ශරීරය ලස්සන කරගන්න මේ සුපිරි රහස් 10 ගැන ඔයත් දැනගන්න

ලස්සන හා ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න හැම ගැහැණු ළමයෙක්ම කැමතියිනේ. වාසනාවකට වගේ, දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට ගොඩක් මිලෙන් වැඩි රූපලාවන්‍ය නිෂ්පාදනවලට අවධානය යොමු කරන්න ඕන නෑ. ගෙදරදිම කරගන්න පුලුවන් හොඳම ප්‍රතිඵල ලබා දෙන සත්කාර ඕන තරම් තියනවා. හොඳම දේ තමයි මේවට කිසිම වියදමක් යන්නෙත් නෑ.

අද අපි ඔයාගෙ කාලය හා මුදල් ඉතිරි කරගන්න පුලුවන් සුපිරි සරල හා ස්වාභාවික රූපලාවන්‍ය රහස් 10 ක් ගැන ඔයාට කියලා දෙනවා. ඔන්න ඔයත් ගෙදරදි මේවා අත්හදා බලලා ප්‍රතිඵල අපටත් කියන්නකෝ.

01. ලුණු වතුර ද්‍රාවණයක් මගින් ඉදිමීම අඩු කරමින් ඔයාගෙ මුහුණට නැවුම් පෙනුමක් ලබා දෙනවා.

ජලයෙහි ලුණු හොඳින් දිය කරගන්න. ද්‍රාවණය තරමක් සාන්ද්‍රණය වැඩි එකක් වෙන්න ඕන. ද්‍රාවණය තුළ තුවායක් පොඟවලා විනාඩි 10 ක් මුහුණේ තියාගෙන ඉන්න.

02. තෙල් හා දත් බුරුසුවක් මගින් තොල්වලට පූර්ණ හා සරාගී පෙනුමක් ලබාගන්න.

පීච් තෙල්, ආමන්ඩ් තෙල් හෝ සාමාන්‍ය තොල් බාම් වගේ ඕනම රූපලාවණ්‍ය තෙල් වර්ගයක් ඔයාගෙ තොල් වල ආලේප කරන්න. ඉන්පසු මෘදු දත් බුරුසුවක් ගෙන විනාඩියක් ඔයාගෙ තොල් මත මෘදු ලෙස අතුල්ලන්න.

03. සම පැහැපත් කර තෙතමනයක් ලබා දීමට ඔලිව් තෙල් භාවිතා කරන්න.

ඔලිව් තෙල් මගින් මුහුණ මසාජ් කිරීමෙන් ඔයාගෙ සම පිරිසිදු, මෘදු, සිනිඳු වෙනවා. මුලින්ම, මුහුණට හොඳින් හුමාලය අල්ලාගන්න. විනාඩි 7 ක් විතර මුහුණට තෙල් සම්බාහනය කරන්න. හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට, සෑම දින 4-5 කට වරක්ම මේ සත්කාරය නැවත කරන්න.

04. මී පැණි මගින් දැවිල්ල අඩු කරලා කුරුලෑ ඉවත් කරගන්න පුලුවන්.

වෙඩින් එකකට හෝ වැදගත් රැස්වීමකට කලින් ඔයාගෙ මුහුණේ කුරුලෑවක් තියනවා නම්, ඒක ඉක්මනින් ඉවත් කර ගන්නෙ මෙහෙමයි. කුරුලෑව මත මී පැණි ස්වල්පයක් ගාලා විනාඩි 15 ක් තබන්න. ඉන්පසු එය උණු වතුරෙන් සෝදා හරින්න. මේ ක්‍රමය මඟින් කුරුලෑවක ප්‍රමාණය අඩු කර ගන්න පුලුවන්. එතකොට ඔයාට මේකප් මගින් ලේසියෙන්ම කුරුලෑව සඟවන්න පුලුවන්.

05. මුහුණේ දැවිල්ල අඩු කිරීමට අයි ඩ්‍රොප්ස් භාවිතා කරන්න.

කරදරකාරී කුරුලෑ වලින් මිදෙන්න තවත් හොඳ ක්‍රමයක් තමයි අයි ඩ්‍රොප්ස් කියන්නෙ. ඩ්‍රොප් වල කපු පෑඩ් පොඟවා විනාඩි 3-5 ක් ශීතකරණය තුළ තබන්න. ඊට පස්සේ මුහුණේ දැවිල්ල තියන තැනට කපු පෑඩ් එක තියාගෙන ඉන්න.

06. ගෙදරදිම හදාගත් මේකප් ඉවත් කරනය

වීදුරු භාජනයක් තුළ ඔලිව් තෙල් වලට පිරිසිදු ජලය 3: 1 අනුපාතයට මිශ්‍ර කරලා හොඳින් සොලවන්න.

07. බේකින් සෝඩා මගින් හිසකෙස් ඉවත් කිරීමට උපකාරී වේ.

මේ බොඩි ස්ක්‍රබ් එක ගෙදරදි හරිම ලේසියෙන් හදාගන්න පුලුවන්. කුඩා භාජනයක් තුළ බේකින් සෝඩා මේස හැන්දක්, අඹරාගත් ඕට් මීල් මේස හැන්දක් හ වතුර මේස හැන්දක් මිශ්‍ර කරන්න. ගණ පාප්පයක් ලැබෙන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය සමට ආලේප කරලා විනාඩි 5 ක් තියන්න. ඉන්පසු උණු වතුරෙන් සෝදා ඉවත් කරන්න.

08. ඇස් යට අඳුරු ලප නැති කිරීමට බේකින් සෝඩා භාවිත කරන්න.

උණු වතුර හෝ තේ වීදුරුවකට බේකින් සෝඩා මේස හැන්දක් එකතු කරලා හොඳින් කලවම් කරන්න. මේ මිශ්‍රණයේ කපු පෑඩ් පොඟවා ඔයාගෙ ඇස් යට ආලේප කරන්න. විනාඩි 10-15 ක් ඉඳලා සෝදන්න. දැන් මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කරන්න. මේ සත්කාරය දිනපතා නැවත කරන්න. ඔයාට ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. දිනකම මෙම ක්‍රියා පටිපාටිය නැවත කරන්න,

09. නිරෝගී දිලිසෙන හිසකෙස් සඳහා කෙසෙල් හෙයා මාස්ක්

මේ මාස්ක් එක හදාගන්න ඔයාට ඕන වෙන්නෙ: කෙසෙල් ගෙඩියක්, බිත්තරයක්, මී පැණි මේස හන්දක් හා ඩාක් බියර් වීදුරු බාගය්ක් විතරයි. කුඩා භාජනයක සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය ඔයාගෙ කොණ්ඩෙ ගාලා පැය කිහිපයක් තියන්න. ඉන්පසු එය උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට වරක් මේ මාස්ක් එක භාවිතා කරන්න. ප්‍රතිඵල දැකලා ඔයා පුදුම වෙයි.

10. ඇහිපිල්ලම් දිගට වවාගැනීමට පොල්තෙල් හා ලැවෙන්ඩර් තෙල් මිශ්‍රණයක් භාවිතා කරන්න.

ලැවෙන්ඩර් තෙල් බින්දු 2- 4 ක් පොල්තෙල් තේ හැන්දකට එකතු කරන්න. කපු පෑඩ් හෝ Q-tip එකක් භාවිතා කරමින්, මිශ්‍රණය මෘදු ලෙස උඩු ඇහිපිල්ලමට ගාගන්න. ඇහිපිල්ලමේ මුල සිට අග දක්වා හොඳින් ගාන්න. සතියකට තුන් වතාවක්වත් මේ සත්කාරය කරන්න. කාලයක් යනකොට ඔයාගෙ ඇහිපිල්ලම් ගණකම්ව, දිගට වවාගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *