වයසට යාම වේගවත් කර පෙනුම වයස කරන කෑම වර්ග 10ක්

අපි ගන්නා සමහර ආහාරවල අපේ ශරීරයට හිතකට වගේම අහිතකර දේවලුත් අඩංගු වෙනවා. ගොඩාක් ආහාර නිෂ්පාදන අපේ ශරීරයට අහිතකර ලෙස බලපානවා. ඒවායේ අඩංගු සීනි, සෞඛ්‍යයට අහිතකර මේද, අධික ලුණු, ඇල්කොහොල් හා කැෆේන් මගින් ශරීරයේ තියන වැදගත් ප්‍රෝටීන විනාශ කරනවා. එවිට අපේ ඇඟ විජලනය වෙනවා වගේම අපේ සමට ලොකු හානියකුත් සිදුවෙනවා.

සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමේ වැදගත්කම ගැන අපි ඔයාව නිතරම දැනුවත් කරනවා. අපේ සමට අයහපත් බලපෑමක් ඇති කරන නිෂ්පාදන 10 ක් ගැනයි අද අපි ඔයාට කියන්නේ. මේ ආහාර වර්ග මගින් ඔයාගෙ සම අකලට වයසට යාමේ වේගය වැඩි වෙනවා. ඒ නිසා පුලුවන් තරම් ශරීරයට අහිතකර ආහාර පරිභෝජනය කරන එක අඩු කරන්න.

01. සීනි මගින් ප්‍රෝටීන් සහ ලිපිඩ විනාශ කරනවා.

සීනි මගින් සිරුරේ බර වැඩිවීම, සමේ රැළි ඇතිවීම, සම අවලස්සන වීම වගේම ඔයාගෙ සෞඛ්‍යයට හානි කිරීම සිදුකරනවා. අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් ග්ලයිකේෂන් ක්‍රියාවලිය පටන් ගන්නවා. ග්ලයිකෝස් ප්‍රෝටීන හා ලිපිඩ සමඟ එකතුවෙලා ඔයාගෙ සමේ කොලජන් වලට හානි කරනවා. එමගින් සම රැළි වැටෙන එක වැඩිදියුණු වෙනවා.

02. මේදය මගින් සමට රුධිරය ගලා ඒම අඩු කරනවා.

ක්ෂණික ආහාර, ගැඹුරු තෙලෙන් බැදපු ආහාර, මාගරින්, ටින් කළ ආහාර වගේ ගොඩක් ආහාරවර්ගවල ක්ෂණික මේදය අඩංගු වෙනවා. ඒවා මගින් හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා වගේම, ධමනි දැඩි කිරීම හෝ රුධිර නාල අවහිර කිරීමකුත් සිදු කරනවා. එතකොට සමට ලැබෙන රුධිර ප්‍රමාණය දුර්වල වෙලා සම අකලට වයසට යාමට හා සම රැළි වැටීමට පටන් ගන්නවා.

ක්ෂණික මේදය බිංදුවයි කියලා කියන ලේබල් සහිත ආහාර විශ්වාස කරන්න එපා. මොකද ඒවාගේ ඇතුළේ තියන ආහාරවල මේදය ග්‍රෑම් 0.5 වත් අඩංගු වෙනවා.

03. මත්පැන් විෂ නිපදවනවා.

ඉඳ හිට වයින් වීදුරුවක් බීමෙන් ශරීරයට කිසිම හානියක් වෙන්නෙ නෑ. ඒත් නිතිපතා පානය කිරීම ඔයාගෙ අක්මාවට බලපානවා. අක්මාව හොඳින් ක්‍රියාත්මක වෙනකොට, ඔයාගෙ ශරීරය හරහා ස්වභාවිකව විෂ ද්‍රව්‍ය පිට වෙනවා. ඒත් මේ විෂ අක්මාව තුළ ගොඩනඟා ඒවා හරියට බිඳෙන්නෙ නැත්නම්, එමගින් කුරුලෑ, රළුබව, සමේ රැළි, කොලජන් නැතිවීම, සමේ ඇදෙන ගතිය නැතිවීම, සම රතු වීම, විජලනය හා සුදුමැලි වීම වගේ සමට ගොඩාක් හානි ඇති කරනවා.

04. සෞඛ්‍ය සම්පන්න මේද වැඩියෙන් පරිභෝජනය කරන්න.

ඔයාගෙ සෞඛ්‍යයට හා සමේ තරුණ බවට සෞඛ්‍ය සම්පන්න මේද අත්‍යවශ්‍ය වෙනවා. ඒවා මගින් සමේ දැවිල්ල අඩු කරනවා. හිසකෙස් වර්ධනය වැඩි දියුණු කරනවා. ඒ වගේම, සමේ සෛලවල ජල හානිය අවම කරන ශක්තිමත් සෛල පටල හදනවා.

නිරෝගී සමක් පවත්වා ගැනීමට නිතිපතා පරිභෝජනය කළ යුතු සෞඛ්‍ය සම්පන්න මේද වර්ග තමයි මේ.

  • සැමන්
  • චියා ඇට
  • අලිගැටපේර
  • ආමන්ඩ්
  • නට්ස් වර්ග හා ධාන්‍ය වර්ග
  • තද කොළ පාට එළවළු හා පලා වර්ග
  • ඔමේගා-3 මේද අම්ල තියන බිත්තර
  • පොල්තෙල්
05. ලුණු මඟින් ජලය රඳවා තබා ගන්නවා.

චීස්, පෙපෙරෝනි පීසා, චිප්ස්, ක්‍රැකර්ස්, ධාන්‍ය වර්ග වගේ ආහාරවල වැඩිපුර ලුණු අඩංගු වෙනවා. ලුණු මගින් ශරීරයට ජලය රඳවා තබා ගැනීමට හේතු වන අතර “සුදුමැලි” පෙනුමක් ඇති කරනවා. එමගින් සෛල හැකිලීමටත් විජලනය වීමටත් ඉඩ තියනවා. එමගින් සම අකලට රැළි වැටෙන්න පටන් ගන්නවා.

06. සැකසූ මස් විජලනය වීමට හේතු වෙනවා.

ගොඩක් දෙනෙක් කන්න කැමති සොසේජස්, බේකන් වගේ ආහාරවල ලුණු හා කල් තබා ගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගුයි. සැකසූ මස් පරිභෝජනය විජලනය වීමට හේතු වන අතර ශරීරයේ දැවිල්ල ඇති කරනවා. ඒ වගේම, මේ නිෂ්පාදන කොලජන් සෑදීම සඳහා වැදගත් වන ශරීරයේ විටමින් සී අඩු කරනවා. ඒ නිසා සැකසූ මස් වෙනුවට කුකුළු මස් හෝ ටර්කි වලට මාරු වෙන්න උත්සාහ කරන්න. ඒක ඔයාට කරන්න අමාරු දෙයක් නම් පුලුවන් තරම් සැකසූ මස් ආහාරයට ගන්න එක අඩු කරලා සැන්ඩ්විච් වලට වැඩිපුර එළවළු එකතු කරගන්න.

07. පිළිස්සූ මස් සමට හානි කරනවා.

පිළිස්සුණු මස් මත තියන කළු පාට දේවල්වල ශරීරයට අහිතකර හයිඩ්‍රොකාබන අඩංගු වෙනවා. ඒවා මගින් ඔයාගෙ සමට අත්‍යවශ්‍ය වෙන කොලැජන් විනාශ කරනවා. එතකොට ඔයාට වයස්ගත පෙනුමක් ලැනෙන්න පටන් ගන්නවා. බාබකියු කන එක නවත්තන්න ඕනෙම නෑ. ඒත් මස්වල කරවුණු කොටස් ඉවත් කරන්න අමතක කරන්න එපා.

08. බැදපු අර්තාපල් මගින් ශරීරයෙන් වැදගත් ඛනිජ ලවණ ලබාගන්නවා.

අර්තාපල් අපේ ශරීරයට ඇතුල් වුණු ගමන්ම ඉක්මනින් සීනි බවට පත්වෙනවා. ගැඹුරු තෙලේ බැදපු ආහාර නිදහස් රැඩිකලුන් මුදා හරින අතර එමගින් සමේ සෛලවලට හානි කරනවා. අර්තාපල් හානිකර නොවන ආකාරයෙන් ලබාගන්න නම් අර්තාපල් බේක් කරලා කන්න.

09. කෝපි සහ කැෆේන් සහිත බීම මගින් සම වියළෙනවා.

කැෆේන් මගින් ශරීරයේ තෙතමනය අඩු කරනවා. එමගින් ඔයාගෙ සම වියළි හා බිඳෙන සුළු වෙනවා. ඒත් මේ ගැටළුවට හොඳ විසඳුමක් තියනවා. ඔයා පරිභෝජනය කරන හැම කෝපි කෝප්පයක් සඳහාම අමතර වතුර වීදුරුවක් පානය කරන්න. ඒ වගේම සම මොයිස්චරයිස් කරන්න අමතක කරන්න එපා.

10. කුළුබඩු සහිත ආහාර සමේ රතු පැහැයට හා සුදුමැලි වීමට හේතු වෙනවා.

කුළුබඩු සහිත ආහාර මගින් සමේ රුධිර වාහිනී දෙගුණ කරනවා. එවිට සමේ රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ඇතිවෙනවා. ඉඳහිට කුළුබඩු තියන කෑමක් කෑවට කමක් නෑ. ඒත් නිතරම කුළුබඩු සහිත ආහාර ගැනීමෙන් නහර ගැට ගැසීම, නහර ඉලිප්පීම, සම සුදුමැලි වීම හා සම රතු වෙන්න ඉඩ තියනවා.

වැදගත්: ඔබේ සම තරුණ කරන නිෂ්පාදන

මෙන්න ඔයාගෙ සමට නැවුම් හා තරුණ පෙනුමක් තබා ගැනීමට උපකාරී වන හොඳම නිෂ්පාදන ලැයිස්තුවක්.

දෙළුම්: විටමින් හා ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. හිරු කිරණවලින් වන හානියෙන් ඔයාගෙ සම ආරක්ෂා කරන්නත් උදව් වෙනවා.

එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල්: ඔමේගා 3 සහ සමට හිතකර මේද අම්ල අඩංගුයි.

ග්‍රීන් ටී: පාරජම්බුල කිරණවලින් සමට සිදුවෙන හානිය වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

කොළ පාට පලා වර්ග: වයසට යෑමට එරෙහිව සටන් කරන විටමින් K, A, C සහ E නිවිති සහ කැලේ වගේ කොළ පාට පලා වර්ගවල බහුලව අඩංගු වෙනවා.

මේද මාළු: සැමන්, ටූනා, සාඩින් සහ මැකරල් කියන්නෙ ශරීරයේ දැවිල්ලාඩු කරන ඔමේගා 3 මේද අම්ල වැඩිපුර අඩංගු ආහාර කිහිපයක්.

ජලය: වයස්ගත වීමේ ක්‍රියාවලියට එරෙහිව සටන් කිරීමේදී වඩාත්ම වැදගත් දෙයක් තමයි ජලය කියන්නෙ. එමගින් ඔයාගෙ අවයව හා සන්ධි හොඳින් ක්‍රියාත්මක වීමට, පරිවෘත්තීය ක්‍රියාවලියට සහාය වීමට හා සම තෙත් කිරීමට උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *