විශාල පිරිසිදු කොණ්ඩයක් තබා ගැනීමට පිළිපැදිය යුතු නීති 9ක්

කාන්තාවකගෙ ලස්සන ගැන කතා කරනකොට කෙස් කලඹට ප්‍රධානම තැනක් හිමිවෙනවා. ලස්සනට කොණ්ඩෙ තියාගන්න මොනවද කරන්න ඕන කියලා ඔයාට තිබුණු ප්‍රශ්නෙට පිළිතුරු අරගෙන තමයි අද අපි ආවෙ. ඔයා නිතරම හිසකෙස් සෝදන තරමට හිසකෙස්වල තෙල් ගතිය වැඩි වෙනවා. ලස්සන හා ඝනකම් කෙස් කළඹක් ලබා ගන්න නම් අපි කොණ්ඩය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. හරියටම ෂැම්පු, කන්ඩිෂනර් කරන හැටි දැනගෙන ඉන්නත් ඕන. ඒ වගේම කොණ්ඩෙට දාන එක එක මෝස්තර නිසත් කෙස්වලට හානි වෙනවා.

ඔයාගෙ හිසකෙස් නැවුම්ව හා විශාල ලෙස තබා ගැනීමට උපකාරී වන උපදෙස් 9 ක් අපි හොයාගත්තා. හිසකෙස් හානියේ තරම හොයාගන්නෙ කොහොමද කියලත් ලිපිය අන්තිමට අපි ඔයාට කියලා දෙනවා.

01. ෂැම්පු යොදන හරිම ක්‍රමය
  1. ඔයාට සුවපහසු උෂ්ණත්වයක තියන වතුරෙන් විනාඩියක් විතර නාන්න.
  2. ලොකු කාසියක ප්‍රමාණයට ඔයාගෙ අත්ලට ෂැම්පු මිරිකාගන්න. අත් දෙක එකට අතුල්ලලා රවුම් චලිතයකින් ඔලුවට ෂැම්පූ ගාන්න.
  3. ෂැම්පු ගානවට වඩා වෙලාවක් ෂැම්පු සෝදලා ඉවත් කරන්න ගතවෙනවා. විනාඩි 5 ක් විතර ඔලුව සෝදලා ෂැම්පූ ඉවත් කරගන්න. කොණ්ඩෙ ෂැම්පු ඉතිරි වීමෙන් හිසකෙස්වල වර්ණය අවපැහැ වීම හා හිස්සොරි ඇතිවෙන්න පුලුවන් බව මතක තියාගන්න.
  4. අන්තිමට සීතල වතුරෙන් හිසකෙස් සෝදන්න. මෙමගින් කෙස් කළඹ ශක්තිමත් වෙනවා වගේම ඔයාගෙ කොණ්ඩයට වැඩි තෙතමනයක් පවත්වා ගැනීමටත් දිලිසෙන පෙනුමක් ලබා ගැනීමටත් උදව් වෙනවා.
02. කොණ්ඩා මෝස්තර වෙනස් කිරීම

නිතර ඔයාගෙ කොණ්ඩා මෝස්තර වෙනස් කරනවා නම් දිනපතා නාන්න ඕන වෙන්නෙ නෑ. හැම දවසකම අලුත් හා වෙනස් පෙනුමකින් වැඩ කරන්නත් පුලුවන්.

03. අග්ගිස්වලින් බෙහෙතක්

අග්ගිස් විසින් සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය පාලනය කරනවා. සමටත් ගුණයි. සමේ ආසාදනවලට ප්‍රතිකාර කරන්නත් උදව් වෙනවා. වතුර ලීටරයකට වියළි අග්ගිස් තේ හැඳි 4 ක් එකතු කරලා සාමාන්‍ය තේ එකක් හදන විදියට හදාගන්න. මිශ්‍රණය සිසිල් වූ පසු, පිරිසිදු හිසකෙස්වලට ආලේප කරන්න. ටික වෙලාවක් තබා පිරිසිදු සිසිල් ජලයෙන් හිසකෙස් සෝදන්න.

04. දිනපතා හිසකෙස් සේදීමේ පුරුද්ද අඩු කරගන්න.

ඔයා දිනපතා හිසකෙස් සෝදනවා නම්, මේ පුරුද්ද සෙමින් වෙනස් කරගන්න. මොකද දිනපතා නානකොට කාලයක් යද්දි හිසේ සෙබස් ග්‍රන්ථිවල තීව්‍රතාවය අඩු වෙනවා.

05. ව්‍යායාම කරන්න කලින් වියළි ෂැම්පූ භාවිතා කරන්න

ව්‍යායාමයකින් පසු වියළි ෂැම්පූ භාවිතා කරන එකේ තේරුමක් නෑ. මොකද ව්‍යායාම කලාම දාඩිය දාන නිසා කොණ්ඩෙ ඇලෙන ගතියක් ඇතිවෙනවා. ඒ නිසා ව්‍යායාම කරන්න කලින් වියළි ෂැම්පූ ආලේප කරන එක තමයි හොඳම දේ. එතකොට ව්‍යායාමයේදී ඇතිවෙන දහඩිය ඔක්කොම අවශෝෂණය කරගන්න පුලුවන්.

06. කොට්ට උර මාරු කිරීම

පිරිසිදු කොට්ට මත නිදා ගැනීම අපේ හිසකෙස්වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කාලයක් යනකොට, කොට්ට උරයට එපීඩර්මල් සෛල හා පැරණි මේකප් උරා ගන්නවා. එය බැක්ටීරියා සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපේ සමට හා හිසකෙස්වල සෞඛ්‍යය හොඳින් තියාගන්න නම් අඩුම තරමේ සතියකට වරක්වත් කොට්ට උර මාරු කරන්න ඕන. ඔයාගෙ කොණ්ඩය ගොඩක් තෙල් සහිතයි නම්, සතියකට දෙවරක් කොට්ට උර මාරු කරන්න.

07. හිසකෙස්වලට ලෙමනේඩ්

හිසකෙස්වලට ලෙමනේඩ් යෙදීමෙන් කොණ්ඩයේ තෙල් ගතිය පාලනය කරගන්න පුලුවන්. ඒ වගේම හිසකෙස් නැවුම් හා විශාල ලෙස තියාගන්නත්, ස්වභාවිකවම කෙස්වල දීප්තියක් ඇති කරගන්නත් ලෙමනේඩ් උදව් වෙනවා. මේක හදාගන්නත් හරිම ලේසියි. ලෙමන් ගෙඩියක යුෂ වතුර ලීටරයක් සමග මිශ්‍ර කරලා එයින් ඔයාගෙ හිසකෙස් සෝදන්න. මිශ්‍රණය හෙමින් ඔලුවට වත් කරලා එක අතනික් හිසකෙස් මුල් මසාජ් කරන්න.

08. ඉහළ කොණ්ඩා මෝස්තර

ඉහළ කොණ්ඩා මෝස්තර මගින් හිසකෙස් නැවුම්ව තබා ගන්න පුලුවන්. ඔයා ගෙදර ඉන්නවා නම් කොණ්ඩය උඩට කරලා බන් එකක් දාගෙන ඉන්න. කොහේ හරි යන්න කලින් කොණ්ඩය පහත් කරන්න. මෙමගින් ඔයාගෙ කොණ්ඩයට යම් පරිමාවක් එකතු කරගන්න පුලුවන්.

09. හිසේ සම ගැන සැලකිලිමත් වෙන්න.

හෙයා මාස්ක්, බාම් හා කන්ඩිෂනර් වගේ රූපලාවණ්‍ය නිෂ්පාදන කෙස්වලට විතරක් පාවිච්චි කරන්න මතක තියාගන්න. දුරට හිසකෙස් සඳහා භාවිතා කළ යුතුය. හොඳින් තෙතමනය ඇති සම මගින් අධික ලෙස සෙබන් නිපදවන්නෙ නෑ. ඒ නිසා ඔයාගෙ හිස් මුදුනේ මාස්ක් එක ආලේප කරන්නෙ නැතුව, හිසකෙස් කොටස් කරලා හෙයා මාස්ක් එක ආලේප කරන්න. දැන් හිසේ සම මසාජ් කරන්න.

වැදගත්: හිසකෙස්වල සෞඛ්‍යාරක්ෂිත බව පරීක්ෂා කරන්න.

ප්‍රසිද්ධ කොණ්ඩ මෝස්තර ශිල්පී තෝමස් ටෝ කියන්නෙ ඔයාගෙ හිසකෙස්වලට සිදුවන හානියේ තරම හොයාගැනීම සඳහා සරල පරීක්ෂණයක් කරන්න කියලයි. කෙස් රොදක් අරගෙන එය පිරිසිදු ජලය සහිත වීදුරුවකට දමන්න. එය වතුරේ මතුපිට පාවෙනවා නම්, ඔයාගෙ හිසකෙස් නිරෝගීයි. එය ගිලී ගියහොත් ඔයාට ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

ඔයා සාමාන්‍යයෙන් කොපමණ වාරයක් ඔයාගෙ හිසකෙස් සෝදනවාද? ඔයාගෙ කොණ්ඩට ලස්සනට තියාගන්න ඔයා පිළිපදින රහස් මොනවද? ඔයාගෙ අදහස් අපට කියන්න.

Leave a Reply

Your email address will not be published.