ලෙමන් කෑල්ලක් ඇද ලග තබාගැනීමෙන් ලැබෙන පුදුමාකාර වාසි

ලෙමන්වල විටමින් සී බහුල නිසා අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් කියලා අපි හැමෝම දන්නවා. අපි මේ පලතුර ආහාර පිසීමේදී, තේ සෑදීමේදී වගේම හෙම්බිරිස්සාව සුව කරන්න පුලුවන් ඖෂධයක් විදියටත් භාවිත කරනවා. ඒත් මීට වඩා ලෙමන්වල ප්‍රයෝජන තියනවා කියලා අපි හිතුවෙ නෑනේ.

ඔයාගෙ ඇඳ ලඟ ලෙමක් ගෙඩියක් තිබ්බොත් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා අපි හොයලා බැලුවා.

01. ඔයාට සැහැල්ලුවක් දැනීම


පැඟිරි සුවඳට ඔයාගෙ ස්නායු පද්ධතිය සන්සුන් කරන්න පුලුවන්. කාංසාව අඩු කරලා වැඩියෙන් මහන්සි දවසක ඔයාගෙ ආතතිය නැති කරන්නත් පැඟිරි සුවඳ උදව් වෙනවා. ඔයාට ලෙමන් එසෙන්ෂල් ඔයිල් නැත්තන් ලෙමන් කෑල්ලක් හරි මේකට පාවිච්චි කරන්න පුලුවන්.

02. ඔයාගෙ අවධානය හා සිහිය වැඩි දියුණු කිරීම


ලෙමන්වල තවත් පුදුම හිතෙන වාසියක් තමයි මේ. හැම දවසකම ඔයා ලෙමන් සුවඳ ආශ්වාස කරනකොට ඔයාගෙ මානසික ක්‍රියාකාරිත්වය හා මතකය වැඩි දියුණු වෙනවා. ඒ වගේම ඔයාගෙ අවධානය දීමේ හැකියාවත් වැඩි වෙනවා. ජපන් විද්‍යාඥයන් හොයාගෙන තියන විදියට රැකියාව කරන ස්ථානයේ ලෙමන් සුවඳ තියනවා නම් මිනිසුන්ගෙන් සිදු වෙන වැරදි අඩු වෙනවලු.

03. ඔයාගේ මනෝභාවය වැඩි දියුණු වීම


ලෙමන් එසෙන්ශල් ඔයිල් මානසික අවපීඩනයට හොඳ බෙහෙතක්. මානසික අවපීඩනයට ඔයා මොනතරම් බෙහෙත් කලත් අඩුවක් වුණේ නැත්නම් ලෙමන් එසෙන්ශල් ඔයිල් උත්සාහ කරලා බලන්න.

04. වාතයෙන් විෂබීජ ඉවත් කිරීම


ලෙමන්වල ප්‍රසන්න සුවඳක් විතරක් නෙමෙයි බැක්ටීරියා නාශක ගුණත් තියනවා. එමගින් ඔයාගෙ කාමරයේ වාතය පිරිසිදු කරනවා.

05. අධි රුධිර පීඩනය අඩු කරනවා


ගොඩක් අය අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. මේකට ලෙමන් හොඳ ඖෂධයක්. ලෙමන්වල සුවඳ රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා.

06. කෘමි සතුන්ගේ කරදර අඩු වීම


කුහුඹුවන්, මැස්සන්, මදුරුවන් හා වෙනත් කෘමීන්ට ලෙමන් සුවඳ තියන තැනක ඉන්න බෑ. මේ නිසා ඔයාට කෘමි සත්තුන්ගෙන් බේරෙන්න රසායනික විකර්ෂකවලට සල්ලි වියදම් කරන්න ඕන වෙන්නෙ නෑ. ඒ වෙනුවට කරාබුනැටි ටිකක් ලෙමන් කෑල්ලක ගහලා ගෙදර තැන් තැන්වලින් තියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *