වකුගඩු නිවැරැදිව වැඩ නොකරන බව පෙන්වන ලක්ෂණ 10ක්

අපේ ශරීරයේ දියර වර්ගවලින් වැඩි හරියක් පෙරෙන්නේ වකුගඩුවලින්. ඒ නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය ඉක්මනින් අඩු වෙන්න වගේම ඉක්මනින් නරක් වෙන්නත් පුලුවන්. එදිනෙදා ජීවිතයේ කාර්යබහුල බව නිසා වකුගඩුවල ඇති වෙන ප්‍රශ්න ගැන ශරීරයෙන් දෙන සංඥා අපට මගහැරෙන්න ඉඩ තියනවා. ඒ වගේම ඒ අනතුරු ඇඟවීම් ගැන දැනගන්න අපිට ඒ පිළිබඳ තරමක හරි දැනුමක් තියන එක වැදගත් වෙනවා.

අද අපි ඔයාට කියන්න යන්නේ අපේ සිරුරේ වැදගත්ම අවයවයක් වන වකුගඩුවල ක්‍රියාකාරී බව අඩු වුණාම ශරීරයෙන් අපිට දෙන අනතුරු ඇඟවීම් මොනවද කියලයි.

01. නින්ද නොයාම

වකුගඩු දෙක හරියට වැඩ කරන්නෙ නැති වුණාම අපේ ශරීරයේ තියන විෂ ඔක්කොම මුත්‍රා හරහා පිට වෙන්නෙ නෑ. ඒවා රුධිරය එක්කම තියනවා. රුධිරයේ තියන විෂ ප්‍රමාණය වැඩි වුණාම නින්ද යන එක අඩු වෙනවා. ස්ලීප් ඇප්නියා කියන්නෙ බරපතල ලෙස වකුගඩු රෝගවලින් පෙළෙන අයට හැදෙන ලෙඩක්. මේකෙදි වෙන්නෙ නිදාගෙන ඉන්නකොට තප්පර කිහිපයක සිට විනාඩියක් විතර යනකන් හුස්ම ගන්න බැරි වෙන එකයි. ඒ තත්වය හරිගියාම ලොකු සද්දයක් එක්ක ගෙරවීමක් එනවා. ඔයා නින්දෙන් සද්දෙට ගොරවන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවෙන එක සුදුසුයි.

02. තෙහෙට්ටුව, හිසරදය හා මහන්සිය

විටමින් D පරිවර්තනය කරලා අස්ථි ශක්තිමත් කරන්න හොඳට වැඩ කරන වකුගඩුවකට පුලුවන්. විටමින් D මගින් හදන Erythropoietin කියන හෝමෝනය රතු රුධිරාණු හදන්න උදව් වෙනවා. රතු රුධිරානු ඔක්සිජන් පරිවහනයට උපකාර කරන නිසා වකුගඩු කරියට වැඩ කරන්නෙ නැති වුණාම ශරීරයේ අනික් අවයව වලට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තමයි තෙහෙට්ටුව, මහන්සිය හා හිසරදය වගේ තත්ව ඇති වෙන්නෙ.

03. සම වියළීම හා කැසීම

වකුගඩුවල තව ප්‍රයෝජනයක් තමයි රුධිරයේ ඛනිජ මට්ටම පවත්වාගන්න එක. වකුගඩුවලට රුධිරයේ තියන ඛනිජ හා පෝෂක හරි මට්ටමට තියාගන්න අපහසු වුණාම සමේ කැසීම් හා වියළීම ඇති වෙනවා. ඔයාට මේ වගේ තත්වයක් තියනවා නම් හොඳින් වතුර බොන්න.

04. කටේ ගඳ ගා කටට යකඩ රසක් දැනීම

රුධිරයේ තියන විෂ හරියට ඉවත් වුණේ නැත්නම් කෑමවල රස දැනීම අඩු වෙනවා. ඒ වගේම කටට යකඩ රසක් දැනෙන්න ගන්නවා. කටෙන් දුගඳක් හැමීම ඔයාගෙ රුධිරයේ තියන විෂ ප්‍රමාණය වැඩි බවට සාක්ෂියක්. ඒ වගේම කෑම අප්පිරියා වීම, මස් වගේ ආහාර අප්‍රසන්න වීම හා එකවර සිරුරේ බර අඩු වීම වගේ ලක්ෂණත් ඇති වෙන්න පුලුවන්.

05. කෙටි හුස්ම ඇති වීම

පොඩ්ඩක් මහන්සි වුණු ගමන් හිස්ම කෙටි වීමේ තත්වයක් ඇති වෙන්නෙ වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු වූ විටයි. රුධිරයේ තියන අවශ්‍ය නැති වියට පෙනහළුවලට පිරිම නිසාත් රක්තහීනතාවය නිසාත් කෙටි හුස්ම ඇති වෙන්න පුලුවන්. ඉතා කුඩා මහන්සියකින් පස්සෙ කෙටි හුස්ම ඇති වෙන තත්වය සමහර විට හෘද රෝග හෝ පෙනහළු පිළිකාවලදිත් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබාගන්න එක හොඳයි.

06. වළලුකර, යටිපතුල් හෝ අත් ඉදිමීම

වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු වූ විට ශරීරයේ අනවශ්‍ය දියර හරියට ඉවත් නොවෙන නිසා අනවශ්‍ය සෝඩියම් ඉතිරි වෙනවා. මේ විදියට ඉතිරිවන සෝඩියම් නිසා ඉදිමීම් ඇති වෙනවා. අක්මාවේ හා හෘදයේ රෝග නිසාත් මේ විදියට ශරීරයේ පහල කොටස් ඉදිමෙන්න පුලුවන්. ශරීරයේ අනවශ්‍ය දියර ඉවත් කිරීම මගින් හෝ ලුණු පාවිච්චිය අඩු කිරීම මගින් මේ තත්වය සුව වුණේ නැත්තන් වෛද්‍යවරයෙක් හමුවෙන්න.

07. පිට කොන්දේ වේදනාව

වකුගඩු අක්‍රිය වීම නිසා පෙනහළුවලට යටින් පිට පැත්තේ වේදනාවක් ඇති විය හැකියි. වකුගඩුවලට අමතර දියර පිරීම නිසා මෙහෙම වෙනවා. උණ සෑදීම, නිතර මුත්‍රා පිටවීම, ඔක්කාරය හා වමනය ඇති වීම මේ තත්වයේ තවත් රෝග ලක්ෂණ ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

08. ඇස් ඉදිමීම

මුත්‍රා එක්ක ප්‍රෝටීන් පිටවීම නිසා ඇස් ඉදිමීම ඇති වෙනවා. මේක වකුගඩු අක්‍රිය වීමේ මුල්කාලීන ලක්ෂණයක්. ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය හරියට ලබාගෙන තියෙද්දිත් ඇස් වටේ ඉදිමෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

09. අධි රුධිර පීඩනය

වකුගඩුවල ක්‍රියාකාරිත්වය හා රුධිර සංසරණය කියන්නෙ එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලි දෙකක්. රුධිර නාලවලට හානි වෙලා නම් රුධිරය පිරිසිදු කරන නෙෆ්‍රෝන් වලට හරියට ඔක්සිජන් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අධි රුධිර පීඩනය ඇති වෙනවා. රතු රුධිරාණු සෛල වැඩි කරන ෆෝලික් අම්ලය බහුල ආහාර වැඩියෙන් ගැනීමෙන් මේ තත්වය මගහරවා ගන්න පුලුවන්.

10. මුත්‍රාවල ස්වාභාවය වෙනස් වීම

වකුගඩුවල ප්‍රධානම කාර්යය තමයි මුත්‍රා නිෂ්පාදනය කිරීම. ඒ නිසා මුත්‍රාවල ගන්ධය හා වර්ණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන.

වකුගඩු ටික ටික අක්‍රිය වෙනකොට මුත්‍රා වල මේ වගේ වෙනස්කම් දකින්න ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *