සබන් භාවිතා නොකිරීමෙන් ඔබට ලැබෙන වාසි 6 ක්

සමේ සුන්දරත්වය හා සමේ පිරිසිදුකම පවත්වා ගැනීම සදහා අවශ්‍යම දෙයක් තමයි සබන් කියන්නෙ. හැමවිටම අපි සබන් භාවිත කරනවා. ස්නානය කරන විට, මුහුණ සෝදනවිට වගේම හැම පිරිසිදු කිරීමේ කාර්යයක් සදහාම අපි සබන් යොදා ගන්නවා. වෙළඳපොළේ සම සදහා භාවිතා කරන්න පුලුවන් නිෂ්පාදන ගොඩාක් තියනවා. ඒත් අපි ගොඩක් වෙලාවට මේ දේවල් භාවිතා කරන්නෙ ඒවාගේ ගුණ අගුණ ගැන කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවයි. ඒ වගේම සබන් ගැන අපේ තියන දැනීමත් හරිම අඩුයි. සුවඳට තියන හැමදේම ඔයාගෙ ශරීරයට හොද නෑ. සමහරවිට ඔයා පාවිච්චි කරන සබන් වර්ගය ඔයාගෙ ශරීරයට අහිතකර වෙන්නත් පුලුවන්. ඔයා හිතන්නෙවත් නැති ගොඩක් හොඳ ප්‍රතිපල ‍රැසක් ඔයාට සබන් පාවිච්චි කරන එක නැවැත්වූ විට ලබා ගන්න පුලුවන්. අද අපි ඔයාට කියන්න යන්නේ සබන් භාවිතය නතර කලොත් ඔයාගෙ ශරීරයට ලබා ගන්න පුලුවන් හොඳ ප්‍රතිඵල මොනවද කියලයි.

01. සමේ නීරෝගි බවක් ඇතිවීම

සබන් ගාන්නෙ නැතුව නෑමෙන් හා ඇඟ සේදීමෙන්, සමේ තියන ආරක්ෂක ස්ථරය හානි නොවී එහි සමබරතාව පවත්වාගන්න පුලුවන්. සමේ ස්නේහක ග්‍රන්ථි මඟින් ස්‍රාවය කරන ස්වභාවික තෙල් පවා සමෙන් ඉවත් කරන්න සබන් වලට හැකියාව තියනවා. මේක ඔයාගෙ ශරීරයට හා සමට ගොඩක් අහිතකරයි. සබන් භාවිතය නිසා සම වියළීමට පටන්ගැනීම හා සම පීඩාවට පත්වීමත් සිදු වෙනවා. දිනපතා නිතර සබන් ගෑම නිසා සමේ pH අගය අසමතුලිත වීම නිසා තමයි මේ තත්වය ඇති වෙන්නෙ.

02. ශරීරයේ දුගඳ ඇතිනොවීම

සබන් ගෑවම ඔයාගෙ ශරීරය සුවඳවත් වුණාට ඒ සුරඳ තියෙන්නෙ ටික වෙලාවයි. සබන් නිසා සම, දුගඳ ඇතිකරන බැක්ටීරියාවලට ඉතා ඉක්මනින් ගොදුරු වෙනවා. ඒ වගේම සම මතුපිට අධිකව තෙල් ස්‍රාවය වෙන්න පටන්ගැනීම හා අධිකව බැක්ටීරියා වර්ධනය වීමටත් සබන් හේතු වෙනවා. සබන් වල තියන රළු අමුද්‍රව්‍ය විශේෂවල බලපෑමෙන් සමේ තෙල් ස්‍රාවයන් හා සම මත ජීවත් වන බැක්ටිරියා සමතුලිතතාවයට හානි ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, බැක්ටීරියා නාශක සබන් භාවිතය නිසා අහිතකර විෂබීජ වර්ග වගේම හිතකර බැක්ටීරියාවනුත් විනාශ වෙන්න පුලුවන්.

03. ලිංගික අවයව ආශ්‍රිත සම ආරක්ෂා වීම

දිනපතා නෑමේදී හා ඇඟ සේදීමේදී සබන් භාවිත කලොත් ලිංගික අවයව ආශ්‍රිත සම දැඩි ලෙස වියළී යන්න පුලුවන්. මේ නිසා සමහර රෝග තත්වයන් පවා ඇති වෙන්න ඉඩ තියනවා. හැමවිටම ලිංගික අවයව ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීමට උණුසුම් ජලය භාවිතා කරන එක වඩාත් සුදුසුයි.

04. බොහෝ කාලයක් ‍සම රැළි නොවැටී නිරෝගීව පැවතීම

සම පිරිසිදුකිරීම හා සම නැවුම්ව තබනවා කියන සමහර සබන් වර්ගවල තියන අමුද්‍රව්‍ය නිසා ඔයාගෙ සමට ගොඩක් හානිදායක තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්. මේ නිසා ඔයාගෙ සමේ පිහිටන අම්ල ප්‍රාවරණයට හානි වෙන්න ඉඩ තියනවා. එතකොට කුරුලෑ, සමේ දැවිල්ල වගේ විවිධ සමේ ගැටලු වැඩි වෙන්න පටන් ගන්නවා. නිතර සබන් භාවිතය නිසා, සම අධිකව වියළෙන්න පටන් ගන්නවා වගේම වියළි සම ඉතා ඉක්මනින් ‍රැළි වැටෙනවා. ඔයාගෙ සම අකලට වියපත් වීම වළක්වාගන්න නම් අදම සබන් පාවිච්චි කරන එක නවත්තන්න.

05. විටමින් ඩී ඌනතාවය ඇතිවීමේ අවදානම අඩු වීම

සබන් පාවිච්චිය නිසා සම තුලින් සිරුරට විටමින් ඩී අවශෝෂණය කරන එක අඩු කරන බව ඔයා දැනගෙන හිටියද? අපේ ශරීරයට ලැබෙන සූර්යය ශක්තිය තමයි විටමින් ඩී බවට පරිවර්තනය වෙන්නෙ. සූර්‍ය ශක්තිය අපේ සම හරහා ගිහින් විටමින් ඩී බවට පත් වෙනවා. ඉතින් හැම විටම සබන් ගා ඇග සේදීම නිසා ඇඟට උරා ගන්න විටමින් ඩී ප්‍රමාණය අඩු වෙනවා.

06. සබන් වෙනුවට භාවිතා කරන්න පුලුවන් ආදේශක මොනවාද?
සබන් වෙනුවට මේ ආදේශක පාවිච්චි කරන්න පුලුවන්.
  • ක්ලෙන්සින් ඔයිල් නිෂ්පාදන – සමේ තියන කුණු දූවිලි හා මැරුණු සම ඉවත්කරලා සම පිරිසිදු කර කරගන්න පුලුවන්. මෙමගින් සමේ ස්වභාවික තෙල් ආවරණයට කිසිදු හානියක් සිදු වෙන්නෙ නෑ.
  • ඩ්‍රයි බ්‍රෂ් ක්‍රමය – සමේ මැරුණු සෛල ඉවත්කරලා සෛල නැවත වර්ධනය වීම තමයි මෙයින් සිදු වන්නේ. මේ නිසා සමේ තරුණ හා නැවුම් පෙනුම හැමදාමත් තියාගන්න පුලුවන්.
  • ස්වභාවික ස්ක්‍රබ් (උදා: ඕට්ස්+මී පැණි+ සීනි ස්ක්‍රබ් සත්කාරය) – මෙමගිනුත් සමට හානියක් සිදු නොකර සමේ මැරුණු සෛල ඉවත් කර ගන්න පුලුවන්. එවිට සම නිරෝගීව තබා ගන්න හැකියාව ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *