විද්‍යාඥයන් හෙළි කල මේ ස්ථාන 10 කවදාවත් ෆෝන් එක තියාගන්න එපා

අද වෙනකොට ෆෝන් එකක් නැති කෙමෙක් හොයාගන්න නැති තරම්. ලෝකය පුරා ජංගම දුරකථන පාවිච්චිය දවසින් දවස ඉහළ යනවා. අපි නිතරම ෆෝන් එක අපේ අතේ හෝ අපිට ගොඩාක්ම ලඟ තැනකින් තියාගන්නවා. යන හැම තැනකටම අරගෙනත් යනවා. නාන කාමරයට වගේම ඇඳටත් ෆෝන් එක ගෙනියනවා. කොහොම වුණත් සමහර තැන්වල ෆෝන් එක තියාගෙන ඉන්න එක ඔයාගෙ සෞඛ්‍යයට ගොඩාක් අහිතකරයි.

අද අපි ඔයාට කියලා දෙන්නෙ ඔයාගෙ ෆෝන් එක කවදාවත් තියන්න හොඳ නැති තැන් 10 ක් ගැනයි. ඇඳ ලඟ ෆෝන් එක චාජ් කරන්න හොඳ නැත්තෙ ඇති කියලත් අපි ලිපිය අවසානයෙදි ඔයාට කියනවා.

01. පිටුපස සාක්කුව

ෆෝන් එක කලිසමේ පිටිපස්සෙ සාක්කුවෙ දාගෙන යන එක හරි ලේසියි. ඒත් ඒකෙන් මේ වගේ කරදර වලට මුහුණ දෙන්න සිදුවෙන්නත් පුලුවන්.

  • ෆෝන් එකේ ටච් ස්ක්‍රීන් එක ඇඟිලිවලින් විතරක් නෙවෙයි, වෙන මොකක් හරි දෙයක ගෑවුණත් ඔන් වෙනවා. එතකොට වැරදීමකින් හදිසි ඇමතුම් යන්න පුලුවන්.119 වගේ අංකවලට වැඩිපුරම කෝල් එන්නෙත් මේ විදිහේ වැරදීම් නිසාලු.
  • බඩේ කෝ කකුල්වල වේදනාව ඇති වෙනවා.
  • ෆෝන් එක සාක්කුවෙ තියනවා කියලා අමතක වෙන නිසා ඒක නැති වෙන්න පුලුවන්. ඒ වගේම අමතක වෙලා පුටුවක ඉඳගත්තොත් ෆෝන් එක කැඩෙන්නත් ඉඩ තියනවා.
02. ඉස්සරහ සාක්කුව

පිරිමි අය බෑග් අරගෙන යන්නෙ නැති නිසා එයාලට ලේසිම දේ තමයි ෆෝන් එක කලිසමේ ඉස්ස්‍රහ සාක්කුවේ දාගෙන යන එක. ඒත් ඒ නිසා පිරිමින්ගේ සෞඛ්‍යයට හානි සිදුවෙන්න ඉඩ තියනවා. ෆෝන් එකෙන් පිටවෙන විද්‍යුත් චුම්භක විකිරණ නිසා ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට හා ප්‍රමාණයට අහිතකර ලෙස බලපාන බව අධ්‍යයනවලින් හොයාගෙන තියනවා. ඒ නිසා පිරිමි කෙනෙක් තමන්ගෙ ෆෝන් එක කලිසම් සාක්කුවේ දාගෙන ඉන්න එක ගොඩක් අවදානම්.

03. බ්‍රා

ජංගම දුරකථන විකිරණ මගින් පිළිකා ඇති කරනවද කියලා වෛද්‍ය විද්‍යාවෙන් තාම හරියටම ඔප්පු කරගෙන නෑ. ඒත් සමහර විද්‍යාඥයන් කියන්නෙ බ්‍රා එක ඇතුළේ ෆෝන් එක දාගෙන ඉන්නකොට, පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා කියලයි. ඒ නිසා බ්‍රා එක ඇතුළේ ෆෝන් එක තියාගන්නෙ නැති තරමට හොඳයි.

04. උකුල හා ඉණ

පර්යේෂණ වලට අනුව, ෆෝන් එක කලවා අසල අරගෙන යන එකෙන් උකුලේ ඇටකටු දුර්වල වෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න නම් ඔයාගෙ ෆෝන් එක ඝනකම් බෑග් එකක දාගෙන යන්න.

05. සමට ආසන්නව

ෆෝන් එක කවදාවත් සමට ලං කරන්න එපා. මොකද ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් හා බටන් වලින් ඔයාගෙ මුහුණේ සමට බැක්ටීරියා මාරු වෙනවා. ඒ වගේම ෆෝන් එකෙන් පිටවෙන විද්‍යුත් චුම්භක විකිරණ මුහුණට වදිනවා. ඒ නිසා ෆෝන් එකෙන් කතා කරනකොට ඔයාගෙ සම හා ෆෝන් එක අතර අඩුම තරමේ සෙන්ටිමීටර් 0.5 – 1.5 ක පරතරයක් තියාගන්න.

06. චාජරයේ තියන විට

ෆෝන් එක චාර්ජ් කිරීමෙන් ඔයාගෙ සමට හානි වෙන්නෙ නෑ. ඕනෑවට වඩා විද්‍යුත් චුම්භක විකිරණවලට සමීප නම් ඒක හොඳ නෑ. ඒ වගේම රැයක් පුරාම ෆෝන් එක චාර්ජ් වෙන්න ගහලා තියන්න එපා. ඒකෙන් ඔයාගෙ ෆෝන් බැටරියේ ආයු කාලය වගේම ෆෝන් එකේ කාර්යක්ෂමතාවයත් අඩු වෙනවා.

07. සීතල ස්ථාන

එළියේ ඕනෑවට වඩා සීතලයි නම්, ඒ කියන්නෙ උෂ්ණත්වය බිංදුවට වඩා අඩු වෙලා නම් ඔයාගෙ ෆෝන් එක ගැන සැලකිලිමත් වෙන්න. පාරේ හෝ කාර් එක ඇතුළේ වැඩි වෙලාවක් ෆෝන් එක තියන්න එපා. උෂ්ණත්ව වෙනස ෆෝන් එකට ගොඩක් හානිකරයි. ඔයා ආයෙත් උණුසුම් තැනකට ෆෝන් එක අරගෙන ආවම ඇතිවෙන උෂ්ණත්ව වෙනස ෆෝන් එකට දරාගන්න බැස්. එතකොට ඇතුළේ තියන පොඩි පොඩි උපාංග වගේම ෆෝන් එක ඇතුළේ තියන තොරතුරුවලටත් හානි වෙන්න පුලුවන්. ඔයා සීතල කාලෙට එළියට යනවා නම් ෆෝන් එකට සීතලට ඔරොත්තු දෙන බැක් කවර් එකක් මිලදී ගන්න.

08. උණුසුම් ස්ථාන

අධික උෂ්ණත්වය මගින් ඉලෙක්ට්‍රොනික උපාංග වලට හානිකරනවා. උණුසුම් කාලගුණය තුළ, ඔයාගෙ ෆෝන් එක කාර් එක ඇතුළේ හෝ මුහුදු වෙරළේ තියන්න එපා. ඒ වගේම අවන් එක ලඟ තියන්නත් එපා.

09. ප්‍රෑම් කරත්ත

අම්මලා හදිස්සියට එයාලගෙ ෆෝන් ප්‍රෑම් එකේ තියනවා. ඒත් ඒක ළමයාට අනාරක්ෂිතයි කියලා පර්යේෂකයන් කියනවා. එමගින් ළමයින්ට ෆෝන්වල බලපෑම නිසා අධි ක්‍රියාකාරීත්වය හා අවධානය අඩු වීම වගේ ආබාධ ඇති වෙන්න ඉඩ තියනවා.

10. කොට්ටය යට

ඔයාගෙ කොට්ටය යට ෆෝන් එක තියාගන්න එපා. මෙන්න ඒකට හේතු කිහිපයක්.

  • රෑටත් ෆෝන් එකට නොටිෆිකේෂන් එන නිසා ෆෝන් එකේ ස්ක්‍රීන් එක නිතරම ඔන් වෙනවා. මේ ආලෝකය මෙලටොනින් නිෂ්පාදනයට බලපානවා. එමගින් නින්දට සම්බන්ධ ගැටළු ඇතිවෙන්න ඉඩ තියනවා.
  • ඒ වගේම දිගු කාලයක් තිස්සේ විද්‍යුත් චුම්භක විකිරණවලට අහු වීම නිසා හිසරදය හා කරකැවිල්ල ඇති වෙනවා.
  • සමහර විට ෆෝන් එක පුපුරන්න වගේම ගිනිගන්න වුණත් ඉඩ තියනවා. ෆෝන් එක කොට්ටෙ යට තියනකොට මේ අවදානම තවත් වැඩියි. ෆෝන් එක චාජ් වෙනකොට තාපය එකතුවෙනවා. ෆෝන් එක කොට්ටෙ යට තියන නිසා ඒ තාපයට පිටවෙන්න තැනක් නෑ. ඒ නිසා ෆෝන් එක කොට්ටෙ යට තියාගන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *