වේගයෙන් ඇඟ අඩු කරගන්න නම් මේ ආහාරවලට මාරුවෙන්න

අද කාලෙ අපේ ගොඩ දෙනෙක් දුක්වෙන ප්‍රශ්නයක් තමයි ශරීරයේ බර වැඩිකම කියන්නෙ. ඉතින් බර අඩු කරගන්න කොච්චර කැමති වුණත් කට පරිස්සම් කරගන්න බැරි නිසා බර අඩුකරගන්න එක හීනයක්ම වුණු අයත් ඕන තරම් ඉන්නවා. ශරීරයේ නර අඩු කරගන්න එක ඇත්තටම ඔයා හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. කන්න ආස හිතෙනවා වුණත් වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතයක් අඩංගු කෑම වර්ග වෙනුවට රසෙන් ලොකු වෙනසකුත් නැති කෑම වර්ග කිහිපයක් ආදේශ කරගන්න එක විතරයි ඔයාට කරන්න තියෙන්නෙ.

ඔන්න බලන්නකෝ කෑම කන ප්‍රමාණය අඩු කරන්නෙත් මැතුව, ඔයා කන්නම ආස කෑමවල රස ලොකුවට වෙනස් වෙන්නෙත් නැතුව කෑම කන ගමන්ම බර අඩුකරගන්නෙ කොහොමද කියලා. බර වැඩි ප්‍රශ්නෙන් දුක් විඳින හැමෝටම අද ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ ආහාර වර්ග ඔයාගෙ දිනපතා ආහාර වේලට එකතුකරගන්න උත්සාහ කලොත් බර අඩු කරගන්න එක තවදුරටත් හීනයක් නෙවෙයි.

#01

අලපෙතිවල අඩංගු මේදය හා කැලරි ප්‍රමාණයෙන් කොටසක් පොප්කෝන්වල අඩංගු වෙනවා.
#02

මෙයොනීස් වල සැලකිය යුතු සීනි හා සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගුයි. ඒත් මෙයොනීස්වලට වඩා අඩු මේද හා සීනි ප්‍රමාණයක් තමයි අබවල තියෙන්නෙ.
#03

දුඹුරු සහල්වල තන්තු, විටමින් හා ඛනිජ ලවණ වැඩිපුර අඩංගු වෙනවා.
#04

පොල් පිටි කියන්නෙ කෙඳි හා ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ වගේම එහි අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වෙනවා.
#05

පෝටෝබෙලෝ හතුවල අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වුණත් සාමාන්‍ය බර්ගර් එකක රසයම ලබා දෙනවා.
#06

කොකෝවාවල පෝෂ්‍ය පදාර්ථ ගොඩක් ඉවත් කරලා තමයි සැකසූ කොකෝවා කුඩු හදන්නෙ. ඒත් කකාවෝ කුඩු ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එහි සෞඛ්‍යමය වාසි රැසකුත් ලබා දෙනවා.
#07

පොඩිකරගත් අලවලට වඩා පොඩිකරගත් ගෝවා මල් වල අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු වන අතර මේදය අඩංගු වෙන්නෙත් නෑ.
#08

මී පැණි වල විටමින් සහ ඛනිජ ලවණවර්ග රැසක් අඩංගු වෙනවා. ඒ වගේම එය පිරිපහදු කළ සීනි වලට වඩා පැණි රසින් වැඩි අතර දිරවීමටත් පහසුයි.
#09

ආමන්ඩ් කිරි හෝ වෙනත් ශාකවලි හදපු කිරි වලට වඩා එළකිරිවල, සීනි හා මේදය වැඩියෙන් අඩංගුයි
.
#10

Zucchini රිබන් කියන්නෙ ඕනෑම සාමාන්‍ය පැස්ටා වර්ගයක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් සඳහා රසවත් ආදේශකයක්. ඒවායේ අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු අතර හා වැඩි කැලරි ප්‍රමාණයකුත් අඩංගු වෙනවා.
#11

පාන් කුඩුවලට වඩා ඕට්ස්වල, තන්තු, ඛනිජ හා සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට් වලින් පොහොසත් ය.
#12

ලුණු ඛනිජ වලින් පිරී ඇති අතර එය පිරිසිදු කැට ස්වරූපයෙන් පවතිම නිසා පහසුවෙන් අවශෝෂණය කරගන්නත් පුලුවන්.
#13

සිසිල් බීමවල රසකාරක හා කෘතිම රස බහුලව අඩංගු වෙනවා. ඒත් තේ වල ප්‍රතිඔක්සිකාරක ගොඩක් තියනවාල්.
#14

අර්තාපල් වලට වඩා දෙගුණයක් කැලරි හා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් කැරට්වල තියනවා.
#15

කෙසෙල් වල ස්වභාවිකව මිහිරි රසය හා ක්‍රීම් ගතියක් තියනවා. ඒවායේ සෞඛ්‍යයට අහිතකර මේදය හා සීනි අඩංගු වෙන්නෙත් නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *