වේගයෙන් ළදරුවෙකුගේ මෙන් යටිපතුලක් ලබා ගැනීමට ක්‍රම 10 ක්

කෝලස් කියන්නෙ කකුලේ සම නිතරම බිම ඇතිල්ලීම නිසා සමේ ඇතිවෙන පැල්ලම්වලටයි. ඒවා නිසා කකුල්වලට වේදනාවක් ඇතිවෙනවා. ගොඩක් වෙලාවට අත් සහ කකුල්වල ඇති වෙන මේ තත්වය සාමාන්‍යයෙන් හානිකර නෑ. ඒත් හරියට ප්‍රතිකාර කරලා සනීප කරගත්තෙ නැත්නම් ආසාදන ඇති වෙන්න පුලුවන්. විශේෂිත රේසර් හෝ පුමිස් ගලක් මගින් වෛද්‍යවරුන් කෝලස් වලට ප්‍රතිකාර කරනවා. ඒත් ගෙදරදිම හොයාගන්න පුලුවන් සරල දේවල් කිහිපයකිනුත් කකුලේ හම තද වීම හා පැලීමට ප්‍රතිකාර කරන්න පුලුවන්.

අවුරුදු ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ කෝලස් වලට ප්‍රතිකාර කිරීමට හා එයාලගෙ සම මෘදු කිරීමට භාවිතා කරපු විවිධ නිවෙස් පිළියම් කිහිපයක් ගැනයි අද අපි ඔයාව දැනුවත් කරන්නෙ.

01. ඇස්පිරින් කුඩු

ඇස්පිරින් පෙති 5 ක් හෝ 6 ක් කුඩු කරන්න. එයටම ලෙමන් යුෂ හා වතුර ටිකක් එකතු කරලා පේස්ට් එකක් හදාගන්න. සමේ ගැටලු තියන තැන්වල පේස්ට් එක ගාලා උණුසුම් තුවායකින් ඒ ප්‍රදේශය ඔතලා ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කරන්න. විනාඩි 10 කට පසු පුමිස් ගලකින් ස්ක්‍රබ් කරන්න. ඔයා දියවැඩියා රෝගියෙක් නම් හෝ ඇස්පිරින් වලට ආසාත්මිකතා දක්වන කෙනෙක් නම් මේ ක්‍රමය භාවිතා කරන්න එපා.

02. බේකිං සෝඩා පේස්ට්

බේකිං සෝඩා වතුරෙන් කකුල් සේදීමත් කකුල්වල හමේ ප්‍රශ්නවලට හොඳ විසඳුමක්. බේකිං සෝඩා වතුර සමග මිශ්‍ර කරලා පේස්ට් එකක් හදාගන්න. සමේ ගැටළු සුව වෙනකන් කකුල් බේකිං සෝඩා වතුරෙන් නිතිපතා සෝදන්න.

03. තේ

හොඳයි, උණුසුම් තේ සමටත් ගොඩක් හොඳයි. චමමයිල් තේ හෝ තේ ගස්වලින් ගන්න තෙල් වතුරට මිශ්‍ර කරන්න. මෙමගින් සම වියළීමෙන් ආරක්ෂා කරනවා. තේ ඔයාගෙ සමට ගැලපෙන්නෙ නැත්නම්, ඒ වෙනුවට සබන් වතුරෙන් කකුල් පොඟවාගන්න.

04. බඩ ඉරිඟු පිටි

කකුල්වලට බඩ ඉරිඟු පිටි මිශ්‍රණයක් ආලේප කරන්න. එමඟින් සමේ ගැටලු වලට හොඳ ප්‍රතිකාරයක් ලැබෙනවා. ඒ වගේම වෙනත් ආසාදන ඇතිවීමත් වළකිනවා.

05. විනාකිරි

කපු බෝලයක් විනාකිරිව්ල පොඟවා කකුල්වල සමේ ගැටලු තියන තැන්වල ආලේප කරන්න. රැයක් තියන්න. විනාකිරි සමේ ගැටලු නැති තැන්වල ගෑවෙන්න දෙන්න එපා.

06. අන්නාසි පෙති

අන්නාසි පොතුවල තියන එන්සයිම මගින් කකුල්වලඝන වූ සම මෘදු කරන්න උදව් වෙනවා. නැවුම් අන්නාසි පොතු කැබැල්ලක් යටි පතුලට තියලා රෙදි කැබැල්ලකින් ඔතන්න. සතියකට එක වරක් රෑට මේ ප්‍රතිකාරය කරන්න. එතීමෙන් පසු ඒ ප්‍රදේශයට අන්නාසි යුෂ ආලේප කරන්නත් පුලුවන්.

07. පරණ පාන්

පරණ පාන් ආහාරයට ගන්න හොඳ නැති වුණත් ඔයාස්ගෙ සම සිනිඳු කරන්න නම් පරණ පාන් උදව් වෙනවා. පාන් පෙත්තක් ඇපල් සයිඩර් විනාකිරි වල පොඟවන්න. නිදාගන්න කලින් කකුලේ ඉරිතැළුණු තැන්වල තියලා ප්ලාස්ටික් එතුමකින් ඔතන්න.දැන් කපු මේස් එකකින් කකුල ආවරණය කරන්න.

08. කෝමාරිකා

ඔයාට මේකට ස්වාභාවික කෝමාරිකා කොළ හෝ පිරිසිදු කෝමාරිකා ජෙල් භාවිතා කරන්න පුලුවන්. කෝමාරිකා කොලයේ ජෙල් තියන කොටස ඉරිතැළුණු සමේ ආලේප කරලා වෙළුම් පටියකින් ආවරණය කරන්න.

09. විටමින් A සහ ​​E

සමට ප්‍රතිකාර කරන්න විටමින් අත්‍යවශ්‍යයි. ඉඳිකටුවක් අරගෙන විටමින් A හෝ E කැප්සියුලයක් හිල් කරන්න. ඒක ඇතුළේ තියන තෙල් අරගෙන කකුලේ ඉරිතැළුණු සමේ ගාන්න. නිදාගන්න කලින් මේ සත්කාරය කරන්න. ඉරිතැලීම් හොඳ වෙනකන් මේ ප්‍රතිකාරය නැවත නැවත කරන්න.

10. විශේෂ ක්‍රීම් හෝ පෙට්‍රෝලියම් ජෙලි සහිත ග්ලවුස්

සැලිසිලික් අම්ලය, යූරියා හෝ ඇමෝනියම් ලැක්ටේට් අඩංගු ස්ක්‍රබ් හෝ ලෝෂන් මගින් සමේ ඉරිතැලීම්වලට ප්‍රතිකාර කරන්න පුලුවන්. ඊට අමතරව, සම සිනිඳු කරන ක්‍රීම් හෝ පෙට්‍රෝලියම් ජෙලි මගිනුත් ඉරිතැලීම් සුව කරන්න උදව් වෙනවා. ක්‍රිම් ආලේප කිරීමෙන් පසු මේස් හෝ ග්ලවුස් පැළඳීමෙන් ඔයාගෙ කකුල්වල හෝ අත්වල තියන ඉරිතැලීම්වල තෙතමනය ආරක්ෂා කරගන්න පුලුවන්.

බෝනස්: සමේ ඉරිතැලීම් සුව කිරීමට ෂියා බටර් උපකාරී වෙනවා.

ඔයාගෙ යටිපතුල්වල සම රළු හෝ ඉරිතලා ඇත්නම්, ෂියා බටර් වලින් යටිපතුල ස්ක්‍රබ් කරන්න. මෙමගින් සමට තෙතමනයක් ලබා දෙනවා. සමේ ඉරිතැලීම් ඉවත් කරන්නත් උපකාරී වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *