ශරීරයෙන් එන අප්‍රසන්න ගද නැතිකරන්න සුපිරි ක්‍රම 11 ක්

හයිපර්හයිඩ්‍රේෂන් හෙවත් අධිකව දහඩිය දැමීම ගොඩක් අවස්ථාවලදි අපිව ලැජ්ජාවට පත් කරනවා. දහඩිය නිසා ඇතිවෙන අප්පිරියා හිතෙන ගඳ අපිව ඊටත් වඩා අපහසුතාවයට පත් කරනවා. මේක ගැහැණු පිරිමි භේදයක් නැතිව ඕනම කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ශරීරයෙන් එන අප්‍රසන්න දහඩිය ගඳට අපි ගන්නා ආහාරත් බලපානවා. තක්කාලි, ගෝවා හෝ කෝපි වගේ ආහාර මගින් දහඩිය ඇති වෙන එක වැඩි කරනවා විතරක් නෙවෙයි, අප්‍රසන්න දහඩිය ගඳ වඩාත් ශක්තිමත් හා තියුණු කරනවා. අපේ ශරීරයෙන් එන මේ ගන්ධය නැතිකරන්න අපි මොනවද කරන්න ඕන.

ශරීරයේ දුගඳ අඩු කරන්න හේතු වෙන ආහාර වර්ග මොනවද කියලයි අපි අද කතා කරන්නෙ. දුගඳින් මිදිලා, වැඩි විශ්වාසයකින් වැඩ කරගන්න ඔයත් කැමතියි නේද? එහෙනම් අපි දැන් බලමු මොනවද මේ නිෂ්පාදන කියලා.

01. පොල්තෙල්

ඔයාගෙ ශරීරයට ප්‍රසන්න සුවඳක් ලබා දෙන්න පුලුවන් හොඳම දෙයක් තමයි පොල්තෙල් කියන්නෙ. පොල්තෙල්වල තියන ක්ෂුද්‍ර ජීවී ගුණාංග නිසා බැක්ටීරියා වර්ධනයට බාධා ඇති වෙනවා. ඒ වගේම පොල්තෙල්වල සංයුතියේ අඩංගු ලෝරික් අම්ලය මගින් දුගඳ නැති කරන්නත් උදව් වෙනවා. දහඩිය ඇති වෙන එක වළක්වන්න පොල්තෙල්වලට බැරි වුණත්, දදහඩිය ගඳ නැති කරන්න නම් පොල්තෙල් ගොඩක් ප්‍රයෝජනවත්.

නෑමෙන් පසු දවසට 1-2 වරක් කිහිලි ප්‍රදේශයට පොල්තෙල් ටිකක් ආලේප කරන්න. ඒ විතරක් නෙවෙයි, පොල්තෙල් ඔයාගෙ ශරීරයටත් ගොඩක් හොඳ දෙයක් නිසා ආහාරවලට පොල්තෙල් එකතු කරගත්තොත් නරක හුස්ම පාලනය කරන්නත් උදව් වෙනවා.

02. ලෙමන් හා අනෙක් පැඟිරි පලතුරු

ලෙමන්වල තියන විශබීජනාශක ගුණය නිසා දහඩිය ගඳ විතරක් නෙවෙයි, පොල්තෙල්වල වගේම හානිකර බැක්ටිරියා නිසා හුස්මවල ඇති වෙන නරක දුගඳ පාලනය කරන්නත් පුලුවන්. උදේට ලෙමන් මිශ්‍ර වතුර වීදුරුවක් පානය කරන්න. නැත්නම්, ලෙමන් ගෙඩියකින් භාගයක් කිහිලිවල හා යටිපතුල්වල ආලේප කරලා වියළුණාට පසුව නාන්න.

03. මහදුරු බීජ

මහදුරු බීජ කියන්නෙ ගොඩක් හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. ශරීරයෙන් විෂ ඉවත් කිරීම විතරක් නෙවෙයි, දහඩිය ගඳ පැතිරෙන්න හේතු වෙන බැක්ටීරියා විනාශ කරන්නත් මහදුරු බීජ උදව් වෙනවා. මහදුරු බීජ තේ හැන්දක් උණු වතුරේ දමා තබන්න. පැය 6-8 කින් පසු එය පෙරා වතුර ටික පානය කරන්න. තේ වලට වුණත් මහදුරු බීජ එකතු කරලා පානය කරන්න පුලුවන්.

04. කොහොඹ කොළ

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දිගු කාලයක් තිස්සෙ නැතුවම බැරි දෙයක් තමයි මේ කොහොඹ කොළ. දිලීර, ප්‍රති බැක්ටීරීය හා විෂබීජනාශක ගුණ තියන නිසා අප්‍රසන්න ගන්ධයක් ඇති කරන බැක්ටීරියා නැති කරන්න කොහොඹ කොළවලට පුලුවන්.

මහදුරු බීජ වගේම කොහොඹ කොළත් පාවිච්චි කරන්න පුලුවන්. කොහොඹ කොළ කුඩු කරලා වතුර ටිකක් එක්ක කලවම් කරන්න. හදාගත් ආලේපනය කිහිලි යට ආලේප කරලා විනාඩි කිහිපයක් තියන්න. නාන වෙලාවට ආලේපය ඉවත් කරලා කිහිලි හොඳට පිරිසිදු කරගන්න. සතියකට තුන්වරක් මේ සත්කාරය කරන්න.

05. තිරිඟු

තිරිඟුවල ප්‍රෝටීන්, විටමින් සී, බී 12, බී 6 හා ෆෝලික් අම්ලය අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන නිසා ශරීරයේ දුගඳ නැති කරන්නත් තිරිඟුවලට පුලුවන්. දවසකට නැවුම් තිරිඟු ග්‍රෑම් 40 ක් හෝ තිරිඟු කුඩු ග්‍රෑම් 3 ක් ආහාරයට ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

06. පාස්ලි

ශරීරයේ අප්‍රසන්න ගඳ නැති කරන්න ප්‍රසිද්ධ පිළියමක් තමයි පාස්ලි කියන්නෙ. හරිතප්‍රද විශාල ප්‍රමාණයක් අඩංගු නිසා වගේම පාස්ලිවල තියන නැවුම් සුවඳ නිසා එයට ශරීරයේ දුගඳ නැති කරන බැක්ටීරියා සමග සටන් කරන්න පුලුවන්.

පාස්ලිවලට සල්ෆර් සංයෝග එක්ක සාර්ථකව සටන් කරන්න පුලුවන් බව පරීක්ෂණයක් මගින් හෙළිවෙලා තියනවා. ඒ නිසා ශරීරයේ දුගඳ නැති කරගන්න නම්, පාස්ලි සලාද වගේම උණුසුම් ආහාරවලටත් එකතු කරගන්න.

07. අග්ගිස්

අග්ගිස්වල ඇපිගෙනින්, ඩයොස්මෙටින් හා ලුටෙයොලින් වගේ ෆ්ලේවනොයිඩ් අඩංගුයි. ඒ වගේම ශාකයේ සංයුතියට විටමින්, ෆයිටොන්සයිඩ් හා වෙනත් සංයෝග තියනවා. මේ පෝෂ්‍ය පදාර්ථ නිසා අග්ගිස්වල, රක්තපාත, ඩියුරටික්, කොලරෙටික්, ප්‍රති ගිනි අවුලුවන, ඇස්‍ට්‍රිජන්ට් හා ප්‍රතිබැක්ටීරීය ගුණ තියනවා.

මේ ශාකයේ තියන කොළ හා මල් මගින් දහඩිය දැමීම අඩු කරන්න උදව් වෙනවා. ඒවා කසාය සඳහා වගේම ස්නානය කරන වතුරට පවා එකතු කරන්න පුලුවන්. කොහොමවුණත්, ජෛව විද්‍යාත්මකව ක්‍රියාකාරී ද්‍රව්‍යවල ඉහළ සාන්ද්‍රණයක් තියන සංයෝගවලින් අතුරු ආබාධ ඇති කරන්න පුලුවන් බවත් මතක තියාගන්න.

08. මින්ට්

සන්සුන් කිරීමේ හැකියාව තියන නිසා, දහඩිය ග්‍රන්ථිවලට යවන ආවේග ගණන අඩු කරන්න මින්ට් යොදා ගන්නවා. ශරීරය ඇතුළට හෝ පිටතට නැවුම්, වියළි හෝ අත්‍යවශ්‍ය තෙල් වර්ගයක් විදියට මින්ට් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම මින්ට්වලට ප්‍රති ගිනි අවුලුවන ගුණ තියන නිසා ශරීරයට ප්‍රසන්න සුවඳක් ලබා දෙනවා.

09. කුරුඳු

ආහාරවලට කුරුඳු එකතු කරන එක ගොඩක් හොඳයි. කුරුඳු ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නෙ මුඛයේ තියන දුර්ගන්ධය නැති කරන්න පාවිච්චි කරන නිසයි. ඒ වගේම දිමපතා කුරුඳු පරිභෝජනය කරනකොට, ශරීරයේ දුඟඳ අඩු කරගන්නත් දහඩිය දැමීම අඩු කරගන්නත් පුලුවන්.

10. ග්‍රීන් ටී

ග්‍රීන් ටී වල කාබනික අම්ල හා ටැනික් අඩංගුයි. ඒ නිසා අග්ගිස් වගේම දහඩිය සමග සටන් කිරීමට හා බැක්ටීරියා වර්ධනය වීම වළක්වා ගැනීමටත් ග්‍රීන් ටී උදව් වෙනවා. හොඳම ප්‍රතිඵල ලබා ගන්න නම් දිනපතා ග්‍රීන් ටී පානය කරන්න. ග්‍රීන් ටී බිව්වොත් දහඩිය දැමීම අඩු කිරීමට අමතරව, පරිවෘත්තිය ක්‍රියාවලියට හිතකර බලපෑමක් ඇති කරන්නත්, ශරීරය සිහින්ව තියාගන්නත් පුලුවන්.

11. රෝස්මෙරි

අප්‍රසන්න ගන්ධයක් ඇති කරන බැක්ටීරියා ඉවත් කරන්න පුලුවන් තවත් හොඳම දෙයක් තමයි රෝස්මෙරි කියන්නෙ. රෝස්මෙරිවල ශරීරය සුවඳවත් කරන ක්ලෝරොෆිල් හා මෙන්තෝල් අඩංගුයි. ඒ වගේම රෝස්මෙරිවල තියන සින්ක් නිසා දහඩිය දැමීම අඩු කරන්නත් උදව් වෙනවා.

රෝස්මෙරි එකතු කරපු වතුරෙන් ස්නානය කරන්න. නැත්නම් අත්‍යවශ්‍ය තෙල් බිංදු කිහිපයක් වතුර ග්‍රෑම් 100 ක දිය කරලා එම ද්‍රාවණයෙන් අත්‍ යට හොඳින් පිසදමන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *