වලියකට පස්සෙ ආයෙත් යාලුවෙන්න ලේසිම ක්‍රම 10ක්

ගොඩක් වෙලාවට ආදරේ කරන අය අතර වගේම විවාහ වුණු අය අතරෙත් වාද විවාද ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි එකඟතාවයක් නොමැතිකම කියන්නෙ. දෙන්නගෙ අදහස් නොගැලපීම නිසා රණ්ඩු ඇතිවෙනවා. කොහොමටවත්ම රණ්ඩු කරන්නෙ නැතුව ඉන්න ක්‍රම තියනවද? ගොඩක් වෙලාවට නෑ. හැමෝම වගේ රණ්ඩු වෙනවා. ඒත් රණ්ඩුවක් දුරදිග ගෙනියන්නෙ නැතුව නවත්තගන්න ක්‍රමයක් තියනවද?

ඔන්න අද අපි කතා කරන්නෙ ඒ ගැන. රණ්ඩුවක් බරපතල කර නොගෙන ආයෙත් යාලුවෙන්න පුලුවන් සරලම ක්‍රම 10 ක් ගැන ඔයාට කියලා දෙන්න අපි හිතුවා. ඔයාගෙ ජීවිතයේ ආදරය සමඟ කටයුතු කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන්.

01. දහය දක්වා ගණන් කරන්න.

ඇත්තටම මේක ගොඩක් හොඳ ක්‍රමයක්. ඔයා අකමැති හෝ එකඟ නොවූ දෙයක් ඔයාට ඇහෙනකොට, ගැඹුරු හුස්මක් අරගෙන එකේ ඉඳන් දහය දක්වා ගණන් කරන්න. ඔයා ඔයාගෙ සහකරුට රිදවන්න කැමති නැත්නම් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න.

02. ඔයාලා දෙන්නාටම විශේෂ “නැවතුම්” සංඥාවක් පුරුදු වෙන්න.

ඔයාගෙ සහකරු සමඟ යම් දේකට එකඟ නොවීමක කතාබහක් දුරදිග ගිහින් උච්චතම අවස්ථාවට පත් වුණාම ඔයාල දෙන්නම කතා වෙලා යොදාගත්ත රහස් සංඥාවක් භාවිත කරලා රණ්ඩුව නතර කරන්න. උදාහරණයක් විදියට ඒක ඉරියව්වක් හෝ විහිලු වචනයක් වෙන්න පුලුවන්. ඒ පණිවිඩයෙන් ඔයාගෙ සහකරුට තේරෙනවා ඔයාගෙ ඉවසීමේ සීමාව පනින්නයි යන්නෙ කියලා.

03. දිනන්න උත්සාහ කරන්න එපා.

රණ්ඩුවකදි ඔයාට ඇත්තටම ඕන වෙන්නෙ දිනන්න. එහෙම නේද? ඒත් ඔයා හැමවිටම හරි වෙන්න ඕන නෑ. ඔයාගෙ ආදරණීයයා සමඟ ඇති වන බහින්බස්වීමකදී හරි හෝ වැරදි කියලා දෙයක් නෑ. ඒ නිසා හැමවිටම තමන් හරි කියලා හිතලා රණ්ඩු වෙන්න එපා.

04. සමහර ප්‍රශ්නවලට රණ්ඩු කරන්න ඕනෙම නෑ.

මතභේද ඇතිවීම මුළුමනින්ම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් අපිට අනිත් අයගේ ජීවන රටාවන් වලට හුරු වෙන්න සිදු වුණාම. ඒත් රණ්ඩු කරන්නතරම් වැඩකට නැති ප්‍රශ්නත් තියනවා. කාලයක් යනකොට ඒවා නිසා මානසික ආතතිය හා අමනාපය ඇති වෙනවා. ඒ නිසා වැඩකට නැති දේවල්වලට රණ්ඩු කරන්න යන්න එපා.

05. ඔබේ සහකරුව වැළඳ ගන්න.

වරදවා වටහා ගැනීමක් හෝ එකඟ නොවීමක් වගේ වෙකාවකදි, අන්තිමටම කරන්න ඕන දේ තමයි ඔයා ඉස්සරහ ඉන්න කෙනා එක්ක ශාරීරික සම්බන්ධයක් පැවැත්වීම. කොහොම වුණත්, මේ වගේ ඕනම දේකින් ඔයාට මතක් කරලා දෙන්නෙ ඔයා මේ පුද්ගලයාට ආදරය කරන බවයි. ඒ වගේම ඔහු හෝ ඇය එක්ක එකට ඉන්න කැමති බවයි. ඒ නිසා බදාගන්න කියලා ඉල්ලන්න බය වෙන්නෙපා. බදාගන්න හිත හිත ඉන්නත් එපා. මේ වගේ පොඩි දෙයකින් ලොකු රණ්ඩුවක් නවත්තගන්න පුලුවන්.

06. හිතන විදිහ වෙනස් කරගන්න.

හිතන්නකෝ, ඔයාගෙ සහකරුට ඔයාගෙ උපන්දිනේ අමතක වුණා කියලා. එතකොට ඔයා හිතන්නෙ එයාට මන් ගැන ගානක් නෑ, එයා මට ආදරේ නෑ කියලා. ඒත් සමහර විට ඒක එහෙම නොවෙන්න පුලුවන්. ඔහු හෝ ඇය කාර්යබහුල වීම නිසා දවස අමතක වුණා නම්. ඔයා බොරුවට රණ්ඩු කරලා තේරුමක් නෑ නේද? ඒ නිසා එයාගෙ පැත්තෙනුත් හිතන්න පුරුදු වෙන්න. එතකොට ගොඩාක් රණ්ඩු අඩු කරගන්න පුලුවන්.

07. තරහෙන්ම නිදාගත්තට කමක් නෑ.

ලොකු රණ්ඩුවක් ඇති වුණු දවසෙම එකඟතාවයකට පත් වෙන්න ඕන කියලා එකක් නෑ. ඔයාගෙ කාලය ගන්න. ඇති තරම් විවේකයක් ගන්න. ඊලඟ දවසෙ උදේට නැගිටින්න. දුක් වෙන්නෙපා. රණ්ඩුව ඉවර කරගන්නෙ නැතුව නිදාගත්තට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

08. හිනා වෙන්න..

විහිළුවක් කරන්න. ඒක ආතතිය බිඳ දැමීමට හොඳ ක්‍රමයක්. ඔයාගෙ සහකරුට නපුරු වෙන්න එපා. එක අහිංසක ඉරියව්වක් හෝ විහිලු වචනයකින් හැම දේම හරියන්න පුලුවන්.

09. ඔබේ ස්ථාවරය දැන ගන්න.

රණ්ඩුවක් කරන්න හැම වෙලාවෙම දෙන්නෙක් ඕන. ඒ වගේම තනතුරු දෙකකුත් තියෙන්න ඕන. එයා මගේ කවුද? මම එයාගෙ කවුද? මේ දේ අමතක කරන්න එපා. තත්පර 10 ක් ගැඹුරු හුස්මක් ගනිමින්, ඔයාට හරියටම තරහක් ඇති කරවන හා අපහසුතාවයට හේතුවෙන දේ ගැන හිතන්න.

10. සතුටු හිතෙන දේවල් කරන්න.

ඔයා සහ ඔයාගෙ සහකරු වටා තියන පරිසරය ඔයාගෙ සම්බන්ධතාවයට බලපෑමක් ඇති කරනවා. සෘණාත්මක වාතාවරණයක් තුළ එකඟ නොවීමක් මගින් ලොකු රණ්ඩුවක් ඇති වෙන්න පුලුවන්. ඔයාට බඩගිනි නම් හෝ ඔයාලා ඉන්න තැන ඝෝෂාකාරී තැනක් නම් එතන කතා කරන්න සුදුසු තැනක් නෙවෙයි. ඒ වගේ වටපිටාවකදි ඔයාගෙ ආතතියත් වැඩියි. ඒ නිසා රසවත් බීමක් වගේ ඔයාලා දෙන්නම කැමති විනෝදජනක දෙයක් ගැන හිතන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලා දෙන්නටම පැහැදිලි වෙනවා මේක රණ්ඩු කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *