින් දවස ආරම්භ කරන්න උපකාරී වෙන බවයි. පර්යේෂණ පෙන්නුම් කළේ අධික කාබෝහයිඩ්‍රේට් උදෑසන ආහාරයක් ගන්නා අය වෙනත් දෙයක් අනුභව කරන පුද්ගලයන්ට වඩා දිවා කාලයේදී වඩාත් අවදියෙන් සිටින බවයි.

06. සංගීතයට ඇහුම්කන් දෙන්න.

සංගීතය අපේ මූඩ් එකට බලපාන බවට කිසිම සැකයක් නෑ. සංගීතයට සතුට වැඩි කිරීමට සහ කාංසාව අඩු කිරීමට හැකි බව විශේෂිත අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා. මේ අනුව, සමහර උද්යෝගිමත් සහ ප්‍රීතිමත් නාද සමඟින් දවස ආරම්භ කිරීම මගින් හොඳ හැඟීමකින් දවස ආරම්භ කරන්න පුලුවන්.

07. වටපිටාව දීප්තිමත් වර්ණවලින් වට කරගන්න.

අපේ වටපිටාවේ තියන වර්ණ අපේ මූඩ් එකට බරපතල ලෙස බලපාන බව විශේෂඥයෝ කියනවා. ගේ ඇතුළෙ එක එක පාට නැත්නම්, ඇඳ ඇතිරිලි සඳහා දීප්තිමත් පාට තෝරා ගන්න. දීප්තිමත් ඇඳුම් අඳින්න. එත්කොට ඔයාගෙ මනෝභාවය වෙනස් වීම, හැසිරීම ප්‍රබෝධමත් වීම, සහ සමහර විට ආහාර වේල පවා සෞඛ්‍ය සම්පන්න වන බව ඔයාට දැකගන්න ලැබෙයි.

08. කලින් දවසෙ ඔයාගෙ ඇඳුම සූදානම් කරලා තියන්න.

කලින් දවසෙ රෑට ඔයා උදේට අඳින්න ඉන්න ඇඳුම ලෑස්ති කරලා තියාගන්න එකෙන් උදේට ඔයාගෙ කාලය ඉතිරි කරගන්න පුලුවන්. කලින් සූදානම් වෙන තරමට ඔයාගෙ ආතතියත් අඩු වෙනවා. එතකොට ඉතිරි වෙන කාලයෙන් ඔයාට නිදහසේ උදේ කෑම ගන්නත් පුලුවන්.

09. දවස සඳහා සැලැස්මක් පවත්වා ගෙන මුලින්ම කළ යුතු දේවල් පරීක්ෂා කරන්න.

අපට කාලය ඉතිරි කර ගැනීමට සහ තවත් දේවල් කර ගැනීමට උපකාර වන තවත් දෙයක් තමයි සංවිධානය කිරීම කියන්නෙ. දවල් කාලය තුළ කරන්න තියන දේවල් ඔක්කොම සැලසුම් කරලා සටහනක් තියාගන්න. වැදගත්ම දේ සිට අඩුවෙන්ම වැදගත් දේ දක්වා පිළිවෙලකට හදන්න.

10. එලාම් ඔරලෝසුව ඇඳ ලඟම තියාගන්න එපා.

ඔයාගෙ එලාම් ඔරලෝසුව ඇඳ අසල මේසය මත තබා ගැනීමට වඩා ඇඳට වඩා ටිකක් දුරින් තියන එක වඩා හොඳයි. එතකොට ඔයාට උදේට එලාම් එක වදිනකොට ඒක නවත්වන්න නම් ඇඳෙන් බැහැලා යන්නම වෙනවා. මෙය ඔයාව වඩාත් ඵලදායී ලෙස අවදි කිරීමට උපකාර වේවි.

11. ගෙදරින් පිටවෙන්න කලින් කජු අහුරක් අතට ගන්න.

පැණිරස නොකළ සහ ලුණු රහිත නට්ස් වර්ග කියන්නෙ දවස ආරම්භ කිරීමට විශිෂ්ට සහ සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක්. ඒවා මේදය, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලින් පොහොසත් නිසා, අපගේ ශක්ති මට්ටම් ඉහළ නංවන්න උපකාරී වෙනවා.

12. දත් මදින අතරතුර ඉක්මන් ව්‍යායාම කිහිපයක් කරන්න.

උදෑසන කාලසටහනට ව්‍යායාම ඇතුළත් කිරීම ඔයාගෙ ශරීරයේ ශක්තිය වැඩි කරන සහ විඩාව, ආතතිය සහ අනෙකුත් කම්මැලි හැඟීම් අඩු කරන, ඔයාට පහසුවෙන් ඇහැරීමට උපකාර වෙන දෙයක්. ඔයාට සම්පූර්ණ ව්‍යායාමයක් කරන්න වෙලාවක් නැත්නම්, වෙනත් දේවල් කරන අතරතුර විනාඩි 2-5ක් ව්‍යායාම කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට, ඔයාට දත් මදින අතරතුර නාන කාමරය තුළ squats හෝ wall sits කිහිපයක් කරන්න පුලුවන්..

13. හිරු එළිය ටිකක් ලබා ගන්න.

ස්වාභාවික හිරු එළිය අපගේ මනෝභාවය සහ හැඟීම් වැඩිදියුණු කරන බව විද්‍යාත්මකව ඔප්පු කරලා තිබෙනවා. එමගින් අපට නිදා ගැනීමට ඉඩ ලබා දෙන හෝර්මෝනය වන මෙලටොනින් නිෂ්පාදනය නතර කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට, නිදිමත නැති වෙනවා. ඔයාට දවස දීප්තිමත්ව හා සතුටින් ආරම්භ කිරීමට අවශ්‍ය නම්, තිර රෙදි විවෘත කර හිරු එළිය ඇතුලට ගන්න. නැත්නම් හොඳින් හිරු එළිය ලැබෙන එළිමහනට යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *