ව්‍යායාම නොකර නෙරා ඇවිත් ඇති බඩ ඉවත් කල හැකි ක්‍රම 12 ක්

බඩ ඉස්සරහට නෙරීම කියන්නෙ ශරීරයේ ස්වාභාවික ක්‍රියාවලියක් වන බඩ පිපීමේ ලක්ෂණයක්. සාමාන්‍යයෙන්, ආමාශයේ හා බඩවැලේ බාගයක් විතර වායුවලින් පිරිලා තියනවා.

බඩවැල්වල ඉන්න ආහාර ජීර්ණයට උදව් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ආමාශයේ වාතය පිරෙන්නෙ. ආමාශයට ආහාර ජීර්ණය කිරීම අපහසු වන තරමට වායූන් නිපදවීම නිසා බඩ පිපීම සිදුවෙනවා.

අද අපි ඔයාට කියන්නෙ බඩ පිපීම වළක්වාගන්න කරන්න පුලුවන් සරල සම්බාහන ක්‍රම කිහිපයක් ගැනයි. ඒත් එක්කම, බඩේ වාතය පිරීම වැළැක්වීමට ප්‍රයෝජනවත් වන උපදෙස් 9 ක් ගැනත් මේ ලිපියෙන් කියා දෙන්න අපි සූදානම්.

පළවෙනි ක්‍රමය: මේ ලක්ෂ්‍යය මසාජ් කිරීමෙන් බඩේ ගෑස් හැදීම අඩු කරනවා.

බුරියෙන් පටන් ගන්න. ඇඟිලි 4 ක් තිරස් අතට බුරියට ඉහළින් තබන්න. දබරැඟිල්ලට උඩින් තියන ස්ථානය තමයි අපේක්ෂිත ලක්ෂ්‍යය වෙන්නෙ. දැන් විනාඩි 2-3 ක් දක්ෂිණාවර්තව හා වාමාවර්තව මසාජ් කරන්න. ඔයා හරියටම මසාජ් එක කලා නම්, ඔයාගෙ කටේ ඇඹුල් රසයක් දැනෙන්න ඕන.

දෙවන ක්‍රමය: මේ මසාජ් ක්‍රමය මගින් ජලය රඳවා තබා ගැනීම හා බඩේ කැක්කුම සමනය කරනවා.

මේ ලක්ෂ්‍යය පිහිටලා තියෙන්නෙ දෙවන ඇඟිල්ලේ නියපොත්තට ඉහළින්. එය මත තද කර විනාඩි 2-3 ක් දක්ෂිණාවර්තව හා වාමාවර්තව හොඳින් මසාජ් කරන්න.

තුන්වන ක්‍රමය: මේ මසාජ් එකෙන් බඩවැල් ක්‍රියාකාරිත්වය වැඩි කරලා බඩේ බර ගතිය ඉවත් කරනවා.

ඇඟිලි 4 ක් තිරස් අතට බුරියට යටින් තබන්න. නිවැරදි ලක්ෂ්‍යය කුඩා ඇඟිල්ලට යටින් පිහිටා ඇත. විනාඩි දෙක තුනක් දක්ෂිණාවර්තව හා වාමාවර්තව මසාජ් කරන්න. මේ මසාජ් එක හරියටම කලොත් බඩ පුරවා දැමීමේ ගතිය ඉවත් වෙනවා.

නිරෝගී පුද්ගලයෙකුට බඩ පුරවා දැමීමට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. ඔයාගෙ පෝෂණය හා ආමාශයේ ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්කම් තමයි මේකට ප්‍රධානම හේතුව.

01. හැමදාම උදේට ලෙමන් සමඟ උණුසුම් වතුර වීදුරුවක් බොන්න.

ආහාර වේලකට මිනිත්තු 15-30 කට කලින් ලෙමන් යුෂ සමග වතුර වීදුරුවක් බීමෙන් ආමාශයික අම්ලය ස්‍රාවය වීම සාමාන්‍ය තත්වයට පත් කිරීමටත්, අජීර්ණ රෝග ලක්ෂණ සමනය කිරීමටත්, බඩවැල්වල ගෑස් සෑදීම වැළක්වීමටත් උපකාරී වෙනවා. ඊට අමතරව ලෙමන් වල විටමින් සී විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ආහාර ජීර්ණය පහසු කරනවා.

02. උදේ ආහාරය සඳහා කිරි සහ කෝපි බොන්න එපා.

කිරි මගින් ආමාශයික අම්ලය නිපදවීම උත්තේජනය කරනවා. ඒ වගේම ආමාශයේ ආම්ලිකතාවය වැඩි කරනවා. ඒත් එය පානයක් ලෙස සලකන්න එපා. කිරි සැලකෙන්නෙ තරමක් බර ආහාරයක් විදිහටයි. කිරි වෙනුවට, ආහාර ජීර්ණයේදී ආමාශයේ බැක්ටීරියා වලට උපකාරී වන ප්‍රෝබියොටික් අඩංගු නිසා යෝගට් හෝ කෙෆීර් තෝරාගන්න. කෝපි සහ බියර් කියන්නෙත් කිරි වගේම ආමාශයට අහිතකර පානවර්ග දෙකක්.

03. ආහාර ගන්න අතරතුර බීමවර්ග පානය කරන්න එපා.

ආහාර වේලක් අතරතුර ඔබ ගන්නා බීම ආමාශයික අම්ලය සහ ආහාර දිරවීමට හේතු වන එන්සයිමවල සාන්ද්‍රණය අඩු කරනවා. ඒ නිසා ආහාර ජීර්ණය වෙන්න ගතවන කාලය වැඩි වෙනවා. ආහාර පැසවීමට පටන් ගන්නත් පුලුවන්. මෙහි ප්‍රතිඵලයක් විදිහට ගෑස් සෑදීම හා බඩ පිපීම වැඩි වෙනවා.

04. හිස් බඩට මත්පැන් පානය කරන්න එපා.

මත්පැන් මගින් ආමාශයික අම්ලය නිපදවීම උත්තේජනය කරනවා. ආමාශයේ ආහාර නැති වෙලාවට මත්පැන් බීමෙන් ආමාශයේ බිත්තිවලට හානි වෙන්න පටන් ගන්නවා. නිතරම මත්පැන් බීමෙන්, ආමාශයේ සහ බඩවැල්වල මයික්‍රොෆ්ලෝරා විනාශ වෙනවා. ඒ නිසා කවදාවත් හිස්බඩට මත්පැන් පානය කරන්න එපා.

05. ඉඟුරු තේ බොන්න.

ඉඟුරු කියන්නෙ ස්වභාවිකවම ආමාශය සන්සුන් කරන දෙයක්. එමගින් ආමාශයේ වායුව සෑදීම හා බඩවැල් ක්‍රියාකාරිත්වය අඩු කරනවා. ඒ වගේම රුධිරය තනුක කරලා රුධිර ගමනාගමනය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා.

06. අධික තෙල් සහිත ආහාර කන්න එපා.

මේද ආහාර, ක්ෂණික ආහාර සහ තෙල් සහිත රසකැවිලි කියන්නෙ වැඩිපුරම තෙල් අඩංගු ආහාරයි. ඒවා ආහාර දිරවීමේදී ආමාශයේ එකතු වෙනවා. එතකොට ආහාර ජීර්ණය කරන්න අමාරු නිසා ආමාශයේ වැඩිපුර වායූන් හැදෙනවා. ඒ නිසා, මේදය අඩු ආහාර ගැනීමෙන් තරබාරුකම වගේම ආමාශයේ අසහනය දැනීම වළක්වා ගන්නත් පුලුවන්.

07. “වාතය කන්න එපා.”

හදිස්සියට ආහාර ගන්නා විට, ආහාර ගනිමින් කතා කරන විට, නරක ලෙස හපන විට, කාබනීකෘත බීම පානය කරන විට, චුවින්ගම් හපන විට හෝ දුම් පානය කරන විට අපට වැඩිපුර වාතය ගිලෙනවා. ඒක භයානක දෙයක් නෙවෙයි. හැබැයි එමගින් බඩ පිපීමට හෝ ගෑස් සෑදීමට ඉඩ තියනවා.

08. කෙඳි බහුල ආහාර අනුභව කරන්න එපා.

කෙඳි බහුල ආහාර කියන්නෙ පලතුරු, එළවළු, බෙරි සහ රනිල කුලයට අයත් ආහාරවලටයි. වැඩිපුර තන්තු මගින් බඩේ ගෑස් හැදෙනවා. ඒ වගේම රළු තන්තු මගින් බඩවැල් ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරනවා. ඒ නිසා තන්තු බහුල ආහාර වැඩිපුර ගන්න එපා.

09. සන්සුන් වන්න, හොඳින් නිදාගන්න, භාවනා කරන්න.

කාංසාව සහ ආතතිය නිසා බඩවැල්වල චලනයට බාධා ඇතිවෙනවා. ඇඟ ලිහිල් කිරීමෙන් බඩවැල්වල ක්‍රියාකාරිත්වයට පහසුවක් දැනෙනවා. දවසකට අඩුම වශයෙන් විනාඩි 15-20 ක් භාවනා කිරීමෙන් මනස, ආමාශය හා හදවත සන්සුන් වන අතර රුධිර සංසරණය සාමාන්‍ය තත්වයට පත් කරන්නත් උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *